SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
ඔස්ට්රේලියාවට මම සංක්රමණය වුණේ better life එකක් වෙනුවෙන් නෙවෙයි - අයෝනා වික්රමසිංහ 31.03.2026 9:39
ශ්රී ලංකාවේ මාධ්ය කේෂ්ත්රයේ රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස බොහෝ කාලයක් සේවය කළ අයෝනා වික්රමසිංහ මහත්මිය වර්තමානයේ සිඩ්නි නුවර මහජන ප්රජා ආයතනයක මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරනවා. ඇය SBS සිංහල සේවය සමඟ බෙදා ගත් ඇගේ ඔස්ට්රේලියානු අත්දැකීම් දැන ගන්න මේ වැඩසටහනට සවන් දෙන්න.
ඕස්ට්රේලියානුවන්ගේ නින්දත්, රටේ ඉහළම නිදන්ගත රෝගය ගැනත් කළ වාර්තාමය කතාමාලා දෙකක් SBS On Demand ඔස්සේ 31.03.2026 8:23
සෑම ඕස්ට්රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම සැපවත් නින්දක් ලබා ගන්නේ නැහැ. ඕස්ට්රේලියාවේ ඉහළම නිදන්ගත රෝගය වන දෙවන අදියරේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමට දකුණු ආසියානු ප්රජාවට වැඩි ප්රවණතාවක් ඇති බව වාර්තා වෙනවා. ඔස්ට්රේලියානුවන්ගේ නින්ද සහ දියවැඩියාව කේන්ද්ර කොටගත් වාර්තාමය කතාමාලා දෙකක් SBS Originals ලෙස SBS on Demand ඔස්සේ ඔබට නොමිලයේ නරඹන්න පුළුවන්. සම්මානනීය මාධ්යවේදී වෛද්ය ම...
SBS සිංහල පුවත්: ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් රජයට ඩොලර් බිලියන 2.55ක පාඩුවක් 31.03.2026 4:56
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: අවශ්ය ඉන්ධන තොග ලබාගැනීමට ඔස්ට්රේලියාව තම මිත්ර රටවල් සමග තවදුරටත් සාකච්ඡා කරයි 30.03.2026 7:18
ඉන්ධන හිඟයක් ඇතිවීම පිලිබදව බොහෝ ඔස්ට්රේලියානුවන් බිය පළකරනවා. ඉන්ධන හිඟයක් ඇති වුවහොත්, එවැනි හදිසි අවස්ථාවකට මුහුණදීමට බොහෝ දෙනා සූදානම් නොමැති බව පෙනෙන්නට තිබෙනවා. මේ තත්වය ගැන ක්රියාමාර්ග ගනිමින් සිටින බව ෆෙඩරල් රජය පවසනවා. මැලේසියාව ඇතුළු තම මිත්ර රටවල් සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව රජය පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් කපයි - බර වාහන බදුත් අඩු කරයි 30.03.2026 6:28
ඕස්ට්රේලියානුවන්ට ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදු වී ඇති අධික පිරිවැයට සහනයක් ලෙස ෆෙඩරල් රජය ඉන්ධන මත පනවා ඇති බද්ද මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දැනට ලීටරයකට ශත 52.6 ක් වන ඉන්ධන බද්ද අප්රේල් 1 වෙනි බදාදා සිට මාස තුනක් සඳහා අඩකින් අඩු කෙරේ. ඒ අනුව ඉන්ධන පිරිවැය ලීටරයකට අවම වශයෙන් ශත 26.3 කින් අඩු වනු ඇති බව අගමැතිවරයා සඳහන් කළා. එමෙන්ම නව ජාතික ආරක්ෂක සැලැස්මක් යටතේ බර වාහන මත පනව...
මව්බිමෙන් පුවත්: බාල ගල්අඟුරු පාඩුවේ ඍජු වගඋත්තරකරු අනුර කුමාර දිසානායකයි - පාඨලී / හදිසි ඉන්ධන තොග ලබා දුන් ඉන්දියාවට ජනපතිගෙන් තුති 30.03.2026 7:37
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: පවතින ඉන්ධන අර්බුදය හමුවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්රාන්තයේ ජනතාවට පොදු ප්රවාහන සේවා නොමිලේ 30.03.2026 5:25
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: වෙස්ටර්න් සිඩ්නිය බලාපොරොත්තුවෙන් සිටි SBS මැදිරි සංකීර්ණය සිහිනයක් වූ හැටි 29.03.2026 7:33
Special Broadcasting Service, (SBS) ඕස්ට්රේලියාවේ ජාතික බහුභාෂාමය සහ බහුසංස්කෘතික විකාශන මාධ්ය ආයතනයයි. සමස්ත ඕස්ට්රේලියාවට ම භාෂා 60කට වැඩි ගණනකින් සමීප SBS, නව මැදිරි සංකීර්ණයක් වෙස්ටර්න් සිඩ්නි පෙදෙසේ ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබුණා. ඒ සැලසුම අවලංගු කර තිබෙනවා. රජය පවසන්නේ පවත්නා මූල්ය වාතාවරණය නිසා මේ තීරණයට එළඹුන බවයි. මේ ගැනයි අද කාලීන විග්රහය.
නීති පිළිසරණ: Visa application එක reject වුණා ද? ඒ තීරණය ආපහු සලකා බලන්න කියන ART review application එකක් දාන්නෙ මෙන්න මෙහෙමයි 29.03.2026 6:39
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්රමවේදය පිළිබඳ සාකච්ඡාවේ දෙවන වැඩසටහනයි.
Super-K ඉන්ෆ්ලුවෙන්සා ප්රභේදයට ඕස්ට්රේලියාවේ අපි ගන්න Flu vaccine එකෙන් බලපෑමක් තියෙනවද, විස්තරේ මෙන්න 29.03.2026 5:47
ඕස්ට්රේලියාවේ 2026 ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමේ වැදගත්කම සහ හඳුනාගත් "Super-K" ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්රභේදය ගැන තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 23 - මාර්තු 27 27.03.2026 7:16
මාර්තු 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
'රණවිරුවා' යෙදුම ලේඛන කලාවට හඳුන්වා දුන් ඇගයීම් නොලද ජන හදවතේ පත්තරකාරයා - චන්ද්රසිරි දොඩන්ගොඩ 27.03.2026 22:43
කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්, නවකතා හා කෙටිකතාකරුවෙක් සහ කවියෙක් ලෙස දශක ගණනාවක් ජන හදවත් දිනූ චන්ද්රසිරි දොඩන්ගොඩ සූරීන් දැයෙන් සමුගෙන මාර්තු 27 වෙනිදා ට වසර 8 ක් පිරීම නිමිත්තෙන් SBS සිංහල සේවය ඔහු පිළිබඳ ගෙනෙන ගුණානුස්මරණ ප්රත්යාවලෝකනයයි.
තරුෂි එක්ක තරු කතා: අද හැදෙන ගීත නිකං ක්ෂණික නූඩ්ල්ස් වගේ - දීපිකා ප්රියදර්ශනී 27.03.2026 9:09
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්රීඩා විග්රහය: මැරෙන්න කලින් ඉටුවූ සනත්ගේ බලාපොරොත්තුව - අන්තර් පාසල් රග්බි අවසන් වටයේ තරග හෙට සිට - කිංග්ස්වුඩ් හා ත්රිත්ව ලැබූ මහා ක්රිකට් ජය 27.03.2026 8:53
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: සහල් හිඟයක් නෑ, කීරි සම්බා වල විතරයි පුංචි කේස් එකක් තියෙන්නෙ - නි.ඇමති නාමල් / රුසියාවෙන් රාජ්යතාන්ත්රික ලෙස ඉන්ධන ලබා ගැනීමට අවධානය - ඇමති නලින්ද 27.03.2026 7:38
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාව පුරා ඉන්ධන සැපයුම් ස්ථාන 470 ක අවම වශයෙන් එක් ඉන්ධන වර්ගයක හිඟයක් - සලාක ක්රමය හෝ ඉන්දියාවෙන් රුසියානු ඉන්ධන මිලදී ගන්නැයි විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම් 27.03.2026 5:27
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක 26.03.2026 9:05
මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය සහ හෝමූස් සමුද්ර සන්ධිය වසා දැමීම යන කාරනා හේතුවෙන් සමස්ථ ලෝකයටම බලාන බලශක්ති හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මෙය දශක ගණනාවකින් ඇතිවන බරපතල බලශක්ති හිඟයක් බව විශේෂඥයින් පවසනවා. නමුත් මේ හරහා ඉන්ධන හිඟයකට එහා ගිය බලපෑම් ලෝකයටම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. වගාකටයුතු වලදී භාවිතා කරන පොහොර ප්රවාහනයටත් බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල වී ආහාර හිඟයක...
ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර තාක්ෂණික හුවමාරුව හා කේෂ්ත්ර අතර සබඳතා දියුණු කිරීම මගේ අරමුණයි - බටහිර ඔස්ට්රේලියාවේ නව ශ්රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන 26.03.2026 8:32
බටහිර ඔස්ට්රේලියාවේ නව ශ්රී ලංකා ගරු කොන්සල් ලෙස ඉංජිනේරු චිරන්ත වීරවර්ධන මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් සැකසූ විශේෂාංගයක්.
අපේ වහරේ කතා අහුරක්: තණකොළ කපන්න කිතුලට ගිය ගුඩ්ඩා පොල් කට්ටක් අරන් ගියේ ඇයි කියලා දන්නවා ද? 26.03.2026 4:17
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කිතුල් ගහට නැගලා ඉද්දි අයිතිකාරයාගේ අතටම අහු වුණු ගුඩ්ඩා ගැනයි.
ලොව වටා: ට්රම්ප් ගේ සාම සැලැස්මෙන් ලෝක තෙල් මිල පහතට / ළමුන් අනතුරේ දැම්මා යැයි Meta වලට චෝදනා 26.03.2026 7:55
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ 26.03.2026 5:38
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු 25.03.2026 10:14
Customs is generally the first point of contact for people entering Australia. Our Border Force Officers are there waiting. They ensure that we don’t bring in prohibited goods that could threaten Australia’s unique environment, economy and communities. Before you zip up your suitcase, here’s what you need to know about what can—and can’t—cross the border, and what’s at stake if biosecurity rules a...
ඕස්ට්රේලියාවේ විශ්වවිද්යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක 25.03.2026 14:00
ඕස්ට්රේලියාවේ විශ්වවිද්යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්යාලයක ඉගැන්වීමේ කර්තව්යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්රේලියානු විශ්වවිද්යාල පද්ධතිය තුළ එවන්...
උසස් අධ්යාපනයට ඔස්ට්රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්යත්වය ගැන තොරතුරු මෙන්න 25.03.2026 7:02
ඔබ විදෙස් රටක උසස් අධ්යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්යත්ව ශ්රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්යත්ව ප්රධානයක් ලෙස තමයි ක්රියාත්මක වන්නේ. ශ්රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට...
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් 24.03.2026 4:59
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds