SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න 28.10.2025

Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විස...

SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක් 28.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු 27.10.2025

ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු ව...

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න 27.10.2025

ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ I වැනි කොටසට සවන් දෙන්න

මව්බිමෙන් පුවත් - ඔක් 27: මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 25 තෙක් වර්ධනය කරගැනීමේ අපේක්ෂාවක් 27.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් 27.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය 26.10.2025

මානසික සෞඛ්‍යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24 24.10.2025

ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

පෝලියෝ ගැන අපි දැනුවත් වුනත්, පෝලියෝ එන්නතේ වැදගත්කම ගැන නොදන්න තොරතුරු මෙන්න 24.10.2025

2025 ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන “ලෝක පෝලියෝ දිනයට” සමගාමීව පෝලියෝ සහ එම තත්වය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ උත්සාහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගනිමින් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

මව්බිමෙන් පුවත් - ඔක් 24: පාර්ලිමේන්තුව උණුසුම් කල චාමර - ආනන්ද වාදය 24.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

‘ක්‍රීඩා විග්‍රහය’ – ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු 24.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි 24.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සංක්‍රමණිකයින්ගේ කුසලතා විදේශයන්හිදීම හඳුනාගන්න ඕස්ට්‍රේලියානු රජයේ අවධානය : කාලීන විග්‍රහය 23.10.2025

ඕස්ට්‍රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්‍රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්‍රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ 23.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්‍රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක් 23.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු 23.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි 22.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්‍රහය 21.10.2025

ඩිමෙන්ශියා රෝග තත්වය ඕස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස නම් කොට තිබෙනවා. මේ හේතුවෙන් වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සිටින ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පිරිස සඳහා වන ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට නව මාර්ගෝපදේශ මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා SBS සිංහලට කියුදේ 21.10.2025

ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සංක්‍රමණිකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සිනමාපට අධ්‍යක්ෂකවරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.

SBS සිංහල Newsflash ඔක් 21: දුර්ලභ ඛණිජ සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එකඟ වෙයි 20.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සංස්කෘතීන් එකතු කළ හදවත් වල බැඳීම - කැන්බරා අගනුවරින් ඇසෙන සුවිශේෂී දීපාවලී සැමරුමක කතාව 20.10.2025

අද දීපාවලී සැමරුම් දිනයයි. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්‍රිශානි රොබින්ද්‍රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.

මව්බිමෙන් පුවත් - ඔක් 20: මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ගණන ලක්ෂ 18 ඉක්මවයි, වැඩිම පිරිස ඉන්දියාවෙන් 20.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

අඳුරෙන් එලියට යාම තේමා කරගත් දීපවාලී උත්සවය අද: කාලීන විග්‍රහය 20.10.2025

දිවාලි එහෙම නැතිනම් දීපවාලී කියලා ලංකාවේ අපි හඳුන්වන මේ උත්සවය ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාතිකයින් සමරන විශාලතම උත්සවය ලෙස සැලකෙනවා. අඳුරෙන් එලියට ගමන් කිරීම තේමා කරගෙන මෙම උත්සවය පවත්වනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව ඇතුළුව ලොවපුරා බිලියනයකට අධික පිරිසක් දීපවාලී උත්සවය සමරනවා. SBS පන්ජාබි චැනලයේ සහයෝගයද ඇතිව දිවාලි එහෙම නැතිනම් දීපවාලි උත්සවය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ ව...

SBS සිංහල Newsflash ඔක් 20: සංක්‍රමණ විරෝධී සහ ඊට ප්‍රතිපක්ෂ කණ්ඩායම් ප්‍රධාන නගරාශ්‍රිතව විරෝධතාවල 19.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 13 - ඔක් 17 17.10.2025

ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 17 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos