SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

ඔබේ පවුලේ වෛද්‍යවරයා උණ සෙම්ප්‍රතිශ්‍යාවට සැම විටම antibiotics නොදෙන්නේ ඇයි, ඇත්තම හේතු මෙන්න 04.07.2025

ප්‍රතිජීවක ඖෂධ, එසේත් නැත්නම් ඇන්ටිබයෝටික්ස් පිළිබඳ පුද්ගලයන් සතුව විවිධ වූ මත තිබෙනවා. මේ ඖෂධ භාවිතය, එහි අනිසි භාවිතයෙන් ඇති විය හැකි සංකූලතා සහ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ට වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක දීමෙන් වැළකීමට හේතුව යනාදී කරුණු පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.

Childcare මධ්‍යස්ථාන වල ළමුන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්තය සූදානම් වේ: කාලීන විග්‍රහය 04.07.2025

ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල...

SBS සිංහල Newsflash ජූලි 04: අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ව්‍යාජ වෙළඳසල් ගැන පාරිභෝගික කොමිසම අනතුරු අඟවයි 04.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මේ ගැනත් දැනගන්න 03.07.2025

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේදී ඔබේ බාලවයස්කාර දරුවා නිවස හැරයන්න තැත් කලොත් දෙමව්පියන් ලෙස ඔබ දැනසිටිය යුතු කරුණු මෙන්න 03.07.2025

වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ දැන් දරුණු ලෙස පැතිරෙන Whooping cough මගින් ආරක්ෂා වෙන්න මේ ගැනත් හොඳින් දැනගන්න 03.07.2025

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබෙන Whooping cough හෙවත් කක්කල් කැස්ස මෙලෙස වැඩිවීමට හේතු සහ එහි අවදානම අඩු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඊශ්‍රායලය එකඟ වූ දින 60 ක සටන් විරාමය පිළිගන්නැයි ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට කියයි: 'ලොව වටා' 03.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

කෙටිකතා ගොන්නකින් මිනිස් ජීවිත ගැන දිගු වියමනක් කළ 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය': කැන්ගරු දේසේ සිංහල පොත් 03.07.2025

සිඩ්නි හි වෙසෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය' පිළිබඳ මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' විශේෂාංගය වෙන් වෙයි. එම කෙටි කතා සංග්‍රහයේ එන කතා ඇසුරෙන් සංකේතකරණය සහ මිනිස් ජීවිතවල සංකීර්ණ පැතිකඩ පිළිබඳ ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සමඟ කළ මේ රසවත් කතාබහට ඔබත් සවන් දෙන්න.

කලා නිර්මාණ හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික සංස්කෘතිය රැකගන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 03.07.2025

NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විස...

SBS සිංහල Newsflash ජූලි 03: සයිබර් ප්‍රහාරයක් නිසා අවධානයෙන් පසුවන්නැයි Qantas පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් 03.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

නව මූල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග ඕස්ට්‍රේලියාවේ ක්ෂේශ්ත්‍ර කිහිපයක සිදුවන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙන්න 02.07.2025

ජුලි 1වනදා නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේශ්ත්‍ර වල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. Centrelink දීමනා, මාර්ග නීති වෙනස්වීම් මෙන්ම අවම වැටුප් ඉහල යාම සහ superannuation දීමනා ප්‍රතිශතය ඉහල යාමද මීට ඇතුලත් වනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් කිහිපයක් ගැන මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට ක්‍රියාත්මක වෙන වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් මෙන්න 02.07.2025

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් මොනවද කියල තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 02: ජුලි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප සහ superannuation ප්‍රතිශතය ඉහලට 02.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 02වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් ඇති තරුණ දරුවන් මුහුණ දෙන 'Identity crisis' එක ගැන තොරතුරු 01.07.2025

ඔස්ට්‍රේලියාව වගේ රටක හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් සහිත දරුවන් මුහුණ දෙන අනන්‍යතාවය පිලිබඳ ගැටළු එසේත් නැතිනම් "Identity Crisis" කියන මානසික ගැටළුකාරී තත්වය සහ එය හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

How does media work in Australia? - ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ කෙසේද: Australia Explained 01.07.2025

A free, independent and diverse press is a fundamental pillar of democracy. Australia has two taxpayer-funded networks that serve the public interest (ABC and SBS), plus a variety of commercial and community media outlets. Although publicly funded media receives money from the government, it is unlike the state-sponsored outlets found overseas. - යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මාධ්‍යයේ කාර්යභාරය කු...

SBS සිංහල Newsflash ජූලි 01: අඩු වේග සීමා සහ වැඩි දඩ මුදල් ඇතුළත් නව මාර්ග නීති අද සිට ක්‍රියාත්මක වේ 01.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 01වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඇමරිකාවේ ඉල්ලීමට අනුව ආරක්ෂක වියදම් ඉහල නොදමන්න ඔස්ට්‍රේලියාව තීරණය කරයි: කාලීන විග්‍රහය 01.07.2025

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහල දමන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියා. NATO සාමාජික රටවල්ද තම ආරක්ෂක වියදම් ඉහල දමන්න පසුගිය NATO සමුළුවේදී එකඟ වී තිබුනා. කෙසේ උවත් ඇමරිකාව පවසන ආකාරයට තම ආරක්ෂක වියදම් ඉහල නොදැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයට භාවිත කරන Opal කාඩ්පත් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි 30.06.2025

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන Opal කාඩ්පත් බොහොමයක ගාස්තු, contactless ගෙවීම් සහ දෛනික ගාස්තු සීමා යනාදිය 2025 ජූලි 14 වන සඳුදා සිට වෙනස් වන බව transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ වාර්ෂික consumer price දර්ශකයේ උච්ඡාවචනයන්ට අනුකූලවයි. අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ Opal කාඩ්පත් ගාස්තු වෙනස්වීම් පිළිබඳවයි.

වැඩි දඩ සහ අඩු වේග සීමා සමග මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මාර්ග නීති ගැන ඔබ දැනගත යුතුම දේවල් මෙන්න 30.06.2025

2025 ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට බලපාන ප්‍රධාන මාර්ග නීති වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

'මිනිස්සු නීතියට බයවෙන සහ යටත්වෙන තැනකට අපි ලංකාව ගේනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 30 30.06.2025

අද - ජූනි මස 30 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූනි 30: 'වලංගු වීසා නැති රැඳවූවන් පිටකරන්න අපි ක්‍රම සොයනවා',ස්වදේශ කටයුතු ඇමති කියයි 30.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 30වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පීටර් ඩටන්ගේ නායකත්වයට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායිකා සූසන් ලී පවසයි: කාලීන විග්‍රහය 30.06.2025

සිය නායකත්වය පීටර් ඩටන්ගේ ප්‍රවේශයෙන් වෙනස් බව නැෂනල් ප්‍රෙස් ක්ලබ් සිට කළ අදහස් දැක්විමක දී ෆෙඩරල් විපක්ෂ නායිකා සූසන් ලී විසින් කියා තිබෙනවා. එමෙන් ම ලිබරල් පක්ෂය නැවත ගොඩනැගීමට සහ තවත් කාන්තා අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඈ සතු සැලසුම් පිළිබඳව ද අදහස් පළ කර තිබෙනවා. බලපෑම් සහ පාලනය කිරීම් පිළිබඳ ජීවන අත්දැකීම් ඇති බව හෙළි කරමින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරන බවට ද ඇය පොරොන්දු වී තිබෙනවා....

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 23 - ජුනි 27 27.06.2025

ජුනි 23 වනදා සිට ජුනි 27 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව මුහුණ දෙන අභියෝග ගැන නොකී කතා එළිදක්වන Hidden Stories 27.06.2025

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව මුහුණ දෙන අභියෝග වන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ රැකියාව වැනි මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය වැනි දේ සම්බන්ධයෙන් වන ගැටළු වල නොදකින පැත්ත ගැන කතා කරන Hidden Stories: Faces of our Community බහු සංස්කෘතික ඡායාරූප ප්‍රදර්ශනය සහ බහු සංස්කෘතික වැඩසටහන් සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන් දෙන්න

NATO සාමාජික රටවල් තම ආරක්ෂක වියදම් ඉහලදමීමට තීරණය කරයි: කාලීන විග්‍රහය ජූනි 27 27.06.2025

NATO සංවිධානයට අයත් රටවල් තම ආරක්ෂක වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කරන්න මේ රටවල් එකඟ වෙලා තියෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාව තම හමුදා සඳහා යුරෝපයට යැවීමට තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වාර්ථා වන අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos