SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

SBS සිංහල Newsflash නොවැ 14: දියේ ගිලීම් මරණ තුනෙන් එකක් විදේශයන් හි උපත ලැබූවන් බව වාර්තාවක් හෙළි කරයි 14.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 14 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ලොව වටා: BBC ප්‍රධානීන් තනතුරු වලින් කැපුණු වැරදි කතා කැපිල්ල 13.11.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

අපේ වහරේ කතා අහුරක්: 'අප්පාට පුතේ!' කිව්වේ ඇයි දන්නවා ද? 13.11.2025

මේ යෙදුම අපේ වැඩිහිටියෝ කියනවා අනන්තවත් අහලා තිබුණාට ඒ යෙදුම හැදුණ හැටි දැනගෙන හිටියේ නෑ නේද? අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් ඒ ගැන අහගන්න.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නගර මැද දිග හැරෙන ශ්‍රී ලාංකේය සංස්කෘතික අඬහැරය Lankan Fest ප්‍රදර්ශනයට තව දින 3යි 13.11.2025

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. Lankan Fest පවුලේ සැමට අපූරු අත්දැකීමක් ලෙස සමීප කරන්න සූදානම් වෙන අයුරු පිළිබඳ ව සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි 13.11.2025

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මේ වනවිට මිලියනයකට පමණ මානුෂිය වීසා ලබාදී තිබෙනවා. මේ වසර අවසානයේදී මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවතැන්වන පිරිස සම්බන්ධයෙන් වන ප්‍රතිචාරය වැඩිදියුණු කල යුතු බව සරණාගත අයිතිවාසිකම් සංවිධාන කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල Newsflash නොවැ 13: තරුණ වරදකරුවන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත නීති මාලාවට විවේචන 13.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ලොව වටා: ඇමෙරිකානු හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ අභාවය ගැන ලෝක අවධානය යොමු වුණේ ඇයි? 12.11.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash නොවැ 12: අගමැති විට්ලම් ධුරයෙන් පහ කර වසර 50ක් සැපිරූ මොහොතේ ඕස්ට්‍රේලියානුවන්ට පණිවිඩයක් 12.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

කාලින විග්‍රහය: වකුගඩු රෝග ප්‍රතිකාරක Jardiance ඖෂධය Pharmaceutical Benefits Scheme ලැයිස්තුවට 11.11.2025

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට නිදන්ගත වකුගඩු රෝග සඳහා ලබාදෙන ඖෂධයක් එකතු කරන බව නිවේදනය කළා. Jardiance නැතහොත් එම්පැග්ලිෆ්ලොසින් ලෙසද හැඳින්වෙන මෙම ඖෂධය BSP පහසුකම වෙත ඇතුලත් කිරීමෙන් 65,000 කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසකට ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

වීරෝදාර ඕස්ට්‍රේලියානුවන් ස්මරණය කරන Remembrance Day අදයි! 11.11.2025

එදා මෙදා තුර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජීවිත කැපවීමෙන් සේවය කළ හා කරන ආරක්ෂක අංශයන්හි සියලුම සාමාජිකයින් පිළිගැනීමට, ගෞරව කිරීමට සහ සිහිපත් කිරීමට වෙන්වූ ජාතික අනුස්මරණ දිනය අදයි. මේ දිනයේ වැදගත්කම සහ ඉතිහාසය පිළිබඳ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

What are Australia’s fishing laws and rules? - Australia Explained - ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් තිබෙන නීති රීති මොනවාද? 11.11.2025

Thinking of going fishing in Australia? Make sure you are familiar with local regulations, including licensing systems, closed seasons, size limits, permitted gear, and protected species. - ඕස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සෑම වසරකම මසුන් ඇල්ලීමට යනවා.නමුත් බොහෝ නවකයින් තේරුම් නොගන්නා දේ නම්, ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම ගැන විවිධ නීති තිබීමයි. මේ නිසා ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටර...

SBS සිංහල Newsflash නොවැ 11: සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීසිගෙන් අදහස් දැක්වීමක් 11.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 11වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: වයස්ගත ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වැටීම් අවම කිරීමට භාෂාමය විසඳුමක් 10.11.2025

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා ඇද වැටීමකට ලක් වනවා. වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. එපමණක් නොව ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වන තත්ත්වයක් වැටීම නිසා උදා වී තිබෙනවා. ඇද වැටීම් වළක්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. විශේෂයන් ම ඒ පිළිබඳ දැනුවත්කිරීම් සිදු කිරීමට භාෂාව බාධකයක් වී තිබෙනවා. නමුත් පර්ත්හි ව...

මව්බිමෙන් පුවත් නොවැ 10: ආණ්ඩුව වෘත්තිකයින් ඇන්දුවා - පාඨලී / අනීතික වැඩ කරලා අපිට නම් කතා කරන්න එපා! - ඇමති වටගල 10.11.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

මෙල්බර්න් නගර මැද ලංකාව බවට පත් කරන Lankan Fest ප්‍රදර්ශනයට තව දින 6 යි! 10.11.2025

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනයේ පෙරසූදානම පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

SBS සිංහල Newsflash නොවැ 10: කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සැලැස්මක් වික්ටෝරියා රජයෙන් 10.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: මම්දානිගේ ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස් 09.11.2025

ඕස්ට්‍රේලියාවේ සමහර බහුසංස්කෘතික ප්‍රජා කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පුරපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වූවා. මම්දානි නිව් යෝර්ක් නගරයට වසර 100කටත් වැඩි කාලයකින් පසු පත් වන ලාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එක් වනවා. එපමණක් නොව ඔහු නිව් යෝර්ක් නගරයේ එම තනතුරට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතික, දකුණු ආසියානු සහ අප්‍රිකාවේ උපත ලැබූ නගරාධිපත...

සංක්‍රමණ කටයුතු වෙනුවෙන් වෙනත් ප්‍රාන්තයකට යන්න ඔබේ අදහසක් ඇත්නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න 09.11.2025

ඉදිරි වසර සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සිය අවශ්‍යතාවලට සරිලන ලෙස රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබෙනවා. ඒ සමඟ වෙනත් ප්‍රාන්තයකට මාරුවීම හෝ දැනටමත් එසේ මාරු වූ කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ට විවිධ තීරණ ගැනීමට පෙළඹෙන පසුබිමකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව උපකාරයක් වනු ඇතැයි අප සිතනවා.

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 3 - නොවැ 7 08.11.2025

නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා - මෝඩ තරිඳු චිත්‍රපටයට නම හැදුණේ මෙහෙමයි 07.11.2025

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

මව්බිමෙන් පුවත් - නොවැ 7: ජනපතිගේ අයවැය කතාව අද / විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි 07.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ක්‍රීඩා විග්‍රහය – ගියවර Hong Kong Sixes ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිල ළහිරු මදුශංකගේ නායකත්වයෙන් අද තරඟ බිමට 07.11.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash නොවැ 7: නවනීදන් පිල්ලේට සිඩ්නි සාම ත්‍යාගය 07.11.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

10 වෙනි වසර සපුරන Lankan Fest ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - ආචාර්ය දමිත ද මෙල් 06.11.2025

ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.

අපේ වහරේ කතා අහුරක්: හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියන කතාව හැදුණේ මෙහෙමයි! 06.11.2025

සිංහල බස හරිම රසවත් පොහොසත් මිහිරි භාෂාවක්. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos