SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

SBS සිංහල Newsflash ජූනි 20: ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ඕස්ට්‍රේලියානුවන් මුදවා ගැනීමේ කටයුතු දිගටම 20.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 20 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබේ සුදුසුකම් පරීක්ෂා කිරීමට AI තාක්ෂනය භාවිතා වන ආකාරය ගැන තොරතුරු මෙන්න 19.06.2025

ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබගේ සුදුසුකම් පිළිබඳව අධ්‍යයනය කුත්‍රිම බුද්ධිය එනම් AI තාක්ෂනය භාවිතා වීම බහුලව අපට දක්නට ලැබෙනවා. වර්තමානය වන විට රැකියාවකට සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල ආයතන විසින් AI තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

මත්ද්‍රව්‍ය වල ඇති අනතුරුදායක රසායනික ද්‍රව්‍ය පරීක්ෂාකර ගැනීමට වික්ටෝරියාවේ නව මධ්‍යස්ථානයක්: කාලීන විග්‍රහය 19.06.2025

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ට...

සීත කාලයේ දී වැඩිහිටියන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වන බලපෑම් සහ කල් තියා කළ යුතු දේ පිළිබඳ දැනුවත් වෙමු 19.06.2025

සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ජූනි 19: ආර්ථික අභියෝගවලට මුහුණ දීමට බදු වෙනස්කම් අත්‍යවශ්‍ය බව භාණ්ඩාගාරික චාමර්ස් පවසයි 19.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඊශ්‍රායල ඉරාන යුද්ධය තවත් අවුළුවමින් ඉරානයෙන් ඊශ්‍රායලයට Hypersonic මිසයිල ප්‍රහාර: 'ලොව වටා' 19.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

SBS සිංහල Newsflash ජූනි 18: ඕස්ට්‍රේලියානු ආර්ථිකය ගැන ඉදිරි සැලසුම් භාණ්ඩාගාරිකවරයා විසින් අද ඉදිරිපත් කරයි 18.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

සමුද්‍ර දූෂණය වැලක්වීමට ජාත්‍යන්තර වශයෙන් නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාවත් සහාය දක්වයි: කාලීන විග්‍රහය ජූනි 17 17.06.2025

සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්‍ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු කලාපවල සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල Newsflash ජූනි 17: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් 17.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Your guide to snow trips in Australia - ඕස්ට්‍රේලියාවේ හිම බලන්න යද්දී ඔබ දැනගතයුතු වැදගත්ම දේවල් මෙන්න: Australia Explained 17.06.2025

Australia may be known for its beaches, but its snowfields offer unforgettable winter experiences—whether you're skiing, tobogganing, throwing snowballs, or seeing snow for the very first time. In this episode, we’ll guide you through everything you need to know for a snow trip, from what to pack and where to go, to how to stay safe, warm, and ready for fun. - මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට ය...

රෝගීන්ගෙන් අධික ගාස්තු අය කරන විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දෙන මෙඩිකෙයාර් ප්‍රතිලාභ අත්හිටුවීමට යෝජනාවක් 16.06.2025

විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු අධික වීම නිසා මිලියන දෙකක් පමණ වූ ඕස්ට්‍රේලියානුවන් වෛද්‍ය සේවා ලබා ගැනීම කල් දැමීම හෝ මග හැරීම සිදු කරනවා. නව වාර්තාවක් විසින් යෝජනා කරන්නේ දැරිය නොහැකි ගාස්තු අය කරන වෛද්‍යවරුන් වෙත හිමිවන මෙඩිකෙයාර් ප්‍රතිලාභය කප්පාදු කිරීම මෙයට විසඳුමක් වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

මේ සීත කාලයේ රුධිර සීනි මට්ටම පාලනය කරගනිමින් දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු 16.06.2025

මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්‍රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.

ලංකාවේ රෝගීන්ට විශාල ඖෂධ හිඟයක්, විපක්ෂ නායක සජිත්ගෙන් හෙළිදරව්වක්: මවුබිමෙන් පුවත් ජූනි 16 16.06.2025

අද - ජූනි මස 16 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen රැසක් නිසි ප්‍රමිතියට නැතැයි නවතම වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය ජූනි 16 16.06.2025

අධ්‍යයනයට යොදාගත් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen නිෂ්පාදන 20 න් හතරක් පමණක් හිරු ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශ සපුරාලන බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.පාරිභෝගික උපදේශක කණ්ඩායමක් වන CHOICE හි නව වාර්තාවක් මේ බව හෙළිදක්වා ඇති අතර මෙම සොයාගැනීම් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ දැඩි අවදානයටත් කනස්සල්ලටත් පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල Newsflash ජූනි 16: G7 සමුළුව අතරතුර ඕස්ට්‍රේලියානු අගමැති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් 16.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ ශීත කාලයත් එක්ක මේ වෙද්දී ව්‍යාප්ත වෙන අලුත් කොවිඩ් ප්‍රභේධය ඇත්තටම භයානකද, තොරතුරු මෙන්න 15.06.2025

ඕස්ට්‍රේලියාවට මේ වනවිට ආරම්භ වී තිබෙන ශිත සෘතුවත් සමග NB.1.8.1 variant වශයෙන් හැඳින්වෙන නව කොව්ඩ් ප්‍රභේධ ව්‍යාප්තිය භයානකද සහ එමගින් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 09 - ජුනි 13 13.06.2025

ඔස්ට්‍රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බවට ෆෙඩරල් විපක්ෂය පැවසීම, IVF වැනි සේවා ලබාදෙන සායන සඳහා නව ජාතික මට්ටමේ නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සහාය දැක්වීම මෙන්ම රුධිරය දන්දීම සඳහා උනන්දු වන ලෙසට රතු කුරුස සංවිධානයෙන් ඕස්ට්‍රේලියානු ජනතාවට සිදුකරන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු ජුනි 09 වනදා සිට ජුනි 13 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

Best before ලේබල් වල අපැහැදිලි බව නිසා ඕස්ට්‍රේලියානු පවුලකට වසරකට ඩොලර් 2500ක් අහිමි වෙලා, වාර්තාවක් කියයි 13.06.2025

ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්‍ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් සිදු වනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

පුරුෂයින්ගේ යහපැවැත්මට, සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍යම ඇයි 13.06.2025

2025 ජූනි මස 9 සිට ජුනි 15 දක්වා යෙදෙන Men's health week හෙවත් "පිරිමි සෞඛ්‍ය සතිය"ට සමගාමීව පුරුෂයින්ගේ ජීවිත තුළ සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි සහ ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල Newsflash ජූනි 13: ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරින් එක් ගුවන් මගියකු පමණක් දිවි ගලවා ගනී 13.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කමිඳුට සහ චමරිට සම්මාන රැසක් : ක්‍රීඩා විග්‍රහය 13.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

අතීත මිතුදම යලි ගොඩනගමින් ආර්ථිකය දියුණු කරගන්න ශ්‍රී ලංකා ජර්මන් ජනපති හමුවේදී සාකච්චා: මවුබිමෙන් පුවත් 13.06.2025

අද - ජූනි මස 13 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ට්‍රම්ප්ගේ තීරණ නිසා ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්‍රහය 13.06.2025

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අ...

ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්වය පිළිබඳ දැනගමු 12.06.2025

සමේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චර්ම ප්‍රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් වනවා. මෙහි රෝග ලක්ෂණ, මෙය ඇතිවීමට බලපාන හේතු සහ stress-related eczema පාලනය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ජූනි 12: ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණයට දින නියම වෙයි 12.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos