SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
ඔස්ට්‍රේලියාවේ 'Skilled Visa' අයදුම්පත් සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයෙන් වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ කාටද? 08.10.2026 9:39
ඔස්ට්‍රේලියාවේ 'skilled visa' අයදුම්පත් සැකසීම සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයක් සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව ක්‍රමය යටතේ කුමන වෘත්තීන් සහ අයදුම්කරුවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙයිද, දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා ගතවන කාලයට (processing time) බලපෑමක් ඇතිවිය හැකිද, සහ 'skilled visa' එකක් බලාපොරොත්තුවෙන් සිටින අය දැන් දැනගත යුතු වැදගත් කරුණු මේ සාකච්ඡාවෙන් විමසා බලනවා. #sbsa...
කැන්බරා අඬහැරේ: ගීයට, රංගනයට පෙම් බැඳි ඉඳුනිල්, අගනුවර ක්‍රිකට් සැමරුම් උණුසුම, අභිමාන්ගේ ගී අබිමන් සමඟ ජාතික කෞතුකාගාරය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 08.10.2026 26:18
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
අපේ වහරේ කතා අහුරක්: කාගේ වහලා උනාම මොකද? 08.10.2026 3:01
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වෙළෙන්දෙක් ළඟ උන්න බූරු වහලෙක් සහ සොරු මුලක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: යෝජිත සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ විපක්ෂ නායකගෙන් තවත් පැහැදිලි කිරීම් 07.10.2026 5:30
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ හොර ඩොලර් නෝට්ටු හරියටම හොයාගන්නේ මෙහෙමයි 07.10.2026 5:59
ඕස්ට්‍රේලියාවේ Counterfeit cash නොහොත් ව්‍යාජ මුදල් සංසරණය පසුගිය වසර අටක කාලය තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීමට දැනසිටීම වැදගත් බව ඕස්ට්‍රේලියානු මහා බැංකුව ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය වැසියන්ට සඳහන් කර සිටී. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Breast screening: What to expect and why it matters - පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමට උපකාරී වන 'Breast Screen' පරීක්ෂාව ගැන දැනගත යුතු දේ මෙන්න 07.10.2026 8:16
Regular breast screening can help find breast cancer early, before you notice any signs or symptoms. Screening is free for eligible women or people at risk of breast cancer. It takes about 20 minutes, once every two years, and it’s an effective way to take charge of our health. Let’s take a closer look at why a breast screen is nothing to be anxious about. - පියයුරු පිළිකාව, පිටතින් දැකීමට හෝ අතින...
‘මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ මේ තෝරා ගැනීමයි’ - ඩාවින් හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර 07.10.2026 18:06
ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ රාජකීය ඩාවින් රෝහලේ හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර මහත්මිය සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast
ටස්මේනියාවේ සතිඅන්තය සුන්දර කරන Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ 07.10.2026 2:46
ටස්මේනියාවේ Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala
ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවි ලියාපදිංචිය වෙනස් කිරීමට යෝජනා, ක්‍රියාත්මක වුණොත් කුමක් වේවි ද? 07.10.2026 4:43
auDA තුළ සිදුවෙමින් පවතින ප්‍රතිපත්ති වෙනසක් නිසා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට විශේෂඥ මත ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන ලෙසත් අදහස් අසන්න ලැබෙනවා. අපේක්ෂිත වෙනස සහ එහි පසු තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
SBS සිංහල පුවත්: විපක්ෂයේ යෝජිත සංක්‍රමණ වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවේ සේවක හිඟය උග්‍ර විය හැකි බවට චෝදනා 07.10.2026 5:35
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: ජනගහනය වර්ධනය කරගන්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් අවශ්‍යමද? 06.10.2026 11:45
ඕස්ට්‍රේලියාව මේ වනවිට වයස්ගත වන ජනගහනය සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. නවතම Intergenerational Report මගින් ඕස්ට්‍රේලියාවේ ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බව පුරෝකථනය කර ඇතත් එම වර්ධනය ප්‍රධාන වශයෙන් සිදුවනු ඇත්තේ සංක්‍රමණ හරහා වන බව හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
ඔස්ට්‍රේලියාවේ දී ඕනෑම ක්‍රීඩාවක් කරනකොට දැනෙන්නෙ ජාත්‍යන්තර ඉසව්වකදී වගේ, ඒ තරම් විවිධත්වයෙන් යුතු ක්‍රීඩකයන් හා හැකියාවන් අපිට මුණ ගැහෙනවා 06.10.2026 9:25
ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) පසුගිය දා කැන්බරා නුවර දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් පළමු වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast
නැටුමෙන් දිනූ ඩාවින් නුවර අනුහස් සහ සදීප 06.10.2026 10:46
NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala
සංක්‍රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න 06.10.2026 2:53
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: රජයෙන් ලබාදෙන නිවාස සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවයි 05.10.2026 6:08
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි 05.10.2026 10:12
SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින් ආරම්භ වූ SBS ගුවන්විදුලිය අද භාෂා 60කට වැඩි සංඛ්‍යාවකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනය, ජනතාව කතාකරන භාෂා සහ ඔවුන් මාධ්‍ය භාවිත කරන ආකාරය නිරන්තරයෙන් වෙනස් වන නිසා, මේ වෙනස්කම් අනුව SBS භාෂා සේවාද නිරන්තරයෙන් සමාලෝචනය කෙරෙනවා....
Why power is split, and how that protects you | How Australia Works - බලය බෙදා තිබීමෙන් ඔබ රැකෙන්නේ මෙහෙමයි | How Australia Works 05.10.2026 5:57
After receiving a fine for not wearing his motorbike helmet correctly, Hugo decides to have the matter heard in court. His story explains how Parliament, government and the courts have different roles, and how some official decisions can be questioned. - නිසි පරිදි යතුරුපැදි හෙල්මටය පැළඳ නොසිටීමෙන් හියුගෝට දඩ මුදලක් නියම වීමත් සමඟ ඔහු එය අධිකරණය වෙත ගෙන ගියා. පාර්ලිමේන්තුව, රජය සහ අධිකරණ සතු භූමික...
අපේ ඇස් හොඳින් ආරක්ෂා කරගන්න ඕස්ට්‍රේලියාවේදී අපට ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර මෙන්න 05.10.2026 20:35
ඇස් ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිද්ධ කරන ප්‍රතිකාර සහ මේ සම්බන්ධයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
SBS සිංහල WorldWatch: ප්‍රශ්නගත Fly Dubai යානයේ සැකකාර ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධය විමර්ශනයට 05.10.2026 13:58
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව 05.10.2026 3:53
ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය Daylight Saving අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා NSW ප්‍රාන්තයේ Tweed Heads සහ ඊට යාබද කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Coolangatta අතර දැන් පැයක කාල වෙනසක් තිබෙනවා.මේ අසල්වැසි නගරදෙකේ ජනතාව පැයක කාල වෙනසක් සමග දැන් කාලය ගත කරනවා. ම...
SBS සිංහල පුවත්: වන් නේෂන් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි 04.10.2026 5:03
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි 04.10.2026 7:46
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර කාලීන විග්‍රහයෙන්. #sbsaudiopodcast
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 28 - ඔක් 02 02.10.2026 7:41
සැප්තැම්බර් 28වන දා සිට ඔක්තෝබර් 02වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
ඇසිදිසි ඇඩිලේඩ්: ලාංකික පූජක ගරු වින්සන්ට් පියතුමා, අන්දරේයි හාමිනෙයි වේදිකාවට ගේන Robins Academy, සුවින්යා සහ සවෙයින්යාගේ ගැයුම් හා සාම පාගමන 02.10.2026 30:52
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: මගේ චිත්‍රපට SBS On Demand ඔස්සේ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රදර්ශනය වන්නේ දශක කිහිපයකට පසුවයි - ප්‍රසන්න විතානගේ 02.10.2026 9:16
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden