SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1810 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

8 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

Tassie මංසල: කෙළිබිමෙත් එපිටත් එකසේ ක්‍රියාශීලී හෝබාර්ට් සිංහයෝ, ටැසී කාලගුණ අනතුර? නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania ගැන මෙවර විශේෂාංගයෙන් 26.09.2026

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast #sbssinhala

සුන්දර ඩාවින්: නිවාස වෙළඳපළ උණුසුම ඩාවින් වල නැද්ද? ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් ගැන හෙද නිලධාරිනී මුදිතා දැක්වූ අදහස් මෙවර විශේෂාංගයෙන් 26.09.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 21 - සැප් 25 25.09.2026

සැප්තැම්බර් 21වන දා සිට සැප්තැම්බර් 25වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

අඳුර පරදා ආලෝකයෙන් එකලු වන දීපාවලියේ පස්දින සැමරුම් හැඩවෙන්නේ මෙහෙමයි 25.09.2026

ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර පරදා ආලෝකය ජයගැනීම යන සුන්දර පණිවිඩය රැගත් දීපාවලි සැමරුමේ විවිධත්වයත්, දින පහක් පුරා සිදු කෙරෙන චාරිත්‍ර පිළිබඳවත් තොරතුරු රැගත් මේ විශේෂාංගයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ‘එපා තවත් ඔබ මා රවටන්නට’ ගීතය හැදුණ විදිහත් හරිම දෛවෝපගතයි - වසන්තා තිලකාංගනී 25.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: එංගලන්ත පිටියේ කුසල්ගේ වික්‍රම / ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ සිංහ ධේනුවන් / ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනතට කැබිනට් අනුමැතිය 25.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: මෙඩිකෙයාර් දත්ත පද්ධතියට අනවසරයෙන් පිවිසුණු OpenAI සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සැරසේ 25.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන නඩුවක තීන්දුව, වැඩිම සිර දඬුවම වසර 260ක් 24.09.2026

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වුණා. #sbsaudiopodcast

'අම්මා රූපවාහිනියේ ප්‍රවෘත්ති කියනවා වැඩසටහන් නිෂ්පාදනය කරනවා දැකපු පුංචි කාලේ ඉඳලා මටත් මාධ්‍යයට පිවිසෙන්න ලොකු කැමැත්තක් තිබුනා' - නුමායා බුලත්සිංහල 24.09.2026

SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්‍රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්‍ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව පිළිබඳ දැක් වූ අදහස්. #sbsaudiopodcast #sbssinhala

අපේ වහරේ කතා අහුරක්: ගැට හැත්තෑවක් දාලා මෙල්ල කරපු යකා 24.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුන්නාන්සේ කෙනෙකුට යකෙක් නිසා වුන ඇබැද්දියක් ගැන කතාවක්. #sbsaudiopodcast #sbssinhala

ලේබර්, ලිබරල්, වන් නේෂන්, ග්‍රීන්ස් සංක්‍රමණ සැලසුම් සැකෙවින් 24.09.2026

ලේබර් රජය, ලිබරල් සන්ධානය, වන් නේෂන් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය සංක්‍රමණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: දරාගන්න බැරි ජීවන වියදම් එක්ක නිවාස අහාර සහ රැකියාව ගැන ඕස්ට්‍රේලියානුවන්ගේ බය තවත් වැඩිවෙලා 24.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbssinhala #sbspodcast

What are Indigenous Protected Areas in Australia? - ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ මේ විශේෂ භූමි ප්‍රදේශ ගැන ඔබ දැනුවත්ද? 23.09.2026

National parks, nature reserves, marine sanctuaries and Indigenous Protected Areas protect different environments and operate under different rules. What makes an Indigenous Protected Area different, and how can you find out whether you are welcome to visit? - ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්න...

ප්‍රජා ක්‍රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව 23.09.2026

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳු...

සුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? 23.09.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala

සැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි 23.09.2026

ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස ණයක් තිබෙනවා නම් එහි වාරිකයට දැනටමත් විශාල පීඩනයක් එල්ල කරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.

SBS සිංහල පුවත්: නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස් 22.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: One Nation පක්‍ෂ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සීමා වලට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වලින් විරෝධය 22.09.2026

වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්‍රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම 22.09.2026

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 22.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් අටම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ BYD Shark රථයක් හැක් කරයි, හැකර්වරයාම කරන භයානක හෙළිදරව්ව මෙන්න 22.09.2026

BYD Shark 6 රථයක් වැඩි වෙහෙසකින් තොරව හැක් කල හැකි බව ABC ආයතනයේ Four Corners මගින් කල නවතම විමර්ශනයකින් හෙළිව තිබේ. මේ ඔස්සේ රථයේ බ්‍රේක්, කැමරා වැනි වඩාත් වැදගත් පද්ධති වලට වඩා ඉතා පහසුවෙන් Headlights පාලනය කිරීම, දොරවල් අගුලු දැමීම වැනි සාමාන්‍ය පාලනය හැකර්වරයකුට ගත හැකි බවත් එය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ගැන ගැටළුවක් වන බවත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: ඉහළ යන වයස්ගත ජනගහනය හේතුවෙන් අනාගතයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි පීඩනයක් 22.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

AI තාක්ෂණයේ වේගවත් දියුණුව අනාගතයේ අපේ ජීවිතවලට තර්ජනයක් වෙයිද? 21.09.2026

අපි හදන කෘත්‍රිම බුද්ධිය, දවසක අපිට වඩා බුද්ධිමත් වෙලා, අපේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්ද? මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් වගේ ඇහුණත්, අද ලෝකයේ ප්‍රබලම AI පද්ධති හදන පර්යේෂකයන් සහ තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන්ම මේ අවදානම ගැන අනතුරු අඟවන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණයට තමන්ගේම හැකියාවන් තව තවත් දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණොත්, මිනිසාට ඒක පාලනය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ...

නින්දෙදි ගොරවන එක ඇත්තටම සාමාන්‍යද නැත්නම් භයානක රෝගයක ලක්ෂණද, හරියටම හොයාගන්නේ මෙහෙමයි 21.09.2026

නින්දේදී ගෙරවීම සහ Sleep Apnoea අතර ඇති සම්බන්ධතාවය මෙන්ම එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ෆීජී රාජ්‍ය HIV ජාතික සෞඛ්‍ය හදිසි අවදානමක් ප්‍රකාශයට පත් කලේ ඇයි? 21.09.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden