SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Odcinki: 1911

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.sbs.com.au

Autor

SBS

Kategoria

News

Strona podcastu

www.sbs.com.au

Ostatni odcinek

2 lis 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

'අද මුළු මුස්ලිම් ප්‍රජාවම දිහා බලන්නේ සැකයෙන්, අපිත් මේ රටට හැඩ නොගැහුණොත් මේ සැකය තව වැඩි වෙනවා' - ශර්ධා ජමීල් 18.12.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.

අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව 18.12.2025

හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.

ලොව වටා: ලෝක උරුමයක් වූ ලංකාවේ කිතුල මැදීම / ලයනල් මෙසී නිසා උරණ වූ ඉන්දීය රසිකයෝ 18.12.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 18: පලස්තීන හිතවාදී පාගමන් Bondi ප්‍රහාරයට මග පෑදුවා, ඊශ්‍රායල ඩයස්පෝරාවෙන් චෝදනා 17.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Your first steps to engaging with Indigenous Australians - Australia Explained: ඔබ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාව සමඟ සම්බන්ධ වෙන්න පළමු පියවර ගන්නේ මෙහෙමයි 17.12.2025

Connecting with Indigenous Australia can be daunting for a newcomer to the country. So, where do you start? We asked Yawuru woman Shannan Dodson, CEO of the Healing Foundation, about simple ways to engage with First Nations issues and people within your local community. - ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්" යන්න බොහෝ විට ඔබ අසා තිබෙනවා විය හැකියි. ඕස්ට්‍ර...

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල සියුම් ලෙස හෝ සිදුවන ජාතිවාදී හිංසන ගැන විමර්ශනයක් කිරීමට යෝජනා 17.12.2025

ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා වන ගිරිදරන් සිවරාමන් පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ව...

වැඩිහිටියන්ගේ වෛරී ගොදුරකට ලක් ව අකලට පරවුණු මැටිල්ඩා 17.12.2025

බොන්ඩායි සමූහ ඝාතනයේ ලාබාලතම ගොදුර වූ මැටිල්ඩාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් අඟහරුවාදා (16) රාත්‍රියේ බොන්ඩායි මහජන මණ්ඩපයේ පැවති සංවේගජනක සැමරුමකදී සිය 10 හැවිරිදි දියණියට උපහාර දක්වමින් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා.

SBS සිංහල Newsflash දෙසැ 17: ඇඩිලේඩ් හි පැවැත්වෙන ඔස්ට්‍රේලියා එංගලන්ත ටෙස්ට් තරඟයට විශේෂ ආරක්ෂාවක් 17.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඔබත් සහකරු හෝ පවුලේ අයෙක් අතින් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා ද? 16.12.2025

දකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්‍රහාත්මක විශේෂාංගය.

බොන්ඩායි ප්‍රහාරය හෙළා දැකීමට එක් වන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ශ්‍රී ලංකා ජනපති, විදේශ ඇමති හා විපක්ෂ නායකවරයාත් එක් වෙයි 16.12.2025

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.

බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ් 16.12.2025

ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.

කාලීන විග්‍රහය: Bondi ත්‍රස්ත ප්‍රහාරය - ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ඇත්තෙන්ම ප්‍රමාණවත්ද 16.12.2025

බොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක් 16.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල දෙමළ ප්‍රජාව එකතු කර ගෙන වැඩ කරන කොට මට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා - ආචාර්ය ලයනල් බෝපගේ 15.12.2025

Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.

මව්බිමෙන් පුවත්: 'ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි' - නාමල් / නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක චාමර සම්පත් 15.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන නිරන්තර අධ්‍යයනයක නිරතවන බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය කියයි 15.12.2025

බොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.

බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සිදු කල පිය පුතු වෙඩික්කරුවන් 15.12.2025

සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.

SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ 15.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද? 14.12.2025

නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 08 - දෙසැ 12 12.12.2025

දෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ‘නවසීලන්තයට ආ ගමන මට හුඟක් දෑ අහිමි කළා’ - ප්‍රවීණ සන්නිවේදක වජිර ජයවර්ධන 12.12.2025

අද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.

ක්‍රීඩා විග්‍රහය: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිතේෂ් සහ නේදන් 12.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ආපදාවෙන් මිදීමට මාස 4 ක් තුල ඩොලර් මි. 35 ක් අවශ්‍යයි - UN / ආණ්ඩුවේ පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය 12.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 12: රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක් 11.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

A parent’s guide to help teens adjust to social media age restrictions - Australia Explained: ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වයස් සීමා වලට ළමුන්ව හැඩගස්සන්න, දෙමාපියන් දැනගත යුතු දේවල් 11.12.2025

Australia is restricting access to social media accounts for under-16s, and many families are wondering what it means in practice. While the rules place responsibility on tech platforms rather than young people or their parents, the changes may still create stress for teens who rely on social media to stay connected. Find out how the ban will work, why connection still matters, and how experts sug...

Słuchaj podcastu SBS Sinhala - SBS සිංහල වැඩසටහන w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS