SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

නොමිලයේ ලබා ගත හැකි දන්ත ප්‍රතිකාර නොදැනුවත්භාවය නිසා අහිමි වන බව දන්ත වෛද්‍ය සංගමය කියයි: කාලීන විග්‍රහය 04.08.2025

ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමයට අනුව, ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම මිලියන 1.5 ක් පමණ ළමුන් නොමිලයේ හිමිවන දන්ත ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. තම දරුවන් නොමිලේ සපයන දන්ත ආවරණය සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කර යහපත් මුඛ සෞඛ්‍යය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරන ලෙස මෙම දන්ත සෞඛ්‍ය සතියේදී, දන්ත වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ආදිවාසී සෞඛ්‍ය සංවිධාන පවසන්නේ දන්ත සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය නොම...

ලංකාවට යන විදේශිකයින්ට ගුවන්තොටුපලේදීම දැන් රියදුරු බලපත්‍ර ලබාගන්නත් පහසුකම්: මවුබිමෙන් පුවත් අගෝ 04 04.08.2025

අද - අගෝස්තු මස 04 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash අගෝ 04: NSW හි මෝටර් රථයත් සමග ගංවතුරට හසු වූ කාන්තාවක් සොයා මෙහෙයුම් 04.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ලෙඩ වෙලා පැය 24කින් මාරාන්තික වෙන්න පුළුවන් Meningococcal වලින් ආරක්ෂා වෙන්න මේ ගැන දැනගන්න 01.08.2025

ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

'මම ඇමති කියලා හිතුමතේ ක්‍රිකට් බෝඩ් හදන්නවත් කඩන්නවත් බැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කියයි: ක්‍රීඩා විග්‍රහය 01.08.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 28 - අගෝ 01 01.08.2025

ජූලි 28 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

හරිතාගාර වායු ආශ්‍රිත Net Zero Plan අහෝසි කරන මෙන් පසුපෙළ මන්ත්‍රීන්ගෙන් ඉල්ලීමක්: කාලීන විග්‍රහය 01.08.2025

දේශගුණය සම්බන්ධයෙන් ශක්තිමත් ඉලක්කයක් වෙත පියවර නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති සම්පාදකයන්ගෙන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සහ වායුගෝලයෙන් ඉවත් කෙරෙන හරිතාගාර වායු සමතුලිත කරන net zero ඉලක්කය මුළුමනින් ම ඉවත් කිරීමට ලිබරල් සන්ධානයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash අගෝ 01: විදෙස් ඔත්තු සේවා මැඩලීමට ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 12.5ක් වැයවේ 01.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'බයවෙන්න එපා ලංකාවෙ ණය බර අඩුකරන්න අපිට හොඳ කාලයක් තියෙනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 01 01.08.2025

අද - අගෝස්තු මස 01 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

සුනාමි තත්වයක් ඇති කරන 'megathrust faults' ලෙස හැඳින්වෙන භූකම්පන තත්ව ගැන තොරතුරු මෙන්න 31.07.2025

රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ දැඩි භූකම්පන තත්වයක් හේතුවෙන් සුනාමි තත්වයක් නිර්මාණය උනා. මීට අමතරව ක්ලුශේව්ස්කි ගිනිකන්ද ද පුපුරායාමකට ලක්වුනා. ඇතිවූ මෙම භූකම්පන තත්වය 'megathrust fault' ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ තත්වය කුමක්ද සහ ඒ හරහා ඇතිවන බලපෑම ගැන තොරතරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

තනිකමෙන් එකමුතුකමට, ඕස්ට්‍රේලියාවට අලුතින් එන ජාත්‍යන්තර සිසුන්ට උදව් දෙන ලාංකික සිසුන් SBS සිංහලට කියූ දෑ 31.07.2025

ඕස්ට්‍රේලියාවට නවක ජාත්‍යන්තර ශිෂ්‍යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්‍ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු දරුවන්ගේ YouTube භාවිතාවද සීමාකරන්න රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය 31.07.2025

වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පනවන නව නීති පද්ධතිය සඳහා Youtube සේවාවද ඇතුලත් කිරීමට කටයුතු කරන බවෆෙඩරල් රජය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා කෙසේ උවත් සමාජමාධ්‍ය ජාලා හිමි සමාගම් සමග එක්ව මෙම ගැටලුව සඳහා වඩාත් පුළුල් සංශෝධන ගෙන ඒමට කටයුතු කලයුතු බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු...

SBS සිංහල Newsflash ජූලි 31: උද්ධමනයේ අඩුවීමත් සමඟ එළැඹෙන මාසයේ පොලී අනුපාත අඩු කරනු ඇති බවට විශේෂඥ අනාවැකි 31.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ සිසුවෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ මතකාවර්ජනයක් 31.07.2025

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30වන දින නම් කර තිබේ. මව්රටෙන් දුරස්ව ජීවත් වීමේ දී සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ දී මෙම සබඳතා විශේෂයෙන් වැදගත් වේ. එලෙස ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් කතාබහකට ඔබත් සවන් දෙන්න.

කලින් දැනුම් දීම් සිදු කල නිසා රුසියාවේ භූ කම්පනයෙන් ඇති වූ සුනාමියෙන් ජීවිත රැසක් බේරෙයි: 'ලොව වටා' 31.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

PBS ක්‍රමවේදයෙන් ඖෂධ වට්ටෝරු සඳහා ලබා දීමට යන සහනය ගැන තොරතුරු මෙන්න 30.07.2025

PBS ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ ක්‍රමය හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා රෝගීන් ගෙවිය යුතු උපරිම මිල ඩොලර් 25 කට සීමා කරන්න අල්බනිසි රජය නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබෙනවා. ජුලි 29 වන අඟහරුවාදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash ජූලි 30: Bulk billing සේවාවවේ ගැටළු ගැන විපක්ෂ නායිකාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි 30.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 30වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'දැන් දඩ ගොඩක් වැඩි වුනත් මාර්ග නීති තද කලේ අපි හැමෝගෙම ආරක්ෂාවට', ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් කියයි: 'විනිවිද' 29.07.2025

ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල රියදුරන් සඳහා හඳුන්වා දුන් නව මාර්ග නීති ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මේ ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

තාවකාලික වීසා එකක ඉන්න අය නිවාස ආයෝජනයක් කරනවනම් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් මෙන්න 29.07.2025

තාවකාලික වීසා එකක ඉන්න අය, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඉන්න අය ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගන්න හෝ නිවාස වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කාරනා ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

'Homeschooling' ක්‍රමවේදය ගැන ලබාදුන් නිර්දේශ සියල්ල පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය 29.07.2025

නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින්...

SBS සිංහල Newsflash ජූලි 29: PBS යටතේ ඖෂධවල උපරිම මිල ඩොලර් 25 තෙක් අඩු කිරීමට වන පනත් කෙටුම්පත මැති සබයට 29.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔබේ දැනුවත්කමෙන් තොරව බරපතල අපරාධවලට ඔබව හසු කෙරෙන වංචනික මූල්‍ය ක්‍රියාවක් පිළිබඳ AFP අනතුරු අඟවයි 28.07.2025

අපරාධකරුවන් විසින් ඩොලර් 200ක් වැනි සුළු මුදලකට ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම් භාවිත කරමින් අපරාධ සිදු කිරීමක් පිළිබඳ වාර්තා වනවා. එක් ප්‍රධාන බැංකුවක් පවසන පරිදි මෙලෙස සිය බැංකු ගිණුම් ලබා දෙන අයට තමන් අතින් වරදක් සිදු වන බවට අවබෝධයක් නැහැ. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Migraine හෙවත් ඉරුවාරදය සුව කරන්න ආයුර්වේදයේ තිබෙන ප්‍රතිකාර ගැන තොරතුරු මෙන්න 28.07.2025

Migraine හෙවත් ඉරුවාරදය පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.

ජීවාණුහරණය නොකළ ඉඳිකටු තුඩකින් පවා ආසාදනය විය හැකි හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනුවත් වෙමු 28.07.2025

ජූලි 28වන දා ලෝක හෙපටයිටිස් දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ හා සමගාමිව හෙපටයිටිස් රෝගයේ විවිධ ප්‍රභේද, රෝග ලක්ෂණ සහ බෝ වන ආකාර පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.

'මේ රජය දුප්පතාගේ නෙමෙයි දැන් හාම්පුතාගේ රජයක් වෙලා', මන්ත්‍රී නාමල් කියයි: මවුබිමෙන් පුවත් ජූලි 28 28.07.2025

අද - ජූලි මස 28 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos