SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 2012 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

25 nov 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android 10 mn+ nedladdningar · betyg 4,7+ iOS snart

Avsnitt

ළඟදීම ඕස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණනක් බඩගින්නේ, අලුත් වාර්තාවක් හෙළිකරයි 03.11.2026

Foodbank ආයතනයේ 2026 වාර්තාවකින් හෙළි වී ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් දහයෙන් හතකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසර තුළ පළමු වරට එම තත්ත්වයට මුහුණ දී ඇති බවයි. එමෙන්ම, පසුගිය මාස 12 තුළ තවත් ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට මුහුණ දී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු මහ බැංකුව අද යළිත් පොලී අනුපාතය ඉහළ නංවනු ඇතැයි පුරෝකථන පළ වේ 02.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියානු මහ බැංකුව තව වතාවක් මුදල් අනුපාත ඉහළ දැම්මොත් වඩාත් පීඩාවට පත් වෙන්නේ කවුද? 02.11.2026

පවතින ඉහළ උද්ධමන අගය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ බැංකුව යළිත් වරක් මුදල් අනුපාත ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා. #sbsaudiopodcast

මගේ ජීවිතයේ පළවෙනිම පුහුණුකරුවා මගේ තාත්තා, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිහිනුම් ශුරයා අකලංක එක්ක කතා බහක් 02.11.2026

ලොව සුපිරිම පිහිනුම් ශුරයින් 25 දෙනා අතර සිටින ශ්‍රී ලාංකික පිහිනුම් ශුර අකලංක පීරිස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

‘කැන්බරා අගනුවර දී පැවැත්වෙන Sri Lanka Festival ශ්‍රී ලංකා උළෙල සඳහා සියල්ල සූදානම්’ - කොමදෝරු සාගර උදයංග 02.11.2026

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Sri Lanka Festival 2026 එළඹෙන නොවැම්බර් 07 වෙනි සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. #sbsaudiopodcast

SBS සිංහල WorldWatch: මාවෝට නිග්‍රහ කලැයි චීනෙන් චෝදනා ලැබූ ම්බාප්පේ සහ පාස්පෝට් එක නිසා නිග්‍රහ සැලකුම් ලැබුණැයි Ryanair වෙත චෝදනා කල සංගා 02.11.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලින් දැන් ගෙයක් ගන්න පුලුවන්ද, හරිම තොරතුරු මෙන්න 01.11.2026

ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ මිල ගණන් අඛණ්ඩව පහළ යමින් තිබේ. මේ අතර සිඩ්නි නගරයේ නිවාස මිල ගණන් වසර පහකට පෙර පැවති මට්ටමටත් වඩා පහළ ගොස් තිබෙන බව නවතම දත්ත පෙන්වා දෙයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් මැද අගමැති ඇල්බනීසි විදෙස් සංචාරයේ, විපක්ෂයෙන් විවේචන 01.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ලේබර් පක්ෂයේ වසර 12ක පාලනයෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය දේශපාලනිකව දක්ෂිණාංශය දෙසට නැඹුරු විය හැකිද? 01.11.2026

වික්ටෝරියා ප්‍රාන්තය සාම්ප්‍රදායිකව ප්‍රගතිශීලී දේශපාලන නැඹුරුවක් ඇති ප්‍රාන්තයක් ලෙසයි සැලකෙන්නේ.නමුත් මේ නොවැම්බරයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයත් සමඟ එම තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බවට දැන් ඉඟි පළවෙමින් තිබෙනවා. මත විමසුම්වලින් පෙනී යන්නේ One Nation පක්ෂයට ලැබෙන ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. ඒ සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය ජනතාවාදී දක්ෂිණාංශය දෙසට නැඹුරු වීමේ හැකියාවක්...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 26 - ඔක් 30 30.10.2026

ඔක්තෝබර් 26 වන දා සිට ඔක්තෝබර් 30වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මගේ හැකියාවන් පුංචි තිරයටම දිය කරලා හරින්න වෙන එක අපරාධයක් - හිමාලි සයුරංගි 30.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: මේ ලැබුණු අවස්ථාව මට සුවිශේෂීයි - ශෂිකලා / මීළඟ ඉලක්කය ලෝක ශූරතා පැරා පදක්කම් - ජනනි සහ ප්‍රදීප් / ලීග් සීමාව ක්‍රීඩකයන්ගේ හොඳටයි කරන්නේ - මහානාම 30.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අපිත් Halloween සමරන්න ඕනෑද? 30.10.2026

ඔක්තෝබර් 31 වැනිදා කියන්නේ ලොව පුරා බොහෝ රටවල පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කාගේත් අවධානය දිනාගන්නා විශේෂ දිනයක්. ඒ තමයි Halloween! අපි ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු කාලයේ Halloween කියන්නේ බොහෝ දෙනෙකුට චිත්‍රපටවලින් හෝ විදේශීය රූපවාහිනී වැඩසටහන්වලින් දැකපු දෙයක් වෙන්න ඇති. නමුත් අද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ දරුවන්ට නම් Halloween අලුත් අත්දැකීම් ලබන විශේෂ අවස්ථාවක්. ඉතින්, Halloween කියන්නේ ඇත...

SBS සිංහල පුවත්: ව්‍යාපාර සඳහා ඔස්ට්‍රේලියාව තුල ඉතාමත් අහිතකර ප්‍රාන්තය වික්ටෝරියා 29.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ ගෙවල් කුලී ඉහළ දැමීමට සීමාවක් පැනවිය යුතුද? නව සමීක්ෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න 29.10.2026

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හේතුවෙන් බොහෝ පවුල් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනවා. මේ අතර, ගෙවල් කුලී වැඩි කිරීමට සීමා පැනවිය යුතු බවට නව සමීක්ෂණයකින් ජනතා සහාය පළ වී තිබෙනවා. නමුත් එවැනි සීමා පැනවීමෙන් කුලී නිවැසියන්ට සහනයක් ලැබෙයිද? නැත්නම් නිවාස වෙළෙඳපොළට තවත් ගැටලු ඇති වෙයිද? Australia Institute ආයතනයේ නව සමීක්ෂණය සහ මේ සම්බන්ධයෙන් පළවන විවිධ අදහස් ඇසුරින් සකස් කළ SBS සිංහල කාලීන විග්‍රහයට...

'එක් සමාගමකට ඩොලර් මිලියන 2කට වැඩි බදු මුදලක් ඉතිරි කර දෙන්න අපට හැකි වුණා' – චාගා රත්නවීර 29.10.2026

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනෙකු බදු සම්බන්ධයෙන් සිදුකරන වැරදි හේතුවෙන් අනවශ්‍ය ලෙස වැඩිපුර බදු ගෙවීමටත්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) දඩ මුදල් ගෙවීමටත් සිදුවනවා. ව්‍යාපාරිකයන් බහුලව සිදුකරන බදු සම්බන්ධ වැරදි මොනවාද? ඒවා වළක්වාගෙන නිසි බදු සැලසුම්කරණයක් සිදුකරන්නේ කොහොමද? මේ පිළිබඳව බදු උපදේශිකා චාගා රත්නවීර සමඟ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද? 29.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන 29.10.2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස ලැබූ අත්දැකීම් නව පරපුරට ලබාදෙමින් ඇය මෙල්බර්න් නුවර 'Plenty Valley' ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙනවා.මේ කෙටි විශේෂාංගය ඇය පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කලක් ඉහල මට්ටමක, මහා බැංකු අධිපතිනිය ස්ථිර කරයි 28.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Toowoomba මල් සැණකෙළියේ අසිරිය 28.10.2026

ක්වීන්ස්ලන්තයේ Toowoomba නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත් වුන මල් සැණකෙළිය ගැන ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර මහත්මිය ගෙන එන සටහන. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

2026 Royal Adelaide Show රාජකීය දැක්මේ කේක් නිර්මාණයෙන් දස්කම් පෑ මලීෂා ඔකඳපොළ 28.10.2026

2026 රාජකීය ඇඩිලේඩ් දැක්මේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස පළමු ස්ථාන දෙකකුත් එක් අංශයක සාර්ථකම කේක් සැරසිලිවලට හිමි ජයග්‍රහණයත් ලැබූ මලීෂා ඔකඳපොළගේ අදහස් රැගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast

සුව දිවිය: මේ ලිංගික සෞඛ්‍ය ගැට‍ළු ඔබටත් තියෙනවා ද? ඒවා වෙනත් සැඟවුණු ආබාධයක පෙර ලකුණු වෙන්න පුළුවන් 28.10.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවැනි කොටස. #sbsaudiopodcast

ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වූ පාර්ලිමේන්තුව, මන්ත්‍රී ආරක්ෂාව තර වෙයි 28.10.2026

සඳුදා (26) රැස් වූ පාර්ලිමේන්තුව සිය සඟයා වන ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වුණා. ඇය පිළිබඳ ගෞරවාදරයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළා. මේ සිද්ධියෙන් මන්ත්‍රිනියගේ පාද දෙකම අහිමි වී ඇති අතර, මේ වන විටත් ඇය රෝහලේ බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව සඳහන්. අගමැතිවරයා කියා සිටියේ මන්ත්‍රී ආරක්ෂාව තවදුරටත් තර වෙනු ඇති බවයි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වන රෝගය බවට ඩිමෙන්ෂියා රෝගය පත්වෙයි 28.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීති නිසා සංක්‍රමණික පවුල් රැසකට දෙමාපියන්ගෙන් වෙන්ව ඉන්න වෙලා 27.10.2026

ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 150,000කට අධික සංඛ්‍යාවක් මේ වනිව්ට Backlog වී තිබේ. මේ අතර Visitor visa rules සඳහා මෑතකදී කරන ලද වෙනස්කම් හේතුවෙන් තම මව් රටේ සිටින වයස්ගත දෙමාපියන් සමඟ නැවත එක්වීම තවත් දුෂ්කර වනු ඇති බව අපේක්ෂා කෙරෙයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden