Maheshakya
රට කරවන හැටි Rata Karawana Hati
ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගයCyber movement for an informed discussion on all things Sri Lankan politics
Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: rata-karawana-hati.blogspot.com
Autor
Maheshakya
Kategoria
Strona podcastu
Ostatni odcinek
18 wrz 2024
Gdzie słuchać?
Podcasty w aplikacji Replaio Radio Już wkrótcePodcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów
Odcinki
රියැලිටිය #87 19.03.2022 27:36
ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්‍රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්‍රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන.
මුළු රටම හරි මඟට #86 07.03.2022 17:42
විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 නායකයෝ “මුළු රටම හරි මඟට” කියන ව්‍යාපෘතියත් එක්ක ස්වාධීන වෙන එක තමයි මේ දවස් වල රටේ උණුසුම් දේශපාලනික මාතෘකාව. අද ටිකක් වෙනස් ෆෝමැට් එකකින් අපි කතා කරන්නෙත් ඒ ගැන. · sinhala.adaderana.lk/news/164797/ආණ්ඩුවේ-හවුල්කාර-පක්ෂ-11-ගෙනා-යෝජනාවලිය · https://www.bbc.com/sinhala/sri-lanka-60600020 · https://www.newswire.lk/2022/03/04/wimal-reveals-details-of-angry-august-phone-...
43 වන සේනාංකය #85 28.02.2022 18:08
ජනවාරි 17 වෙනිදා, පාඨලී චම්පික තමන්ගේ 43 සේනාංකය නිල වශයෙන් දියත් කරනවා. මේ ව්‍යාපාරය විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ, කන්නන්ගර මහතාගේ 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ප්‍රතිලාභ ලබපු මිනිස්සු. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ව්‍යාපාරය ගැන සහ පාඨලී ගැන.
සේවක අර්ථ සාධක අරමුදල #84 16.02.2022 20:39
2022 අයවැයේදි ප්‍රකාශ වෙනවා 2021 වසරේ ලාභය රු. මිලියන 2 ට වැඩි නම් ඒ සමාගම් වලින් 25% අධි බාර බද්දක් අය කරනවා කියල. නමුත් මෙතෙන්දි සේවක අර්ථ සාදක අරමුදලත් මේ සමාගම් කියන නිර්වචනය අයිති වෙනවා. අද කතා කරන්නේ ඒ නිසා ඇති වෙලා තියන ගැටළුකාරී තත්ත්වය ගැන. · ගැසට් පත්‍රය - sinhala.adaderana.lk/news/163886/අධිභාර-බදු-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ · බීබීසී ලිපිය - https://www.bbc.com/sinhala/sri-lanka-60344413...
දේශීය සංචාරකයා #83 04.02.2022 25:27
ලංකාව කොවිඩ් වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරනකොට, රටේ සංචාරක කර්මාන්තය ආරක්ෂ කරලා දුනනේ දේශීය සංචාරකයා. නමුත් අද වෙනාකොට නැවත රට විවෘත වෙලා නිසා සමහර සංචාරක ආයතන නැවතත් “විදේශිකයන්ට පමණයි” කියන පිලිවෙත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියනවා. අද කතාව මේ ගැන. · 25 වෙනි කොටස - https://anchor.fm/rata-karawana-hati/episodes/25-ejjvqf · සංචාරක ප්‍රවර්ධන අධිකාරයට දැනුම් දීම් - https://complaints.sltda.gov.lk/
යුක්‍රේන අර්බුදය #82 25.01.2022 16:20
මුළු ලෝකයම අද බලාගෙන ඉන්නේ යුක්‍රේන-රුසියා අර්බුදය ගැන. මේ ගැටළුව ආර්ම්භ වුනේ අද ඊයෙ නෙවෙයි. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ගැටළුවේ ඉතිහාසය ගැන සහ එහි අනාගතය ගැන. · https://www.gov.uk/government/news/kremlin-plan-to-install-pro-russian-leadership-in-ukraine-exposed · https://mpra.ub.uni-muenchen.de/111587/1/MPRA_paper_111587.pdf
දහං ගැට #81 17.01.2022 13:38
අවුරුදු 2 ක රාජ්‍ය පාලනය අතරේ කරන්න අමතක වුන දේශපාලනය කරන්න, පොදු ජන පෙරමුණ පටන් අරන් තියනවා. බෝම්බ අසුවීම්, රු 5000 දීමනා, ඩොලර් සංචිත ඉහල දැමීම වගේ දන්න දහං ගැට හැම එකක් ම ගහන්න ඔවුන්ට සිද්ද වෙලා තියනවා. අද කතාව ඒ ගැන.
සුසිල් ට ප්‍රේම කරමු ද? #80 11.01.2022 14:06
තමන්ගේ රජය විවේචන කරල දීපු පිළිතුරක් නිසා, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා. හැබැයි මේ පසුබෑම එක් අතකින් ඔහුගේ වාසියට අවස්ථාව සලසනවා. වෙනදා නොමැති විදිහේ ජනප්‍රියතාවක් ඔහුට මේ වෙනකොට ලැබිල තියනවා. ඔහුගේ මේ හැසිරීම අවංකද? අද අපි කතා කරන්නේ මේ සිදුවීම සම්බන්ධ දේශපාලන වටපිටාව ගැන.
අර්බුදයට කඩිනම් විසඳුම් #79 01.01.2022 31:24
අද අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත්ත, ජාතික ජන බලවේගයේ අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන. ප්‍රතිපත්ති ප්‍රකාශනය - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට /
කතානායක #78 22.12.2021 15:11
කතානායක වරයා කියන්නේ අතිශය වැදගත් දේශපාලනික තනතුරක්. අපේ වර්තමාන කථානායකවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා ඔහුගේ ස්වාධීන බව ගැන දැන් ප්‍රශ්න ඇති වෙලා තියනවා. අද කතාව ඒ ගැන. · 2022 අයවැය ගැන අපේ මතය - https://anchor.fm/rata-karawana-hati/episodes/2022--75-e1abitm · බ්‍රිතාන්‍යයේ කතානායක ලිංසේ හොයිල් - https://youtu.be/ewSkdhoCSdY
ප්‍රියන්ත කුමාර ඝාතනය #77 07.12.2021 15:10
පසුගිය සතියේ ප්‍රියන්ත කුමාර නැමති නිලධාරියෙක් පාකිස්තානයේ දී අමාණුෂික විදිහට ඝාතනය වෙනවා. මේ ඝාතනය පිටිපස්සේ තියෙන්නේ අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ගැන තියන ඛේදවාචකය සහ ආගමික ප්‍රචණ්ඩත්වයේ ඵල විපාක. https://www.newsfirst.lk/sinhala/2021/12/06/12121/
වී ෆො වැන්ඩෙටා #76 29.11.2021 16:41
වී ෆො වැන්ඩෙටා (V for vendetta) ෆිල්ම් එක සහ කොමික් එක රටේ සහ ලෝකයේ වර්තමාන තත්වය ගැන කතා කරන නිර්මාණයක්. අද අපි කතා කරන්නේ මේ විශිෂ්ට නිර්මාණය ගැන. https://www.imdb.com/title/tt0434409/?ref_=ext_shr_lnk
2022 අයවැය #75 16.11.2021 33:38
2022 වසරට අයිති අයවැය, මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. අද අපි කතා කරන්නේ, දෙවෙනි වර කියවීමේ දී, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කරුණු ගැන. කතාව - https://www.treasury.gov.lk/api/file/5415d2ae-c13f-40cf-8ca7-3c4718c8d3c1 විසර්ජන පනත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6232.pdf https://www.parliament.lk/upload...
පෞද්ගලීකරණය #74 08.11.2021 20:03
පෞද්ගලීකරණය ලංකාවේ ගොඩක් විවාදාත්මක මාතෘකාවක්. යුග දනව් බලාගාරයේ කොටස් වලින් 40% සහ එල් එන් ජී නල පද්ධතිය නිෂ්පාදනය කිරීමේ අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම නිසා මේ මාතෘකාව නැවතත් කරළියට ඇවිත් කියනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ පෞද්ගලීකරණයේ ඉතිහාසය, පසුබිම, වාසි සහ අවාසි ගැන. · විකිණීම - https://www.businesswire.com/news/home/20210921005739/en/New-Fortress-Energy-Finalizes-Contract-with-Governmen...
පැන්ඩෝරා පත්‍රිකා #73 25.10.2021 23:23
ICIJ ආයතනය ලෝකයේ ස්වාධීන මාධ්‍යවේදීන් ගණනාවක ගේ එකතුවෙන් පල කරපු Pandora Papers වල ජනාධිපතිවරයාගේ ඥාති දියණියකගේ සහ ඇගේ සැමියාගේ නම සඳහන් වෙනවා. ඒ දෙන්න දේශපාලනික අනාවරණය වුන පුද්ගලයෝ හැටියට තමන්ගේ ධනය ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් තමන්ගේ ධනය අපයෝජනය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. · රජය Pandora Papers ගැන දෙන පිළිතුර - https://www.lankadeepa.lk/news/පැන්ඩෝරා-සිද්ධිය-ගැන-තවත්-පිරිසකගෙන්-ප්‍ර...
වැඩ කරන්නේ ඇයි | ජර්මන් මැතිවරණය #72 29.09.2021 27:59
Cost of productitivity සහ සතුටේ පිරිවැය කියල සෙග්මන්ට් දෙක එකට සම්බන්ද කරල අද අපි වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර දෙන්න උත්සහ කරනවා. අපි ජීවත් වෙන්නේ වැඩ කරන්න ද නැත්නම් වැඩ කරන්නේ ජීවත් වෙන්නද කියන ප්‍රශ්නය ගොඩක් කල් ඉඳන් මිනිස්සුන්ට තියන ගැටළුවක්. අද මුලින්ම කතා කරන්නේ ඒ ගැන ජර්මන් මැතිවරණය 26/09/2021 අවසන් වෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිඵලය නිර්වචනය කරගන්න ඔ්නේ කොහොමද? · https://www.expatrio.com...
සතුටේ පිරිවැය | කළු සල්ලි #71 19.09.2021 26:09
ස්වීඩන් වගේ නෝර්ඩික් රටවල් ලෝකයේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක්. එතෙන්දි එයාල සමාජ සුභසාධනයට, work-life-balance එකට ලොකු වටිනාකමක් දෙනවා. එයාලට ලෝකයේ සතුටෙන්ම ඉන්න රටක් බවට පත් වෙන්න වැය වුන පිරිවැය මොකද්ද? · රෙඩිට් ෂෝරම් 1 - https://www.reddit.com/r/AskReddit/comments/p3w5k9/whats_the_weirdest_thing_youve_seen_happen_at_a/h8v0wwc?utm_source=share&utm_medium=web2x&context=3 · රෙඩිට...
Cost of Productitivty | නාමල් බේබි #70 10.09.2021 21:17
(Part1 in English) අපට ජපානය කිව්වහම මතක් වෙන්නේ විශාල ඉතිහාසයක් තියන සංස්කාතියක්. සමුරායිවරු, සුෂී වගේ විවිධ කෑම වර්ග, ඇනිමේ වගේ සංස්කෘතිකාංග වල නිජබිම. ඒත් එක්කම අපි නිතර අහනවා ජපාන සංස්කෘතියේ කාර්යක්ෂම බව ගැන. එයාලට කාලයට දෙන වටිනාකම පෞද්ගලික සහ රාජකාරි ජීවිතයේත් දකින්න තියනවා කියල අපි අහනවා. හැබැයි මේ කාර්යක්ෂම බවට පිරිවැයක් නැද්ද? · කාර්යක්ෂමතාවය මැනීම - https://www.statista.com/chart/14435/h...
සත්ත්ව අයිතිවාසිකම් #69 31.08.2021 22:31
සත්ත්ව අයිතිවාසිකම් කියල කියන්නෙ ලංකාවෙ නිතර කතා බහ වෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ සත්ත්ව අයිතිවාසිකම් හැමෝම වගේ පිලිගත්තත් මේ අයිතිවාසිකම් කොච්චර දුරට යනවද කියන කරුණ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ මේ සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල මූලික පදනම සහ ඒකේ අදාලත්වය ගැන. · සත්ත්ව අයිතිවාසිකම් වල පදනම - https://d1wqtxts1xzle7.cloudfront.net/5591167/varner_-_prospects_for_conver...
ඇෆ්ගනිස්තානය #68 18.08.2021 22:22
Episode 68 Part 1 මේ මාසයේ, නේටෝ හමුදාව තමන්ගේ ඇෆ්ගන් ආක්‍රමණය අවසන් කරනවා. ඇමරිකාව තමන්ගේ දීර්ඝ ම යුද්ධය අවසන් කරල යන්නේ 300,000 හමුදාවක් හදලා. නමුත් දින කිහිපයක් ඇතුළත, තලෙයිබාන් සංවිධානය මුළු රටේ ම බලය නැවත අල්ලන්න සමත් වෙනවා. අද මාතෘකාව වෙන්නේ ඇෆ්ගන් සමාජයට සහ ආසියානු කලාපයට නව පරිපාලනයෙන් තියෙන බලපෑම මොකක්ද කියන එක. තලෙයිබාන් දර්ශනය 1 – (The Taliban: an organizational analysis) https://apps.d...
සෙල්ලම් කරන්නේ ඇයි #67 09.08.2021 13:40
ක්‍රීඩාව අපේ ජීවිතයට ගොඩක් සමීප දෙයක්. ඒක මනිස්සු ගල් යුගයේ ඉදලම විවිධ විදිහට කරපු ක්‍රියාවක්. නමුත් ඇත්තටම අපි ක්‍රීඩා කරන්නේ ඇයි? තරඟ බලන්නේ ඇයි? අපිට ජීවත් වෙන්න ක්‍රීඩාව අවශ්‍ය නැතත් ඒකට අපේ සමාජයේ වැදගත් තැනහක් හිමිවෙනවා. අද කතාව ඒ ගැන. · ක්‍රීඩාවේ ඉතිහාසය - https://www.britannica.com/sports/sports#ref253547 · ක්‍රීඩාවේ ආකර්ෂණය ගැන පර්යේෂණ - https://www.ufrgs.br/redecedesrs/wp-content/uploads...
Porn තහනම් ද #66 02.08.2021 12:16
ලංකාව තුල porn websites තහනම් කරන්න අධිකරණයෙන් නියෝගයක් ලැබෙනවා. මේකට මුල් වෙන්නේ වයස අවුරුදු 15 ක දැරිය අපහරණයට ලක් වීමේ සිදුවීම නඩුව. එතෙන්දි පෝන් වීඩියෝ තුලින් ළමයි වැරදි ආකල්ප ඇති කරගැනීම වලක්වා ගැනීම සහ සමාජයේ අපචාර සිදුවීම අඩුකරගැනීම කියන අරමුණු මේ තීරණයට මුල් වෙනවා කියල අපට හිතෙනවා. නමුත් ඇත්තටම සමාජයේ අපචාර අඩු කරන්න porn ban එක සාර්ථක පියවරක් ද? · නව සීලන්තයේ වෙනස්ම වීඩියෝව - https://yout...
ළමා මෙහෙකාර සේවය | දකුණු අප්‍රිකාවේ වෙන්නේ මොකක්ද? #65 26.07.2021 19:56
Content warning for segment 1 of the episode. රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මුල් කරගෙන ළමා මෙහෙකාර සේවය, ලිංගික හිංසනය, සහ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහක් ඇති වෙලා තියනවා. මේ ගැටළු වලට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? · ප්‍රවෘත්තිය - www.ada.lk/top_story/රිෂාඩ්ගේ-බිරිඳ--මාමා--මස්සිනා-අද-අධිකරණයට/19-382010 දකුණු අප්‍රිකවේ අද විශාල සිවිල් අර්බුදයක් ඇති වෙලා තියනවා. මේකට මූලික වුන පසුබිම...
ක්ලාක්සන්ගේ ගොවිපල #64 19.07.2021 17:21
Jemery Clarkson ගෙ Clarkson’s Farm කියල වැඩසටහනේ පෙන්නනවා, ගොවිතන ගැන කිසිම දෙයක් නොදන්න මනුස්සයෙක් අක්කර 500 විතර ගොවිපලක් කරන්නේ කොහොමද කියල තමයි මේ කොමඩි ෂෝ එකේ පෙන්නන්නේ. ඉතින් මේකෙ තාක්ෂණය පාවිච්චි කරන විදිහ දැක්කහම අපිට හිතුන ලංකාවේ ගොවියාට මේ තාක්ෂණය දුන්නොත් එයාලගෙ වෘත්තීයට කොච්චර ගෞරවයක් දෙන්න පුළුවන්ද කියල. ඒ වගේම තමයි පොහොර භාවිතය ගැනත් මේකේ යම් දුරකට කතා වෙනවා. කාබනික පොහොර භාවිතය තියෙ...
කොතලාවල පනත #63 12.07.2021 30:01
1981 අංක 68 කොතලාවල පනත යාවත්කාලීන කිරීමක් විදිහට අලුතෙන් කොතලාවල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මේක මුල් කරගෙන විශාල විරෝධක් ඇතිවෙනවා. විරෝධය දක්වපු අයගේ ඇඳුම් ගලවනවා, අත්තඩංගුවට ගන්නවා, නිරෝදායනයට අරගෙන යනවා. ඉතින් මෙච්චර මර්දනය කරන්න, මේවගේ වෙලාවක උද්ඝෝෂණය කරන්න මුල් වුන පනත ගැන විස්තරව බලන්න අපි හිතුවා. · නව කොතලාවල කෙටුම්පත (සිංහල) – http://documents.gov.lk/files/bill/2021/3/45-2...
Podobne podcasty
Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS