SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

25 nov. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android 10 mln+ downloads · beoordeling 4,7+ iOS binnenkort

Afleveringen

සුව දිවිය: ලිංගික අවයවයේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ද? පිරිමින්ට වඩා ගැහැණුන්ට සුරතාන්තය වැදගත් ද? 25.11.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව්වැනි කොටස. #sbsaudiopodcast

අනියම් සබඳතා චෝදනාවෙන් ඉල්ලා අස්වූ Nvidia ප්‍රධානියා යළි පුටුවට: සමාගමේ කොටස් මිලත් ඉහළ පහළ යයි 25.11.2026

ලෝකයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Nvidia සමාගම මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. චීන ඔත්තු සේවාවලට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ එහි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන් යළි එම ධුරයට පත් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අනතුරුවයි. නමුත් මෙම තීරණය දැන් අ...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අඩුවෙයිද? ANZ බැංකුවෙන් නව පුරෝකථනයක් 24.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ගැටලුව ගැන හැම පක්ෂෙකම ලොකුම අවධානය වෙයි 24.11.2026

මෙම වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තම ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය සම්මත කර ගැනීම සඳහා වත්මන් ඕස්ට්‍රේලියානු රජය දැඩි සටනකට මුහුණ දී සිටී. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි. #sbsaudiopodcast

යුරෝපය හරහා පාපැදියෙන් ගිය හිමාල කඳු ශිඛර තරණය කල වෛද්‍ය සරත් සේනාධීරගේ ත්‍රාසජනක අත්දැකීම් 24.11.2026

කඳු නැගීමට පාපැදි ධාවනයට පෙම් බැඳි විශේෂඥ වෛද්‍ය සරත් සේනාධීර මහතා සමඟ මෙම කතාබහ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ අන්තිම කැමති පත්‍රයට ලංකාවේ දේපළ මිල මුදල් හෝ superannuation අරමුදල ඇතුළු කරන්න පුළුවන් ද? 24.11.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කරන සිව්වැනි සහ අවසාන වැඩසටහන. #sbsaudiopodcast

ලෝකෙම පිස්සුවෙන් වගේ කතා කරන GTA 6 පසුබිම් කතාව මෙන්න, මුල් දවසෙම ඩොලර් බිලියන 3 පැනපු අදායමක් 24.11.2026

'Grand Theft Auto' වීඩියෝ ක්‍රීඩා මාලාවේ නවතම නිකුතුව "GTA 6" පසුගියදා එළිදැක්වූ අතර, ඒ පිළිබඳව ලොව පුරා විශාල පිරිසකගේ දැඩි උද්යෝගයක් පවතුනා. බොහෝ කලක සිට රසිකයන් බලා සිටි ක්‍රීඩාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී අර්බුදය දරුණු අතට, සාමාන්‍ය ආදායමක් ලබන පවුල්වලටත් කුලී ගෙවීමට අපහසු තත්ත්වයක් 23.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වැලි කඩදාසියකට සීරී යන ඔස්ට්‍රේලියාවේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ අභිමානය 23.11.2026

ඕස්ට්‍රේලියානු පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල උස්මන් කවාජා නිකුත් කල සිය ස්වයං චරිතාපදානය මගින් හෙළි කල ආන්දෝලනාත්මක තොරතුරක් නිසා සමස්ත ක්‍රිකට් ලෝකයටම කම්පනයක් ඇති කර තිබෙනවා. ඒ 2018 වසරේදී, කේප්ටවුන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී වැලි කඩදාසි භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණයට එවක සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායමම දැන සිටි බවට හෙළි කරමින්. මේ හෙළිදරව්ව සමග ඔස්ට්‍...

මම හොඳින් කියන පිරිමි ඇත්තටම හොඳින්ද, පිරිමින් නොසලකා හරින සෞඛ්‍ය අවදානම් ගැන හරිම තොරතුරු මෙන්න 23.11.2026

Movember ව්‍යාපාරයට සමගාමීව පුරුෂ සෞඛ්‍යය ගැන අප දැනගත යුතු දේ, මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගන්නේ කෙසේද සහ පිළිකා ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න #sbsaudiopodcast

SBS සිංහල WorldWatch: ආලෝක දිනයක් පසු කරමින් ඈත අභ්‍යවකාශයේ හුදකලා ගමනක යෙදෙන Voyager 1 යානයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ඇති සබඳකම 23.11.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

කැන්බරාවට 'සඳ සිසිල' රැගෙන එන රුවන්මලී 23.11.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ නැගී එන ගායන ශිල්පිනී රුවන්මලී ආරච්චිගේ සිය කුළුඳුල් ඒක පුද්ගල ගීත ප්‍රසංගය කැන්බරා නුවර දී එළඹෙන නොවැම්බර් 28 වෙනිදා පැවැත්වීමට සූදානමින් සිටිනවා. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියානු ජාතික යුද ස්මාරකය ගැන මේ තොරතුරු දන්නවා ද? 23.11.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ කැන්බරා හි පිහිටුවා ඇති ජාතික යුද ස්මාරකය පිළිබඳ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: මාව තේරුවොත් මෙල්බර්න් වල පළවෙනිම සීක් පාසල හදනවා, බෙන් කැරොල්ගෙන් ලොකු පොරොන්දුවක් 22.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

සංක්‍රමණිකයන්ගේ දෙමාපියන්ට ලැබෙන Parent Visa නවත්තන්න One Nation සංක්‍රමණික ප්‍රතිපත්ති යෝජනාවක් 22.11.2026

One Nation පක්ෂය ඉදිරිපත් කර ඇති අලුත්ම සංක්‍රමණික ප්‍රතිපත්ති යෝජනාවෙන් , සරණාගත වීසා සහ Parent වීසා ගැන යෝජනා කර ඇති නවතම කප්පාදුව ගැනත්, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නියෝජිතයන්ගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය ගැනත් වැඩි දුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 16 - 20 20.11.2026

නොවැම්බර් 16 වන දා සිට නොවැම්බර් 20 වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

පර්ත් තතු මංජරී: අපේ රස මවන දමිත්, කවි ගී මිහිර ගෙනෙන වත්සලා, ඉංජිනේරු රැකියා ගැන කියන තරිඳු සහ තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 20.11.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: රටේ තිබුණු තත්ත්වය නිසා අපේ තරුණ කාලේ ලැබෙන්න තිබුණු බොහෝ අවස්ථා නැති වෙලා ගියා - කෞෂල්‍යා ප්‍රනාන්දු 20.11.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ICC නැගී එන T20 කුසලානයේ සුපිරි 6 ට යන සිංහ ධේනුවන් / මෙල්බර්න් එන රුමේෂ් තරංග / 'ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවාමයි' - ක්‍රීඩා ඇමති 20.11.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ශක්තිමත් පිරිමියෙක් වීම කියන්නේ හැඟීම් සඟවාගෙන ජීවත් වීම නොවෙයි 20.11.2026

සෑම වසරකම නොවැම්බර් 19 වැනිදා ලොව පුරා සමරන ජාත්‍යන්තර පිරිමි දිනය (International Men's Day) වෙනුවෙන් SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වසර පහකට පසු ඉහළම මට්ටමට 19.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

සංක්‍රමණිකයන් සහ බහුසංස්කෘතිකත්වය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ ආකල්ප වෙනස් වෙමින් තිබෙනවාද? නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න 19.11.2026

බහුසංස්කෘතිකත්වයට ඇති ජනතා සහයෝගය පහත වැටීම, සංක්‍රමණය පිළිබඳ විරෝධය ඉහළ යාම සහ විවිධ ආගමික ප්‍රජාවන් කෙරෙහි අයහපත් ආකල්ප වර්ධනය වීම වැනි කරුණු ඕස්ට්‍රේලියාවේ සමාජ සහජීවනය පිළිබඳ නවතම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. මෙම තත්ත්වයට බලපා ඇති හේතු පිළිබඳව SBS සිංහල සේවය සකස් කළ මෙම විශේෂාංගයෙන් දැනගන්න. #sbsaudiopodcast

බදු අඩු කරගන්න වාහන මිලදී ගැනීම සහ පවුලේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම ඇත්තටම වාසිදායකද? නීත්‍යනුකූලද? 19.11.2026

ගෙවිය යුතු බදු මුදල් අඩු කරගැනීම සඳහා වාහන මිලදී ගැනීම, බිරිඳට හෝ දරුවන්ට වැටුප් ගෙවීම වැනි ක්‍රම ඇතැම් ව්‍යාපාරිකයන් අනුගමනය කරනවා. මෙවැනි ක්‍රම කොතරම් ඵලදායීද සහ ඒවායේදී සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු මොනවාද යන්න පිළිබඳව මෙල්බර්න් නුවර බදු උපදේශිකාවක් ලෙස කටයුතු කරන චාගා රත්නවීර මහත්මිය සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: කොකා‌ට වාරයක් ආවාට තිත්තයාට වාරයක් ආවා ද කියලා දන්නවා ද? 19.11.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කොක්කු සහ තිත්තයෝ අතර තියෙන පරණ කෝන්තර කතාව ගැනයි. #sbsaudiopodcast

ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඇඩිලේඩ් හි රෝපණය කිරීමේ උත්සවය නොවැම්බර් 21 වෙනි සෙනසුරාදා 19.11.2026

ඇඩිලේඩ් හි මහමෙව්නා භාවනා අසපුවේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කිරීමේ උත්සවය පිළිබඳව අසපුවේ අනුශාසක පූජ්‍ය තඹුත්තේගම විජිතජය හිමියන් SBS සිංහල වෙත දැක්වූ අදහස්. #sbsaudiopodcast

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds