SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

14 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

මව්බිමෙන් පුවත්: ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය / විශේෂ අවශ්‍යතා සහිතවූවන්ට අවැසි පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ 20.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ 20.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මිනිස්-සුනඛ මිතුදමට වසර 16000ක්, නව පර්යේෂණයකින් හෙළි වෙයි 20.04.2026

මිනිසාගේ හොඳම මිතුරා වන සුනඛයා සමඟ ඇති මිතුදම අප සිතනවාට වඩා පැරණියි. මානව ශිෂ්ටාචාරය බිහි වීමට වසර දහස් ගණනකට පෙර සිට බල්ලන් මිනිසුන් සමඟ ජීවත් වූ බවට නව පර්යේෂණයක් අනාවරණය කරගෙන තිබෙනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 13 - අප්‍රේල් 17 17.04.2026

අප්‍රේල් 13වන දා සිට 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ගෝල්ඩ් කෝස්ට් නගරයේ ශ්‍රී ලාංකික අපිත් සිංහල අලුත් අවුරුදු සැමරුමට සූදානම් - ප්‍රභාෂ් බෝධිනායක 17.04.2026

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුන්දර වෙරළාසන්න නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් පුරවරයටත් සිංහල අලුත් අවුරුදු අසිරිය එළඹ තිබෙනවා. ගෝල්ඩ් කෝස්ට් ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රභාෂ් බෝධිනායක මහතා SBS සිංහල සේවය සමඟ එළඹෙන අප්‍රේල් 19 වෙනි ඉරිදා පැවැත්වීමට නියමිත බක් මහ උළෙල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ මෙසේ අදහස් බෙදා ගත්තා.

තරුෂි එක්ක තරු කතා: මේ කේෂ්ත්‍රයේ ඉන්න සෑම අතින් පරමාදර්ශී චරිතය කවුද කියලා තව ටිකක් හිතලා බලන්න ඕන - සමනලී ෆොන්සේකා 17.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

උතුරු ක්වීන්ස්ලන්තයේ කෑන්ස් නගරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සියල්ල සූදානම් - රොෂාන් කත්තිරි 17.04.2026

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු කෙළවරක පිහිටි සුන්දර වෙරළාසන්න කෑන්ස් නගරයේ ශ්‍රී ලංකා සංසදය එළඹෙන අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා සූර්ය මංගල්‍යය වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය පවත්වන්න සූදානම්. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වීමට එකතු වූ කෑන්ස් ශ්‍රී ලංකා සංසදයේ සභාපති රොෂාන් කත්තිරි මහතා.

ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රනින් රිදියෙන් දිනූ පැරා ක්‍රීඩක නුවන් හා ප්‍රදීප් / පාකිස්තාන සුපිරි ලීගය හොල්ලන කුසල් මෙන්ඩිස් / ගවුට් ගවුට් ගෙන් ලෝක වාර්තාවක් 17.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවය හෙටයි, අවුරුදු ක්‍රීඩා බොහොමයි 17.04.2026

වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකේය සිසු සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උළෙලේ මෙවර දිගහැරුම හෙට දවසේ, එනම් අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ අදහස් දැක් වූ සංසදයේ සභාපති නිසල් නිමේෂට ඔබත් සවන් දෙන්න. අවුරුදු උත්සවයට එන්න.

මව්බිමෙන් පුවත්: බොර තෙල් බැරලයකට ලංකාව ඩොලර් 286 ක් ගෙවපු කතාව / රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම් 17.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි 17.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරීක්ෂා කරමින් තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවට වීසා ලබාදීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු කරන බව විපක්ෂ නායක කියයි 16.04.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් තම පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව හඳුන්වා දීමක් සිදුකලා. මෙහිදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට විසා ලබා දීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් සංක්‍රමණ ප්‍රමාණය සීමා කිරීමටත් ඔහු අපේක්ෂා කරන බව පවසා සිටියා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

'අවුරුදු 20ක ඉඳන් හැම අවුරුද්දෙම අපි එනවා' - 2026 මෙල්බර්න් බක්මහ උළෙල ගැන සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් 16.04.2026

තිස් වෙනි වරට පැවැත් වූ මෙල්බර්න් මෙවර බක්මහ උළෙල 2026 ගැන මෙයට සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

33 වෙනි වරට පැවැත්වෙන බ්‍රිස්බේන් බක් මහ උළෙලට සියල්ල සූදානම් - චානක අබේසිංහ 16.04.2026

ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය 33 වෙනි වරටත් සංවිධාන කරන බ්‍රිස්බේන් බක් මහ උළෙල සිංහල අලුත් අවුරුදු උත්සවය එළඹෙන සතිඅන්තයේ අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ක්වින්ස්ලන්ත සිංහල සංවිධානයේ සභාපති චානක අබේසිංහ මහතා.

අපේ වහරේ කතා අහුරක්: වෙස් වලාගෙන රටතොට විස්තර හොයන්න ගිය රාසිං රජ්ජුරුවන්ට ගොවියා දුන්න අපූරු උපදෙස 16.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ දෙවැනි රාජසිංහ රජතුමා ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතාවක්.

ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික පීඩනය ගැන සිඩ්නි ලාංකික ව්‍යාපාරික ප්‍රජාව SBS සිංහල සේවයට කියූ දෑ 16.04.2026

ලොව පුරා සහ ඕස්ට්‍රේලියාවේ මේ වනවිට තිබෙන ආර්ථික පීඩනය තම ව්‍යාපාර කටයුතු සඳහා බලපාන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සමග SBS සිංහල සේවය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ලොව වටා: ඉන්දියාවේ මිලියන 1400ක ජන සංගණනය ඇරඹෙයි, ඉදිරි ඉරාන සාකච්චා සාර්ථක වේ යැයි ට්‍රම්ප් ඉඟි කරයි 16.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක් 16.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න 15.04.2026

Australia is one of the most biodiverse places on Earth, home to wildlife and plant species found nowhere else on the planet. In this episode of Australia Explained you’ll learn about what makes Australia’s biodiversity so special, the threats it faces and how we can all help protect it. - ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පු...

කැන්බරා අගනුවර සිංහල අලුත් අවුරුදු සැමරුමට සියල්ල සූදානම් - ඉරන්ත රාජපක්ෂ 15.04.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory- ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් එළඹෙන අප්‍රේල් 18 වෙනි දා පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සව සූදානම ගැන සංවිධාන කමිටුව වෙනුවෙන් SBS සිංහල සේවය සමග අදහස් දැක්වීමට සහභාගී වූ ඉරන්ත රාජපක්ෂ මහතා.

රාජකීය ව‌ගේ පෙනෙන රාජකීය නොවන මේගන් සහ හැරීගේ ඕස්ට්‍රේලියානු ‘අත්හදා බැලීමේ’ සංචාරය 15.04.2026

මේ දිනවල කාගේත් කතාබහට සහ උනන්දුවට භාජනය වූ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ ඕස්ට්‍රේලියානු සංචාරය කෙනෙකුට රාජකීය සංචාරයක් ලෙස හිතෙන්නට පුලුවන්. නමුත් එය වාණිජ අත්හදා බැලීමක් ලෙසයි බ්‍රිතාන්‍ය රජ පවුල පිලිබද උනන්දුවක් දක්වන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට ගරු නොකරන සංක්‍රමණිකයින්ට තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳීසිටීමට අවස්තාවක් නෑ, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් 15.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ලෝකයට දැන් බලපාන දරුණු කාලගුණ විපර්යාස ළඟදීම තවත් වේගවත් කරන බව අලුත්ම වාර්තාවක් හෙළි කරයි 14.04.2026

ලෝකය මේ වන විට වාර්තාගත උණුසුම්ම වසර 11 අත්විඳ තිබෙනවා. ලෝකය උණුසුම් වීම පමණක්ම නොව වඩා වැඩි ශක්තියක් ගබඩා කරන අතර දේශගුණික විපර්යාස වේගවත් කරන බවත් නව දේශගුණික වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

මෙහේ ඉන්නේ වෙන ජාති ආගම් වල අය වුනත් අවුරුද්දට කැවිලි හදලා එයාලටත් දෙනවා, සිඩ්නි ලාංකිකයින්ගේ අවුරුදු සැමරුම් 14.04.2026

මවුබිමෙන් බොහෝ දුරින් සිටියත් ඕස්ට්‍රේලියාවේ අලුත් අවුරුදු සැමරුම දැනෙන සහ සිදු කරන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ප්‍රජාව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම 14.04.2026

සිංහල අලුත් අවුරුද්ද සෑම වසර 70 ට වරක් දවසකින් පහු වෙනි දවසට මාරු වෙන බව ඔබ දැන සිටියා ද? NASA ආයතනය ඇතුළු ලෝ ප්‍රකට අභ්‍යවකාශ හා තාරකා විද්‍යා අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇති ප්‍රකට තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවයට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ මේ වැඩසටහනට සවන් දෙන්න.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds