SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

SBS සිංහල Newsflash ජූලි 28: ඕස්ට්‍රේලියානුවන් සැලකියයුතු පිරිසක් බලශක්ති බිල් ගෙවන්න අරගල කරන බව හෙළිවෙයි 28.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ හෙපටයිටිස් රෝගීන්ගෙන් සියයට 70ක් විදෙස් රටවල උපත ලැබූ අය බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය 28.07.2025

සංක්‍රමණික ප්‍රජාව හෙපටයිටිස් රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බව නව වාර්තාවකින් පෙනී යනවා. රෝග නිර්ණයක් නොමැතිකම සහ රෝගීන්ට අවශ්‍ය සත්කාර ලබා ගැනීමට ඇති අපහසුතාව යන කරුණු මීට හේතු වී ඇති බව කියැවෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 21 - ජූලි 25 25.07.2025

ජූලි 21 වනදා සිට ජූලි 25 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

කොවිඩ් 19 වසංගත කාලය නිසා මිනිස් මොලය වයසට යාම වේගත් වී තිබිය හැකි බව පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි 25.07.2025

කොවිඩ් 19 වසංගත සමයේ මිනිසුන්ගේ මොලය වේගයෙන් වයසට යාමේ තත්වයක් ඇතිවී තිබිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හරහා පෙන්වා දී තිබෙනවා. එම කාලය තුල ජනතාව මුහුණ දුන් මානසික පීඩාකාරී තත්වය හේතුවෙන් මෙය උදාවී ඇති බවත් මෙම වාර්තාව සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

රැකියා ස්ථානවල දී වයස නිසා වෙනස් කොට සැලකීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක් හෙළි කරයි: කාලීන විග්‍රහය 25.07.2025

ඕස්ට්‍රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්‍රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන...

AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම් මේ ගැන හොඳින්ම දැනගන්න 25.07.2025

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

'මම ලංකාවේ ක්‍රිකට් නායකයා කවුද කියලවත් දන්නැති කාලයක් තිබුනා', ක්‍රීඩා ඇමති කියයි: ක්‍රීඩා විග්‍රහය 25.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

හිටපු ඇමති රාජිතගේ ඇප පෙත්සම විභාග කරන්න කොළඹ මහාධිකරණය තීරණය කරයි: මවුබිමෙන් පුවත් ජූලි 25 25.07.2025

අද - ජූලි මස 25 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Australian highlights ජූලි 25: ඇමරිකානු හරක් මස් ආනයනයට ඉඩදීම ගැන Nationals පක්ෂය පරීක්ෂණයක් ඉල්ලයි 25.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 25වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'Childcare' ක්ෂේශ්ත්‍රය සම්බන්ධයෙන් නව පනතක් පර්ලිමේන්තුවට: කාලීන විග්‍රහය 24.07.2025

Childcare මධ්‍යස්ථාන සේවකයකු ළමා අපචාර චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග මෙම ක්ෂේශ්ත්‍රය පිලිබඳ විවිද ක්‍රියාමාර්ග ගනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මධ්‍යස්ථාන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන childcare මධ්‍යස්ථාන සඳහා වන රාජ්‍ය අරමුදල් කපාහැරීමට බලය ලබාගැනීම මෙම නව පනත හරහා අපේක්ෂා කරනවා. කෙසේ උවත් මෙය ප්‍රමාණවත් නොවන බව ඇතැම...

Boost or burden? The cost of Australia's refugee intake - SBS Examines: මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් සරණාගත ප්‍රජාව පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව 24.07.2025

Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබ...

SBS සිංහල Newsflash ජූලි 24: Casual පදනම මත සේවය කරන්නන්ගේ වැටුප පිළිබඳ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට 24.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ගාසා තීරයේ මහා සාගතයක් පැතිරෙන බවට සංවිධාන 100 කට වැඩි ගණනකින් අනතුරු ඇඟවීම්: 'ලොව වටා' 24.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි 23.07.2025

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 23: ශිෂ්‍ය ණය කපාහැරීම සඳහා වන පනත පළමු පනත ලෙස නව පාර්ලිමේන්තුවට 23.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained 22.07.2025

At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services...

SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක් 22.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න 22.07.2025

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

අද පැවැත්වෙන නව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ගැන තොරතුරු මෙන්න 22.07.2025

ඕස්ට්‍රේලියාවේ 48 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද එනම් ජූලි 22වනදා පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හා සම්බන්ධ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි 21.07.2025

මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

කබලේ බැදගත් පොල් සහ කිතුල් පැණි සමඟ ශ්‍රී ලංකාවේ රස පදමට ලැමින්ග්ටන් හදමු, ජාතික ලැමින්ග්ටන් දිනය අදයි 21.07.2025

ඕස්ට්‍රේලියාවේ ඕනෑම බේකරියක, කැෆේ එකක වගේ ම සුපිරි වෙළඳසැලකත් දැකිය හැකි ආහාරයක් තමයි ලැමින්ග්ටන්. මේ රසවත් ආහාරයට ඔස්ට්‍රේලියාව කොතරම් ආදරය කරනවා ද කිවහොත්, ජූලි 21වන දා ජාතික ලැමින්ග්ටන් දිනය කෙස නම් කර තිබෙනවා. මෙහි ඉතිහාසය සහ ශ්‍රී ලාංකේය ක්‍රමයට ලැමින්ග්ටන් සාදාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

AI භාවිතයෙන් සිදු කරන ළමා අපයෝජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, විශේෂඥයෝ පවසති: කාලීන විග්‍රහය 21.07.2025

ළමා අපයෝජනය නිරුපණය කෙරෙන පින්තූර, වීඩියෝ, අකුරු වැනි දේ නිර්මාණය කරන AI මෙවලම් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම අපරාධයක් ලෙස නම් කරන මෙන් ෆෙඩරල් රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ සදාචාරාත්මක AI භාවිතය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීම සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.

'ලංකාවේ පොලිසියේ 40% දක්වා පමණ බෝ නොවන රෝගවලින් පෙළෙනවා', වැඩබලන පොලිස්පති කියයි: මවුබිමෙන් පුවත් ජූලි 21 21.07.2025

අද - ජූලි මස 21 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 21: ළමාරක්ෂක සේවාවල සිටින දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන බව රජය පවසයි 21.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 14 - ජූලි 18 18.07.2025

ජූලි 14 වනදා සිට ජූලි 18 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos