SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
ටස්මේනියාවට ශ්‍රී ලාංකික ප්‍රසංග හා සිනමා අත්දැකීම් සමීප කරන සචිත් සහ නිමේෂ් 18.11.2026 4:48
ටස්මේනියාව තුල ශ්‍රී ලාංකේය වින්දනීය ඉසව් කළමනාකරණ ව්‍යාපාරයක නිරත වන යොවුන් ව්‍යවසායකයින් දෙදෙනෙක් වන සචිත් ගුණරත්න සහ නිමේෂ් එරංග සමග කල කතාබහ. #sbsaudiopodcast
ඔස්ට්‍රේලියාවේ දී දරුවෙක්, සහකාරියක් හෝ පවුලේ කෙනෙක් ක්‍රීඩා ඉසව්වකින් ඉහළට යන්න නම් ඒ පවුලේ අයත් විශාල කැප කිරීම් ගණනාවක් කරන්න ඕන 18.11.2026 10:06
ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ සාමාජිකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් දෙවන වැඩසටහනට සවන් දෙන්න. #sbsaudiopodcast
ආර්ථික විමසුම: පොලී අනුපාත ඉහළ දැමීමෙන් රැකියා නැති වෙන්න පුළුවන් ද? නිවාස වෙළඳපළ කඩා වැටිලා ඍණ ආර්ථිකයක් එයි ද? 18.11.2026 9:15
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු පොලී අනුපාත ඉහළ යාමෙන් රැකියා සහ නිවාස වෙළඳපළට සිදු වන බලපෑම පිළිබඳවයි. #sbsaudiopodcast
ටස්මේනියාවේ කුරුලු උණ වැඩි වෙලා ද? 18.11.2026 2:04
ටස්මේනියාවේ වන සතුන් අතර පවතින කුරුලු උණ තත්වය පිළිබඳ ප්‍රාන්ත බලධාරීන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නව නිවාස අලෙවිය සියයට 19කින් පහළට 18.11.2026 5:14
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියානු ස්වදේශික තරුණයා NT පොලිස් වෙඩි පහරින් මියයාමේ ඇත්ත කතාව, 2.6 Seconds: Death in The Outback 17.11.2026 20:01
2019 වසරේදී Northern Territory පොලිස් නිලධාරියෙකු වන Zachary Rolfe විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 19 හැවිරිදි Kumanjayi Walker මිය යාම සහ ඉන් අනතුරුව රට තුළ ඇති වූ සංවාදාත්මක තත්ත්වය ඇසුරෙන් සැකසූ වාර්තා චිත්‍රපටය දැන් SBS On Demand ඔස්සේ නැරඹිය හැකියි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast
ගෙවත්තේ හෝ මගතොටේ දී අසනීපයෙන් සිටින හෝ මියගිය කුරුල්ලෙක් හමු වුනොත් මොකද කරන්නේ? - කුරුලු උණ ගැන පැහැදිලි කරන වෛද්‍ය යුෂාරා විජේරත්න 17.11.2026 8:31
ඔස්ට්‍රේලියාව තුල මේ වන විට පැතිරී ඇති කුරුලු උණ තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම, ධීවර හා වන සම්පත් ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය යුෂාරා විජේරත්න මෙනෙවිය SBS සිංහල සේවය සමඟ කල සාකච්ඡාව. #sbsaudiopodcast
නීති පිළිසරණ: අන්තිම කැමැත්ත සකසද්දී නිරෝගීව සිටි බවට සහතික කරන්න ඕනද? අන්තිම කැමැති පත්රයකට විරෝධතාවක් හෝ අභියෝගයට ලක් කරන්න පුළුවන් ද? 17.11.2026 8:18
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කරන තුන්වැනි වැඩසටහන. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට Superannuation මුදල් ඩොලර් බිලියන ගණනක් නැවත ගෙවයි, ඔබත් ඒ අතරද 17.11.2026 3:41
2023-24 වසරේදී ඕස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසකට, ඔවුන්ට හිමි විය යුතු Superannuation ගෙවීම්වලින් ඩොලර් බිලියන 6.3ක මුදලක් අඩුවෙන් ගෙවා ඇති බව වාර්තා වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව #sbsaudiopodcast
SBS සිංහල පුවත්: ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට ලබාදෙන HPV එන්නත්කරණ අනුපාතය ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ලෙස පහළට 16.11.2026 5:39
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය 16.11.2026 5:24
වසර නවයකට වැඩි කාලයක් පවුලෙන් ඈත්ව, ඕස්ට්‍රේලියාවේ සේවය කළ චීන ජාතික ආහාර බෙදාහැරීමේ සේවකයෙකු මෙල්බර්න් නගරයේදී ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහුගේ මරණයෙන් පවුලේ සාමාජිකයින් දැඩි ශෝකයට පත්ව සිටින අතර, ඕස්ට්‍රේලියාවේ ආහාර සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවකයන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්න මතු වනවා. අද කාලීන විග්‍රහය මේ සම්බන්ධයෙන්. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවෙදි බොරු Protection වීසා දැම්මොත් වැඩ වරදී, Sponsored වීසා වලටත් අලුත් වෙනස්කම් 16.11.2026 11:27
ඕස්ට්‍රේලියාවේ Protection visa සහ employer-sponsored visa සඳහා වන අලුත්ම වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න #sbsaudiopodcast
'ඇඩිලේඩ් වල ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව ලබා දුන්න සහයෝගය නිසයි මගේ ව්‍යාපාර අද තියෙන තැනට ගේන්න පුළුවන් වුණේ' - Café Anthony අධිපති ඇන්ටන් ප්‍රනාන්දු 16.11.2026 10:41
ඇඩිලේඩ් හි ප්‍රකට ශ්‍රී ලාංකේය අවන්හලක් වන Café Anthony සහ ආහාර සැපයීමේ සේවයක් වන Anthony Caters නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු සමග කල කතාබහ. #sbsaudiopodcast
SBS සිංහල WorldWatch: හදිසි අවස්ථාවක දී භාවිතා කිරීමට අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය රැස් කර තබා ගන්නැයි ලෝක රටවල රජයන් තම ජනතාවට දැනුම් දුන්නේ ඇයි? 16.11.2026 18:16
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
ටස්මේනියාවට එන කිලෝ දහසක් බර මේ ජනප්‍රිය අමුත්තා වෙනුවෙන් රජයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් 16.11.2026 3:24
සාමාන්‍යයෙන් රටක ජනප්‍රිය පුද්ගලයෙක් යම් ප්‍රදේශයකට එනකොට විශේෂ ආරක්ෂක සැලසුම් සකස් කරනවානේ. හැබැයි ටස්මේනියා ප්‍රාන්ත රජය මෙවර විශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කරලා තියෙන්නේ මිනිසෙක් වෙනුවෙන් නෙවෙයි. කිලෝ දහසක් පමණ බර මුහුදු සීල් සත්වයෙක් වෙනුවෙන්. සමාජ මාධ්‍ය හරහා ලෝකය පුරා ජනප්‍රිය වෙලා ඉන්න Neil the Seal තමයි මේ විශේෂ අමුත්තා. ඉතින් කවුද මේ Neil? ඔහු වෙනුවෙන් රජයට විශේෂ ආරක්ෂක සැලැස්මක් හදන්න සිදුව...
SBS සිංහල පුවත්: වික්ටෝරියාවේ බාල වයස්කාර වැරදිකරුවන් විනය කඳවුරු හෝ අනිවාර්යය පුනරුත්ථාපනයට - ලිබරල් සහ කම්කරු පක්ෂයෙන් යෝජනා 15.11.2026 5:29
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට,වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද? 15.11.2026 13:39
එළඹෙන නොවැම්බර් 28 පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු කළ මත විමසුම්වලින් පෙනී යන්නේ 'වන් නේෂන්' (One Nation) පක්ෂයට ඇති සහයෝගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. නමුත් මෙහි ඇති වඩාත් විමතියට කරුණ නම්, ඔවුන්ගේ මෙම නැගී එන ජනප්‍රියත්වයට විශාල දායකත්වයක් ලැබී ඇත්තේ සංක්‍රමණික ප්රජාවන්ගෙන් වීමයි. වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියයට 30 ක් පමණ වන විවිධ සංස්කෘතික...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 09 - 13 13.11.2026 6:46
නොවැම්බර් 09 වන දා සිට නොවැම්බර් 13 වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
ක්වීන්ස්ලන්ත සැරිසර: කඨින පිංකමේ අරුත, Serendip Endowment - මව්බිමට සෙනෙහසින්, Gladstone වලින්ව ඇසෙන යොවුන් කතා මෙවර විශේෂාංගයෙන් 13.11.2026 13:48
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: ලංකාවේ සිනමාව තවමත් ප්‍රේක්ෂකයින්ට වෙනස් දෙයක් දෙන්න බයයි - ඩිනාරා පුංචිහේවා 13.11.2026 7:53
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්‍රීඩා විග්‍රහය: යොවුන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ ලහිරු අචින්ත / 'යාපනේ හදන්න යන ක්‍රිකට් පිට්ටනිය වතුරට යට වෙන කතාව බොරුවක්' - ක්‍රීඩා ඇමති / කවාජාගේ හෙළිදරව්ව 13.11.2026 8:58
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
අපේ ජීවිතය තාක්ෂණය මත ඕනෑවට වඩා රඳා පවතිනවාද? 13.11.2026 4:53
2026 නොවැම්බර් 13 වෙනිදා ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා පරිගණක පරිශීලකයන් රැසකට බලපෑම් එල්ල කරමින් Microsoft සමාගමේ සේවාවන්හි ගෝලීය බිඳවැටීමක් වාර්තා වීමත් සමඟ තාක්ෂණය මත අපේ ජීවිත ඕනෙවටත් වඩා රඳා පවතිනවද යන්න පිළිබඳව SBS සිංහල වෙතින් විමසුමක්
අපේ ජීවිතය තාක්ෂණය මත ඕනෑවට වඩා රඳා පවතිනවාද? 13.11.2026 4:53
2026 නොවැම්බර් 13 වෙනිදා ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා පරිගණක පරිශීලකයන් රැසකට බලපෑම් එල්ල කරමින් Microsoft සමාගමේ සේවාවන්හි ගෝලීය බිඳවැටීමක් වාර්තා වීමත් සමඟ තාක්ෂණය මත අපේ ජීවිත ඕනෙවටත් වඩා රඳා පවතිනවද යන්න පිළිබඳව SBS සිංහල වෙතින් විමසුමක්
SBS සිංහල පුවත්: ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ අයට එය නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා රජයෙන් යෝජනාවක් 12.11.2026 5:35
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ පාසල්වල ඩිජිටල් තිර භාවිතය සීමා කිරීමට පියවර 12.11.2026 7:11
ඔබේ දරුවා පාසලේදී වැඩිපුර ඉගෙනගන්නේ පොත්පත්වලින්ද? නැත්නම් ලැප්ටොප් එකෙන්, ටැබ්ලට් එකෙන්ද? දරුවන්ගේ ඉගෙනීමට තාක්ෂණය යොදාගැනීම වසර ගණනාවක් තිස්සේ දිරිමත් කළ ඕස්ට්‍රේලියාව, දැන් පාසල්වල ඩිජිටල් තිර භාවිතය සීමා කරන්න පියවර ගනිමින් ඉන්නවා. ඉතින් මේ වෙනස්කම් මොනවාද? ඔබේ දරුවාට ඒවා බලපාන්නේ කොහොමද? ඒ ගැනයි අද අපි කතා කරන්නේ. #sbsaudiopodcast
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice