SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au

Autor

SBS

Categorie

News

Site-ul podcastului

www.sbs.com.au

Cel mai nou episod

18 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

ඇසිදිසි ඇඩිලේඩ්: උතුම් ශ්‍රී මහ බෝධි ශාඛා රෝපණය, නත්තල් පෙරහැරේ සූදානම, ජිතුලි සහ ඉසලගේ ගැයුම්, ක්‍රියාශීලී ඇවිදින්නන් හා ASLA ගැන මෙවර විශේෂාංගයෙන් 06.11.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: ක්ෂේත්‍රයට එනකොට හරියට සිංහලවත් බෑ මට, හැබැයි කලාවට ඒ කිසිම භේදයක් නෑ කියලා පෙන්නුවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ - දර්ශන් තවරාජා 06.11.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම් / FIFA වෙතින් ලංකාවට ජාත්‍යන්තර පාපන්දු පිටියක් / ග්ලේන් මැක්ස්වෙල්‌ගේ සමු ගැනීම 06.11.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

උත්සව සමයේ වට්ටම් පිරි සාප්පු සවාරියක්, ඕස්ට්‍රේලියානු ඩොලරය නිසා නවසීලන්තයට චාරිකාවක් 06.11.2026

ඕස්ට්‍රේලියානු ඩොලරයේ අගය වසර 13කට වැඩි කාලයකට පසු පළමු වතාවට නවසීලන්ත ඩොලර් 1යි සත 25 ඉක්මවා ගියා. ඒ අනුව නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඕස්ට්‍රේලියානුවන්ට දැන් පෙරට වඩා වාසිදායක තත්ත්වයක් උදා වෙලා. මේ අතරවාරයේ මෙවර Black Friday සහ නත්තල් සාප්පු සවාරිවලින් වැඩි මට්ටම් දැකගත හැකි බවටත් පුරෝකථන ඉදිරිපත් වී තිබෙනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: නව විෂයමාලා වෙනස්කම් අනුව ඕස්ට්‍රේලියානු පාසල්වල කෘතිම බුද්ධිය භාවිතය මර්දනයට 05.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවන වියදම් අර්බුදය ණය අර්බුදයක් වෙයිද? 05.11.2026

ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ යාමත් සමඟ දැනටමත් ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින පවුල්වලට තවත් අභියෝග මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම නිවාස ණය වාරික ඉහළ යාම සහ එදිනෙදා වියදම් පියවාගැනීමට ණය ගැනීමට සිදුවීම ගැන අවධානය යොමු වී තිබෙනවා. පොලී අනුපාත ඉහළ දමන්නේ ඇයි? ජීවන වියදම් අර්බුදය ණය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවාද? මේ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා #sbsaudiopodcast

විවිධ සංස්කෘතීන් එකමුතු කළ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේ දීපාවලි සැමරුම 05.11.2026

වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේදී පසුගියදා විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාවගේ සහභාගීත්වයෙන් දීපවාලි උත්සවයක් පැවැත්වුණා. 'Benalla Migrants Association' විසින් සංවිධානය කළ මෙම උත්සවය ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතිකත්වය සහ ප්‍රජාවන් අතර එකමුතුකම සැමරූ සුවිශේෂී අවස්ථාවක් වුණා. මෙම උත්සවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුත් විවිධ සංස්කෘතීන් සැමරීමේ වැදගත්කම සහ මෙම උත්සවය පිළිබඳ තම අත්දැකීම්...

අපේ වහරේ කතා අහුරක්: බූරුවෙක් නිසා රට්ටු කියන කතා අහන්න ගිහින් අමාරුවේ වැටුණ වෙළෙන්දා 05.11.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හැමෝම සතුටු කරන්න ගිහින් අමාරුවේ වැටුණ වෙළෙන්දෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

මැතිවරණ පසුබෑම හමුවේ ට්‍රම්ප්ගේ අලුත්ම තුරුම්පුව: ‘Veto බලය’ කියන්නේ මොකක්ද? 05.11.2026

මධ්‍යවාර මැතිවරණයෙන් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙන බව ප්‍රතිඵල පෙන්වා දෙනවා. ඒත් ඔවුන් ගෙනෙන පනත් කෙටුම්පත් තමන්ගේ ‘වීටෝ’ බලයෙන් නවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. එහෙම නම්, බහුතර බලය දිනාගත්තත් නීති සම්මත කරගන්න බැරිද? මොකක්ද මේ VETO බලය කියන්නේ? #sbsaudiopodcast

SBS සිංහල පුවත්: වසර 188ක ඉතිහාසයක් ඇති David Jones - Voluntary administration එකක 05.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ආසියාතික සංස්කෘතිය සමරන ඇඩිලේඩ් හි OzAsia Festival 04.11.2026

ආසියාතික සංගීතය, කලාව, ආහාරපාන හා සංස්කෘතික විවිධත්වය විදහාපාන ඇඩිලේඩ් හි පැවැත්වෙන OzAsia Festival සැමරුම පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

සංක්‍රමණිකයන්ට සහාය වෙමින් සංස්කෘතික සබඳතා ගොඩනඟන වික්ටෝරියා ප්‍රාන්තයේ 'Benalla Migrants Association' 04.11.2026

වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේ ජීවත් වන විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාව එකමුතු කිරීම සහ සංක්‍රමණිකයන්ට ප්‍රාදේශීය සමාජය සමඟ සම්බන්ධ වීමට සහාය වීම සඳහා Benalla Migrants Association සංවිධානය කටයුතු කරනවා. පසුගියදා බෙනල්ලා නගරයේ පැවති දීපවාලි උත්සවයත් මෙම සංගමය විසින් සංවිධානය කර තිබුණා. මෙම සංගමයේ කටයුතු මොනවාද? සංක්‍රමණික ජනතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහාය මොනවාද? මේ පිළිබඳව Benalla Migran...

උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් 04.11.2026

උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි සහ නිතික යොවුන් දරුවන් සමඟ මේ කතාබහ සිදු කලේ දිනිති බණ්ඩාරනායක. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

ආර්ථික විමසුම: මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ දැමීම ගෙදර ආර්ථිකයට බලපාන්නේ මෙහෙමයි 04.11.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව නොවැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීම හේතුවෙන් සිදු වන බලපෑම පිළිබඳවයි. #sbsaudiopodcast

යුරෝපයේ සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් – ඔස්ට්‍රේලියාවෙත් මෙහෙම වෙන්න පුළුවන්ද? 04.11.2026

අන්තර්ජාලය හරහා සුපිරි වෙළෙඳසලක ශීතකරණ පාලනය කරලා, ඒවායේ තියෙන ආහාර නරක් කරන්න පුළුවන්ද? යුරෝපයේ ස්වීඩනය සහ බෙල්ජියම යන රටවල සුපිරි වෙළෙඳසල් රැසක සිදුවූ සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙවැනි අවදානමක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. එවැනි ප්‍රහාරයක් ඕස්ට්‍රේලියාවෙත් සිදුවිය හැකිද? අපේ ආහාර සැපයුමට එයින් ඇති විය හැකි බලපෑම් මොනවාද? මේ පිළිබඳවයි අද අපි විමසා බලන්නේ.

SBS සිංහල පුවත්: නිවාස ණය පොලී තවත් ඉහළට, ණය ලබාගත් අයට තවත් පීඩනයක් 03.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.7ක් දුප්පත්, රටේ ආර්ථික දුෂ්කරතාත් ඉහලම මට්ටමක 03.11.2026

ඕස්ට්‍රේලියාව තුළ ආර්ථික දුෂ්කරතා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව (CEDA) විසින් සිදු කරන ලද නව විශ්ලේෂණයකට අනුව, මෙම තත්ත්වය නැවතත් කොවිඩ් වසංගතයෙන් පසු පැවති ඉහළම මට්ටම් ආසන්නයටම පැමිණ ඇති බව වාර්තා වේ. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

සිරිපා යන සමනළ රෑන් සිහිගන්වන සිඩ්නි නුවරුන් දුටු Bogong සළඹ ගමන 03.11.2026

ඔබ සිඩ්නි නුවර ජීවත් වෙන්නෙකු නම් ඔස්ට්‍රේලියාවට අවේණික Bogong සළඹයන් ඔබේ නිවසෙත් ලැගුම් ගන්නට ඇති. නොසිතූ මොහොතක වූ මේ පැමිණීම පසුපස කතාව, ශ්‍රී ලංකාවේ සමනළ සංක්‍රමණය සමඟ ඇති සමානකම සහ ඕස්ට්‍රේලියාවේ සළඹ විශේෂයක් පිළිබඳ නව මානයක අධ්‍යනයක් ගැනයි මේ විශේෂාංගය.

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කොහොම ද? 03.11.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය (Last Will and Testament) සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast

ළඟදීම ඕස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණනක් බඩගින්නේ, අලුත් වාර්තාවක් හෙළිකරයි 03.11.2026

Foodbank ආයතනයේ 2026 වාර්තාවකින් හෙළි වී ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් දහයෙන් හතකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසර තුළ පළමු වරට එම තත්ත්වයට මුහුණ දී ඇති බවයි. එමෙන්ම, පසුගිය මාස 12 තුළ තවත් ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට මුහුණ දී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු මහ බැංකුව අද යළිත් පොලී අනුපාතය ඉහළ නංවනු ඇතැයි පුරෝකථන පළ වේ 02.11.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියානු මහ බැංකුව තව වතාවක් මුදල් අනුපාත ඉහළ දැම්මොත් වඩාත් පීඩාවට පත් වෙන්නේ කවුද? 02.11.2026

පවතින ඉහළ උද්ධමන අගය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ බැංකුව යළිත් වරක් මුදල් අනුපාත ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා. #sbsaudiopodcast

මගේ ජීවිතයේ පළවෙනිම පුහුණුකරුවා මගේ තාත්තා, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිහිනුම් ශුරයා අකලංක එක්ක කතා බහක් 02.11.2026

ලොව සුපිරිම පිහිනුම් ශුරයින් 25 දෙනා අතර සිටින ශ්‍රී ලාංකික පිහිනුම් ශුර අකලංක පීරිස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

‘කැන්බරා අගනුවර දී පැවැත්වෙන Sri Lanka Festival ශ්‍රී ලංකා උළෙල සඳහා සියල්ල සූදානම්’ - කොමදෝරු සාගර උදයංග 02.11.2026

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Sri Lanka Festival 2026 එළඹෙන නොවැම්බර් 07 වෙනි සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. #sbsaudiopodcast

SBS සිංහල WorldWatch: මාවෝට නිග්‍රහ කලැයි චීනෙන් චෝදනා ලැබූ ම්බාප්පේ සහ පාස්පෝට් එක නිසා නිග්‍රහ සැලකුම් ලැබුණැයි Ryanair වෙත චෝදනා කල සංගා 02.11.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

Ascultă podcastul SBS Sinhala - SBS සිංහල වැඩසටහන în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice