SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1812 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

නින්දෙදි ගොරවන එක ඇත්තටම සාමාන්‍යද නැත්නම් භයානක රෝගයක ලක්ෂණද, හරියටම හොයාගන්නේ මෙහෙමයි 21.09.2026

නින්දේදී ගෙරවීම සහ Sleep Apnoea අතර ඇති සම්බන්ධතාවය මෙන්ම එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ෆීජී රාජ්‍ය HIV ජාතික සෞඛ්‍ය හදිසි අවදානමක් ප්‍රකාශයට පත් කලේ ඇයි? 21.09.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala

අවුරුදු 187 ක් පැරණි මොකක්ද මේ රාජකීය ඇඩිලේඩ් දැක්ම? - The Royal Adelaide Show 21.09.2026

වාර්ෂිකව සංවිධානය වන රාජකීය ඇඩිලේඩ් දැක්ම The Royal Adelaide Show පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: එ. ජා. ආරක්ෂක මණ්ඩල අසුනක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නිල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරයි 21.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

SBS On Demand: 'ගාඩි' සහ 'ආකාස කුසුම්', ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලී ඔබට දැන් ඇඟිලි තුඩක දුරින් 20.09.2026

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් නිම වූ චිත්‍රපට ද්විත්වයක් ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලීන්ට දැන් විවෘතයි. ඒ SBS On Demand වෙතින්. ප්‍රවීණ නළුනිළියන්ගෙන් සැදුම්ලත් 'ගාඩි - Children of the Sun' සහ 'ආකාස කුසුම් - Flowers of the Sky' ඔබත් අදම නොමිලයේ නරඹන්න SBS On Demand සමඟ එක්වන්න. #sbssinhala

පර්ත් තතු මංජරී: ජීවිතය දිනූ ව්‍යවසායක බුද්ධි, කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම, ඉගෙනුමින්, වැයුමෙන්, නැටුමෙන් දිනූ සනුති හා තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 19.09.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast #sbssinhala

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 14 - සැප් 18 18.09.2026

සැප්තැම්බර් 14වන දා සිට සැප්තැම්බර් 18වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ලෝකේ හොඳම කැමරාව හැදුවාට ඒකෙන් ලෝකේ හොඳම චිත්‍රපටය හදන්න බෑ - අරුණ ජයවර්ධන 18.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast #sbssinhala

ක්‍රීඩා විග්‍රහය: මගේ ඉලක්කය 2028, 2032 සහ 2036 ඔලිම්පික් - රුමේෂ් / අගෝස්තු ICC ක්‍රීඩකයා සොනාල් දිනූෂ / Colombo Marathon 2026 18.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

කාලීන විග්‍රහය: 'Who Arrives, Who Stays, Who Leaves', ලේබර් රජයේ නව සංක්‍රමණ සැලසුම 18.09.2026

2028 වසර වන විට ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදෙස් සංක්‍රමණ සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීමේ රජයේ සැලැස්ම ඊයේ දිනයේ එළිදැක්වුනා. මේ බොහොමයක් වෙනස්කම් ජාත්‍යන්තර සිසුන්ට, Working Holiday සහ Visitor Visa කාණ්ඩවලට බල පැවැත්වෙනවා. එලෙස ම තාවකාලික වීසා එකිනෙකට මාරු කරමින් රටෙහි රැඳී සිටින කාලය වැඩි කිරීමට යොමු වන 'Visa Hopping' පිළිබඳවත් දැඩි ක්‍රියාමාර්ග ගැනෙන බවට සැලැස්මේ සඳහන්. සැප්තැම්බර් 17වන දින ස්වදේශ...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි 18.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

සංක්‍රමණය අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ නිවාස ගැටලුව විසඳෙයිද, නැතිනම් ආර්ථිකය අවදානමකට ලක් වෙයිද? 17.09.2026

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැටලුවට විසඳුමක් ලැබෙයිද? නැත්නම් රටේ ආර්ථිකයට COVID සමයේ වගේ දැඩි කම්පනයක් ඇතිවෙයිද? ඉදිරි ෆෙඩරල් මැතිවරණයට 'One Nation' පක්ෂය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වනවිට විශාල දේශපාලන සහ ආර්ථික විවාදයක් ඇති කර තිබෙනවා. ලේබර් රජයත් සංක්‍රමණිකයින් අඩුකිරීමට තම න...

'ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකට අපිව මිලදී ගන්න හැදුවා' - 'The Road to Australia' Facebook සමූහයේ නිර්මාතෘවරු 17.09.2026

‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන මේ විශේෂ සාකච්ඡා මාලාවේ පළමු කොටසයි මේ. ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න සිහින දකින බොහෝ පිරිසකට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න අවස්තාව උදාකරදෙන මේ කණ්ඩායමේ ආරම්භය සිදුවූ ආකාරය සහ එහිදී ඔවුන් මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් තොරතුරු 'ඔ...

කැන්බරාවට මුල්ම වෙස් සහ පාහිම්පත් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී - භාග්‍යා පලිහවඩන 17.09.2026

ශ්‍රී ලාංකේය නර්තන සාම්ප්‍රදායේ එන වෙස් සහ පාහිම්පත් පැලඳවීමේ මංගල්‍යයක් පළමු වරට කැන්බරා අගනුවර දී පැවැත්වූ නර්තන ආචාරිනී භාග්‍යා පලිහවඩන මහත්මිය සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala

අපේ වහරේ කතා අහුරක්: මුදලාලි පස්සේ පන්නන්න කලබලේට කිරිමුදියා මාමා අමුඩේ ගහපු හැටි 17.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඉක්මන් කේන්තිකාර කිරිමුදියා උන්නැහේටයි කපටි මුදලාලි කෙනෙකුටයි වුනු රස කතාවක්. #sbsaudiopodcast #sbssinhala

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි 17.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbsaudiopodcast

දැන් තියෙන ආර්ථිකෙත් එක්ක බය නැතුව විශ්‍රාම යන්න ඕනේ ඩොලර් ගාන මෙන්න 16.09.2026

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මූලික අවශ්‍යතා පමණක් සපුරාලන විශ්‍රාම දිවියක් සහ සුවපහසු විශ්‍රාම දිවියක් අතර පරතරය වර්ධනය වෙමින් තිබේ. ජීවන වියදම ඉහළ යාම නිසා විශ්‍රාම දිවිය සැපපහසුව ගත කිරීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට තම විශ්‍රාම අරමුදල් වශයෙන් පෙරට වඩා වැඩි මුදලක් අවශ්‍ය වී තිබේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Travelling safely in rural and remote Australia - ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ආරක්ෂිතව සංචාරය කරන්නේ කොහොමද? 16.09.2026

Australia is a vast and diverse country to explore, but driving in rural and remote areas can involve conditions you may not encounter in cities. Knowing what to expect and how to prepare can help you travel more safely and confidently. - ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු දුර,...

1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්‍රේලියාවට ආපු ලාංකික මුල් සංක්‍රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්‍රසේනගේ ගවේෂණය 16.09.2026

ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළිසඳර. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

'ඔස්ට්‍රේලියාවේ සාහිත්‍ය කේෂ්ත්‍රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්‍රහණයක්' - අයේෂා ඉනූන් 16.09.2026

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්‍යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්‍රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්‍යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්‍ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට මුදල් යවන නිවැරදි විදිය මොකක්ද ? 16.09.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ සිට මුදල් ප්‍රේෂණ සිදු කිරීමේ නිවැරදි ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala

නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද? 16.09.2026

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා...

SBS සිංහල පුවත්: මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් 16.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

කාලීන: මෙම වසන්තයේදී සෘතුමය රෝග ගැන ඔබ දැනගත යුතුම දේවල් 15.09.2026

ඕස්ට්‍රේලියාව මේ වනවිට වසන්ත සමයට අවතීර්ණ වෙමින් සිටින අතර මේ නිසා seasonal illnesses හෙවත් සෘතුමය රෝග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

අවුරුදු පතා වැළඳෙන විවිධ influenza රෝග ප්‍රභේද වලින් දරුවන් සහ වැඩිහිටියන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? 15.09.2026

පසුගිය මාස වල දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාව පුරාම වාර්තා වුනා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ සමඟ සිදු කල සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහනක්. #sbsaudiopodcast #sbssinhala

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden