SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව 05.10.2026 3:53
ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය Daylight Saving අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා NSW ප්‍රාන්තයේ Tweed Heads සහ ඊට යාබද කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Coolangatta අතර දැන් පැයක කාල වෙනසක් තිබෙනවා.මේ අසල්වැසි නගරදෙකේ ජනතාව පැයක කාල වෙනසක් සමග දැන් කාලය ගත කරනවා. ම...
SBS සිංහල පුවත්: වන් නේෂන් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි 04.10.2026 5:03
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි 04.10.2026 7:46
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර කාලීන විග්‍රහයෙන්. #sbsaudiopodcast
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 28 - ඔක් 02 02.10.2026 7:41
සැප්තැම්බර් 28වන දා සිට ඔක්තෝබර් 02වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
ඇසිදිසි ඇඩිලේඩ්: ලාංකික පූජක ගරු වින්සන්ට් පියතුමා, අන්දරේයි හාමිනෙයි වේදිකාවට ගේන Robins Academy, සුවින්යා සහ සවෙයින්යාගේ ගැයුම් හා සාම පාගමන 02.10.2026 30:52
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: මගේ චිත්‍රපට SBS On Demand ඔස්සේ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රදර්ශනය වන්නේ දශක කිහිපයකට පසුවයි - ප්‍රසන්න විතානගේ 02.10.2026 9:16
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්‍රීඩා විග්‍රහය: ආසියානු ක්‍රීඩා උලෙළේ එකම රන් පදක්කම රුමේෂ්ගෙන් / සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක් / ක්‍රිකට් නව පනත ගැන ICC ය දැනුවත් ද? 02.10.2026 8:47
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
ශිෂ්‍ය වීසා නීති වෙනස්කම් අද සිට, පවුලේ සාමාජිකයන් පසුව එක් කිරීම නවතියි 02.10.2026 3:56
ඔක්තෝබර් 02වන දා (අද) සිට ක්‍රියාත්මක ශිෂ්‍ය වීසා වෙනස්කම් පිළිබඳව SBS සිංහල සජීව ගුවන් විදුලි විකාශයේ දී කළ කෙටි පැහැදිලි කිරීමකි. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: හරිත පක්ෂයේ නව නායකයා ඩේවිඩ් ෂූබ්‍රිජ් - රජය සමඟ වඩා ඵලදායී ප්‍රවේශයකින් කටයුතු කරන්නයි අගමැතිගෙන් ඔහුට ඇරයුම් 02.10.2026 5:24
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 4.6 දක්වා වැඩි වෙයි, වසර 15කට පසු වාර්තා වන ඉහළ ම අගය 01.10.2026 7:56
ඕස්ට්‍රේලියාවේ මහබැංකුව මේ වසරේ සිව්වන වරටත් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු කළා. ඒ අනුව අඟහරුවාදා සිදු කළ පදනම් අංක 25ක ඉහළ දැමීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 15කට පසු වාර්තා වන ඉහළ ම පොලී අනුපාත අගය බව සඳහන්. ලිබරල් සන්ධානය පවසන්නේ රජයේ වියදම් ඉහළ යාම උද්ධමනයට බලපා ඇති බවයි. කෙසේ වෙතත් ලේබර් පක්ෂය පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය එයට හේතුව ලෙසයි....
අපේ වහරේ කතා අහුරක්: උණට අලුත් හෙදකමක් ඉගෙන ගත්ත ගබිරිස් 01.10.2026 3:45
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
පළමු වරට පැවැත්වෙන ආදි සිසුවියන්ගේ සුහද තරගයක් පිළිබඳ කියන ශිවානි ධීරාජ් සහ නාලිකා පද්මසේන 01.10.2026 14:30
ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල, මඩකලපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක රැසක පාසල් නියෝජනය කරමින් ආදී සිසුවියන් සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වීමකට චුණ්ඩික්කුලි බාලිකා පාසල් ආදී සිසු සංසදයේ සභාපතිනි ශිවානි ධීරාජ් සහ Sri Lankan Australian Wom...
ඔස්ට්‍රේලියාවේ ජාතික උද්භිද උද්‍යානය National Arboretum ගැන මේ තොරතුරු දන්නවා ද? 01.10.2026 4:39
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් ඉතිහාසගත අවපාතයකට 01.10.2026 5:38
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
ටස්මේනියාවේ සංචාරයේ යන්න හිතනවා ද? එහෙනම් Cataract Gorge සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා 30.09.2026 2:21
ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala
මහජන චීන සමූහාණ්ඩුවට වසර 77 යි! ලංකාවට වගේම ඔස්ට්‍රේලියාවටත් චීනය එක්ක තියෙන සබඳතාව ඇයි මෙච්චර ‘සංකීර්ණ’? 30.09.2026 21:48
අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම සනිටුහන් කරමින් 1949 ඔක්තෝබර් 01 වෙනිදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කර මේ වසරට අවුරුදු 77 ක් සපිරෙනවා. චීනය එදා මෙදා තුර ගෝලීය දේශපාලන ආර්ථික හා සමාජීය ලෙස අත්කර ගෙන ඇති පරිවර්තනීය බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ (Swinburne University of Technology) ශාස්ත්‍රීය පර්යේෂිකාවක ලෙස කටයුතු කරන ආචාර්ය චූලනී...
ඩාවින් අහසේ හරඹ පෑ Pitch Black Flying Show 30.09.2026 2:54
ඩාවින් හි දී පැවැත්වුනු Pitch Black Flying Show පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල මේ වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala
ඕස්ට්‍රේලියාවේ ඇත්තටම Shark attack වැඩි වෙලාද, මුහුදෙ පීනන්න යනවනම් ඊට කලින් දැනගන්නම ඕනේ දේවල් මෙන්න 30.09.2026 3:29
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයත් එක්ක මේ දිනවල් බොහෝ දෙනෙක් පිහිනීමට මුහුදට යාමට සූදානම් වෙනවා. නමුත් මෝර ප්‍රහාර පමණක් නොව Rip Current පිළිබඳවත් ලොකු අවධානයක් පැවතීම වැදගත් බව විශේෂඥයින් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: මේ වසර අගදී තවත් පොලී අනුපාත වැඩිවීමක් සිදු නොවෙනු ඇති බවට සහතික විය නොහැකියි - මහ බැංකු අධිපතිනි 30.09.2026 6:13
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන: නමට Card surcharge නැති කලත්, ඒ මුදල රහසේම නැවතත් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ටම ගෙවන්න වෙන්නේ මෙහෙමයි 29.09.2026 8:37
ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සෑම වසරකම කාඩ්පත් ගනුදෙනු සඳහා වන surcharges ලෙස ඩොලර් බිලියන 1.6ක් ගෙවන බව ඕස්ට්‍රේලියානු මහ බැංකුව සඳහන් කරයි. ඔක්තෝබර් 1 වැනිදා සිට, එම තත්ත්වය වෙනස් වීමට නියමිත නමුත් මේ බර ව්‍යාපාරවලට ලැබීම නිසා එය නැවතත් පාරිභෝගිකයාටම ගෙවීමට සිදුවන ලකුණු මතුව තිබෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
ඔබත් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක් ද? එහෙම නම් මේ වැදගත් සෞඛ්‍ය සහ රක්ෂණ ආවරණ උපදෙස් ඔබටයි 29.09.2026 10:58
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට වැදගත් වන මේ උපදෙස් වෛද්‍ය දමිතා මුණසිංහ මහත්මියගෙන්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීම පිලිබඳ RBA තීරණය අද 29.09.2026 6:10
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: වෙනස් වන ලෝක බල තුලනය තුළ ඕස්ට්‍රේලියාවේ භූමිකාව කුමක්ද? 28.09.2026 8:12
ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පෙන්වා දුන්නේ, ලෝකයේ අනාගතය බලවත් රටවල් කිහිපයකට පමණක් තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එසේ නම්, වෙනස් වන ගෝලීය පරිසරය තුළ ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම සහ වගකීම කුම...
Who really runs Australia, and where you fit in | How Australia Works - ඕස්ට්‍රේලියාවේ සැබෑ පාලන ව්‍යුහය | How Australia Works 28.09.2026 8:00
Do you know who can help you with a business permit, a rental problem or family support? Through the stories of Fedele, Carol and Abeer, learn how Australia’s three levels of government work. Find out what local, state or territory, and federal governments are responsible for and where to turn for help. - ව්‍යාපාර බලපත්‍රයක්, කුලී නිවස්නේ ගැටලුවක්. පවුල් සහායක් යනාදී ප්‍රශ්න හමුවේ ඔබට උපකාර කළ හැක...
You are already inside the system | How Australia Works - මේ දැනටමත් ඔබේ දෛනික දිවිපෙවෙතයි | How Australia Works 28.09.2026 4:34
How do Australia’s governments, laws and public services affect your everyday life? Through real stories, this introduction to the series shows you where to start when you need information and support, and how to question a decision. - ඕස්ට්‍රේලියාවේ රජයන්, නීති සහ රාජ්‍ය සේවය ඔබගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද? සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඕස්ට්‍රේලියාවේ වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳව ගෙන එන විශේෂ...
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds