SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

13 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන 25.04.2026

සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24 24.04.2026

අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ 24.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

මේ සතිඅන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් - මංජුල ජයවර්ධන 24.04.2026

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය පෙරටු කරගත් සංවිධාන රැසක දායකත්වයෙන් මේ සතිඅන්තයේ අප්‍රේල් 26 වෙනි ඉරිදා පර්ත් සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් බව SBS සිංහල සේවය හා එක් වෙමින් එම සංගමයේ සංස්කාරක මංජුල ජයවර්ධන මහතා සඳහන් කරනවා.

ක්‍රීඩා විග්‍රහය: ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? / ශ්‍රී ලංකා යෞවනියන්ට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් / ඔලිම්පික් නිලවරණය හෙට 24.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: හැකර්වරු අතට ගිය මුදල හැකි පමණින් ආපසු ලබා ගන්නවා - මුදල් ලේකම් / මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට භාණ්ඩාගාර හොරු අල්ලන්න වෙලා - මුජිබර් 24.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: Commonwealth බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි 24.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය 23.04.2026

ලොව පුරා යුධමය තත්වයක් පිළිබඳව අවදානමක් පැතිරී ඇති මොහොතක ඔස්ට්‍රේලියාවත් තම ආරක්ෂක කටයුතු සඳහා වන වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. යුද්ධයක් නොමැති අවස්තාවක ආරක්ෂක තත්වය උසස් කිරීමට ඉතිහාසයේ වෙන්කළ ඉහළතම අමතර මුදල් ප්‍රමාණය මෙවර වෙන් කරන බව ෆෙඩරල් රජයේ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. මේ අනුව ඩ්‍රෝන තාක්ෂනය, මිසයිල ආරක්ෂණ පද්ධතීන් මෙන්ම මුහුදු පතුලේ හමුදා ක්‍රියාන්විත සඳහා වන තාක්ෂණික ක්...

අපේ වහරේ කතා අහුරක්: මුරුංගා විකුණලා මාලිගාවක් හදපු පෝරිසාදයාගේ කතාව 23.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුරුංගා විකුණලා මාලිගා හදපු තරුණයෙක් ගැන අපූරු කතාවක්.

ලොව වටා: ඇරෙන වැහෙන හෝමූස් / තමිල්නාඩු මැතිවරණය ඇරඹේ 23.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: NDIS යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීම දැඩි කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි 22.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි 22.04.2026

Looking to step into a new career? You're not the only one, the stats suggest. No matter your age, background or whether English is your first language, a career change at some point is almost inevitable nowadays. In Australia, support is available to help you through the process. - ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රය එහෙම නැතිනම් ඔබගේ වෘත්තීය වෙනස් කරන්න ඔබ හිතනවද? ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ යම් ආකාරයකට ඔබගේ ව...

'සිරිලක් සුවඳ' ලෙස මීට 45 වසරකට පෙර SBS සිංහල සේවය ඇරඹුණේ මෙහෙමයි 22.04.2026

ඕස්ට්‍රේලියාවේ සිංහල බසින් ක්‍රියාත්මක එකම ජාතික මාධ්‍ය නාලිකාව ලෙස SBS සිංහල සේවය මේ වන විට වසර 45ක් සපුරනවා. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ ආරම්භක සාමාජිකයෙකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිදු කළ මතකාවර්ජනයක්.

ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක් 22.04.2026

ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය සිදු කිරීමට සූදානමෙන් පසු වනවා. ඒ බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය වැසියන් ආවරණය වන පරිදියි. කෝවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ මේ සංගණන කටයුතු පස් වසරකින් ප්‍රමාද වුණා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්වලින් බිලියන 2ක් පමණ වියදම් වනු ඇතැයි අපේක්ෂා කරනවා. අද කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි 22.04.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 22වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව පුරා ජාතිවාදය ඉහල යන බවට වාර්තාවක් අනතුරු අඟවයි 21.04.2026

2023 ඔක්තෝබර් 7 වන දින හමස් සංවිධානයෙන් ඊශ්‍රායාලයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව්, මුස්ලිම්, පලස්තීන, අරාබි සහ ඊශ්‍රායල ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් වෙනස්කම් සිදුව තිබේ. මෙම සිදුවන වෙනස්කම් හි බලපෑම් නව මානව හිමිකම් කොමිෂන් වාර්තාවක් ඉස්මතු කර තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

ඩිජිටල් යුගයේ යළි හිස ඔසවන මුදල් නෝට්ටු සහ කාසි, ඕස්ට්‍රේලියාවේ ගෙවීම් චර්යාවල පළමු වරට වෙනස්කමක් 21.04.2026

ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය යළිත් ඉහළ ගොස් තිබෙනවා. නෝට්ටු සහ කාසි භාවිතයෙන් තොරව දෛනික කටයුතු කිරීම අපහසු බව සෑම ඕස්ට්‍රේලියානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම කියන බව සමීක්ෂණයකින් හෙළි වෙලා. මේ විදියට මුදල් භාවිතය යල් පැනගිය ක්‍රමයක් කියලයි බොහෝ දෙනා සිතුවේ. යළිත් වරක් හිස ඔසවන මේ ගැනයි අද කෙටි විශේෂාංගය.

ඩාවින් නුවර අවුරුදු උත්සව අසිරියට සියල්ල සූදානම් - සෑම් සුමනරත්න 21.04.2026

ඔස්ට්‍රේලියාවේ Northern Territory නැතිනම් උතුරු භූමි ප්‍රදේශයේ ඩාවින් නුවරත් සිංහල අලුත් අවුරුදු සිරියෙන් ඇලළෙන්න මේ සතිඅන්තයේ එනම් අප්‍රේල් 25 වෙනි සෙනසුරාදාට සූදානම් බව SBS සිංහල සේවය හා සම්බන්ධ වෙමින් මේ තොරතුරු ගෙන එන්නේ ඩාවින් නුවර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා මිත්‍රත්ව සංවිධානයේ සභාපති සෑම් සුමනරත්න මහතා.

ඕස්ට්‍රේලියාවෙත් ඉක්මනින් පැතිරෙන Cicada COVID ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්න මේ දේවල් දැනගන්න 21.04.2026

මේ වනවිට ඉහල පැතිරීමක් දක්නට තිබෙන Cicada COVID ප්‍රභේදය ගැන සහ එමගින් ආරක්ෂා වීමට දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

නීති පිළිසරණ: පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව Administrative Review Tribunal (ART) පිළිබඳ සම්පූර්ණ වැඩසටහන 21.04.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තුනම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.

SBS සිංහල පුවත්: ණය බරින් වැඩිම ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් වෙයි 21.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 21වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Uber කුලී රථ සඳහා තාවකාලික අතිරේක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් දැන් ක්‍රියාත්මකයි 20.04.2026

ඔස්ට්‍රේලියාව තුල පෙට්‍රල් හෝ විද්‍යුත්-ඉන්ධන දෙමුහුන් Uber කුලී රථ සඳහා තාවකාලික ඉන්ධන අධි භාරයක් දැන් ක්‍රියාත්මකයි. පසුගිය අප්‍රේල් 15 දා ආරම්භ වූ මේ අතිරේක ගාස්තුව ජුනි 8 වන දින තෙක් බලපැවැත්වෙන බවයි Uber ආයතනය නිවේදනය කලේ. ගෝලීය ප්‍රවණතා හා ඊට සමගාමීව රට තුල පවතින ඉන්ධන මිල ඉහළ යාමට මුහුණ දීම සඳහා මෙම ගාස්තු වැඩි වීම දරා ගැනීමට පාරිභෝගිකයින්ට සිදු වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ...

මෙල්බර්න් සන්බරි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ පුංචි අවුරුදු උත්සවය 20.04.2026

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ජීවත්වන සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිතව මහා පරිමාණ අවුරුදු සැමරුම් අතරේ SBS සිංහල සේවයේ අතිනි අමරසිරි මේ වාර්තාව ගෙන එන්නේ මෙල්බර්න් නගරාසන්නයේ සන්බරි ප්‍රාදේශීය නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කල පුංචි අවුරුදු උත්සවයක් පිළිබඳවයි.

අපේ වහරේ කතා අහුරක්: අන්දරේ වරකා කාපු හැටි දන්නවා ද? 20.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රජගෙදර කවටයා අන්දරේ ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතාවක්.

මව්බිමෙන් පුවත්: ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය / විශේෂ අවශ්‍යතා සහිතවූවන්ට අවැසි පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ 20.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds