SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au
Onde ouvir?
Podcasts no app Replaio Radio Em breveOs podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts
Episódios
සුව මනස: යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න අපි මොනවා ද කරන්න ඕන? 15.03.2026 6:34
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය යහපත් කර ගැනීම පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 09 - මාර්තු 13 13.03.2026 6:22
මාර්තු 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: වයසට නොයන රහස බිරිඳගේ ආදරේ වැඩිකමයි - නලින් පෙරේරා 13.03.2026 9:03
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: ක්ලිෆර්ඩ් කුසලානය CR & FC පිලට - මලල ක්‍රීඩා නව සභාපති බිමල් - සවි එසවීමේ ශූර රන්සිළු ඇමරිකාවේදී රනින් දිනයි 13.03.2026 8:45
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: 2026 කාන්තා දිනයේ දී සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසුණු දස දහස් ගණනක ස්ත්‍රී හඬ 13.03.2026 4:31
මාර්තු 8වන දා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණා. ලොව පුරා කාන්තාවන් මේ දිනය සමරනු වස් නොයෙක් ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ අතර අසමානතාව සහ වෙනස් කොට සැලකීමට එරෙහිව වීදි බසිනු දකින්න ලැබුණා. මේ විරෝධතාවලට එක් වූ අය වැටුප්වල වෙනස්කම්, ප්‍රජනන අයිතිවාසිකම් සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පිළිබඳ අවධාරණය කළා. මේ ගැනයි අද කාලීන විග්‍රහය.
මව්බිමෙන් පුවත්: අපි ගොඩක් අඩුවෙනුයි තෙල් මිල වැඩි කලේ - ඇමති වසන්ත / මේ යන විදිහට පාස්කු ප්‍රහාරයේ දිනය පෙන්නුවේ අහවලා කියලාත් කියයි - හිටපු මන්ත්‍රී සංජීව 13.03.2026 8:29
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව දේශීය වශයෙන් බෙදාහරින ඉන්ධන තත්ත්ව ප්‍රමිතීන් සංශෝධනය කරයි 13.03.2026 5:11
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක් 12.03.2026 7:37
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේල...
ශ්‍රී ලංකාවේත් ඕස්ට්‍රේලියාවෙත් කාන්තාවට ඉහළ අධ්‍යාපන පසුබිමක් තිබෙනවා, සුධර්මා කරුණාරත්න 12.03.2026 13:11
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුධර්මා කරුණාරත්න Australia Awards ශිෂ්‍යත්වය ලැබ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් (Australian National University) මහජන ප්‍රතිපත්ති විෂය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ලොව ප්‍රකට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වන Crawford School of Public Policy පාසලේදියි. මාර්තු 8වන දාට යෙදුණු ජාත්‍යන...
Superannuation විශ්‍රාම වැටුප් සඳහා රජය ගෙනෙන මේ වෙනස්කම් ඔබට බලපාන්නෙ කොහොම ද? 12.03.2026 5:01
Superannuation එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ෆෙඩරල් රජය ගෙන ආ වෙනස්කම් සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙනවා.
අපේ වහරේ කතා අහුරක්: කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි! 12.03.2026 4:59
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ‘කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි’ කියන යෙදුම හැදුන හැටි ගැනයි.
ලොව වටා: ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට තවදුරටත් ප්‍රහාර / නේපාල අගමැති පුටුවට එන රැප් ගායක Balendra Shah 12.03.2026 8:12
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: අයථා ලෙස ඉන්ධන මිල ඉහළ දැමූවන්ට එරෙහිව පියවර, භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක් 12.03.2026 4:51
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
More than style: How First Nations fashion is growing in Australia - විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න 11.03.2026 10:57
If you’ve spent any time in Australia, you’ve probably noticed how relaxed the style is. You might notice activewear, surf brands and casual clothes everywhere. But there’s another side to Australian fashion. Aboriginal and Torres Strait Islander designers have been creating clothes and accessories for thousands of years — and that work is very much alive today. You’ll see it on runways, in global...
ශ්‍රී ලංකාවේ අනන්‍යතාව බහුසංස්කෘතික සබඳතා හරහා විදහා දැක්වීමට අඛණ්ඩව කැප වෙනවා - දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් දිමුතු සමරනායක 11.03.2026 7:22
දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස දිමුතු සමරනායක මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය වෙනුවෙන් ඇඩිලේඩ් නුවර සිට කුමුදිණි සිල්වා ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් සැකසූ විශේෂාංගයක්.
ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලයෙන් කාමුක දර්ශන බැලීමට 18+ වැඩි බව තහවුරු කරන නීති තද කරද්දී VPN බාගත කිරීම් තුන් ගුණයකින් ඉහළට 11.03.2026 3:46
ඕස්ට්‍රේලියානුවන් වෙත සිය අන්තර්ජාල පිවිසීම් අවහිර කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ කාමුක දර්ශන බෙදාහරින සමාගම් මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වීම ඇරඹුන වයස අවුරුදු 16 ට අඩු නව යොවුන් වියේ දරුවන්ට පැන වූ සමාජ මාධ්‍ය භාවිත තහනමේ දිගුවක් ලෙසයි.
SBS සිංහල පුවත්: ඉහල යන ඉන්ධන මිල හේතුවෙන් මේ සතියේදී තම ගුවන් ගමන් ප්‍රවේශපත් ගාස්තු ඉහල යනු ඇති බව කොන්ටාස් ආයතනය පවසයි 10.03.2026 5:33
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු 10.03.2026 10:19
මැදපෙරදිග හටගෙන තිබෙන ගැටුම මේ වනවිට නව හා අවිනිශ්චිත අවධියකට පිවිසෙමින් තිබෙනවා. සටන් තීව්‍ර වන විට, ඉරානයේ Ayatollah Ali Khamenei ඝාතනය කිරීමෙන් පසු ඉරානය එහි නව නායකයා ලෙස Mojtaba Khamenei පත් කර තිබෙනවා. එමෙන්ම මෙම තත්වයේ ප්‍රතිපලයක් වශයෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල තව කොපමණ ඉහළ යාවි ද? තෙල් අරපිරිමසා ගත හැකි මේ ක්‍රම අට ගැන දැන ගෙන හිටියා ද? 10.03.2026 5:50
මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත වල පාහේ ඊයම් රහිත පෙට්‍රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල ඩොලර් 2 ඉක්මවා ගොස් තිබෙනවා. මැදපෙරදිග උත්සන්න වන යුද්ධය ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැලඹීමකට ලක් කල අතර ඕස්ට්‍රේලියාව ඇතුළු සියලුම රටවල ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමට එය බලපා තිබෙනවා.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - නීතිඥ සහාය නැතිව ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද? 10.03.2026 4:58
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ හය වැනි සහ අවසාන කොටස.
SBS සිංහල පුවත්: ඉරාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මානුෂීය හේතු මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා 10.03.2026 5:28
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට චෝදනා 09.03.2026 9:08
ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්‍රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්‍රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිද...
ග්‍රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු 09.03.2026 4:47
මෑතක ඉඳන් ඕස්ට්‍රේලියාවේ ප්‍රෝටීන අධික ග්‍රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්‍රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක්...
සුව මනස: මානසික සෞඛ්‍ය සාක්ෂරතාව ගොඩනඟා ගන්නේ කොහොම ද? 09.03.2026 5:15
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය සාක්ෂරතාව ගොඩනඟා ගැනීම පිළිබඳවයි.
කොග්ගල ජලාශයට පියාසර කළ කැන්ගරුවෙක් ගැන ලියූ ඇඩිලේඩ් නුවර කතුවරිය - කුමුදිණි විද්‍යාරත්න සිල්වා 09.03.2026 8:47
ඇඩිලේඩ් නුවර හිටපු අධ්‍යාපන සේවා නිලධාරිනියක් සහ වර්තමානයේ ව්‍යවසායිකාවක් වන කුමුදිණී විද්‍යාරත්න සිල්වා මහත්මිය ඇය විසින් රචිත 'කැන්ගරුවෙක් කොග්ගල ජලාශයට පියාසර කල වගයි!' කෘතිය පිළිබඳ SBS සිංහල සේවය සමඟ කළ කතාබහ.
Podcasts parecidos
O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos