SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි 18.07.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකි...

අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි 18.07.2025

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න

'ලෝක කුසලානෙට යන්න කලින් ලංකා කණ්ඩායමේ හදන්න අඩුපාඩු තියෙනවා', ප්‍රධාන පුහුණුකරු සනත් කියයි: ක්‍රීඩා විග්‍රහය 18.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

SBS සිංහල Newsflash ජූලි 18: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහල ගොස් ඇති බවට නවතම දත්ත හෙළිකරයි 18.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'සජබෙ ට අලුත් නායකත්වයක් දෙන්න පුළුවන් වෙන අය ඉන්නවා', හිටපු ඇමති නවීන් කියයි :මවුබිමෙන් පුවත් ජූලි 18 18.07.2025

අද - ජූලි මස 18 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ඕස්ට්‍රේලියානුවන් බිලිවෙමින් යන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි: කාලීන විග්‍රහය 18.07.2025

දියවැඩියාව ඕස්ට්‍රේලියාවේ සිදු වන පුද්ගල මරණ සඳහා හත්වන වඩාත් පොදු හේතුව වේ. මේ හේතුවෙන් දියවැඩියාව වැළැක්වීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ඉක්මන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඩොලර් බිලියන ගණනක වෙළඳ ගිවිසුමක් නිසා ඇමරිකා ජනපති ට්‍රම්ප් ඉන්දුනීසියාවට බදු අඩු කරයි: 'ලොව වටා' 17.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Regenerative Landscaping වැනි තිරසර භුමි අලංකරණ කටයුතු උදෙසා ස්වදේශික දැනුම් පද්ධතිය වැදගත් වන්නේ මෙහෙමයි 17.07.2025

සාම්ප්‍රදායික භූමි අලංකරණයෙන් ඔබ්බට ගිය සංකල්පයක් වන තිරසර බව මූලික කරගත් regenerative landscaping පිළිබඳවත්, මෙහි දී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික දැනුම් පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳවත් SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

කෘතිම රස කාරක භාවිතාව ඉහල යාම නිසා සිදුවන පරිසර හානිය ගැන පර්යේෂණ වාර්තාවක් හෙළිකරයි: කාලීන විග්‍රහය 17.07.2025

කෘතිම රස කාරක එසේත් නැතිනම් Artificial sweeteners පිළිබඳව අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටිනවා. මෙම කෘතිම රසකාරක පරිසරයට එකතුවීම සිදුවන අතර ඒවා ඉතා ඉක්මනින් දිරාපත් වීමක් නොවී ජලාශ සහ අවට පරිසරයේ රැඳෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash ජූලි 17: සොරකමකින් පසු සැකසහිත මිලකට අලෙවි වීමට හැකි සුඛෝපභෝගී අත්බෑග පිළිබඳ දැනුම් දීමක් 17.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

කාඩ්පත් වලින් සිදුකරන ගෙවීම් සඳහා අය කෙරෙන අධිභාරය ඉවත් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් යෝජනාවක් 16.07.2025

කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් වලදී පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන අධිභාරය (surcharge) ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යෝජනා කර ඇති බව වාර්තා වනවා. මේ හරහා සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.2ක් පමණ ඉතිරිවන බව මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

නොදර්න් ටෙරිටරියට සංක්‍රමණය වෙන අයට පහසුවෙන් රැකියා සොයා ගන්න තියෙන වැඩසටහනක් ගැන තොරතුරු මෙන්න 16.07.2025

ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට විවිධ ක්ෂේශ්ත්‍ර වල රැකියා සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 16: ඔස්ට්‍රේලියාව සමග සබඳතා ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව චීන ජනපති පවසයි 15.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න 15.07.2025

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවු...

How to start your home business in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබේම නිවසේ සිට ව්‍යාපාරයක් අරඹන්නේ මෙහෙමයි: Australia Explained 15.07.2025

Did you know that people offering taxi services from home need to register for Goods and Services Tax (GST)—regardless of how much they earn? Or that a fitness instructor needs local council approval to see clients at home? In this episode, we unpack the basic rules you need to know when setting up a home-based business in Australia. - ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-bas...

SBS සිංහල Newsflash ජූලි 15: 'මෙරට දියවැඩියාව වැළැක්වීමට රජය වැඩි කාර්යභාරයක් කළ යුතුයි', විශේෂඥයෝ පවසති 15.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය 15.07.2025

ලොව පැරණිතම පාෂාණ කලා නිර්මාණ එකතුවක් ඇති Murujuga සංස්කෘතික වටිනාකමක් සහිත භූමිය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. මේ සඳහා මෙම භූමියේ පාරම්පරික හිමිකරුවන් පැරිස් නුවර වෙත ගොස් තිබුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉතා වැදගත් ස්ථානයේ ඊජිප්තුවේ හෝ රෝමයේ හඳුනාගත් කළා කලා නිර්මාණ වලටද වඩා ඉපැරණි ගල් කැටයම් සොයාගෙන ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තො...

Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් මේ සතියේ නොමිලයේ ළඟම ෆාමසියෙන් 14.07.2025

ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

දියවැඩියා රෝගීන් සීරීමකට හෝ ඉඩ නොදී දෙපා රැක ගත යුත්තේ ඇයි, ජාතික දියවැඩියා සතියේදී පාද පරික්ෂාව ගැන දැනගමු 14.07.2025

මේ ගත වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි. දියවැඩියා රෝගීන් සිය පාද සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙහි දී පාදවල ඇතිවන විශේෂ වෙනස්කම් සහ පාද පරීක්ෂා කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය 14.07.2025

පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'ඇමරිකාවේ බදු අඩුකරගන්න අපි දිගටම සාකච්චා කරනවා', ඇමති සමන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 14 14.07.2025

අද - ජූලි මස 14 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 14: චීනය ගෝලීය වෙළඳපොළට අධික ලෙස වානේ දැමීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති නොසතුටෙන් 14.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 14 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ශීත කාලයේ වැඩිවන RSV වෛරසයෙන් ළදරුවන් සහ ගැබිණි මවුවරුන් ආරක්ෂා වෙන්න ගතයුතුම එන්නත් ගැන තොරතුරු මෙන්න 11.07.2025

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන RSV වෛරසයෙන් ළදරුවන් ආරක්ෂා කිරීමට සහ ගැබිණි මවුවරුන්ගේ ආරක්ෂාවට ගත හැකි එන්නත් පිළිබඳව වන තොරතුරැ ගැන දැනගතයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 07 - ජූලි 11 11.07.2025

ජූලි 07 වනදා සිට ජූලි 11 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'අවශ්‍යම වෙලාවට මට කණ්ඩායමට ලකුණු දෙන්න පුළුවන් වුන එක ගැන ගොඩක් සතුටුයි', කුසල් කියයි : ක්‍රීඩා විග්‍රහය 11.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos