SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

විෂ සහිත ඇල්ගී විශේෂයක් නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ සාගර ජීවින් සහ ධීවර කර්මාන්තය දැඩි අනතුරක: කාලීන විග්‍රහය 11.07.2025

දකුණු ඕස්ට්‍රේලියානු මුහුදු ජලයේ විෂ සහිත ඇල්ගී විශේෂයක් පැතිරෙමින් පවතින අතර එය සමුද්‍ර ජීවීන්ට හානි කරමින් ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ල කරන තත්ත්වයක් උදා කර තිබෙනවා. මේ පැතිරීම නිසා දිගුකාලීන හානියක් සිදුවිය හැකි බවට විශේෂඥයන් සිය මත පළ කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'ඇමරිකාවේ බදු අපේ රටේ ක්ෂේස්ත්‍ර වලට කරන්නේ ලොකු සෘණාත්මක බලපෑමක්', විපක්ෂ නායක කියයි:මවුබිමෙන් පුවත් ජූලි 11 11.07.2025

අද - ජූලි මස 11 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 11: ASEAN සාමාජික රටවල් සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ 11.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න 10.07.2025

සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරො...

26 වන වතාවට පැවති ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව සිදුවන තල්මස් සංගණනය පිලිබඳ තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 10.07.2025

ඕස්ට්‍රේලියාවේ මිනිසුන් සඳහා පමණක් නොව තල්මසුන් සඳහාද සංගණනයක් පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් 26 වෙනි වාර්ෂික තල්මස් සංගණනය සිදු කොට තිබෙනවා. මෙහිදී 2023 වසරට වඩා වැඩි තල්මසුන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව දක්නට ලැබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

යහපත් ජීවන තත්ත්වයන් උදා කරන තිරසර ප්‍රවාහනය හෙවත් Sustainable Transportation පිළිබඳ දැනුවත් වෙමු 10.07.2025

ජූලි 11වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමිව ප්‍රවාහන කටයුතු සහ ගමනාගමනය තිරසරව සිදු කිරීම හෙවත් Sustainable Transportation පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ජූලි 10: ඕස්ට්‍රේලියාව පුරා කුලී නිවාස හිඟයක් පවතින බව වාර්තාවක් හෙළි කරයි 10.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඇමරිකාවේ පාසල් ළමුන් ඇතුළු100කට වැඩි පිරිසක් මියගිය ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්: 'ලොව වටා' 09.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක aged care nurse කෙනෙකු වන විදිය ගැන වැදගත් තොරතුරු මෙන්න 09.07.2025

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක හෙද වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරු SBS සිංහල සේවය විසින් සිදුකල මෙම සාකච්චාවෙන් ඔබට ගෙන එනවා.

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි 09.07.2025

මෙවර මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහ බැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 09: පොලී අනුපාත කප්පාදු නොකිරීමට ගත් තීරණය ගැන මහබැංකු ආණ්ඩුකාරවරිය අදහස් දක්වයි 09.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

First Nations representation in media: What’s changing, why it matters - ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුළ ස්වදේශික ප්‍රජාවේ නියෝජනය සහ එහි වැදගත්කම: Australia Explained 08.07.2025

The representation of Indigenous Australians in media has historically been shaped by stereotypes and exclusion, but this is gradually changing. Indigenous platforms like National Indigenous Television (NITV) and social media are breaking barriers, empowering First Nations voices, and fostering a more inclusive understanding of Australia’s diverse cultural identity. Learning about these changes of...

'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි 08.07.2025

ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

'Tax return' එක සඳහා අයදුම් කිරීමේදී මේ කරුණු ගැනත් දැනගන්න 08.07.2025

2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash ජූලි 08: ගුවන් ගමන්වල යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට ලිතියම් බැටරි අවදානම ගැන නව දැනුම්දීමක් 08.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංඛ්‍යාව ඉහලට: කාලීන විග්‍රහය 08.07.2025

Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රම...

ඕස්ට්‍රේලියාවේ වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වෙන්නේ මෙහෙමයි 07.07.2025

දේපළ වෙළඳාම් නියෝජිතයෙකු යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට නැතිවම බැරි පුද්ගලයෙකු වනවා. එවැනි අයෙකුගෙන් සේවයක් ලබා ගන්නා ඔබ සමහරවිට වෘත්තියමය වශයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමට කැමත්තක් ඇති අයෙකු වීමට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඕස්ටේලියාවේදි වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධවයි.

ඔබේ ආදායම් තහවුරු නොකලොත් Child Care Subsidy සහන ගෙවීම් නවතිනු ඇතැයි Services Australia ආයතනය පවසයි 07.07.2025

2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත...

'ලංකාවේ කීරි සම්බා ගණන් නිසා අපි ඉන්දියාවෙන් ටොන් ගානක හාල් ගේනවා', ඇමති වසන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 07 07.07.2025

අද - ජූලි මස 07 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 07: වික්ටෝරියානු රජය ළමා ආරක්ෂණ නීති ප්‍රතිසංස්කරණ නොසලකා හැරි බවට විපක්ෂයෙන් චෝදනා 07.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට ජාතික මට්ටමේ නව පරීක්ෂණ වැඩසටහනක්: කාලීන විග්‍රහය 07.07.2025

ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇති...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 30 - ජූලි 04 04.07.2025

ජුනි 30 වනදා සිට ජූලි 04 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

අපට තව ජාත්‍යන්තර ටෙස්ට් තරඟ තිබුනොත් කණ්ඩායමේ පුහුණුවට හොඳයි, නායක ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය 04.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවසක මිළ කලින් වසරට වඩා ඩොලර් 40,000කින් වැඩි වෙලා, අලුත්ම වාර්තාවක් කියයි 04.07.2025

අඩු පොලී අනුපාත සහ වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ගණන අඩුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් වැඩි පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන වකවානුවක, ඉහළ ඉල්ලුම සහ අඩු සැපයුම හේතුවෙන් ජූනි මාසයේදී නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වුණා. මේ විශේෂාංගයෙන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'මම දේශපාලනයෙන් හොරකම් කරලා නැති නිසා රජයේ වැඩ වලට බය නැහැ', මන්ත්‍රී දයාසිරි කියයි: මවුබිමෙන් පුවත් ජූලි 04 04.07.2025

අද - ජූලි මස 04 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos