SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1838 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

15 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

ලොව වටා: යුරෝපා සංගමය ඉන්දියාව සමග ඓතිහාසික වෙළඳ ගිවිසුමක් අත්සන් කරද්දී, ඇමරිකා යුධ නෞකාවක් ඉරානයට ලං වෙයි 29.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි 29.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

දවසේ කාලගුණ අනාවැකියේ මග නොහැර අවධානය දිය යුතු වායු ගුණාත්මකභාව පිළිබඳ දැනගමු 28.01.2026

ගත වූ සති අන්තයේ ලැව්ගිනි නිසා හටගත් දුම මෙල්බර්න්, ගීලොන්ග්, බෙලරීන් අර්ධද්වීපය, බැලරැට් සහ ඔට්වේස් පෙදෙස් පුරා පැතිරුණා. ඒ අනුව වායු ගුණාත්මකභාව පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් වුණා. IQAir දත්තවලට අනුව පසුගිය ඉරිදා මෙල්බර්න් ලොව හයවෙනි වායු ගුණාත්මකභාවයෙන් අඩු පෙදෙස බවයි කියවුණේ. මේ තත්ත්වය එදින ම පහව ගියත් කාලගුණ කාර්යාංශය පැවසුවේ සමහර පෙදෙස්වල දුම රැඳී තිබෙන්න පුළුවන් බවයි. මේ වන විට heatwave අනතු...

මේ අවුරුද්දේ ඔබේ ආර්ථික තත්වය උසස් කරගන්න පුළුවන් සරල ක්‍රම 10ක් මෙන්න 28.01.2026

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා නත්තල් උත්සව සමය සහ නිවාඩු කාලය තුළ අධික ලෙස වියදම් කරන්න පෙළඹෙනවා . තෑගි මිලදී ගැනීම්, ආහාර, සංචාර කටයුතු ,විවිධ සැමරුම් උත්සව වගේ දේවල් නිසා බොහෝ විට අධික වියදමක් දැරීමට බොහෝ දෙනාට සිදුවෙනවා. මේ සියල්ල අවසන් වෙලා ජනවාරි මාසයේ නැවතත් සුපුරුදු ජීවිතයට එනවිට ඔබට ආර්ථික වශයෙන් යම් පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ණය බර අධිකව ඔබට දැනෙන්න පුළුවන්. මේ නිසා ඔබට දැඩි ආතතියක් ද...

SBS සිංහල පුවත්: පර්ත් නුවර රැලියකට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කලබවට සැක කෙරෙන පුද්ගලයා පිලිබඳ විමර්ශන තවදුරටත් 28.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනීමේ හැකියාව පහත වැටෙමින් තිබෙන බව හෙළි වේ 27.01.2026

ඕස්ට්‍රේලියාවේ මෙවර ගිම්හානය ආරම්භයේ සිට දියේ ගිලීමෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක් මිය ගොස් තිබේ. මෙම දශකය අවසන් වන විට දියේ ගිලීමේ මරණ සියයට 50 කින් අඩු කිරීමේ ජාතික උත්සාහයන් ශක්තිමත් කිරීමට Australian Water Safety Council මගින් නව ඕස්ට්‍රේලියානු ජල ආරක්ෂණ උපාය මාර්ගයක් නිකුත් කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

පීනන්න පුළුවන් ද? නැත්නම් ඔබේ දරුවාට පීනන්න උගන්වන්න හිතනවා ද? එහෙනම් මේ තොරතුරු ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි 27.01.2026

ඕස්ට්‍රේලියාව තුල දියේ ගිලීම් නිසා සිදු වන අනතුරු ඉහළ යාම් වාර්තා වනවා. නිසි පරිදි පිහිනීමට ඉගෙන ගත් අය මෙන්ම නුපුහුණු අයත් මෙසේ අනතුරු වලට බඳුන් වන බව පෙනී යනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිනුම් උපදේශකයෙක් සහ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයෙකු වන සංජය අමරසේකර මහතා සමග SBS සිංහල සේවය සිදු කල මේ කතා බහට සවන් දීමෙන් පිහිනීමට හැකියාව ඇති නැති සියලු දෙනාට වැදගත් වන මේ තොරතුරු පිළිබඳ දැනුම්වත් වන්න.

මව්බිමෙන් පුවත්: මනුෂ්‍යත්වය තේරුම් නොගත් තාක්ෂණවේදීන්ගෙන් ඵලක් නෑ, අගමැති හරිනි කියයි 27.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් 27.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියානු දිනයට සමගාමීව The Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන ලද විශිෂ්ටයෝ 26.01.2026

The Order of Australia, මේ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. සෑම වසරක ම ඕස්ට්‍රේලියානු දිනයට (Australian Day) සමගාමීව මේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. එහි දී විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක් වූ ඔස්ට්‍රේලියානුවන්ගේ සේවය සහ කැපවීම ඇගයීමට ලක් වෙනවා. ඉතින් මෙවර 1000කට ආසන්න පිරිසකට ගෞරව සම්මාන හිමි වුණා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුත් ඉන්නවා. SBS සිංහල සේවය විශේෂ සාකච්ඡාවක් සිදු කළා ඉන් එක...

What actually happened on January 26? - ජනවාරි 26 වෙනිදා ඇත්තටම මොකද වුණේ: ඔස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය ගැන විමසීමක් 26.01.2026

January 26 is one of the most debated dates in Australia’s history. Often described as the nation’s birthday, the day marks neither the formal founding of the colony nor the creation of the Commonwealth. Instead, it reflects a layered history shaped by colonisation, political decisions, and ongoing First Nations resistance. Understanding what actually happened on January 26 reveals why the date is...

කාලීන විග්‍රහය: අභ්‍යවකාශගාමියකු වන කැතරින් බෙනෙල්-පෙග් වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලබයි 26.01.2026

වසරේ විශිෂ්ඨතම ඔස්ට්‍රේලියානුවන් අගයමින් පිරිනමන Australian of the year සම්මානය 2026 වසරේ ජයග්‍රහණය කල ජයග්‍රාහකයින් ඊයේ කැන්බරා නුවරදී ප්‍රකාශයට පත් කළා ඕස්ට්‍රේලියානු සමාජයට සිදුකල සේවාව අගයමින් මේ සම්මානය සඳහා ගහනගාමීන්, වෛද්‍යවරුන් ඇතුළු 33 දෙනෙකු අවසන් වටයට තේරී පත් වී තිබුනා. ඉතින් අද කාලීන විග්‍රහය වෙන්වෙන්නේ මේ විශිෂ්ඨ ඔස්ට්‍රේලියානුවන් ගැන ඔබට තොරතුරු ගෙන ඒමටයි.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු දින සැමරුම් අබියස අගමැති ඇල්බනිසි නව පුරවැසියන්ව පිළිගනියි 26.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියානු දිනය ජනවාරි 26දා සමරන්න තීරණය කලේ ඇයි, වසර සිය ගණනක් ඈතට යන ඉතිහාස විස්තරේ මෙන්න 25.01.2026

ඕස්ට්‍රේලියානු දිනය යනු කුමක්ද? අද වනවිට මෙම දිනය සමරන්නේ කෙසේද? සහ විවිධ ප්‍රජාවන්ට වෙනස් ලෙස මෙම දිනය අදහස් කරන්නේ ඇයි? යන්න ගැන වසර සිය ගණනක ඉතිහාසය දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔටිසම් තත්ත්වය නිරූපණය කරන ලොව පළමු බෝනික්කා බාර්බි වෙතින් 25.01.2026

සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උප...

2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ 25.01.2026

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්‍රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්‍රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්‍රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්‍ර වූ Shepparton හි ප්‍රක...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 19 - ජන 23 23.01.2026

ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මගේ පළමු ඇල්බමයේ ගීත දොළහෙන් හයක් ම තහනමට ලක් වුණා - ප්‍රදීපා ධර්මදාස 23.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාවට රැගෙන ආ T20 ලෝක කුසලානය, කොළඹ මහනුවර දඹුල්ල සහ යාපනයේ මහජන ප්‍රදර්ශනයට 23.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: නීතිපති ගැන ආණ්ඩුවේ මතය / ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවට කළින් විපක්ෂය සාකච්ඡාවක් කැඳවයි 23.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය නගරයේ වෙඩි තැබීමට අදාළ සැකකරු හඳුනා ගනී 23.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඉතා සූක්ෂමව AI තාක්ෂණය භාවිතයෙන් ඕස්ට්‍රේලියාව තුල සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක් 22.01.2026

අන්තර්ජාලය හරහා සිදුවන විවිධ වංචා හඳුනා ගැනීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් අධි තක්සේරුවක සිටින බවට නවතම පරීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම AI තාක්ෂනය භාවිතයෙන් සිදුවන වංචා ඉතා සූක්ෂමව සිදුවන නිසා මේවා පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ මේ ගැනයි

අපේ වහරේ කතා අහුරක්: සොළීන් බිය ගැන්වූ නීල මහා යෝධයාගේ කතාව 22.01.2026

එදා හෙළදිව ජීවත් වු නීල නම් යෝධයාගේ සුරුවිරුකම් ගැන අපේ ජන වහරේ කතා රැසක් තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අපේ වහරේ කතා අහුරෙන් අද කියන්න යන්නෙ ඒ නීල මහා යෝධයා ගැන රස කතාවක්.

ලොව වටා: ලෝක ආර්ථික සමුළුවේදී ඇමරිකා ජනපතිට විරෝධතා එද්දී, ස්පාඤ්ඤයේ දින දෙකකදී දුම්රිය අනතුරු දෙකක් 22.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවක් 22.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden