SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

'නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම මම දිගටම කරනවා',ඇමරිකා ජනපති ට්‍රම්ප් කියයි: 'ලොව වටා' 12.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Afterpay සහ Zip වැනි සේවා සඳහා හඳුන්වා දුන් නව නීති ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 12.06.2025

Afterpay, Zip වැනි පහසු ගෙවීමේ සේවා සපයන ඕස්ට්‍රේලියාවේ විවිධ සේවාවන් සඳහා රජය විසින් නව නීති පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙම සේවාවන්ද සාමාන්‍ය ණයපත් එනම් ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් ණය ලබාගන්නා පුද්ගලයා පිලිබඳ සිදුකරන සොයාබැලීම් එනම් credit checks සිදුකිරීම වැනි වගකීම් සහගත ලෙස නය ලබාදීමට අදාළ ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම ආයතන වලට සිදුවනවා.ඕස්ට්‍රේලියානුවන් 40%ක් පමණ මෙම ස...

මේ සීත කාලයේදී විදුලි සහ ගෑස් බිල් පාලනය කරගන්න මේ ගැනත් දැනගන්න 11.06.2025

බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කරමින් ශීත සෘතුවේ වැඩි වන බිල්පත් පාලනය කරගන්නා ආකාරය දැන ගන්න මෙම සාකච්චාවට සවන් දෙන්න

ගෝලීයව පිළිගත් ජයග්‍රහණ ඇති අයට, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචියට නව මාවතක් 11.06.2025

පර්යේෂණ, ව්‍යවසායක, ආයෝජන සහ නිර්මාණශීලී වෘත්තිකයින් සඳහා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය National Innovation Visa වැඩසටහන මේ වනවිට විවෘත කොට තිබෙනවා. මේ ඔස්සේ කලා, ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කළ හැකියි. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 11: ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍යයත්, ළමා රැකවරණයත් දැන් රජයේ ප්‍රමුඛතාවය බව අගමැති කියයි 11.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

How to avoid romance scams in Australia - ඕස්ට්‍රේලියාවේ සිදුවන Romance scams වලින් ආරක්ෂා වන්නේ කොහොමද: Australia Explained 10.06.2025

Last year alone, over 3,200 romance scams were reported by Australians, resulting in losses of more than 23 million dollars. Three experts explain how scammers operate, the red flags to watch for, and what to do if you’re the victim of a romance scam. - පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියානුවන් Romance scams හෙවත් ප්‍රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන්...

SBS සිංහල Newsflash ජූනි 10: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල අධික හිම පතන නිසා සිර වී සිටි පිරිස් මුදා ගැනේ 10.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වැඩිහිටියන්ගේ අයිතීන් මුල් කරගත් Aged Care පනතේ සිදුවන වෙනස්කම් මෙන්න 10.06.2025

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිව...

ඕස්ට්‍රේලියාවේ කොරල්පර විනාශ වීමේ අවදානමක් ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි: කාලීන විග්‍රහය ජූනි 10 10.06.2025

ජුනි මාසයට යෙදී තිබුන ලෝක සාගර දිනය නිමිත්තෙන් ගෝලීය නායකයින් තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව සඳහා ප්‍රංශය වෙත ගොස් සිටිනවා. ලෝක සාගර දිනය යෙදුන මේ මාසයේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් ඕස්ට්‍රේලියාවේ කොරල්පර වල තත්වය ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

සමාජ සේවා සඳහා ලබාදෙන ඉහලම සම්මානයෙන් පිදුම් ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයා ගැන තොරතුරු මෙන්න 09.06.2025

තම ප්‍රජාවේ අයට සිදුකරන ලද විශිෂ්ට සේවයට හෝ තම ක්ෂේශ්ත්‍රයේ ලබන සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන ගෞරවණීය සම්මානයක් තමයි The Medal of the Order of Australia සම්මානය. මේ වසරේ මෙම සම්මානය General Division යන කාණ්ඩයෙන් ජයග්‍රහණ කිරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයකු සමත් වී තිබෙනවා. මේ සම්මානයෙන් පිදුම් ලද විද්‍යාසගරන් හරන් රාමචන්ද්‍රන් මහතා සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Superannuation ගිණුම් සඳහා වන යෝජිත නව බදු ප්‍රතිපත්තිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය ජූනි 09 09.06.2025

ඇතැම් superannuation ගිණුම් සඳහා වන බදු පැනවීම සම්බන්ධයෙන් වන ලේබර් රජයේ යෝජනා ගැන සමාජයේ ඇතැම් පිරිස් අතර යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙම බදු පැනවෙන්නේ කොහොමද, බදු පැනවීමේ ප්‍රතිශතය කුමක්ද වැනි කාරණා ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල Newsflash ජූනි 09: ඕස්ට්‍රේලියාවේ ඛනිජ, ඇමරිකාවේ බදු අඩුකරන්න යොදාගන්නැයි විපක්ෂයෙන් යෝජනාවක් 09.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'නීතියට අනුව නිදහස් කරපු බහාලුම් 323 ගැන අපි නැවතත් පරීක්ෂණ කරනවා', ශ්‍රී ලංකා රේගුව කියයි: මවුබිමෙන් පුවත් 09.06.2025

අද - ජූනි මස 09 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06 06.06.2025

ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

ලාංකික පසුබිමකින් පැමිණ ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක වූ Onella 06.06.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික පසුබිමක් තිබෙන නිරූපිකාවක වන Onella Muralidharan ගැන තොරතුරු දැනගන්න මේ විශේෂන්ගයට සවන්දෙන්න.

'අපි කාටවත් පක්ෂව ගැසට් ගහන්නේ නැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කියයි: ක්‍රීඩා විග්‍රහය 06.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'විනාස වුන පරිසරය යළි ගොඩනැගීම හැමෝගෙම පොදු වගකීමක්', පරිසර දිනයේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 06 06.06.2025

අද - ජූනි මස 06 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06 06.06.2025

ටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 06: මේ වසරේ පළමු කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධනය 0.2%ක් පමණක් බව වාර්තා වේ 06.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Facebook Marketplace එකේ සිදුවන වංචා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් කිහිපයක් මෙන්න 05.06.2025

Facebook Marketplace එකේ සිදුවන වංචා ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි 05.06.2025

පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..

ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද 05.06.2025

ඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක පාඩුවක් 05.06.2025

පසුගිය කාලයේ වාර්තා වූ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් සිදුවූ අලභානිය ඩොලර් බිලියන 2.2ක් පමණ වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව රටක් වශයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ප්‍රජා නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ දේශගුණික විපර්යාස පිලිබඳ පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර ත...

SBS සිංහල Newsflash ජූනි 05: විශ්වාසභංගයක් හේතුවෙන් ටස්මේනියාව හදිසි මැතිවරණයකට එළැඹෙන ලකුණු 05.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ශීත ඍතුවේදී අපේ සම දැඩි ලෙස වියලෙන්නේ ඇයි සහ ඒ සඳහා කල හැකි ප්‍රතිකාර ගැන දැනගනිමු 05.06.2025

ශීත ඍතුවේදී සම වියලීමට ලක්වීම පිළිබඳව සහ එය වලක්වාගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos