SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ සබඳතා ගොඩනඟා ගන්න ස්වේච්ඡා සේවය ගොඩාක් වැදගත්. මම ඊට හොඳම උදාහරණයක්” – සෑම් අතුකෝරාළ (OAM) 12.11.2026 6:47
ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ට මෙරට සමාජයට හුරු වෙන්න, අලුත් සබඳතා ගොඩනඟා ගන්න වගේම රැකියා අවස්ථා සොයාගන්නත් ස්වේච්ඡා සේවය වැදගත් වෙන්නේ කොහොමද? ස්වේච්ඡා සේවයට යොමු වූ ආකාරයත්, ඒ හරහා ලැබුණු අත්දැකීම් සහ අවස්ථා නිසා ඉහළ විධායක තනතුරක් දක්වා පැමිණීමට හැකි වූ ආකාරයත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ෂෙපර්ටන් නුවර ජීවත් වන Medal of the Order of Australia (OAM) සම්මානයෙන් පිදුම් ලැබූ සෑම් අතුකෝරා...
කැන්බරා අඬහැරේ: 'සඳ සිසිල' ගෙනෙන්නට සැරසෙන රුවන්මලී, අගනුවරට අභිමන් කැන්ඳූ Sri Lanka Festival, බ්‍රියානාගේ ගැයුම් සමඟ යුද ස්මාරකය ගැන තොරතුරු මෙවර 12.11.2026 23:48
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
අපේ වහරේ කතා අහුරක්: අනුන්ගේ හාලෙන් කැඳ බොන්න ගිය කවුද මේ ආඬියෝ? 12.11.2026 3:42
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව හැදුණ හැටියි. #sbsaudiopodcast
දියවැඩියාව තියෙනවා නම් ඔබේ දෙපා ගැනත් හිතුවද? Diabetes Feet day වෙනුවෙන් SBS සිංහල වෙතින් 12.11.2026 4:44
දියවැඩියාව පාලනය යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම පමණක් නොවෙයි. ඔබේ දෙපා ආරක්ෂා කර ගැනීමත් එතරම්ම වැදගත්. 2026 නොවැම්බර් 12 වැනිදා ඕස්ට්‍රේලියාවේ Diabetes Feet Day, නැත්නම් දියවැඩියාව නිසා ඇතිවිය හැකි පාද ආශ්‍රිත සංකූලතා පිළිබඳව දැනුවත් කරන විශේෂ දිනය වෙනුවෙන් SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: අපේ තීරණ නිසා ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ පළමු නිවාස ගැනුම්කරුවන්ට වාසි වෙලා, රජය කියයි 11.11.2026 4:51
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
Be prepared for snake season in Australia - ඕස්ට්‍රේලියාවේ සර්පයන් බහුල කාලය ඇරඹෙයි: ඔබේ ආරක්ෂාවට දැනගත යුතු වැදගත් කරුණු මෙන්න 11.11.2026 9:44
Snakes are often seen in Australia in spring and summer. You may also see one at other times of year, depending on the weather. Here are some expert tips on snake behaviour and what to do if you see one. - ඕස්ට්‍රේලියාවේ උණුසුම් කාලගුණයත් එක්ක සර්පයන් වැඩිපුර එළියට එන කාලයත් දැන් ඇවිත් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ලෝකයේ ඉතාම විෂ සහිත සර්පයන් හිටියත්, සර්ප දෂ්ට කිරීම් නිසා මරණ සිදුවෙන්නේ ඉතාම අඩුවෙන්. හ...
නවසීලන්ත පාර්ලිමේන්තුවට මෙවර තේරීපත් වන සභිකයින් කිහිප දෙනෙක්ට සභා ගැබ තුල බංකු පැනවීමේ සූදානමක්? - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිපුන වික්‍රමගේ වෙලිංටන් නුවර සිට... 11.11.2026 18:44
නවසීලන්ත මහ මැතිවරණය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් වෙලිංටන් අගනුවර සිට මෙම අදහස් දැක්වීමට එක් වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිපුන වික්‍රමගේ මහතා. #sbsaudiopodcast
සුව දිවිය: අනාරක්ෂිත ලිංගික ඇසුරක් හෝ අනපේක්ෂිත ගැබ් ගැනීමක් ගැන සැකයක් තියෙනවා ද? එවැනි අවස්ථාවක නොමිලේ ලැබෙන මේ සෞඛ්‍ය සේවා ගැන දැනුවත් වෙන්න 11.11.2026 9:11
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තෙවැනි කොටස. #sbsaudiopodcast
වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ රජය පිහිටුවීමේ තීරණාත්මක බලය සුළු පක්ෂ අතට යයිද? 11.11.2026 6:06
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය සහ ලිබරල්–නැෂනල් සන්ධානය අතර දැඩි තරගයක් අපේක්ෂා කරනවා. හැබැයි මෙවර ජනමත සමීක්ෂණ අනුව වන් නේෂන් සහ ග්‍රීන්ස් වැනි සුළු පක්ෂවලටත් සැලකිය යුතු ජනතා සහායක් ලැබෙමින් තිබෙනවා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ රජය පිහිටුවීමේදී සුළු පක්ෂවලට තීරණාත්මක බලයක් හිමිවෙයිද? #sbsaudiopodcast
SBS සිංහල පුවත්: Qantas සමාගමේ රැකියා 850ක් කප්පාදු කිරීමට තීරණයක් 10.11.2026 6:42
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට වත්කමක් නැතිකමත් වාසියක් වෙන්න පුළුවන්, තොරතුරැ මෙන්න 10.11.2026 13:28
බෙහෙවින් වෙනස් වී ඇති වර්තමාන ආර්ථික පසුබිම තුළ, අප බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී මූල්‍ය සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට නිවසක් මිලදී ගැනීමට වඩා කුලී නිවසක ජීවත් වීම වඩාත් යෝග්‍ය විකල්පයක් බව පිළිගත යුතු කාලය එළඹ ඇති බව විශේෂඥයින් පවසයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.
ළඟදීම Airbnb නීති වෙනස්වෙයි, ගණනුත් වැඩි වන ලකුණු 10.11.2026
Airbnb හරහා නවාතැන් වෙන්කර ගන්නා සංචාරකයින්ට සහ තම නිවාස Airbnb හරහා කුලියට දෙන හිමිකරුවන්ට බලපාන නව නීති මාලාවක් නොවැම්බර් 20 වැනිදා සිට හඳුන්වා දීමට නියමිතයි. මේ වෙනස යටතේ, නවාතැනෙන් පිටව යන විට, අමුත්තන්ගෙන් ඉල්ලා සිටිය හැකි පිරිසිදු කිරීමේ කටයුතු සීමා කිරීමට Airbnb තීරණය කර තිබේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
ජීවිතේ මොන ගෞරව සම්මානය ලැබුවත් මිනිස්සු මාව අදටත් අඳුනන්නේ ‘මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්’ කිව්වාමයි 10.11.2026 34:12
ගුරුවරයෙක්, නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම මාධ්‍ය පරිපාලකයෙක් ලෙස දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේත් විදෙස් රටවලත් සේවය කර ඇති ප්‍රවීණ සන්නිවේදක සීලරත්න සෙනරත් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර SBS සිංහල සේවයේ සිඩ්නි මැදිරි සංකීර්ණයේ දී ඔහුගේ වෘත්තීය සහ පුද්ගලික ජීවන අත්දැකීම් බෙදාගනිමින් සිදු කල කතාබහ. #sbsaudiopodcast
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී අන්තිම කැමති පත්‍රයක් සකස් කල සහ නොකල කෙනෙක් මිය ගිය අවස්ථාවක දී කටයුතු කරන්නේ මෙහෙමයි 10.11.2026 9:15
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කරන තුන් වන වැඩසටහන. #sbsaudiopodcast
පොලී අනුපාත වැඩි නොකර ඕස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරන්නම බැරිද 10.11.2026 3:02
උද්ධමනය පාලනය කරන්න හැමදාම පොලී අනුපාත ඉහළ දමන එකම විසඳුමද, මේ පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළ අලුත් සංවාදයක් ඇතිව තිබේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
SBS සිංහල පුවත්: 'Superannuation' අරමුදල මාරු කිරීමට පොළඹවන වංචනික දුරකථන ඇමතුම් ගැන අනතුරු ඇඟවීමක් 10.11.2026 5:12
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
යුද්ධයක ජයග්‍රහණය කාගේ පරාජයක්ද? අපේ පෘථිවියේ අනාගතය? 09.11.2026 4:38
යුද්ධවලින් විනාශ වෙන්නේ මිනිස් ජීවිත පමණක් නොවෙයි. වනාන්තර, ගංගා, ගොවිබිම්, වනජීවීන් සහ ස්වභාවික සම්පත් සියල්ලම යුද්ධයේ නිහඬ ගොදුරු බවට පත්වෙනවා.ඒ වගේම අද ලෝකය තවත් බරපතළ අවදානමකට මුහුණ දෙනවා. ඒ තමයි න්‍යෂ්ටික යුද්ධයක අවදානම. න්‍යෂ්ටික අවි භාවිතයක් සිදුවුණොත් එහි බලපෑම එක් රටකට සීමා වෙන්නේ නැහැ. විකිරණශීලී දූෂණය, ආහාර සහ ජල සම්පත් විනාශය සහ පරිසර පද්ධති බිඳවැටීම මුළු ලෝකයටම බලපාන්න පුළුවන්. මේ පිළ...
Facebook Marketplace එකේ බඩුව ගන්නත් කලින් සල්ලි නැති කරගන්න එපා, Facebook හොරු අඳුරගන්න හරිම ක්‍රම මෙන්න 09.11.2026 15:12
Facebook Marketplace වංචා හඳුනාගන්නේ කෙසේද සහ අප අවධානය යොමු කළ යුතු අනතුරු ඇඟවීමේ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
ඩාවින් නිවාස මිල ගණන් ඔස්ට්‍රේලියාවේ අනෙක් නගර වලට සාපේක්ෂව පහළ යන්නෙ නැත්තේ ඇයි? 09.11.2026 17:27
ඩාවින් නුවර නිවාස වෙළඳපළ පිළිබඳ දේපළ ණය කළමනාකරණ කේෂ්ත්‍රයේ නියෝජිත ඉන්දික කත්තිරිගේ සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast
SBS සිංහල WorldWatch: ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මධ්‍යවාර මැතිවරණ පසුබෑමට සැබෑ හේතු මොනවාද? 09.11.2026 17:49
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
SBS සිංහල පුවත්: තරුණ අපරාධකරුවන් වසරක් දක්වා අනිවාර්ය රඳවාගැනීමකට වික්ටෝරිය ප්‍රාන්තයෙන් ප්‍රතිපත්ති 09.11.2026 4:54
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාව සතු ජාත්‍යන්තර සිසු ආකර්ෂණයේ පහළ යාමක්, IDP Education වාර්තාවකින් හෙළි වෙයි 09.11.2026 3:14
ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛ අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පැවති ආකර්ෂණය අඩු වී ඇති බව IDP Education ආයතනයේ නවතම වාර්තාවකින් හෙළි වුණා. එම සමීක්ෂණයට අනුව ඕස්ට්‍රේලියාව සිය පළමු අධ්‍යාපනික තේරීම ලෙස නම් කර ඇත්තේ අනාගත ජාත්‍යන්තර සිසුන්ගෙන් හතරෙන් එකකටත් අඩු පිරිසක්. සය මාසයකට පෙර එම අගය තුනෙන් එකකට වඩා ඉහළ මට්ටමක පැවතුණා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව වෙත සිසුන්ගේ කැමැත්ත ඉහළ යමින් පවතින...
ඇලස් ස්ප්‍රින්ග්ස් නගරයේ ආර්ථිකය සහ සංස්කෘතිය හැඩගස්වන දීපවාලි සමරන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් 08.11.2026 8:14
බොලිවුඩ් තරු සහ ඉන්දීය ක්‍රිකට් තරු අතහැර ඇලස් ස්ප්‍රින්ග්ස් වෙත ආ එක් අපූරු කොණ්ඩා මෝස්තර ශිල්පියෙකුගේ සුවිශේෂී සංක්‍රමණික කතාවක් අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
ආදරයට සංස්කෘතික සීමා නැති බව දන්වමින් දීපවාලියේ ආලෝකය සමඟින් අලුත් ජීවිතයකට පියනඟන රුචිතා සහ කවීෂගේ ආදරණීය කතාව 08.11.2026 7:08
මෙවර දීපවාලි උත්සවය අපට විශේෂ වන්නේ ආලෝකයෙන් පිරුණු තවත් උත්සවයක් නිසාම නොවෙයි. විවිධ සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ පවුල් පසුබිම්වලින් පැමිණි මිනිසුන් ආදරයෙන් එකට එකතු වන සුන්දර අවස්ථාවක් නිසයි.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 02 - 06 07.11.2026
නොවැම්බර් 02 වන දා සිට නොවැම්බර් 06 වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice