uk

Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ Епізодів: 163

Interviews, Discussions & Documentaries

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: danula.me

Автор

Danula Wickramaarachchi

Категорія

Society

Сайт подкасту

danula.me

Останній епізод

5 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

වේහැල්ලේ ධම්මදින්න නා හිමි 02.02.2025

අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ වේහැල්ලේ ධම්මදින්න නා හිමියන් සහ උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ගැනයි. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට, කරතොට ධර්මාරාම නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට... වේහැල්ලේ ධම්මදින්න නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරේ ඇති සම්බන්ධතාවයන් ගැනත් අපි වැඩිදුර අධ්‍යනය කරනවා.

මැදවෙල ගුණානන්ද හිමි 26.01.2025

අද පොඩි කතාව වෙන්වන්නේ, පූජ්‍ය මැදවෙල ගුණානන්ද නා හිමියන්ගේ ශාසනික සේවාව ඇගයීමටයි.

මහනුවර යුගයේ බිතුසිතුවම් ලක්ෂණ 26.01.2025

අද පොඩි කතාව, මහනුවර යුගයේ බිතුසිතුවම් වල ලක්ෂණ ගැනයි...

මෙන්න ගෙනාවා උත්තර : 05 වන කොටස 19.01.2025

2024 අප්‍රේල් සිට 2024 දෙසැම්බර් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

කොළඹ ආනන්ද විද්‍යාලය - 01 වන කොටස: යතිවර මතක 19.01.2025

1999 සිට 2012 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයීය පැවිදි ආචාර්ය මණ්ඩලයේ සිටි යතිවරයාණන් වහන්සේලා (ප.ලි - මෙම වැඩසටහනේදී පූජ්‍ය හඟුරන්කෙත චන්ද්‍රරතන හිමියන් පිළිබඳව සාකච්ඡා නොකරන්නෙ, උන්වහන්සේ සම්බන්ධව මා හට කිසිදු අත්දැකීමක් නොමැති බැවිනි)

මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා ලක්ෂණ 19.01.2025

අද පොඩි කතාව, මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වල ලක්ෂණ ගැනයි.

Inside Story with Hasini - මෙතෙක් නොකී සියලුම රසබර කතා 19.01.2025

අපේ මන්ත්‍රණ වැඩසටහන් මාලාවේ අද වැඩසටහනේ ආරාධිත අමුත්තිය වන්නේ, මාධ්‍යවේදිනී හසිනි ඒකනායකයි. පසුගිය වැඩසටහනකින් අපි ඇයගේ Inside Story එක ගැන කතා කළා ඔයාලට මතක ඇති. අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ ඇයගේ Inside Story with Hasini වැඩසටහන ගැනයි.

පාසල් දරුවන්ට ඉතිහාසය නීරස ඇයි? 13.01.2025

අද සත දෙකේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ අපේ පාසල් දරුවන්ට විෂයක් විදිහට ඉතිහාසය නීරස වෙන්න මම දකින හේතූන් සහ මගේ අත්දැකීම් ගැනයි.

සඳකඩපහණ සත්ව පේළියේ තවත් විශේෂත්වයක් 10.10.2024

අද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ අනුරාධපුර බිසෝ මාළිගාවේ සඳකඩපහණේ සත්ව පේළියේ ඇති ඔබ නොදැකපු තවත් විශේෂත්වයක් ගැනයි.

සඳකඩපහණ ද? සඳකඩපහන ද? 25.09.2024

පූජනීය ස්ථානයකට ඇතුළුවෙනකොට පියගැටපෙළට ඉදිරිපසින්, මුරගල් දෙක අතරින් තියෙන්නෙ අර්ධකවාකාර කැටයමක්. අද පොඩි කතාවෙන් අපි කියන්නෙ මේ කලා නිර්මාණයේ නම සිංහලෙන් ලියනකොට, අකුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් ගැනයි.

යහපත් සමාජයක් වෙනුවෙන් හංස කලායතනාධිපති Anura Kumaraගේ සැලසුම | අනුර කුමාර 22.09.2024

📌 පෙරහැර අලි හිගයට විසදුමක් 📌 තුර්කි කෞතුකාගාරයට ගිය ශ්‍රී ලංකා සරුංගලය 📌 තරුණයින්ට රැකියා අවස්ථා 📌 දරුවන්ට නොමිලේ චිත්‍ර පන්ති

දේව ප්‍රතිමාවේ බලය බින්ද වෑත්තෑවේ හිමියන් 17.09.2024

අද පොඩි කතාව, කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන්ට ඉන්දියාවේදී වුණු ඇබැද්ධියක් ගැනයි.

දළදා මාලිගාවේ මුලාදෑනිවරු 07.09.2024

අද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විවිධ කාර්යයන්වල නිරත වෙලා ඉන්න මුලාදෑනිවරු කිහිපදෙනෙක් ගැනයි.

පොලොන්නරු සඳකඩපහණ 18.08.2024

අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ පොලොන්නරු යුගයේ සඳකඩපහණේ ලක්ෂණ සහ අනුරාධපුර යුගයේ සඳකඩපහණේ සත්ව පේළියට අත තැබීම නිසා ඇති වුණු බලපෑම සම්බන්ධව ඇති කථිකාවතක් ගැනයි.

ලෝකයේ විශාලම 3D සඳකඩ පහණ 28.07.2024

අනුරාධපුරයේ බිසෝ කොටුවේ සඳකඩ පහණ ගැන අවුරුදු 12ක අධ්‍යනයක් කරලා, ඒ ඔස්සේ විශාල අභ්‍යාස භූමියක් ගොඩ නගපු තරුණ මූර්ති ශිල්පියෙකුගේ කතාව!

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සැබෑ බෞද්ධයෙක්ද? 07.07.2024

පුංචි කාලයේ අපි ජාතික වීරයො ගැන ඉගෙනගන්නකොට ඕල්කට්තුමා ගැනත් ඉගෙන ගත්තා. හැබැයි අපි ඉගෙනගත්තේ ඕල්කට්තුමාගේ පැමිණීම, පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙක් බවට පත්වීම සහ ඕල්කට්තුමා අපේ රට වෙනුවෙන් කරපු සේවාවන් ගැන. ඒ නිසා අද වැඩසටහනේදී අපිට හිතුනා ඕල්කට්තුමා අපේ රටේ ගත කරපු අවසාන කාලයේදි සිදු වුණේ මොන වගේ දේවල්ද කියලා සාකච්ඡා කරන්න.

DJ කෙනෙක් වෙන එක ඔය තරමටම අමාරුද? - DJ Lahiru 03.06.2024

ශ්‍රී ලංකාවේ ඇත්තටම DJ වෘත්තියට පිළිගැනීමක් තියෙනවද? මොනවද අපේ රටේ සහ පිටරට DJ Industries අතරේ තියෙන වෙනස්කම්? මොනවද අපේ රටේ DJ වෘත්තිකයින්ට තියෙන ප්‍රශ්න? ලංකාවේ DJ Industry එක Tomorrowland තත්වයට ගේන්න බැරිද? DJ කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අයට මොනවද තියෙන අවස්ථා? එකී මෙකී නොකී අකී ප්‍රශ්න ගොඩකට, උත්තර දෙන්න අද අපේ මන්ත්‍රණ 03 වන වැඩසටහනට සහභාගී වෙන්නේ DJ ශිල්පී ළහිරු වන්නිනායකයි.

මෝහනයෙන් 1848 සටනට 28.05.2024

මෝහන විද්‍යාවෙන් තහවුරු වුණු 1848 අරගලය ගැන පුංචි කතාවක් අහමු.

ජැක්සන් ඇන්තනී නම් ඉතිහාස ඝාතකයා? 21.05.2024

ජැක්සන් ඇන්තනී මහතා කියන්නෙ All in One Package එකක්. හැකියාවන් සහ දක්ෂතා අතරින් ලෝකයේ පහළ වුණු අතිදුර්ලභ චරිතයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් බොහෝ දෙනෙක්ට ජැක්සන් ඇන්තනී නම එපා වෙන්නෙ බලපෑවේ ඔහුගේ දේශපාලනික කටයුතු සහ ඉතිහාස විෂය, ඔහුගේ දේශපාලන කටයුතු වලට භාවිතා කිරීමට ගියපු එකෙන්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය ගැන කරපු සමහරක් සමහරක් දේවල් ගැනත් පසු කාලීනව සමහරක් අයගේ විවාදයට ලක් වුණා. ඉතින් මේ ඔක...

මින්නේරිය දෙවියෝ 12.05.2024

මහසෙන් රජතුමා ගැන අපි නිර්මාණය කරපු වැඩසටහන් මාලාවේ තුන්වෙනි සහ අවසාන වැඩසටහන තමයි අද අපි අරගෙන එන්නෙ. අද වැඩසටහනේදී අපි ජනප්‍රවාද ඇසුරෙන් සාකච්ඡා කරනවා කොහොමද මහසෙන් රජතුමා මරණයෙන් පස්සෙ මින්නේරිය දෙවියන් බවට පත් වුණේ කියලා.

ථූපාරාම විනය සංගායනාව 06.05.2024

අපේ රටේ සිදු කෙරුනු සංගායනා කිව්වම හැමෝටම වගේ මතක් වෙන්නෙ වළගම්බා රාජ්‍ය සමයේ වුණු සංගායනාව ගැනයි. ඒ නිසා අද පොඩි කතාවෙන් අපි කියන්න හිතුවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ සිදු කෙරුණු පළවෙනි සංගායනාව නොහොත් ථූපාරාම සංගායනාව ගැන.

මහසෙන් රජතුමාගේ අවසන් හුස්ම 05.05.2024

අද වැඩසටහන වෙන් වෙන්නේ මහසෙන් රජතුමාගේ මින්නේරිය වැව නිර්මාණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය හා බැඳුනු රසවත් ජනප්‍රවාද කිහිපයක් ගැනයි. ඒ වගේම වැඩසටහන අවසානයේදී අපි කියනවා කොහොමද මහසෙන් රජතුමාගේ මරණය සිදු වුණේ කියලත්

මෙන්න ගෙනාවා උත්තර : 04 වන කොටස 09.04.2024

2024 ජනවාරි සිට 2024 අප්‍රේල් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

AI යුගයේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම 07.04.2024

"ඉතිහාසය කන්නද?" කියන්නෙ, අපේ රටේ එක එක කාලවල්වලදී උඩට එන මාතෘකාවක්. මුළු ලෝකයක්ම AI ගැන කතා කරන මේ කාලයේ, විද්‍යාව සහ තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කරමින් ඉන්න මේ මොහොතේ, අපි තව දුරටත් ඉතිහාසය වගේ පරණ විෂයන් ඉගෙනගෙන වැඩක් තියෙනවද? අද සත දෙකේ කතාව, අන්න ඒ ගැනයි.

දීපවංශයට හැඳින්වීමක් 30.03.2024

අද පොඩි කතාව, අපේ රටේ දැනට හමුවී ඇති පැරණිතම ඉතිහාස ග්‍රන්ථය යැයි සැළකෙන දීපවංශය ගැනයි.

Слухайте подкаст Danula Wickramaarachchi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали