SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

'මම මින් ඉදිරියට උතුරු කොරියාවත් එක්ක මිත්‍රව කටයුතු කරනවා', අලුත් දකුණු කොරියානු ජනපති කියයි: 'ලොව වටා' 05.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඔස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාට හොඳ පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න 04.06.2025

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබ විසින් ඔබේ දරුවාට සුදුසු පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්න තමන්ගේ ගෙවතු වගා සකස් කර ගන්නේ මෙහෙමයි 04.06.2025

ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල Newsflash ජූනි 04: මිලියන තුනකට ආසන්න අඩු වැටුප් ලබන සේවකයින්ට 3.5%ක වැටුප් වැඩිවීමක් 04.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 04වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සීත කාලයේදී ක්‍රියාශීලීව හිඳිමින් ශරීර සුවතාව පවත්වා ගන්න ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න 03.06.2025

ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජ...

Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න 03.06.2025

Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඔබේ අසනීප වූ දරුවාට ඕස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිකාර අංශ වලින් ප්‍රතිකාර දෙන්නේ මෙහෙමයි: Australia Explained 03.06.2025

ඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

SBS සිංහල Newsflash ජූනි 03: ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ රක්ෂණ බිල් ඉහල යා හැකි බවට අනාවැකි 03.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ආරක්ෂක වියදම් ඉහල දමන ලෙස ඇමරිකාවෙන් කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි: කාලීන විග්‍රහය 03.06.2025

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහළ දමන ලෙස ඇමරිකාව විසින් කළ ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව විසින් ඕස්ට්‍රේලියානු වනේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ බදු ඉවත් කරගැනීම පිළිබඳව සිදුකරන සාකච්ඡා අතරතුර මෙම සිදුවීම වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

ඉන්න කුලී නිවසෙම සිටියත් වෙනත් පෙදෙසකට ගියත් නිවාස කුලිය ඉහල යාම දැන් පොදු කරුණක්, නවතම දත්ත වාර්තා කියයි 02.06.2025

ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

'අපි ඉක්මනටම ලංකාවේ අපරාධ ජාලය නැති කරනවා, පොඩි කාලයක් දෙන්න', ජනපති අනුර කියයි : මවුබිමෙන් පුවත් 02.06.2025

අද - ජූනි මස 02 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූනි 02 : 'ට්‍රම්ප්ගේ අලුත් තීරුබදු පැනවීම නුසුදුසු වැඩක්', අගමැති ඇල්බනීසි කියයි 02.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 02.06.2025

පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙ...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 26 - මැයි 30 30.05.2025

ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් සහ සම්මේලන වලට ක්‍රීඩා ඇමතිගෙන් නව රෙගුලාසි මාලාවක්: ක්‍රීඩා විග්‍රහය 30.05.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

IBD රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන් ගණන ඉදිරි වසර 10 තුළ 200,000ක් දක්වා ඉහළ යා හැකියි, වාර්තාවක් කියයි 30.05.2025

ආන්ත්‍රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. අද ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

'කොළඹ බලය අපි ගොඩනගලා ඉවරයි' කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත කියයි : මවුබිමෙන් පුවත් 30.05.2025

අද - මැයි මස 30 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

දින 8ක වෙන්වීමකින් පසු ලිබරල් සහ National පක්ෂ යලිත් එක්වෙයි: කාලීන විග්‍රහය 30.05.2025

ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash මැයි 30: ඇමරිකානු බදු ඉවත්කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඉදිරියටත් කටයුතු කරන බව රජය පවසයි 30.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 30 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

අශ්ලීල ආර්ථිකයේ අවස්ථාවාදියා, 'බහුචිතවාදියා' චිත්‍රපටය ගැනයි මෙවර නොදුටු සිනමාව 29.05.2025

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල 'බහුචිතවදියා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්

ඇල්සයිමර් තත්වය සඳහා ඔස්ට්‍රේලියාව විසින් අනුමත කල නව ඖෂධය ගැන තොරතුරු මෙන්න 29.05.2025

ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේ මිලියන භාගයකට පමණ ඇති බවට අනුමාන කරන අක්‍රමවත් හෘද ස්පන්දන තත්වයක් ගැන තොරතුරු: කාලීන විග්‍රහය 29.05.2025

ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්ව වල වඩාත් සුලභ වර්ගය වන AF (atrial fibrillation) තත්වය සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ උවත් මෙම තත්වය පවතින අයගෙන් 30%ක් පමණ දෙනා එම තත්වය තමන්ට ඇති බව නොදැන සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. මෙම තත්වය නිසා ඔවුන් වයසට යන විට ඩිමෙන්ෂියා සහ හෘදයාබාධය ඇතිවීමේ දැඩි අවධානමක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අප...

මිනිස් සිතෙහි සංකීර්ණ ස්වභාවය පිළිබඳ සරල බසින් ගැයෙන ගීයක් සිඩ්නි නුවරින්: මගේ ගීතය 29.05.2025

මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයන්, ගායකයන් සහ සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන සාරංග ජයවර්ධන ගායනා කරන ගීතයක් පිළිබඳවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියානු ජනපති පුටින්ට අනතුරු ඇඟවීමක්: 'ලොව වටා' 29.05.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

SBS සිංහල Newsflash මැයි 29: ගංවතුර නිසා කොටු වී සිටින ප්‍රජාවට අඛණ්ඩව භාණ්ඩ සපයන බව NSW හදිසි සේවා අංශ කියයි 29.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos