SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

ඔස්ට්‍රේලියාවට එන නිපුනතා සහිත සංක්‍රමණිකයින් සේවා යෝජකයින් සමඟ සම්බන්ධ කෙරෙන වැඩ සටහනක් ගැන තොරතුරු මෙන්න 28.05.2025

ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්‍රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Community Corporate ආයතනය විසින් සංක...

ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල විදුලි බිල්පත් වැඩි වෙන්නේ මෙහෙමයි 28.05.2025

ජූලි 1වන දා සිට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වැසියන් හට සිය වාර්ෂික විදුලි බිල්පතෙහි වැඩිවීමක් දක්නට ලැබීමේ හැකියාවක් ඇති බව වාර්තා වනවා. සීත සෘතුවේ ආගමනයත් සමඟ, ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට සිය විදුලි බිල්පත් සියයට 3 සිට සියයට 10 දක්වා වැඩිවනු දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Stolen Generation වෙත වන්දි ලබා දීමේ නව වැඩසටහනක් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයෙන්: Reconciliation Week 28.05.2025

වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් වනවා...

SBS සිංහල Newsflash මැයි 28: නෝර්ත්ලන්ඩ් සාප්පු සංකීර්ණයේ ගැටුම සම්බන්ධයෙන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට 28.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 28 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේදී Autism සහ ADHD යන දෙකම එකවර හඳුනාගත හැකිද, තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 27 27.05.2025

සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇති බව හෙළිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද ක...

SBS සිංහල Newsflash මැයි 27: NSW ප්‍රාන්තයේ ගංවතුර ඇතිවූ ප්‍රදේශවල සොරකම් බහුල විය හැකි බව පොලිසිය පවසයි 27.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 27 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

සීත කාලයේ ඔබගේ සමේ ඇති විය හැකි තත්ත්වයන්, සමේ ආරක්ෂාව සහ ආලේපන වර්ග පිළිබඳ දැනගත යුතු දේවල් මෙන්න 26.05.2025

සීතල අධික කාලවල දී උගුර, කන, නාසය ආශ්‍රිත රෝග පිළිබඳ අපි සැලකිලිමත් වනවා. ඒ හා සමානව ම සමෙහි සෞඛ්‍යය තත්ත්වය ද සැලකිල්ලට ගතයුතු වනවා. සීතල කාලගුණික තත්ත්වයන් හමුවේ සමෙහි ඇතිවිය හැකි තත්ත්වයන්, ඉන් ආරක්ෂා වීම සහ, වෙළඳපොළෙන් ආලේපන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේ පෙදෙසෙහි වෙසෙන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලාන් වල්ගම...

මාලනී ෆොන්සේකා නිලි රැජිණ රාජ්‍ය ගෞරව සහිතව අද අවසන් ගමන් යයි: මවුබිමෙන් පුවත් 26.05.2025

අද - මැයි මස 26 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash මැයි 26: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් 32000කට පමණ තව දුරටත් බලපෑම් 26.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 26 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 19 - මැයි 23 23.05.2025

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්වය, මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිවේදනය කිරීම සහ ලිබරල් සන්ධානයෙන් නැෂනල්ස් පක්ෂය වෙන්වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 19 වනදා සිට මැයි 23 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

IPL ඉතිරි තරඟ සඳහා චරිත අසලංක සහ කුසල් මෙන්ඩිස් ඇතුලත් කර ගැනේ: ක්‍රීඩා විග්‍රහය 23.05.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

SBS සිංහල Newsflash මැයි 23: මැතිවරණයෙන් පසුව ප්‍රථම පාර්ලිමේන්තු සැසි වාරය ජූලි 22 පවත්වන බව අගමැති පවසයි 23.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 23 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි 23.05.2025

ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංග...

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා වන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න 22.05.2025

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න 22.05.2025

ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍...

ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න 22.05.2025

ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියාන...

ගාසා වලට අත්‍යවශ්‍ය ආහාර නොලැබුනොත් ළමා ජීවිත 14,000ක් අනතුරේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකරයි: ලොව වටා 22.05.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන මානසික බලපෑම් සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ දැනගමු 22.05.2025

මැයි මාසය, ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ මාසය ලෙස ඕස්ට්‍රේලියාව නම් කර තිබෙනවා. මේ මාසය තුළ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂයෙන් දැනුවත් කිරීම් කළත්, අවුරුද්දේ මාසයකට පමණක් සීමා නොවී මේ පිළිබඳ කතා කළ හැකි, දැනුවත් විය හැකි පසුබිමක් ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවා. ගෘහස්ත සහ පවුල් ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන මානසික බලපෑම සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ SBS සිංහල සේව...

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය 22.05.2025

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම ඉහළ යමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ආයතන තුනෙන් දෙකක් පමණ ආයතනික බඳවාගැනීම්වලට මෙම තාක්ෂණය භාවිත කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ සමඟම වෙනස් කොට සැලකීමට ඇති අවදානම් පිළිබඳව ද කතාබහක් ඇති වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

SBS සිංහල Newsflash මැයි 22: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තට ඇතිවූ ගංවතුර හේතුවෙන් 50,000කට පමණ බලපෑම් එල්ලවේ 22.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 22 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

SBS සිංහල Newsflash මැයි 21: බැංකු විසින් පොලී අනුපාත කප්පාදුවේ වාසිය ජනතාවට ලබාදෙන දින වකවානු හෙළිකරයි 21.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 21 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burns නිසා ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ මෙහෙමයි 20.05.2025

ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන ලැව්ගිනි සම්බන්ද පරිසර විද්‍යාඥයෙකු වන අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20 20.05.2025

ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතාවය රහසිගතව තබාගනිමින් ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව...

Mental health conditions related to family violence, domestic violence, separation and divorce - ඔස්ට්‍රේලියාව තුල පවුල් හිංසනය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඇති සහන සේවා ගැන දැනුවත් වන්න අත්වැලක් 20.05.2025

Listen to the SBS Sinhala radio interview with Iresha Kariyawasam, Registered mindfulness and meditation teacher and Registered counsellor in Melbourne talking on the importance of reaching mental health services for those who suffer from family violence. - පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න, මෙල්බර්න් හි ලියාපද...

SBS සිංහල Newsflash මැයි 20: නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයහපත් කාලගුණය සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීම් 20.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 20 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos