SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්‍රනාන්දු 21.08.2026 6:15
නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්‍රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්‍රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රසන්න ප්‍රනාන්දු සහ රුවනි චන්ද්‍රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.
ක්‍රීඩා විග්‍රහය: ඉන්දු - ලංකා පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? / ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර අසමගියක්? / රුමේෂ් තරංග අද යළිත් තරග බිමට 21.08.2026 8:46
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
හඳහාමි සිට රම්‍ය සඳ කිරණ තෙක් අප ජීවන චාරිකාවේ ළබැඳියක වූ ආචාර්ය නන්දා මාලිනිය 21.08.2026 4:09
ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ...
SBS සිංහල පුවත්: සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ 21.08.2026 4:45
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ඔස්ට්‍රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න 20.08.2026 5:40
මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්‍යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
‘ගායකයෝ පදරචකයෝ සංගීතඥයෝ ලංකාවේ ප්‍රකාශන හිමිකම් අයිතිය අනලා තියෙන හැටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පෙන්නලා දෙන්නේ 1981 ඉඳලා’ - හර්ෂ බුලත්සිංහල 20.08.2026 11:54
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio...
අපේ වහරේ කතා අහුරක්: ගුරෝ තුන්දෙනයි, ගෝලයයි, යකින්නයි 20.08.2026 4:29
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකින්නකට අහු වුන ගුරුන්නාන්සේලා තුන් දෙනෙකුටයි ගෝලයෙකුටයි සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
සැප්තැම්බර් සිට ඕස්ට්‍රේලියාවේ Centrelink ගෙවීම් වැඩි වෙන්නේ මෙහෙමයි 20.08.2026 6:55
ඕස්ට්‍රේලියාවේ නවතම indexation යටතේ තවත් සති කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික සංඛ්‍යාවකට ඉහළ සමාජ ආරක්ෂණ දීමනා ලැබීම සිදු වේ.
SBS සිංහල පුවත්: අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය 20.08.2026 5:55
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Can you pick fruit from someone's garden? - ඔස්ට්‍රේලියාවේ පාර අයිනේ ගසක තිබෙන පලතුරු සහ එළවළු අපට කැමති විදිහට කඩාගන්න පුළුවන්ද? 19.08.2026 8:04
Walking through an Australian suburb, you might spot everything from curry leaves and lemons to tomatoes and herbs growing in front gardens or on verges. But is it legal to pick it? This guide explains when it's legal to pick produce, why permission matters, and how community gardens offer another way to grow your own food. - ඔස්ට්‍රේලියාවේ ගෙවත්තක හෝ පාර අයිනේ ගසක තිබෙන පලතුරු, එළවළු දැක්කාම ඒවා...
සිඩ්නි ඔපෙරා රඟහලේ එදා මෙදා තුරු පැවති සියලුම ශ්‍රී ලාංකේය ප්‍රසංග සංවිධාන කල සිඩ්නි නුවර කලාකාමී ලාංකිකයා කිත්සිරි කරුණාරත්න 19.08.2026 20:42
ලෝකයටම ආභරණයක් බඳු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා රඟහලේ දී මේ දක්වා පැවැත්වුනු සියලුම ශ්‍රී ලාංකේය කලා ප්‍රසංග සංවිධාන කල නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රකට ලාංකික ප්‍රජා නියෝජිත කිත්සිරි කරුණාරත්න මහතා SBS සිංහල සේවය සමග සිය අත්දැකීම් පිළිබඳ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු වල තියෙන මේ සමානකම් ගැන දැන ගෙන හිටියා ද? 19.08.2026 4:34
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා මහ බැංකු අතර පවතින සමානතා සහ වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
'ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට ශක්තියක් සහ අත්වැලක් වෙන්න අපි සූදානම්' - ලක්මිණි කීරවැල්ල 19.08.2026 7:29
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් සැදුම් ලත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදයේ ඉදිරි අරමුණු පිළිබඳ එහි සංවිධායිකා ලක්මිණි කීරවැල්ල ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට දැක්වූ අදහස් ඇසුරෙන් ප්‍රතිසම්පාදිත වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...
SBS සිංහල පුවත්: දුම්කොළ බද්ද සියයට 75කින් කපා හැරීමට පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගෙන් යෝජනාවක් 19.08.2026 5:35
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: One Nation පක්ෂයේ නැගී ඒම, ඕස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද 18.08.2026 13:57
ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ මෑත කාලීන නැගීමත් සමග ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ, ජාතික ආරක්ෂාව සහ බහු සංස්කෘතිකවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබේ. එමෙන්ම මේ අතර ලිබරල් සන්ධානය තම ප්‍රතිපත්ති ඔවුන්ගේ ලෙස එළිදැක්වීම සිදුකරන බවට One Nation පක්ෂය චෝදනා කරයි. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
Exclusive: ‘පුරවැසියන්ට නීතිය ගැන ඇති විශ්වාස අනුව එහි ශක්තිය තීරණය වේවි’ - නි. ඇමති චතුරංග / ‘මා හිටියත් නැතත් කවුරු අධිපති වුණත් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රමවේදය හදලා තියෙනවා’ - මහබැංකු අධිපති නන්දලාල් 18.08.2026 11:14
Exclusive: ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවත් කොළඹ කොටස් වෙළඳපළත් එක්ව සංවිධාන කල “Invest Sri Lanka” ආයෝජන හමුව අගෝස්තු 17 වෙනි දා සිඩ්නි නුවර දී පැවැත්වුණා. මේ එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයින් SBS සිංහල සේවය සමග පල කල අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී රථවාහන වරදකට අදාලව දී සිදු කල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පරීක්ෂණයක ප්‍රතිඵල ගැන සැකයක් ඇති වුනොත් ගත හැකි පියවර මොනවා ද? 18.08.2026 5:44
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...
සූදු ක්‍රීඩා සම්බන්ධ දැන්වීම් සීමා කිරීමට ගෙනා නව නීති සම්මත කරගැනීම ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් 18.08.2026 7:31
ඔබේ දරුවා සජීවී ක්‍රීඩා තරගයක් නරඹන විට තරගය පටන්ගන්න පෙර, තරඟය අතරතුර සහ විවේකයේදී නැවත නැවතත් ඔවුන් දකින්නේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීම් නම් එය ගැටළු සහගත තත්වයක් වනවා. නමුත් මේ දැන්වීම් අඩු කරන්න ගෙනාපු නව නීතිවලින්, දැනට තිබෙන ආරක්ෂාවත් තවත් දුර්වල වෙයිද? මේ සම්බන්ධයෙන් ගෙනා නව නීති සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් පවතිනවා. ඒ පිලිබදව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එ...
SBS සිංහල පුවත්: දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ප්‍රතික්ෂේප කරයි 18.08.2026 5:28
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි 17.08.2026 4:13
2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ...
ඕස්ට්‍රේලියාවේ අලුත් Skilled Visa වෙනස්කම් වලින් වැඩි වාසි අත්වෙන අය ගැන විස්තරේ මෙන්න 17.08.2026 7:39
ඕස්ට්‍රේලියාවේ නව Skilled Visa සැකසුම් නීති පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල WorldWatch: කොංගෝවේ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති ඉබෝලා ව්‍යාප්තිය 17.08.2026 17:24
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
ගිග් ඩිලිවරි රියදුරු අවම වැටුප අද සිට, බෙදාහැරීම් සිදු කරන වාහනය අනුවත් වෙනස්කම් 17.08.2026 2:10
අගෝස්තු 17වන දා, එනම් අද සිට ආහාරපාන සහ භාණ්ඩ බෙදාහරින රියදුරන්ට අවම වැටුපක් හිමි වෙනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විස්තරය.
SBS සිංහල පුවත්: Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර 17.08.2026 4:49
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ කාන්තාවන් සහ ළමුන් උදෙසා ෆෙඩරල් රජයෙන් නිවාස ආයෝජනයක් 16.08.2026 9:36
ඕස්ට්‍රේලියාවේ ළමුන් සහ කාන්තාවන් නිවාසවලින් පිටමංව හිසට සෙවණක් නොමැති තත්ත්වයක් උදා වීමට ප්‍රමුඛතම හේතුවක් වන්නේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයයි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 308ක ආයෝජනයක් කිරීමට රජය සූදානමින්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden