SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

14 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

නීති පිළිසරණ: ART review application එකේ තමන්ට සිදු වුණු අසාධාරණ ගැන හෝ දුක්ගැනවිලි කියන්න පුළුවන් ද? 07.04.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවේ තුන් වන සහ අවසාන වැඩසටහනයි.

මට කවදාවත් මම තනි වෙලා කියලා දැනිලා නැහැ, Mardi Gras Fair Day පිළිබඳ මතක අතර අනාගත අපේක්ෂාවක් 07.04.2026

Mardi Gras Fair Day, ඕස්ට්‍රේලියාවේ Mardi Gras සැමරුම් සමයේ ආරම්භයේ සිදු වන මේ සුවිශේෂ අවස්ථාවට දස දහස් ගණනක් ජනතාව සිඩ්නි වික්ටෝරියා උද්‍යානයට එකතු වෙනවා. සංගීතය, විවිධ නැටුම්-ගැයුම්, කෑමබීම වගේ ම, ඒ සියල්ලට වඩා සතුටකින් මේ දවස පිරිලා. මෙවරත් Fair Day සාර්ථකව පැවැත්වුණා. දහස් ගණනක් දෙනා අතරේ ශ්‍රී ලාංකික මිතුරියක් SBS සිංහල සේවය සමඟ අදහස් බෙදාගත්තා. Sydney Gay and Lesbian Mardi Gras උත්සව සමය අවස...

සිඩ්නි නුවර Sunfest 2026 අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - තනූජා ජයසිංහ 07.04.2026

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංවිධාන වන Sydney Sunfest 2026 සිංහල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ SBS සිංහල සේවයට අදහස් දක්වන්නට එක් වුණේ නිව් සවුත් වේල්ස් ශ්‍රී ලංකා සංස්කෘතික හමුවේ වත්මන් සභාපතිනිය වන තනූජා ජයසිංහ

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඩොලර් බිලියන 10 ක වෙළඳ සහ ආරක්ෂක ගිවිසුමක් 07.04.2026

ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය ඩොලර් බිලියන 10 ක වෙළඳ සහ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ. තීරුබදු ඉවත් කිරීම සහ සයිබර් මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුමට ඔවුන් එළඹ ඇති බව සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: 'E-Bikes' අළෙවිය ඔස්ට්‍රේලියාව තුල සීග්‍රයෙන් ඉහල යයි 07.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 7වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: HIV වෛරසය සඳහා වන නව ඖෂධයක් සිම්බාබ්වේ රාජ්‍යය පුරා බෙදා හරී 06.04.2026

HIV වෛරසය සඳහා වන නව ඖෂධයක් සිම්බාබ්වේ රාජ්‍යයට හඳුන්වා දී තිබෙනවා. HIV වෛරසය හේතුවෙන් දශක දෙකක් පුරා එම ජනතාව දැඩි පීඩාවට පත් වුණා. කෙසේ වුවත් අන්තර්ජාතික සහනාධාර කප්පාදුවක් සිදුවී ඇති නිසා මෙම ඖෂධය අත්හදා බැලීම නිසියාකාරව සිදුනොවනු ඇති බවටද මත පල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

වැඩි පොලී අනුපාත නිසා ගෙදර Mortgage එක හිරවෙලාද, එහෙනම් තීරණයක් ගන්න කලින් මේ දේවල් ගැනත් දැනගන්න 06.04.2026

ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉතා ඉහල මට්ටමක තිබෙන අතර මෙලෙස පොලී අනුපාත ඉහළ යන විට ඔබේ mortgage හෙවත් නිවාස ණය ගෙවීම් කිරීමට ඔබ අරගල කරන්නේ නම් කළ යුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

'තමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව වෛද්‍යවරු සමග සාකච්චා කරන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද කියයි/ UNP හැර අනිත් දේශපාලන පක්ෂ සමග එකතුවෙන්නේ නෑ - මරික්කාර් කියයි 06.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ඕස්ට්‍රේලියාවේ පාස්කු සැමරුමේ චොකලට් අතර සිටින ඊස්ටර් බිල්බි 06.04.2026

පාස්කු සිකුරාදාව යෙදුණු අප්‍රේල් 3වන දා SBS සිංහල සජීව විකාශයේ හඬ පටයක් සංස්කරණය කොට සෑදු මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

SBS සිංහල පුවත්: මස්, පළතුරු සහ එළවළු 20%කින් ඉහළ යන බවට අනාවැකි, වාර්තාවලට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර 06.04.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 6වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Employer-Sponsored වීසා කාණ්ඩවල නවතම වෙනස ජූලි 01වන දා සිට ක්‍රියාත්මක වන අයුරු 04.04.2026

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතුවලට අදාළ නීතිරීති කාලානුරූපීව වෙනස්කම්වල ලක් වනවා. 2026 ජූලි 1වන දා සිට බලපැවැත්වෙන පරිදි Employer-Sponsored වීසා කාණ්ඩවල ආදායම් උදෙසා වලංගු වෙන්නේ එවැනි වෙනස්කමක්. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නියෝජිතවරයෙකු ගෙන එන මේ පැහැදිලි කිරීමට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 30 - අප්‍රේල් 03 03.04.2026

මාර්තු 30වන දා සිට අප්‍රේල් 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සමාජය එක්ක ගැටෙන්න නම් මිනිස්සු ආශ්‍රය කරලා හැදෙන්නම ඕන - දිනක්ෂි ප්‍රියසාද් 03.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් - රාජකීයන් හා ත්‍රිත්වයන් ගැටෙන ජනපති කුසලාන රග්බි අවසන් තරගය හෙට - වාර්තා අලුත් කරන රුමේෂ් තරංග 03.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

බ්‍රිස්බේන් නුවර Lanka Lions අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - චමින්ද හේවගේ 02.04.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර සංවිධාන වන සිංහල අලුත් අවුරුදු උත්සව අතරින් මේ වසරේ පළමු උත්සවය පිළිබඳ SBS සිංහල සේවයට අදහස් දක්වන්නට එක් වුණේ Lanka Lions සංවිධානයේ සභාපති චමින්ද හේවගේ මහතා.

කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි 02.04.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා පැවැත් වුනා. මේ මැතිවරණයෙන් පොලින් හැන්සන් මහත්මිය නායකත්වය ලබා දෙන 'One nation' පක්ෂය විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් උනා. මෙහිදී ලිබරල් පක්ෂයට වඩා වැඩි ජයග්‍රහණයක් ලබා ගන්න ඔවුන් සමත් වනවා. වසර 30 කට පමණ පසුවයි ඔවුන් මෙවැනි ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. ලිබරල් පක්ෂයේ පසුබෑම සහ 'One nation'' පක්ෂයේ ජයග්‍රහණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන පක...

අපේ වහරේ කතා අහුරක්: රජතුමාගේ බෙල්ල බේරලා දුන්න කලුවාගේ කතාව 02.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අවාසනාවන්තයි කියලා හිතන මොහොතකදි වුණත් වාසනාව උදා වෙන්න පුළුවන් කියන වග කියැවෙන කලුවාගේ කතාවයි.

ලොව වටා: ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි / නවසීලන්තයේ Anchor කිරි පාරිභෝගිකයින්ට බොරු කියූ බවට චෝදනා 02.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා - අගමැති ඇල්බනිසි ජාතිය අමතමින් කියයි 02.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 2වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Have you considered a career in translating and interpreting? - ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද? 01.04.2026

Have you ever considered using your bilingual skills to assist others? A career in translating and interpreting might be for you. In Australia you can train for a TAFE certificate all the way to Master’s degree prior to getting certified. In this episode we help you navigate the pathway to becoming a qualified practitioner. - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් බොහෝ විට භාෂා දෙකක...

'අපහසු මාස කිහිපයක් සදහා සූදානම් වෙන්න' ඔස්ට්‍රේලියානු අගමැති ජාතිය අමතමින් කියයි 01.04.2026

පවතින ගෝලීය ආර්ථික අර්බුධකාරී තත්වය හමුවේ ඉදිරි මාස කිහිපය අපහසු විය හැකි බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යුධමය තත්වයකට ඔස්ට්‍රේලියාව මුහුණ දීම වැනි තීරණාත්මක අවස්ථා වලදී රාජ්‍ය නායකයින් භාවිතා කරන ජාතිය ඇමතීමේ ක්‍රමවේදය අග්‍රාමාත්‍ය වරයා මෙහිදී භාවිතා කළා. අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය විනාඩි තුනක ප්‍රකාශයක් වූ අතර කලින් පටිගත ක...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව ඔබට ලබා ගත හැකි සූර්ය පැනල, විදුලි බැටරි සහ විද්‍යුත් වාහන සඳහා වන වට්ටම් සහ දිරි දීමනා 01.04.2026

ඕස්ට්‍රේලියාව පුරා, ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සූර්ය පැනල පද්ධති, විදුලි බැටරි සහ විදුලි වාහන (EV) සඳහා වැය වන මූලික පිරිවැය අඩු කිරීම අරමුණු කර ගත් විවිධ වට්ටම් සහ දිරිගැන්වීම් ලබා දෙනවා. මේ කෙටි විශේෂාංගය හරහා ඕස්ට්‍රේලියාව පුරා දැනට පිරිනමනු ලබන එවැනි සහන සහ දිරි දීමනා පිළිබඳ දැනුවත් වන්න.

පළමු මිනිස් සඳ තරණයෙන් දශක 5කට පසු NASA සඳ ගමනේ, ඕස්ට්‍රේලියාවේ CSIRO සහ ANU වෙතින් විශේෂඥ සහාය 01.04.2026

ලොව ප්‍රථම සඳ ගමන 1969 දී සිදු වුණා. ඒ ඓතිහාසික ගමනෙන් පසු පළමු වරට නැවතත් මනුෂ්‍යයා සඳ ගමනකට සූදානමෙන් පසු වනවා. ඒ ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 1වන දා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් අප්‍රේල් 2වන බ්‍රහස්පතින්දා). දින 10ක මෙහෙයුමකට ගගනගාමීන් සිව් දෙනෙකු අවුරුදු දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පුහුණු වුණා. ඔවුන් සඳ වටා ගමන් කොට නැවතත් පෘථිවිය බලා එනු ඇති. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO සහ Australian...

SBS සිංහල පුවත්: නිපුණතා සංක්‍රමණිකයින්ගේ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ අවධානය 01.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 1 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Robodebt ගැටලුවට සම්බන්ධ යැයි පරීක්ෂණ කල 6 දෙනාගෙන් දෙදෙනෙකුට බරපතල චෝදනා 31.03.2026

ඕස්ට්‍රේලියාවේ රොබෝඩෙබ්ට් යෝජනා ක්‍රමය පිළිබඳ පසුගිය කාලය පුරා දැඩි කතා බහක් සිදු විය. මෙය ස්වයංක්‍රීයයව ක්‍රියාත්මක වන රජයේ යෝජනා ක්‍රමයක් වූ අතර මේ සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුවීමත් සමග ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ බලධාරීන් පියවර ගනු ලැබුවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකින් පුද්ගලයින් දෙදෙනෙකු "බරපතල දූෂිත හැසිරීමක" නියැලී සිටින බව සොයාගෙන ඇති අතර සිව් දෙනකු චෝදනා වලින් නිදහස් වී තිබේ. ම...

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds