SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1809 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

8 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

ක්‍රීඩා විග්‍රහය: ආසියානු ක්‍රීඩා උලෙළේ එකම රන් පදක්කම රුමේෂ්ගෙන් / සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක් / ක්‍රිකට් නව පනත ගැන ICC ය දැනුවත් ද? 02.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ශිෂ්‍ය වීසා නීති වෙනස්කම් අද සිට, පවුලේ සාමාජිකයන් පසුව එක් කිරීම නවතියි 02.10.2026

ඔක්තෝබර් 02වන දා (අද) සිට ක්‍රියාත්මක ශිෂ්‍ය වීසා වෙනස්කම් පිළිබඳව SBS සිංහල සජීව ගුවන් විදුලි විකාශයේ දී කළ කෙටි පැහැදිලි කිරීමකි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: හරිත පක්ෂයේ නව නායකයා ඩේවිඩ් ෂූබ්‍රිජ් - රජය සමඟ වඩා ඵලදායී ප්‍රවේශයකින් කටයුතු කරන්නයි අගමැතිගෙන් ඔහුට ඇරයුම් 02.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 4.6 දක්වා වැඩි වෙයි, වසර 15කට පසු වාර්තා වන ඉහළ ම අගය 01.10.2026

ඕස්ට්‍රේලියාවේ මහබැංකුව මේ වසරේ සිව්වන වරටත් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු කළා. ඒ අනුව අඟහරුවාදා සිදු කළ පදනම් අංක 25ක ඉහළ දැමීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 15කට පසු වාර්තා වන ඉහළ ම පොලී අනුපාත අගය බව සඳහන්. ලිබරල් සන්ධානය පවසන්නේ රජයේ වියදම් ඉහළ යාම උද්ධමනයට බලපා ඇති බවයි. කෙසේ වෙතත් ලේබර් පක්ෂය පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය එයට හේතුව ලෙසයි....

අපේ වහරේ කතා අහුරක්: උණට අලුත් හෙදකමක් ඉගෙන ගත්ත ගබිරිස් 01.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

පළමු වරට පැවැත්වෙන ආදි සිසුවියන්ගේ සුහද තරගයක් පිළිබඳ කියන ශිවානි ධීරාජ් සහ නාලිකා පද්මසේන 01.10.2026

ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල, මඩකලපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක රැසක පාසල් නියෝජනය කරමින් ආදී සිසුවියන් සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වීමකට චුණ්ඩික්කුලි බාලිකා පාසල් ආදී සිසු සංසදයේ සභාපතිනි ශිවානි ධීරාජ් සහ Sri Lankan Australian Wom...

ඔස්ට්‍රේලියාවේ ජාතික උද්භිද උද්‍යානය National Arboretum ගැන මේ තොරතුරු දන්නවා ද? 01.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් ඉතිහාසගත අවපාතයකට 01.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

ටස්මේනියාවේ සංචාරයේ යන්න හිතනවා ද? එහෙනම් Cataract Gorge සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා 30.09.2026

ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

මහජන චීන සමූහාණ්ඩුවට වසර 77 යි! ලංකාවට වගේම ඔස්ට්‍රේලියාවටත් චීනය එක්ක තියෙන සබඳතාව ඇයි මෙච්චර ‘සංකීර්ණ’? 30.09.2026

අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම සනිටුහන් කරමින් 1949 ඔක්තෝබර් 01 වෙනිදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කර මේ වසරට අවුරුදු 77 ක් සපිරෙනවා. චීනය එදා මෙදා තුර ගෝලීය දේශපාලන ආර්ථික හා සමාජීය ලෙස අත්කර ගෙන ඇති පරිවර්තනීය බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ (Swinburne University of Technology) ශාස්ත්‍රීය පර්යේෂිකාවක ලෙස කටයුතු කරන ආචාර්ය චූලනී...

ඩාවින් අහසේ හරඹ පෑ Pitch Black Flying Show 30.09.2026

ඩාවින් හි දී පැවැත්වුනු Pitch Black Flying Show පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ ඇත්තටම Shark attack වැඩි වෙලාද, මුහුදෙ පීනන්න යනවනම් ඊට කලින් දැනගන්නම ඕනේ දේවල් මෙන්න 30.09.2026

ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයත් එක්ක මේ දිනවල් බොහෝ දෙනෙක් පිහිනීමට මුහුදට යාමට සූදානම් වෙනවා. නමුත් මෝර ප්‍රහාර පමණක් නොව Rip Current පිළිබඳවත් ලොකු අවධානයක් පැවතීම වැදගත් බව විශේෂඥයින් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: මේ වසර අගදී තවත් පොලී අනුපාත වැඩිවීමක් සිදු නොවෙනු ඇති බවට සහතික විය නොහැකියි - මහ බැංකු අධිපතිනි 30.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: නමට Card surcharge නැති කලත්, ඒ මුදල රහසේම නැවතත් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ටම ගෙවන්න වෙන්නේ මෙහෙමයි 29.09.2026

ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සෑම වසරකම කාඩ්පත් ගනුදෙනු සඳහා වන surcharges ලෙස ඩොලර් බිලියන 1.6ක් ගෙවන බව ඕස්ට්‍රේලියානු මහ බැංකුව සඳහන් කරයි. ඔක්තෝබර් 1 වැනිදා සිට, එම තත්ත්වය වෙනස් වීමට නියමිත නමුත් මේ බර ව්‍යාපාරවලට ලැබීම නිසා එය නැවතත් පාරිභෝගිකයාටම ගෙවීමට සිදුවන ලකුණු මතුව තිබෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔබත් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක් ද? එහෙම නම් මේ වැදගත් සෞඛ්‍ය සහ රක්ෂණ ආවරණ උපදෙස් ඔබටයි 29.09.2026

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට වැදගත් වන මේ උපදෙස් වෛද්‍ය දමිතා මුණසිංහ මහත්මියගෙන්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීම පිලිබඳ RBA තීරණය අද 29.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: වෙනස් වන ලෝක බල තුලනය තුළ ඕස්ට්‍රේලියාවේ භූමිකාව කුමක්ද? 28.09.2026

ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පෙන්වා දුන්නේ, ලෝකයේ අනාගතය බලවත් රටවල් කිහිපයකට පමණක් තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එසේ නම්, වෙනස් වන ගෝලීය පරිසරය තුළ ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම සහ වගකීම කුම...

Who really runs Australia, and where you fit in | How Australia Works - ඕස්ට්‍රේලියාවේ සැබෑ පාලන ව්‍යුහය | How Australia Works 28.09.2026

Do you know who can help you with a business permit, a rental problem or family support? Through the stories of Fedele, Carol and Abeer, learn how Australia’s three levels of government work. Find out what local, state or territory, and federal governments are responsible for and where to turn for help. - ව්‍යාපාර බලපත්‍රයක්, කුලී නිවස්නේ ගැටලුවක්. පවුල් සහායක් යනාදී ප්‍රශ්න හමුවේ ඔබට උපකාර කළ හැක...

You are already inside the system | How Australia Works - මේ දැනටමත් ඔබේ දෛනික දිවිපෙවෙතයි | How Australia Works 28.09.2026

How do Australia’s governments, laws and public services affect your everyday life? Through real stories, this introduction to the series shows you where to start when you need information and support, and how to question a decision. - ඕස්ට්‍රේලියාවේ රජයන්, නීති සහ රාජ්‍ය සේවය ඔබගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද? සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඕස්ට්‍රේලියාවේ වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳව ගෙන එන විශේෂ...

ඕස්ට්‍රේලියාවට Student Visa එකකින් එන්න ඉන්නවනම්, අලුත්ම සංක්‍රමණ වෙනස්කම් ගැන දැනගත යුතුම දේවල් මෙන්න 28.09.2026

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වෙනස්කම් සමග ඕස්ට්‍රේලියාවට පැමිණීමට සැලසුම් කරන ජාත්‍යන්තර සිසුන් දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: කිසිදු ගිවිසුමක් එකඟතාවක් නොමැතිව අවසන් වූ චීන ජනපතිගේ ඇමෙරිකානු සංචාරය අතිශය සාර්ථකයි කියන්නේ ඇයි? 28.09.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කළ ශ්‍රී ලංකාවේ 22 වැනි සංශෝධනය 28.09.2026

විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල විවාදයක් ඇතිවුණා. විරෝධතාද පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 67ක් පවා ඉදිරිපත් වුණා. නමුත් ඒ සියල්ල අවසානයේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වී තිබෙනවා. මෙහිදී සංශෝධනය වූ කරුණු මොනවාද? මෙයට ඇතැම් පාර්ශව වලින් දැඩි වි...

SBS සිංහල පුවත්: කාඩ්පත් ගෙවීම්වල දී අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1වන දා සිට තහනම් 28.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ක්‍රීඩිකාවක වීමේ සිහිනය සැබෑවක් නොවුණත් ක්‍රීඩා පිටියෙන් ඉවතට නොගිය නේහා කුමාර් 27.09.2026

නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු- ඉන්දීය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික නේහා කාන්තා රග්බි ලීග් ක්‍රීඩාව වෙනුවෙන්ම “Watch Her Footy” ඇරඹුවේ එලෙසින්. #sbsaudiopodcast

Tassie මංසල: කෙළිබිමෙත් එපිටත් එකසේ ක්‍රියාශීලී හෝබාර්ට් සිංහයෝ, ටැසී කාලගුණ අනතුර? නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania ගැන මෙවර විශේෂාංගයෙන් 26.09.2026

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast #sbssinhala

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden