SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1835 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

14 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

SBS සිංහල පුවත්: Capital Gains Tax ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යවරිය කියයි 04.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සමාජ මාධ්‍ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්‍රේලියානු පාසල් දරුවෝ 04.02.2026

පසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්‍ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්‍රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ තරුණ ප්‍රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්‍රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය...

නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි 04.02.2026

වසර දෙකකට පසුව ඕස්ට්‍රේලියානු මහබැංකුව ඕස්ට්‍රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්‍රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද ක...

SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ 04.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

1948 ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය 03.02.2026

ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.

ඕස්ට්‍රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි 03.02.2026

ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා ද? 03.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.

තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න 03.02.2026

මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්‍රේලියානු මහබැංකුවේ රැස්වීම අද 03.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි 02.02.2026

ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්‍රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්‍රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න 02.02.2026

1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉත...

ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ? 02.02.2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක පාසල් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්‍රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.

මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය 02.02.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ 01.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30 30.01.2026

ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද? 30.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගනී 30.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: කිසිම දරුවෙකුට පාසල් අධ්‍යාපනය මඟ ඇරෙන්න දෙන්නෙ නෑ - ජනපති / පාර්ලිමේන්තු නි. මහලේකම්වරයාගේ වැඩ තහනම අනීතිකයි - විපක්ෂය 30.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය අවධානයෙන් 30.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවට එන 'Heat waves' ප්‍රමාණය ඉහල යමින් ඇති බවට අනතුරු ඇඟවීම් 29.01.2026

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුව විශාල පරිවර්තනයකට ලක්වෙනවා කියල අපිට පෙනෙන්නට තියෙනවා. ඔස්ට්‍රේලියාවට සෑම වසර පහකට වරක්ම දැඩි උණුසුමක් ඇතිකරන තාප තරංගවල බලපෑමට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවනු ඇති බවට නවතම අධ්‍යයන වාර්තාවකින් තොරතුරු හෙළිකරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජනවාරි මාසයේදී තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව පස්ගුණයකින් පමණ ඉහල ගිය බව ලෝකය පුරා සිදුවන කාලගුණ සිදුවීම්වල හේතු විද්‍යාත්මකව විශ්ලේෂණය ක...

ඕස්ට්‍රේලියාව හෝ ලංකාව නියෝජනය කිරීමේ සිහිනය මට තියෙනවා, U16 Nationals ක්‍රිකට් තරඟාවලියට ගිය ස්වෛරී රාජපක්ෂ 29.01.2026

ක්‍රිකට් අපට ගොඩක් සමීපයි. ක්‍රිකට් මතක අවුස්සන දෙයක්. සතුට ගෙන දෙන දෙයක්. ක්‍රිකට් තරඟයක් නරඹන්න, සෙල්ලම් කරන්න අපි කොච්චර ආසා කරනවා ද? ඉතින් ක්‍රිකට් එක්ක බැඳී ඇති අපේ මේ සතුට තවත් වැඩි කරන චරිතයක් එක්කයි අද විශේෂ කතාබහක් ඔබ වෙත ගෙන එන්නේ. මේ ස්වෛරී රේචනා රාජපක්ෂ. පසුගියදා ඕස්ට්‍රේලියාවෙ පැවති වයස අවුරුදු 16න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ කැන්බෙරා පිල නියෝජනය කරමින් ඇය තරඟ වැදුණා.

අපේ වහරේ කතා අහුරක්: කලුවා මාරපන ගියා වගේ කිව්වාට ඇත්තට ම කලුවා ඇයි මාරපන ගියේ කියලා දැන ගෙන හිටියා ද? 29.01.2026

වග විභාග නොකර වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන අය දැක්කාම අපේ පැරැණ්නන්ට මතක් වෙන්නෙම කලුවා ව. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් මාරපන ගිය කලුවා ගැනයි අද කතාව.

ලොව වටා: යුරෝපා සංගමය ඉන්දියාව සමග ඓතිහාසික වෙළඳ ගිවිසුමක් අත්සන් කරද්දී, ඇමරිකා යුධ නෞකාවක් ඉරානයට ලං වෙයි 29.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි 29.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

දවසේ කාලගුණ අනාවැකියේ මග නොහැර අවධානය දිය යුතු වායු ගුණාත්මකභාව පිළිබඳ දැනගමු 28.01.2026

ගත වූ සති අන්තයේ ලැව්ගිනි නිසා හටගත් දුම මෙල්බර්න්, ගීලොන්ග්, බෙලරීන් අර්ධද්වීපය, බැලරැට් සහ ඔට්වේස් පෙදෙස් පුරා පැතිරුණා. ඒ අනුව වායු ගුණාත්මකභාව පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් වුණා. IQAir දත්තවලට අනුව පසුගිය ඉරිදා මෙල්බර්න් ලොව හයවෙනි වායු ගුණාත්මකභාවයෙන් අඩු පෙදෙස බවයි කියවුණේ. මේ තත්ත්වය එදින ම පහව ගියත් කාලගුණ කාර්යාංශය පැවසුවේ සමහර පෙදෙස්වල දුම රැඳී තිබෙන්න පුළුවන් බවයි. මේ වන විට heatwave අනතු...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden