SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු 22.03.2026

'ලංකාවට යන්න ටිකට් අරන් තියෙන්නේ... මට යන්න බැරි වෙයි ද?' ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා බලපත්‍ර හිමි බොහෝ දෙනෙකු මේ දවස්වල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. ඒ සංක්‍රමණ පනතට ආ නව සංශෝධනයට අනුව රටට ඇතුල් වීම වළකන Arrival Control Determination බලය නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ බලාපොරොත්තුවෙන් SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු සහ විශේෂඥයෙකු වන නීතිඥවරයෙකු සමඟ කතාබහක නිරත ව...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 16 - මාර්තු 20 20.03.2026

මාර්තු 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් මගේ ප්‍රශ්න අනිත් කෙනාගේ ප්‍රශ්නයක් කරන්නෙ නැතිව හිනා වෙලා ඉන්න එකයි මගේ විදිහ - වීණා ජයකොඩි 20.03.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ලෝක ශූරතාව දිනා වසර 30 යි - නවක වේග පන්දු යවන්නන් සොයන මාලිංග - අන්තර් පාසල් රග්බි අවසන් පූර්ව වටයේ තරග හෙට සිට 20.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: අල්ලස් කොමිසමේ ප්‍රධානියා බියවද්දායි කපිලගෙන් ප්‍රකාශ ලබාගත්තේ - ලේකම් සාගර / උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දෙනවා - ඇමති වසන්ත 20.03.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඇති විය හැකි ඕනෑම ඉන්ධන හිඟයක් කළමනාකරණය කිරීමට ඕස්ට්‍රේලියාවට දැඩි පූර්ව සූදානමක අවශ්‍යතාව අගමැති අවධාරණය කරයි 19.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ශ්‍රී ලාංකිකයෝ විදිහට හැමෝම එකමුතු වන දවසට අපිත් මේ රටවල් දාලා ආපහු ලංකාවට යනවා - සිංහල බසට තවමත් පෙම් බඳින කැන්බරා නුවර රෙස්මි වහබ් 19.03.2026

මේ රාමසාන් සමය මුස්ලිම් ප්‍රජාවට වැදගත් වන ආකාරයත්, සංක්‍රමණික අත්දැකීම් සහ සිංහල භාෂාවට ඇති ලෙංගතුකම ගැනත් කැන්බරා නුවර දී SBS සිංහල සේවයට මුණගැසුනු රෙස්මි වහබ් මහතා දැක්වූ අදහස්.

කුඩා තැන්පතු මුදලකින් පළමු නිවාස ගැනුම් කරුවන්ට ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න තියෙන අවස්ථා මොනවාද? 19.03.2026

බොහොමයක් පළමු නිවාස ගැනුම් කරුවන්ට තියෙන විශාල ගැටළුවක් තමයි නිවසක් මිලදී ගන්න අවශ්‍ය වෙන මූලික තැම්පතුව, 'deposit' එක සොයා ගන්න එක. කෙසේ උවත් වර්තමානය වෙනවිට 2%ක් 5%ක් වගේ අඩු තැන්පතු මුදලකින් නිවසක් මිලදී ගන්න බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට අවස්ථාව තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අඩු තැන්පතු මුදලකින් නිවසක් ගන්න තියෙන අවස්ථා ගැන අද විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා.

කාලීන විග්‍රහය: පොලී අනුපාත වැඩි කිරීම් සහ රජයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙන සහන ගැන භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අදහස් දක්වයි 19.03.2026

පසුගිය මාස මාස දෙක තුල දෙවන වතාවටත් පොලි අනුපාතය ඉහල දමන්න ඔස්ට්‍රේලියානු මහ බැංකුව කටයුතු කළා. පොලී අනුපාත ඉහල දමන්න රැස්වෙන කමිටුවේ මහ බැංකු නිලධාරීන් 5 ට 4ක් ලෙස මේ සඳහා මනාපය පලකරලා තියෙනවා. මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වැඩිවශයෙන් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. මේ තත්වය පොලී අනුපාත ඉහල දමන්න වැඩි වශයෙන් හේතු වුන බව භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් පවසනවා. ජනතාවට සහන ලබාදීම් ගැනත් ඉදි...

අපේ වහරේ කතා අහුරක්: විහිළුවක්වත් දන්නෙ නැති දෙයියොයි මාළුබාන්නාගෙයි කතාව! 19.03.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මාළුබාන්නෙක් දෙවියන්ට වුන භාරයක් ගැනයි.

ලොව වටා: ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ත්‍රස්ත මර්ධන නිලධාරියෙක් අස්වෙයි / චීන නායකයින් රටේ අනාගත ස්ථාවරත්වය ගැන තීරණ ගනී 19.03.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ හදිසි තෙල් සංචිත නුදුරේ දී මුදා හැරීමේ සූදානමක් 19.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How public and community housing works in Australia - ඔස්ට්‍රේලියාවේදී නවාතැනක් සොයා ගන්න අපහසු අයට රජයෙන් ලැබෙන මේ නිවාස ගැන ඔබ දැන සිටියද? 18.03.2026

In Australia, government-subsidised rental housing is available for eligible households. Assessment is based on need under criteria that vary depending on your state or territory. Here’s what to expect when applying for different types of housing assistance, some common myths around social housing and where to reach out for help. - මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයක් පවතිනවා කියල බොහෝ දෙනෙක්...

පොලී අනුපාත වැඩිවීමත් එක්ක නිවාස කුලී මිලගණන් නැවතත් ඉහල යයිද? 18.03.2026

පොලී අනුපාත වැඩිවීමත් එක්ක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ඉදිරිදී තම නිවාස නය පොලි අනුපාත ඉහල දමන්න සූධානම් වනවා. පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිලගණන් සීග්‍රයෙන් ඉහත යමින් පැවතුනා. නිවාස හිඟයත් මේ සඳහා තදින්ම බලපානවා. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල පවතින තත්වය ගැන සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස් 18.03.2026

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.

SBS සිංහල පුවත්: නිවාස ණය සඳහා වන පොලී අනුපාත ඉහල දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ 18.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ සෘතු වෙනස රාමසාන් උපවාස සමයට බලපාන්නේ මෙහෙමයි, ඉෆ්තාර් ගැන ඔබට කියන ආකිල් හනිෆා 17.03.2026

රාමසාන් උපවාස සාමය ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් චාරිත්‍රාංගයක්. රාමසාන් මාසයේ දෛනික උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් සම්ප්‍රදායයෙන්. ඉෆ්තාර් පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මුස්ලිම් සංසදයේ සභාපති ආකිල් හනිෆා සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - සම්පූර්ණ වැඩසටහන 17.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡා කොටස් හයම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.

ඕස්ට්‍රේලියාවේ දැන් අංක එකේ මාරාන්තික පිළිකාවෙන් බේරෙන්න මේ ගැන දැනගන්න 17.03.2026

ඕස්ට්‍රේලියාවේ මාරාන්තික පිළිකාව තවදුරටත් පෙනහළු පිළිකා නොවන බව හෙළිව තිබෙනවා. මේ වනවිට මෙම මාරන්තිකම පිළිකා Upper gastrointestinal (GI) cancer වශයෙන් හැඳින්වෙන අතර මේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැටළු මතු වෙයි 17.03.2026

ලොව පුරා රටවල් රැසක් වගේම ඔස්ට්‍රේලියාවත් මේ වනවිට යම් ආකාරයක තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් සිටිනවා. මෙලෙස තීරණාත්මක ඉන්ධන හිඟයකට මුහුණ දෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉහළ සල්ෆර් සහිත පෙට්‍රල් ලබාදීම සඳහා ෆෙඩරල් රජය දින 60ක තාවකාලික සල්ෆර් ප්‍රමිතීන් ලිහිල් කිරීමට අවසර දී තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේදී ඔබ course එක වෙනස් කරනවා නම්, මේ දේවල් ගැනත් මුලින්ම දැනගන්න 17.03.2026

ඕස්ට්‍රේලියාවේදී ඔබේ පාඨමාලාව හෝ සැපයුම්කරු "Education Provider" වෙනස් කිරීමට සිතනවා නම් ඒ ගැන ජාත්‍යන්තර සිසුන් වශයෙන් දැනගතයුතු දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල ගුණාත්මක බව පහත හෙලීමට රජය ගත් තීරණයට විවේචන එල්ල වේ 17.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: රැප් ගායකයකු වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව නායකයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වේ 16.03.2026

නේපාලයේ පැවති උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට රජය පෙරලා දැමීමට අරගල කරුවන් කටයුතු කළා. ඉන් මාස 6 කට පමණ පසුව පැවතුන මහා මැතිවරණයෙන් 35 හැවිරිදි රැප් ගායකයකුවන බාලේන්ද්‍ර ෂා එරට නායකත්වයට තේරී පත් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ. පි ශර්මා ඔලී පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබන්න මේ තරුණ රැප් ගායකයා ඇතුළු ඔහුගේ පක්ෂය සමත් වුනා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: පෝලිම් හදන්න උත්සහ කරන නිසයි QR ක්‍රමය යළි ගෙනාවේ - තෙල් සංස්ථාව / ඉරාන නැවට ඉන්දීය සාගරයේ පහර දීම කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් - මන්ත්‍රී නාමල් 16.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ තෙල් හිඟයක් නොමැති බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි 16.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos