SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියානු වටිනාකම් වලට ගරු නොකරන සංක්රමණිකයින්ට තම රජයක් යටතේ ඔස්ට්රේලියාවේ රැඳීසිටීමට අවස්තාවක් නෑ, විපක්ෂ නායකගෙන් ප්රකාශයක් 15.04.2026 5:20
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ලෝකයට දැන් බලපාන දරුණු කාලගුණ විපර්යාස ළඟදීම තවත් වේගවත් කරන බව අලුත්ම වාර්තාවක් හෙළි කරයි 14.04.2026 10:23
ලෝකය මේ වන විට වාර්තාගත උණුසුම්ම වසර 11 අත්විඳ තිබෙනවා. ලෝකය උණුසුම් වීම පමණක්ම නොව වඩා වැඩි ශක්තියක් ගබඩා කරන අතර දේශගුණික විපර්යාස වේගවත් කරන බවත් නව දේශගුණික වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මෙහේ ඉන්නේ වෙන ජාති ආගම් වල අය වුනත් අවුරුද්දට කැවිලි හදලා එයාලටත් දෙනවා, සිඩ්නි ලාංකිකයින්ගේ අවුරුදු සැමරුම් 14.04.2026 7:47
මවුබිමෙන් බොහෝ දුරින් සිටියත් ඕස්ට්රේලියාවේ අලුත් අවුරුදු සැමරුම දැනෙන සහ සිදු කරන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ප්රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම 14.04.2026 9:07
සිංහල අලුත් අවුරුද්ද සෑම වසර 70 ට වරක් දවසකින් පහු වෙනි දවසට මාරු වෙන බව ඔබ දැන සිටියා ද? NASA ආයතනය ඇතුළු ලෝ ප්රකට අභ්යවකාශ හා තාරකා විද්යා අධ්යයන ආයතන හා විශ්වවිද්යාල රැසක සේවය කර ඇති ප්රකට තාරකා විද්යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවයට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ මේ වැඩසටහනට සවන් දෙන්න.
ඕස්ට්රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය 14.04.2026 4:19
ඕස්ට්රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවට අවශ්ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අග්රාමාත්ය ඇල්බනීසී අග්නිදිග ආසියාවේ සංචාරයක 14.04.2026 5:13
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ගෝලීය වශයෙන් ප්රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්රේලියාවේ ඇති 'data centres' ප්රමාණයද ඉහල දැමීමට යෝජනා 13.04.2026 7:43
AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්රේලියානු රජයත් මැදිහත්...
ලොව පුරා ජනප්රිය බොලිවුඩ් ගායිකා ආශා බෝස්ලේ වෙනුවෙන් SBS සිංහල වෙතින් පිදෙන ගීතමය උපහාරය 13.04.2026 6:29
සිංහල බසින්ද ගීතයක් අපට උරුම කළ , යුග ගණන් රසික හදවත් කට හඬින් සැනසූ,ලොව වැඩිම ගීත ගණනක් පටිගත කරන ලද කලාකරුවා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමි කම් කියන බොලිවුඩයේ හඬ නිහඬ වෙයි.
SBS සිංහල පුවත්: ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ. 13.04.2026 6:32
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
AI වලින් වෛද්යවරුන්ට රෝගී සත්කාර තවත් වැඩිදියුණු කරන්න උරදෙන ඕස්ට්රේලියාවේ ලාංකික වෛද්යවරයා - චමීර රණතුංග 12.04.2026 10:25
ඕස්ට්රේලියාවේ වෛද්යවරුන්ට සහාය වීම සහ රෝගී සත්කාර ශක්තිමත් කිරීම සඳහා සෞඛ්ය සේවා ක්ෂේත්රයේ AI යොදාගනිමින් නිර්මාණය කල ClinicTech ගැන සහ එය සොයාගැනීම ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
කාලීන විග්රහය: Super K ඉන්ෆ්ලුවන්සා වයිරසෙන් බේරෙන්න, දැන්ම එන්නත අරගන්න විශේෂඥයින් අනතුරු අඟවයි 12.04.2026 7:23
පසුගිය වසරේ ඕස්ට්රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා මරණ සංඛ්යාව වාර්තාගත් ලෙස ඉහළ ගිය අතර, එම තත්වය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සෑම කෙනෙකුටම ඉන්ෆුලුවන්සා එන්නතක් ලබා ගන්නා ලෙස බෝවන රෝග විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්රහයෙන්.
ශ්රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්රීඩා, සංගීත ප්රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම් 11.04.2026 7:32
ඔස්ට්රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්යාස ආයතනයේ ආදි ශිෂ්ය සංගමයේ ඔස්ට්රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SB...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්රේල් 06 - අප්රේල් 10 10.04.2026 8:33
අප්රේල් 6 වෙනිදා සිට අප්රේල් 10 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
ඇමෙරිකාවට කළින් චීනේ හඳ අල්ලා ගනියි ද? Artemis II චන්ද්ර ගවේශන මෙහෙයුම ගැන තාරකා විද්යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කියන දේ 10.04.2026 12:09
NASA ආයතනය ඇතුළු ලෝ ප්රකට අභ්යවකාශ හා තාරකා විද්යා අධ්යයන ආයතන හා විශ්වවිද්යාල රැසක සේවය කර ඇති ප්රකට තාරකා විද්යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා Artemis II චන්ද්ර ගවේශන මෙහෙයුම සහ සිය තාරකා විද්යා හා අභ්යවකාශ නිරීක්ෂණ වෘත්තීය අත්දැකීම් ගැන SBS සිංහල සේවය සමග කල කතාබහ.
තරුෂි එක්ක තරු කතා: මේ රජුන් පරදින වසරයි - කිවිපති කල්යාණී හේරත් මැණිකේ / නෑසී යන විරල රබන් පද, ජන ගී රැක ගන්න - විශාරද චන්ද්රා රණතුංග 10.04.2026 10:00
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්රීඩා විග්රහය: ඉතිහාසයේ පළමු වතාවට යාපනයට පාපන්දු ජාතික ශූරතාව / ශ්රී ලංකා හොකී පිල ආසියානු ක්රීඩා උළෙලට / ඔස්ට්රේලියානු තණතීරු වල අභියෝගයට සූදානම් 16 හැවිරිදි ශ්රී ලංකා යොවුන් පිලේ නායිකා චමුදි ප්රමෝදා 10.04.2026 8:42
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: නවීකරණය කළ පිටකොටුව මධ්යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට / කොටුව දුම්රිය ස්ථානය නවීකරණ වැඩපිළිවෙළ ඇරඹේ 10.04.2026 8:54
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ ඉන්ධන සැපයුම ලබන ජුනි මාසය තෙක් තහවුරු බවට රජයෙන් සහතිකයක් 10.04.2026 5:25
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සෞඛ්ය පද්ධතියත් අන්තර්ජාලයත් අතර දෝලනය වන හෙට දවස, අනුමත නොකළ පෙප්ටයිඩ පිළිබඳ කතාව 09.04.2026 9:23
අනුමත නොකළ පෙප්ටයිඩ භාවිතය ප්රචලිත වී තිබුණේ සීමිත දෙනෙක් අතරේ පමණයි. නමුත් මේ වන විට ආයු කාලය වැඩි කරගැනීමටත් ඒවා භාවිත කරන පරිසරයක් අද නිර්මාණය වෙලා. අන්තර්ජාලයේ දී හමුවන ඉන්ෆ්ලුවන්සර් ප්රජාව වෙත බොහෝ දෙනා සවන් දෙනවා. අන්තර්ජාලයේ තිබෙන ෆෝරමවල ලියවෙන දේ ගැන අවධානය යොමු කරනවා. සාමාන්ය වෛද්ය සත්කාර නොතකා අනුමත නොකළ දේවලට ජනතාව යොමු වෙන්නේ ඇයි? අද කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
Adelaide අවුරුදු උදානය 2026 ට සියල්ල සූදානම් - කුමුදිණි සිල්වා 09.04.2026 8:06
දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ ඇඩිලේඩ් නුවර ශ්රී ලංකා බෞද්ධ විහාරය සහ සිංහල බෞද්ධ පාසල සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය අප්රේල් 12 වෙනි ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන සටහනක්.
2026 සිංහල අලුත් අවුරුදු ඔස්ට්රේලියා නැකත් සීට්ටුව 09.04.2026 8:10
2026 වසරේ ඔස්ට්රේලියාවේ සෑම ප්රාන්තයකටම හා භූමි ප්රදේශයකටම අනුව සැකසූ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව. මෙම නැකත් සීට්ටුව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්ය සහ ජ්යොතිෂ විශාරද ස්ටැන්ලි ධර්මකුමාර සහ ජ්යොතිෂ විශාරද ධනංජය ඈපා යන මහත්වරුන් විසින් සම්පාදිතයි.
SBS සිංහල පුවත්: ඇමරිකා ඉරාන සටන් විරාමයක් තිබුනත් ඕස්ට්රේලියාවේ ඉන්ධන මිළ මාස ගණනකටවත් අඩු නොවන ලකුණු 08.04.2026 5:13
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 9වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
How to buy Indigenous art and craft ethically in Australia - ව්යාජ නිර්මාණ වලට හසු නොවී ඔස්ට්රේලියාවේ ස්වදේශික ජනතාවගේ සැබෑ කලා නිර්මාණ මිලදී ගන්නේ කොහොමද? 08.04.2026 7:14
Buying Aboriginal and Torres Strait Islander art can be meaningful, but how do you know if it's real and ethical? Fake art is still a problem in Australia, and protections are still developing. This guide helps you understand what to look for, what questions to ask, and where to buy safely. By choosing carefully, you can support First Nations artists and their communities. - ඔස්ට්රේලියාවේ මුල්පුර...
ලංකාවේ අවුරුදු නැකත් සීට්ටුවේ අවුල ඔස්ට්රේලියාවේ නැකත් සීට්ටුවට බලපානවා ද? 08.04.2026 10:15
සිංහල අලුත් අවුරුද්දේ දී ප්රමුඛත්වයක් ගන්නා සම්ප්රදාය වන්නේ නැකත් චාරිත්රයයි. මේ පිළිබඳ ඔස්ට්රේලියාවේ ලියාපදිංචි ජ්යොතිෂඥයෙකු සහ ආයුර්වේද වෛද්යාචාර්යවරයෙක් වන ස්ටැන්ලි ධර්ම කුමාර මහතා සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.
SBS සිංහල පුවත්: හිටපු ඕස්ට්රේලියානු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට 08.04.2026 5:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්රේල් මස 8වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds