uk

Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ Епізодів: 163

Interviews, Discussions & Documentaries

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: danula.me

Автор

Danula Wickramaarachchi

Категорія

Society

Сайт подкасту

danula.me

Останній епізод

5 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

ලංකාවේ මකර රූපවල සැඟවුණු රහස 05.07.2026

ලංකාවේ පැරණි මකර රූප නිර්මාණය වෙලා තියෙන්නෙ සත්වයින් කිහිප දෙනෙකුගේ ශරීර අංග එකතු කරලා කියලා ඔයාලා දන්නවද? අද පොඩි කතාව ඒ ගැනයි.

50 දශකයේ නැකැත්පත්‍රයක් 07.06.2026

අද "එකෝමත් එක කාලෙක" වැඩසටහන වෙන් වෙන්නෙ 50 දශකයේදී නිර්මාණය වුණු විවාහ නැකැත් සීට්ටුවක් පෙන්වන්නයි. මේකෙ තියෙන ප්‍රධානතම විශේෂත්වය තමයි මේක පුස්කොළපොතක් විදිහට සකසා තිබීම.

ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 03 කොටස 25.05.2026

මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න අපි ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන තමයි අද අපි ගෙන එන්නේ. ඒ අතරින් අද අපි සංක්ෂිප්තව අවධානය යොමු කරනවා මහා විජයබාහු රාජ්‍ය සමයේ සිට 2 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමය දක්වා අවස්ථා ගැන.

ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 02 කොටස 19.05.2026

මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න අපි ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන තමයි අද අපි ගෙන එන්නේ. ඒ අතරින් අද අපි සංක්ෂිප්තව අවධානය යොමු කරනවා දුටුගැමුණු රාජ්‍ය සමයේ සිට කිත්සිරිමෙවන් රාජ්‍ය සමය දක්වා අවස්ථා ගැන

ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 01 කොටස 17.05.2026

අපි හිතුවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න. හැබැයි මේ මාතෘකාව එක වැඩසටහනකින් විතරක් සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා අපි මේ මාතෘකාව කොටස් කිහිපයක වැඩසටහනක් විදිහට කරන්න සැලසුම් කළා. මේ, එම වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනයි. මේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ මහින්දාගමනය සහ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය ගැනයි.

කොස්ගම දෙවියන්ගේ කතාව 03.05.2026

අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ අපේ රටේ දේශීය දෙවි කෙනෙක් වුණු කොස්ගම දෙවියන්ගේ කතාවයි. අපේ රටේ බොහෝමයක් අය මියැදුණාට පසුව දේවත්වයෙන් පිදුවත්, කොස්ගම දෙවියන්ගේ කතාවේ තියෙන විශේෂත්වය වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකොටම දේවත්වයෙන් පිදීම ආරම්භවීමයි. හැබැයි ඒක සිනහා යන සුළු ඇරඹුමක්!

කුෂ්ඨරාජගල දේව ප්‍රතිමාව 21.04.2026

අද පොඩි කතාව, මාතර පාරෙ යන එන බොහෝමයක් දෙනාගේ අවධානයට ලක් නොවන ස්මාරකයක් වන කුෂ්ඨරාජගල පුරාවිද්‍යා භූමිය ගැනයි.

බාරස කාව්‍ය නිවැරදිව කියවමු 18.04.2026

අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ, පසුගිය වැඩසටහන් කිහිපයකින්ම අපි සාකච්ඡා කරපු බර කව ගබ සක නොහොත් බාරස කාව්‍ය ගර්භ චක්‍රය නිවැරදිව කියවන ආකාරය ගැනයි. මහ නුවර යුගයේ සිටි කරතොට ශ්‍රී ධර්මාරාම නා හිමියන් විසින් රචනා කරන ලද මේ කාව්‍ය සංග්‍රහය, එතෙක් මෙතෙක් අපේ රටේ බිහි වුණු විශිෂ්ඨතම ප්‍රහේලිකා කවියක් විදිහට හඳුන්වන්න පුලුවන්.

කෘතිම බුද්ධියෙන් ඉතිහාසයට ගීත හදමු 13.04.2026

අද වැඩසටහනෙන් අපි හිතුවා පොඩි වෙනස් දෙයක් කරන්න. අද වෙනකොට අපිට නිතරම පෙනෙන, නිතරම ඇසෙන, නිතරම භාවිතා වෙන දෙයක් තමයි AI තාක්ෂණය. ඉතින් අද වැඩසටහනේ අපේ උත්සාහය තමයි... SUNO AI Music Generator Tool එක ඔස්සේ ඉතිහාසය ගැන ගීත කිහිපයක් නිර්මාණය කිරීම සහ ඒ ගීත ගැන විචාරයක් කිරීම.

පැරණි ලංකාවේ ආගම් සහ විශ්වාසයන් 22.10.2025

අද වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ රටේ පැවති ඉපැරණි ආගම් සහ විශ්වාසයන් කිහිපයක් ගැන සාකච්ඡා කරන්නයි. මේවායෙන් සමහරක් අපේ රටේ බුදු දහම නිසියාකාරව ස්ථාපිත වීමට පෙර වගේම ස්ථාපිත වීමෙන් පසුවත් පැවතීම විශේෂත්වයක්.

වළගම්බා රජතුමා 29.09.2025

අද වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ රාජාවලියේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දුන් රජ කෙනෙක් වුණු වළගම්බා රජතුමාගේ චරිතය සහ සේවාව ඇගයීමටයි. ඒ වගේම වළගම්බා රජතුමාට, මහාවංශයෙන් එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් අපි සාකච්ඡා කරනවා.

ස්තූපයක මූලික අංග සහ ඒවායේ පසුබිම් කතාව 16.09.2025

අද අපි සාකච්ඡා කරන්නේ ස්තූපයක දකින්න ලැබෙන මූලික අංග ගැනයි. ඒ වගේම ස්තූපයන්වලට ඒ අංග ඇතුළත් කෙරිලා තියෙන්නෙ ඇයි කියලත්, ඒ අංගයන්වල විකාශනය ගැනත් අපි සාකච්ඡා කරනවා.

යටාල ස්තූපය සහ විහාරය 14.09.2025

අද අපි සාකච්ඡා කරන්නේ තිස්සමහාරාම - කතරගම පාරේ යන එන අයගේ වැඩි අවධානයකට පාත්‍ර නොවෙන, ඒත් ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් විශාල වටිනාකමක් සහිත පූජා භූමියන් වන යටාල රහමහා විහාරස්ථානය ගැනයි.

ඇම්බැක්ක දේවාලයේ ඔබට මගහැරුණු තැන් 31.08.2025

අද පොඩි කතාවෙන් අපි කතා කරන්නේ, ඇම්බැක්ක දේවාලය බලන්න යන ගොඩක් අයගේ විශේෂ අවධානයක් යොමු නොවෙන දේවාල අංග කිහිපයක් ගැනයි.

ඇස් පනා පිටම විකෘති කෙරෙන ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවම් 30.08.2025

"ආපෝ ඉතින් ඕවා හොරෙන් ඉස්සුවා කියලා මොකද වෙන්නෙ? ඕවා මැරෙනකොට ගෙනියන්නෙ නෑනෙ?".... ඔයාත් කවදා හරි නිර්මාණ ශිල්පියෙක්ට, ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ ගැන මෙහෙම කියලා තියෙනවද? එහෙම දෙයක් වුණාම හිතට දැනෙන දේ ඇත්තටම දැනගන්න නම් ඔයත් කවදා හරි දවසක මොකක් හරි නිර්මාණයක් කරලා, ඒ නිර්මාණයටත් එහෙම්මම වෙන්න ඕන. එහෙම නැතුව මේක ගැන කතා කරලා තේරුමක් නෑ... ඒත් එහෙමම ඉන්නෙත් නැතුව, අද "මගේ සත දෙක" විශ...

ගාල්ල ප්‍රදීපාගාරය 16.08.2025

අද පොඩි කතාවෙන්, ගාල්ල ප්‍රදීපාගාරය ගැන විස්තර ටිකක් කියන්න හිතුවා.

දෙව්වරුන්ගේ චිත්‍ර සහ පිළිම 09.08.2025

අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ චිත්‍ර සහ මූර්තිවලින් නිරූපණය වන අප්‍රසිද්ධ දෙව්වරුන්ව පහසුවෙන් හඳුනා ගන්න පුලුවන් ක්‍රම ගැනයි.

ජපුර කැම්පස් පාරේ කතාව 09.08.2025

ඔයාලත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත්, රත්තණපිටිය මංසන්ධියත් අතර පාරට කැම්පස් පාර කියලද කියන්නෙ? එහෙනං මෙච්චර කාලයක් කියලා තියෙන්නෙ වැරදි නමක්. අද පොඩි කතාව අන්න ඒ ගැනයි.

කොළඹ ආනන්ද විද්‍යාලය - 05 වන කොටස: අපේ සයන්ස් සර් 22.06.2025

ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 05 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, 2006 වසරේදී විශ්‍රාම ගත් , කණිෂ්ඨ අංශ විද්‍යා විෂයභාර ආචාර්යවරයෙක් වුණු සුනිල් ද අල්විස් ගුරු පියාණන් ගැනයි.

කොළඹ ආනන්ද විද්‍යාලය - 04 වන කොටස: අපේ ඉතිහාසය සර් 12.06.2025

ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 04 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලයීය උසස්පෙළ කලා අංශයේ ඉතිහාසය විෂයභාර ගුරුවරයෙකු ලෙස කටයුතු කළ නිමල් රණසිංහ මහතා ගැනයි.

අප්‍රසිද්ධ ජාතික වීරයෙක් 06.05.2025

අද පොඩි කතාව, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කළ අපේ නිදහස් සටනේදී ජීවිතය පූජා කළ, නමක් ගමක් නොදන්න ජාතික වීරයෙක් ගැනයි!

කොළඹ ආනන්ද විද්‍යාලය - 03 වන කොටස: පරිවර්තනීය මතක 16.04.2025

1999 වසරේ සිට 2012 දක්වා වූ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිදු වුණු විශේෂ සිදුවීම් සහ සන්ධිස්ථාන...

රම්බොඩගල්ල සමාධි බුදු පිළිමය 30.03.2025

මාස අටකට පස්සෙ අපිත් එක්ක ආයිත් සම්බන්ධ වෙනවා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතා. අද අපි ඔහුත් සමඟ සාකච්ඡා කරන්නේ ලෝකයේ විශාලතම ග්‍රැනයිට් බුදු පිළිමය වන කුරුණෑගල රම්බඩගල්ල බුද්ධ ප්‍රතිමාව හැදුනු හැටි ගැනයි. ඔහු මේ ව්‍යාපෘතියේ ආරම්භකම සාමාජිකයෙක් වගේම, ව්‍යාපෘතියට සහභාගී වුණු එකම ශ්‍රී ලාංකීය (ආධුනික) කැටයම් ශිල්පියාද වෙනවා.

ඕනෑම වෘත්තියක ඕනෑම වෘත්තිකයෙකුට වැදගත් කතාවක් 22.03.2025

අද මන්ත්‍රණ වැඩසටහන සඳහා නැවත වරක් අපි ආරාධනා කළා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතාව. අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ ඕනෑම වෘත්තියක නියැලෙන සහ ඕනෑම වෘත්තියකට පිවිසෙන්න ඉන්න ඕනෑම කෙනෙකුට ඉතාමත් වැදගත් වන උපදෙස් කිහිපයක් (චිත්‍ර, කැටයම්, මූර්ති කලාවන් ඉගෙනගන්න අයට විශේෂයි)

සඳකඩපහනේ කතාව සරලව 18.03.2025

විලක මතුපිට දර්ශනය නොහොත් සඳකඩපහනේ කතාව ඉතාමත් සරලව...

Слухайте подкаст Danula Wickramaarachchi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали