SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained 20.05.2025

Tutoring is a booming industry in Australia, with over 80,000 tutors nationwide. Migrant families often spend big on tutoring, seeing education as the key to success. However, choosing the right tutor is essential to ensure a positive experience and real benefits for your child. - උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින රැකියා කර්මාන්තයක් වෙනවා. රට පුරා මේ ව...

ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙන් සමාජයට පමණක් නොවෙයි තමන්ටත් සැලසෙන වාසි ගැන දැනගනිමු 19.05.2025

ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ Volunteering Australia හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්

යුධ ජයග්‍රහණයේ වාර්ෂික සැමරීමට ජනපති අනුර සහභාගී වන බවට තහවුරු වේ: මවුබිමෙන් පුවත් 19.05.2025

අද - මැයි මස 19 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණීමට අවශ්‍යවන balance of family test පරීක්ෂණය ගැන තොරතුරු මෙන්න 19.05.2025

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්තාව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...

ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි කිරීම සඳහා වූ පනතක් NSW පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි: කාලින විග්‍රහය මැයි 19 19.05.2025

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇමන්ඩා කොන් විසින් නීති කෙටුම්පත සභ...

SBS සිංහල Newsflash මැයි 19: පොලී අනුපාත ගැන තීරණය කිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකු නිලධාරීන් අද රැස්වේ 19.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 19 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි 18.05.2025

ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳුණහොත් ඇති වන අවදානම් තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙ...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 12 - මැයි 16 16.05.2025

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසිගේ ඉන්දුනීසියානු සංචාරය, ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට නව නායකයින් පත්වීම සහ ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පිලිබඳව නව දත්ත නිකුත් වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 12 වනදා සිට මැයි 16 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ලාංකික සහ චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිරික්සීමට කල අපූරු වැඩමුළුව 16.05.2025

මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකික - චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිලිබඳ පර්යේෂණයක් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර තරුපති මුණසිංහ මහතා ඒ පිළිබඳව SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු මෙම සාකච්ඡාවෙන්.

කාන්තා Tri-Nation අවසන් තරඟය ඉන්දියාවට පැරදුනු හේතු තුනක් පුහුණුකරු රොමේෂ් රත්නායක හෙළිකරයි: ක්‍රීඩා විග්‍රහය 16.05.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂ කණ්ඩායම් වල පොදු සංධානයක් සෑදීම රනිල්ගේ මුලිකත්වයෙන්: මවුබිමෙන් පුවත් 16.05.2025

අද - මැයි මස 16 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash මැයි 16: ඉන්දුනීසියාව සමග ආරක්‍ෂක සබඳතා පුළුල් විය යුතු බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි 16.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 16 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමු 15.05.2025

ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ට්‍රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා' 15.05.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15 15.05.2025

ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට පක්ෂ නායකත්වයට කාන්තාවක් පත්වෙලා තියෙනවා. මේ හරහා ඉදිරියෙදී ලිබරල් පක්ෂයේ කාන්තා ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇති. කෙසේ උවත් කාන්තාවක් නායකත්වයට පත්වූ පමණින් කාන්තා ඡන්ද දිනා ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇති බව විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න 15.05.2025

ශිෂ්‍ය වීසාවලින් පසු අයදුම් කරන 485 තාවකාලික වීසා පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වූ දැනුමකින් සිටීම වැදගත් වනවා. 485 වීසා බලපත්‍රයක අවසාන කාලයට ළඟා වූ කෙනෙකුට ඉන් පසු ඇති අවස්ථා පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි සංක්‍රමණ නියෝජිත නදුන් හේවා විදාන සමඟ සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash මැයි 15: ග්‍රීන්ස් පක්ෂය නව නායකයෙකු පත් කරගැනීම උදෙසා අද රැස්වෙයි 15.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.

මිනිස් සංගීත නාද රටාවලට සමීපව චිම්පන්සීන් තාලයට බෙර වයන බවට පර්යේෂණයකින් හෙළි වෙයි 15.05.2025

ගස්වල කඳන්වලට තට්ටු කිරීමේ දී චිම්පන්සීන් එය තාලයකට අනුව සිදු කරන බව නව පර්යේෂණයක් අනාවරණය කරනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ චිම්පන්සීන් ඔවුන්ට ආවේණික බෙර ශෛලියක් පෙන්නුම් කළ බවට ද අතීත පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න 14.05.2025

නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්...

SBS සිංහල Newsflash මැයි 14: ඉන්දුනීසියානු ජනාධිපති හමුවීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වේ 14.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 14 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

නිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්න 13.05.2025

ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච...

How to enjoy Australia’s wilderness areas responsibly - වගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained 13.05.2025

Australia’s beautiful landscape is home to a stunning array of native plants and wildlife, and if you’re heading out to explore, it’s important to be a careful and respectful visitor. - වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ල...

SBS සිංහල Newsflash මැයි 13: ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නායකත්වය සලකුණු කරමින් සුසන් ලී නායකත්වයට පත්වෙයි 13.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 13 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13 13.05.2025

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

මන්ත්‍රී සහ ඇමති වරප්‍රසාද කප්පාදු කිරීමට හේෂා ගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්: මවුබිමෙන් පුවත් 12.05.2025

අද - මැයි මස 12 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos