SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

කාලීන විග්‍රහය: අලුත් වැඩිහිටි සත්කාර ප්‍රතිසංස්කරණ නිසා, සේවා ලබන්නන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ දැයි බියක් 06.11.2025

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර පිළිබඳව වන පනත නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක වෙමින් පවතිනවා. රාජකීය කොමිසමක් විසින් මෙම අංශයට ප්‍රධාන ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමෙන් වසර හතරකට පසු මෙම බලාත්මක වීම සිදුව තිබෙනවා. කෙසේ නමුත් බොහෝ දෙනෙකුට අවසානයේ වැඩිහිටි රැකවරණ සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි යන බියක් මේත් සමගම මතුව තිබෙනවා අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල Newsflash නොවැ 6: සිඩ්නි නුවර දුම්වැටි අලෙවිසැල් දෙකක් වැසේ 06.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash නොවැ 5: ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක් 05.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීම ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය 04.11.2025

කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්...

ළමා අපචාර සිදුවීමකට අදාළ ව ඕස්ට්‍රේලියාව තුල අධිකරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය ගැන ඔබ දැනුවත් ද? 04.11.2025

දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.

Melbourne Cup Day තුරඟ තරග ඉසව්වේ තිරයෙන් පිටුපස සිදුවන මේ තොරතුරු දැන සිටියා ද? 04.11.2025

මිලියන ගණනක් නරඹන, මිලියන ගණනින් තෑගි, ඔට්ටු හුවමාරු වන මෙල්බර්න් කුසලාන තුරඟ තරග ඉසව්වේ අපි නොදකින තිරයෙන් පිටුපස තොරතුරු ගැන කතාබහක්.

Understanding treaty in Australia: What First Nations people want you to know - Australia Explained - ඕස්ට්‍රේලියානු ස්වදේශික සහ ස්වදේශික නොවන අය අතර ඇති 'treaty' ගිවිසුම ගැන තොරතුරු 04.11.2025

Australia is home to the world’s oldest living cultures, yet remains one of the few countries without a national treaty recognising its First Peoples. This means there has never been a broad agreement about sharing the land, resources, or decision-making power - a gap many see as unfinished business. Find out what treaty really means — how it differs from land rights and native title, and why it m...

SBS සිංහල Newsflash නොවැ 4: Deepfake පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව නීති, ඉහළ දඩ මුදලක් හෝ සිර දඬුවමක් 04.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 4වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට 03.11.2025

මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්‍රමය ප්‍රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලා...

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට පවා අවස්ථාව ලැබෙන Social Worker රැකියාවට යොමු වෙන්න ඉගෙන ගන්නෙ කොහොම ද? 03.11.2025

Australian College of Applied Professions ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක සහ කථිකාචාර්ය ආචාර්ය භාග්‍යා ජයවර්ධන සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා හදිස්සියෙන්වත් reject වුනොත්, කරන්න තියෙන දේවල් ගැන දැනගන්න 03.11.2025

ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ II වැනි කොටසට සවන් දෙන්න

මව්බිමෙන් පුවත් - නොවැ 3: අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ? 03.11.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 3: ගෘහස්ථ හිංසනයට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කරන නව ඩිජිටල් සේවාවක් දියත් කෙරේ 03.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 3 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද 02.11.2025

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද...

SBS On Demand: එංගලන්තයේ ඉරණම වෙනස් කළ කතාවක්, 'King & Conqueror' ඔබේ ආලින්දයට 01.11.2025

සිහසුන වෙනුවෙන් සටන් වදින විලියම්ගේත් හැරල්ඩ්ගේත් විරසකය කෙසේ අවසන් වේවි ද? ඓතිහාසික කතා මාලා නැරඹීමට කැමති ඔබට SBS On Demand වෙතින් නොමිලයේ පිරිනැමෙන නවතම කතා මාලාව, 'King & Conqueror' අද ම නරඹන්න.

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 27 - ඔක් 31 31.10.2025

ඔක්තෝම්බර් 27වන දා සිට ඔක්තෝම්බර් 31වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත් - ඔක් 31: මායාකාරී මත් ව්‍යසන කුණාටුව අපි විනාශ කරනවා - ජනපති අනුර 31.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

ක්‍රීඩා විග්‍රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික් 31.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි 31.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි 30.10.2025

SBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්‍රජාවට තමන් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්‍රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්‍ර...

ලොව වටා: සටන් විරාම මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර 30.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් 30.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට 29.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි? 28.10.2025

වෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්‍ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.

හෙදියක් විදිහට මම ලබන අත්දැකීම් හරිම විවිධයි - කෑන්ස් හි දී අපට හමු වූ දෙව්මිණී කුමාරගේ 28.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ දෙව්මිණී කුමාරගේ මෙනෙවිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos