SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

මවුබිමෙන් පුවත්: යුද්ධ වලදී මනුෂ්‍යත්වයේ කොඩිය අතට ගන්නා ජාතිය ශ්‍රී ලාංකික ජාතිය බව ජනපති අනුර කියයි/ 'කාන්තා අයිතීන් ගැන කතා කිරීම එක දිනයකට පමණක් සීමා කරන්න එපා' - සජිත් ප්‍රේමදාස කියයි 09.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන මිල නිසා ආහාර නිෂ්පාදන මිල ගණන් ඉහළ යන ලකුණු 09.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්‍රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap' 08.03.2026

ඔස්ට්‍රේලියාව පුරා පුරුෂයෙකු උපයන සෑම ඩොලරයකටම කාන්තාවක් උපයන සාමාන්‍ය වන්නේ ඩොලර් සත 88.8යි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමතාව වෙනුවෙන් ඇති රජයේ ආයතනය පවසන්නේ මේ අසමානතාව (gender pay gap) අඩු වෙලා කියලා. බොහෝ ක්ෂේත්‍රවල මේ පිළිබඳ යම් ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි පුරුෂ මූලික ක්ෂේත්‍රවල තවමත් මේ වෙනස දකින්න පුළුවන්. අද කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

ජාත්‍යන්තර කාන්තා දින විශේෂාංගය: වසරේ යොවුන් විද්‍යාඥවරිය සම්මානය දිනූ කුෂ්මි ජයරත්න 07.03.2026

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. මේ විශේෂාංගය හෙට දිනයේ ලොව දිනන්නට පූදින යොවුන් දිරිය දියණියක් ගැනයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 02 - මාර්තු 06 06.03.2026

මාර්තු 02වන දා සිට 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

මේ ජීවිතේ එක් වරක් හෝ අත්දකින්න හොඳ සැමරුමක්, වසරක් පාසා Mardi Gras ගමන් යන භානුක බෝදරගම 06.03.2026

පසුගිය ඉරිදා, මාර්තු 1වන දා 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මෙම වීදි නොබෝදා ඕස්ට්‍රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුල් වුණා. මෙවැනි ජාතික. සංස්කෘතික සහ සමාජයීය වශයෙන් වැදගත් සැමරුමක් පිළිබඳ වසර ගණනක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිද යන ලාංකේය මිතුරෙකු සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: හොඳ හෝ නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ජනප්‍රිය වෙන්නයි ඒක පවත්වා ගෙන යන්නයි ඊට වඩා අමාරුයි - උදාරි වර්ණකුලසූරිය 06.03.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව T20 තරගාවලියත් ජය ගනී 06.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: යුද අවස්ථාවක දී තවත් රටක් පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකා භූමිය, මුහුද හෝ ගුවන ලබා දෙන්නේ නෑ - ජනපති / සුරේෂ් සලෙයි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 06.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: මැදපෙරදිග යුද වාතාවරණය නිසා කොටු වූ ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව 06.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සිදුවන මාරාන්තික රිය අනතුරු ප්‍රමාණයේ ඉහළයාමක් 05.03.2026

ඔස්ට්‍රේලියාවේ මහාමාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය වසරේ පමණක් ඔස්ට්‍රේලියාව තුල මහාමාර්ග අනතුරු නිසා මරණ 1300කට වඩා සිදුවී ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවට විවිධ පාර්ශව මේ වනවිට ඉල්ලීම් සිදුකරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේට ඔස්ට්‍රේලියාවෙන් විශේෂ පිලි ගැනීමක් 05.03.2026

මීට වසර දෙකකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම බෞද්ධයන්ට ඉතාම වැදගත් සිදුවීමක් සිදු වුනා. ශ්‍රිලංකාවේ අනුරාධපුරයේ වැඩසිටිනා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහ්සේ නමක් ඔස්ට්‍රේලියාවට වැඩම කරලා ඔස්ට්‍රේලියාවේ රෝපණය කළා. මෙය සිදු උනේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ තියෙන බෝධි ධම්ම විහාරස්ථානයේ. ඉතින් මේ වනවිට මේ අංකුර බෝධීන් වහන්සේට ඔස්ට්‍රේලියාවෙන් විශේෂ පිළිගැන...

අපේ වහරේ කතා අහුරක්: ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කියන්නෙ ඇයි? 05.03.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ‘ඇන්නෑවේ’ කියලා පැරැණ්නො කියන්න පුරුදු වෙලා තියෙන්නෙ ඇයි කියලායි.

ලොව වටා: අලි කමේනි මැරුනෙ ඊශ්‍රායල ප්‍රහාරයකින් යැයි ඇමරිකාව කියද්දී, ChatGPT අවස්ථාවාදී යැයි චෝදනා 05.03.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සංක්‍රමණ කප්පාදුවෙන් නිවාස අර්බුදය විසඳෙන්නේ නැහැ, වාර්තාවක් කියයි 05.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Your guide to using sunscreen in Australia - ඔස්ට්‍රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද? 04.03.2026

Australia’s sun can be harsh. And sunscreen is one key measure protecting us against harmful sun exposure. We asked three scientists about sunscreen facts, myths and choosing the right products. - ඔබ හිරුඑලියෙන් සම ආරක්ෂා කරගන්න ඒ සඳහා වන ආලේපන එහෙම නැතිනම් 'sunscreens' භාවිතා කරනවාද ? ඔස්ට්‍රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා ඉතා බහුලවම වාර්තා වෙන රටක්. ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබ හිරු එළියෙන් සම ආරක...

ඕස්ට්‍රේලියාවේ 485 උපාධිධාරී වීසා ගාස්තු දෙගුණ වේ - ශිෂ්‍ය වීසා ගාස්තු ද ඉහළට 04.03.2026

උපාධිධාරී වීසා එහෙම නැත්නම් graduate visa අයදුම්පත් ගාස්තු දෙගුණ කිරීමට ෆෙඩරල් රජය නිහඬව කටයුතු කර තිබෙනවා. ඒ අනුව 485 උපාධිධාරී වීසා බලපත්‍රය සඳහා වන අයදුම්පත් ගාස්තුව ඩොලර් 2,300 සිට ඩොලර් 4,600 දක්වා දෙගුණ කර තිබෙනවා. මීට අමතරව ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තු ද ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීළඟ සංචාරය සැලසුම් කරන්න කලින් සංචාරක රක්ෂණ වලින් ආවරණය වන නොවන දේවල් දැන ගමු ද? 04.03.2026

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විදෙස් සංචාරකයින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට මැදපෙරදිග කලාපයේ සිර වී සිටිනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක දී සංචාරක රක්ෂණ ආවරණයක් ඇතොත් ඉන් ප්‍රතිලාභයක් හිමිවෙතැයි සිතුවත් වාර්තා වන අන්දමට යම් සංචාරක රක්ෂණ අවාරණ හිඩැස් හෙතුවෙන් මෙවැනි හදිසි යුදමය තත්ත්වයන් ඒවායෙන් ආවරණය නොවන බ...

SBS සිංහල පුවත්: 'ඉන්ධන ලබා ගැනීමට කලබල වෙනු එපා - ප්‍රමාණවත් සංචිත තිබෙනවා', බලශක්ති අමාත්‍ය කියයි 03.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඉරානයට පහර දුන් නිසා ඇමරිකාවට සහ ජනපති ට්‍රම්ප් ට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙයිද 03.03.2026

තම නායකයා ඝාතනය කොට සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය, ඇමරිකාවෙන් පලිගන්නා බවට ප්‍රකාශ කොට තිබෙනවා. කෙසේ නමුත් මේ අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන්නේ සියලු අරමුණු සපුරා ගන්නා තෙක් ඉරානයට පහර දෙන බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අම්මාලා තාත්තාලාට ලබාගන්න පුළුවන් මේ වැඩිහිටි සේවා ගැන දැන ගෙන හිටියා ද? 03.03.2026

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ඉන්න අම්මාලා තාත්තාලාට කරන්න දේවල් නැතිව ගෙදරටම කොටු වෙලා ද? රජයෙන් ලබා දෙන මේ විවිධ සේවා පහසුකම් ගැන දැනුම්වත් ද?

නීති පිළිසරණ: දික්කසාද නීතිය - ලංකාවේ දි කසාද බැඳලා ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 03.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පස්වැනි කොටස.

මැදපෙරදිග යුද්ධය ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබේ මුදල් පසුම්බියට බලපාන හැටි 03.03.2026

ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ජාත්‍යන්තර වෙළඳාම අවුල් ජාලයකට ඇද දමා තිබෙනවා. දැනටත් ඉහළ ගොස් ඇති ජීවන වියදම් මේ හේතුවෙන් තවත් වැඩි විය හැකි බවට ඕස්ට්‍රේලියානුවන්ට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

SBS සිංහල පුවත්: මැදපෙරදිග කලාපයේ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව හිමි බව අගමැති ඇල්බනීසි කියයි 03.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

සුව මනස: අපේ සංස්කෘතික හා ආගමික පසුබිම මත ඕනෑම මානසික බිඳ වැටීමක් දරා ගන්න පුළුවන් ද? 02.03.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ සංස්කෘතික හා ආගමික පසුබිම අනුව මානසික සෞඛ්‍ය පිළිබඳ ඇති විශ්වාස හා දුර්මත පිළිබඳවයි.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos