SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

9 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

ක්වීන්ස්ලන්ත සැරිසර: බ්‍රිස්බේන් ශ්‍රී ලංකා දිනයට සියල්ල සූදානම්, විසි වසර සපුරන Agricola සහ Toowoomba මල් සැණකෙළිය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 09.10.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: අපි කොච්චර උත්සහ කලත් සමහර දේවල් අපේ දෛවයේ ලියැවිලා නෑ - යුරේනි නොෂිකා 09.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා පාපන්දු වික්‍රම / ඕස්ට්‍රේලියාවේ දී අකලංක පීරිස් අලුත් කල පිහිනුම් වාර්තා / ‘ලංකාවේ ක්‍රීඩාව වැ‌ටිලා තියෙන්නෙ’ - ක්‍රීඩා ඇමති සුනිල් 09.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඩොලර් 50ක දුම්වැටි පැකට්ටුව ඩොලර් 20කට? මිල අඩු කළොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම නවත්වන්න පුළුවන්ද? 09.10.2026

ඔස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉහළ යද්දී, අඩු මිලට විකුණන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළත් වේගයෙන් වර්ධනය වෙලා. ඒ නිසා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වෙනවා විතරක් නෙවෙයි. නීත්‍යනුකූලව ව්‍යාපාර කරන කඩ හිමියන්ට තර්ජන, කප්පම් ඉල්ලීම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාරවලටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ දුම්වැටි ජාවාරම නවත්වන්න දුම්වැටි සඳහා වන බදු අඩුකරන්න යෝජනා වනවා. නමුත් ඒ හරහා රට තුල දුම්වැටි භාවිතාව ඉහල යාම පිළි...

SBS සිංහල පුවත්: දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ සිදු කරන ගෙවීම් භාර නොගැනීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කරයි 08.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වසරකට සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණයි? ලිබරල් සන්ධානයේ නව සැලැස්ම ගැන පක්ෂ විපක්ෂ මත 08.10.2026

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න ඕනද? එහෙම නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ ගැන දේශපාලන වාදය දැන් තවත් උණුසුම් වෙලා. සංක්‍රමණ ප්‍රතිපත්තියක් හෙළි කළ නවතම ප්‍රධාන පක්ෂය ලිබරල් සන්ධානයයි. තමන් බලයට පත්වුණොත්, වසරකට සිදුවන ශුද්ධ විදේශ සංක්‍රමණය පුද්ගලයන් ලක්ෂයක් දක්වා සීමා කරන බවයි ඔවුන්ගේ යෝජනාව. මෙය ඇත්තටම ප්‍රායෝගිකද? මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත මේ වන විට පල වෙමින් තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ 'Skilled Visa' අයදුම්පත් සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයෙන් වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ කාටද? 08.10.2026

ඔස්ට්‍රේලියාවේ 'skilled visa' අයදුම්පත් සැකසීම සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයක් සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව ක්‍රමය යටතේ කුමන වෘත්තීන් සහ අයදුම්කරුවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙයිද, දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා ගතවන කාලයට (processing time) බලපෑමක් ඇතිවිය හැකිද, සහ 'skilled visa' එකක් බලාපොරොත්තුවෙන් සිටින අය දැන් දැනගත යුතු වැදගත් කරුණු මේ සාකච්ඡාවෙන් විමසා බලනවා. #sbsa...

කැන්බරා අඬහැරේ: ගීයට, රංගනයට පෙම් බැඳි ඉඳුනිල්, අගනුවර ක්‍රිකට් සැමරුම් උණුසුම, අභිමාන්ගේ ගී අබිමන් සමඟ ජාතික කෞතුකාගාරය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 08.10.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: කාගේ වහලා උනාම මොකද? 08.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වෙළෙන්දෙක් ළඟ උන්න බූරු වහලෙක් සහ සොරු මුලක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: යෝජිත සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ විපක්ෂ නායකගෙන් තවත් පැහැදිලි කිරීම් 07.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ හොර ඩොලර් නෝට්ටු හරියටම හොයාගන්නේ මෙහෙමයි 07.10.2026

ඕස්ට්‍රේලියාවේ Counterfeit cash නොහොත් ව්‍යාජ මුදල් සංසරණය පසුගිය වසර අටක කාලය තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීමට දැනසිටීම වැදගත් බව ඕස්ට්‍රේලියානු මහා බැංකුව ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය වැසියන්ට සඳහන් කර සිටී. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Breast screening: What to expect and why it matters - පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමට උපකාරී වන 'Breast Screen' පරීක්ෂාව ගැන දැනගත යුතු දේ මෙන්න 07.10.2026

Regular breast screening can help find breast cancer early, before you notice any signs or symptoms. Screening is free for eligible women or people at risk of breast cancer. It takes about 20 minutes, once every two years, and it’s an effective way to take charge of our health. Let’s take a closer look at why a breast screen is nothing to be anxious about. - පියයුරු පිළිකාව, පිටතින් දැකීමට හෝ අතින...

‘මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ මේ තෝරා ගැනීමයි’ - ඩාවින් හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර 07.10.2026

ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ රාජකීය ඩාවින් රෝහලේ හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර මහත්මිය සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

ටස්මේනියාවේ සතිඅන්තය සුන්දර කරන Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ 07.10.2026

ටස්මේනියාවේ Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවි ලියාපදිංචිය වෙනස් කිරීමට යෝජනා, ක්‍රියාත්මක වුණොත් කුමක් වේවි ද? 07.10.2026

auDA තුළ සිදුවෙමින් පවතින ප්‍රතිපත්ති වෙනසක් නිසා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට විශේෂඥ මත ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන ලෙසත් අදහස් අසන්න ලැබෙනවා. අපේක්ෂිත වෙනස සහ එහි පසු තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

SBS සිංහල පුවත්: විපක්ෂයේ යෝජිත සංක්‍රමණ වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවේ සේවක හිඟය උග්‍ර විය හැකි බවට චෝදනා 07.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ජනගහනය වර්ධනය කරගන්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් අවශ්‍යමද? 06.10.2026

ඕස්ට්‍රේලියාව මේ වනවිට වයස්ගත වන ජනගහනය සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. නවතම Intergenerational Report මගින් ඕස්ට්‍රේලියාවේ ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බව පුරෝකථනය කර ඇතත් එම වර්ධනය ප්‍රධාන වශයෙන් සිදුවනු ඇත්තේ සංක්‍රමණ හරහා වන බව හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ දී ඕනෑම ක්‍රීඩාවක් කරනකොට දැනෙන්නෙ ජාත්‍යන්තර ඉසව්වකදී වගේ, ඒ තරම් විවිධත්වයෙන් යුතු ක්‍රීඩකයන් හා හැකියාවන් අපිට මුණ ගැහෙනවා 06.10.2026

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) පසුගිය දා කැන්බරා නුවර දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් පළමු වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast

නැටුමෙන් දිනූ ඩාවින් නුවර අනුහස් සහ සදීප 06.10.2026

NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

සංක්‍රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න 06.10.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: රජයෙන් ලබාදෙන නිවාස සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවයි 05.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි 05.10.2026

SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින් ආරම්භ වූ SBS ගුවන්විදුලිය අද භාෂා 60කට වැඩි සංඛ්‍යාවකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනය, ජනතාව කතාකරන භාෂා සහ ඔවුන් මාධ්‍ය භාවිත කරන ආකාරය නිරන්තරයෙන් වෙනස් වන නිසා, මේ වෙනස්කම් අනුව SBS භාෂා සේවාද නිරන්තරයෙන් සමාලෝචනය කෙරෙනවා....

Why power is split, and how that protects you | How Australia Works - බලය බෙදා තිබීමෙන් ඔබ රැකෙන්නේ මෙහෙමයි | How Australia Works 05.10.2026

After receiving a fine for not wearing his motorbike helmet correctly, Hugo decides to have the matter heard in court. His story explains how Parliament, government and the courts have different roles, and how some official decisions can be questioned. - නිසි පරිදි යතුරුපැදි හෙල්මටය පැළඳ නොසිටීමෙන් හියුගෝට දඩ මුදලක් නියම වීමත් සමඟ ඔහු එය අධිකරණය වෙත ගෙන ගියා. පාර්ලිමේන්තුව, රජය සහ අධිකරණ සතු භූමික...

අපේ ඇස් හොඳින් ආරක්ෂා කරගන්න ඕස්ට්‍රේලියාවේදී අපට ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර මෙන්න 05.10.2026

ඇස් ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිද්ධ කරන ප්‍රතිකාර සහ මේ සම්බන්ධයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ප්‍රශ්නගත Fly Dubai යානයේ සැකකාර ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධය විමර්ශනයට 05.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds