SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

ඕස්ට්‍රේලියාවේ Bridging Visa ගැන තොරතුරු සහ කොන්දේසි කඩ කරොත් වෙන දේ මෙන්න 02.03.2026

ඕස්ට්‍රේලියාවේ Bridging Visa වර්ග සහ Bridging Visa වල එන කොන්දේසි කඩකළහොත් මුහුණ දෙන්න වෙන ප්‍රතිවිපාක පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි 02.03.2026

පසුගිය සතිඅන්තයේ සිඩ්නි නගරය සමකාමී අභිමානයෙන් සහ වර්ණවත් සැණකෙළි සිරියකින් පිරී ඉතිරී ගියා. ඒ ඔක්ස්ෆර්ඩ් වීදියේ පැවැත්වෙන වාර්ෂික Mardi Gras පාගමනට දහස් ගණන් ජනතාව එක් වීමත් සමඟයි. 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras උළෙල පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

දුප්පත් පවුලකින් පැමිණ ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි හමේනි 02.03.2026

1939 වසරේ දී ඉරානයේ මෂාඩ් නගරයේ දරුවන් අට දෙනෙකුගෙන් යුත් දුගී පවුලක දෙවැන්නා ලෙස මෙලොව එළිය දුටු අයතුල්ලා අලි හමේනි ලොව දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වය දැරූවන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙනවා. ඉරාන විප්ලවය හා ඉස්ලාමීය ඉරාන ජනරජය ගොඩනැගීමට ඔහු දුන් නායකත්වය හේතුවෙන් පිරිසකගේ ගරු බුහුමනටත් සිය පාලනයට එරෙහි නැගිටීම් කෲර ලෙස මර්දනය කිරීම හේතුවෙන් තවත් පිරිසකගේ දැඩි වෛරයටත් අලි හමේනි පත් වුණා.

මව්බිමෙන් පුවත්: තෙල් රැස් කළොත් QR ක්‍රමයට යන්න වේවි - බලශක්ති නි.ඇමති / අපිට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා - සිපෙට්කෝ සභාපති 02.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කාලීන විග්‍රහය: මියගිය ඉරාන ආධ්‍යාත්මික නායකයා පිලිබඳ ශෝකය පළකිරීමක් සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි 02.03.2026

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත දැඩි ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල කළා. මේ ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහල පෙලේ නායකයින් ගණනාවක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මේ ප්‍රහාර මාලාවට ඕස්ට්‍රේලියානු නායකයින්ගේද සහාය මේ වනවිට ඵලවෙලා තියෙනවා. ඇතිවූ මේ යුධමය තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ආරක්ෂක තත්වයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැ...

SBS සිංහල පුවත්: ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඕස්ට්‍රේලියානු පක්ෂ - විපක්ෂ අදහස් 02.03.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය සමීප කරවන නව මෙවලමක් දියත් කෙරේ 01.03.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර සිසුන්ට රටේ සෞඛ්‍ය පද්ධතිය සමහරවිට තේරුම් ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් වියදම් කරන්න අමාරුයි. මේ ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම උදෙසා ජාත්‍යන්තර ශිෂ්‍යයන් විසින් ජාත්‍යන්තර ශිෂ්‍යයන් උදෙසා නව මෙවලමක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවලට ඇති පහසු ප්‍රවේශය වගේ ම ලිංගික සහ මානසික සෞඛ්‍යය යන කරුණු වටා තිබෙන stigma එක මේ මගින් නැති කරන්න උත්සාහ කරනවා. එනම් මෙවැනි සෞඛ්‍ය ක...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 23 - පෙබ 27 27.02.2026

පෙබරවාරි 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: අලුත් නළු නිළියො හැමදාම දකින කුකුළාගේ කරමලේ වගේ උදේ ඉඳන් හවස් වෙනකම් හැම ටීවී චැනල් එකේම ඉන්නවා - අනෝජා වීරසිංහ 27.02.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ලංකාවේ ක්‍රිකට් ගැන බලාපොරොත්තු අත්හැර ගන්න එපා - දසුන් ශානක 27.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: තමිල් සෙල්වන් විනාශ කල සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හෙලා දකිනවා - අලි සබ්‍රි / මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට ජීවිත තර්ජන 27.02.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ග්‍රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්‍රේස්ගෙන් සටහනක් 27.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ LGBTIQ+ ප්‍රජාවේ පිරිස් රැකියා ස්ථානවලදී හිංසනයට ලක්වීමේ සිදුවීම් ඉහලට 26.02.2026

ඔස්ට්‍රේලියාවේ වෛරී සහගත ප්‍රකාශයන් පිළිබඳව වන සිදුවීම් පසුගිය කාලයේ ඉහල ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජයේ ඉන්න LGBTIQ+ ප්‍රජාවන් රැකියා ස්ථාන තුලදී විවිධ හිංසනයන්ට ලක්වන බවටත් මේ වනවිට එම ප්‍රජාවන්ගෙන් තොරතුරු වාර්තා වනවා. මෙවැනි සිදුවීම් වලක්වන්න නව නීති හඳුන්වාදිය යුතු බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින්ගේ මතය වෙලා තියෙනවා. මේ ගැන සම්පූර්ණ තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

2023 සහ 2025 අතර වැඩිම ප්‍රතිශතයකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ නිපණතා සහිත වූවන් ශ්‍රී ලංකාවෙන් 26.02.2026

ශුද්ධ විදේශ සංක්‍රමණය දත්ත අනුව 2023-24 සහ 2024-25 වර්ෂ අතර වැඩිම ප්‍රතිශතයකින් සංක්‍රමණික සංඛ්‍යාවක් ඉහළ ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික නිපුණතා සහිත ප්‍රජාවයි. 2023-24 මූල්‍ය වසරේ දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 4688 ක්. නමුත් 2024-25 මූල්‍ය වර්ෂයේ දී එය 75.7% කින් වැඩි වී 8235 ක ශ්‍රී ලාංකික නිපුනතා සංක්‍රමණිකයින් මෙටට පැමිණ තිබෙනවා.

අපේ වහරේ කතා අහුරක්: පොල් මුඩු වෙදා බෙහෙත් දුන්න හැටි දන්නවා ද? 26.02.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පොල් මුඩු වෙදෙක් ගැන කතාවක්.

ලොව වටා: ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් දිගම කතාව කරද්දී, ජපානයේ Punch තරුවක් වෙයි 26.02.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි 26.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මෑතකාලීන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු 25.02.2026

2026 වසරේ මේ තාක් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්‍රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.

ATM සහ බැංකු කාඩ්පත් වෙනුවට phone එකෙන් කරන ගෙවීම් නියාමනය කරන්නැයි බැංකු සහ මූල්‍ය සමාගම් ඉල්ලයි 25.02.2026

ඕස්ට්‍රේලියාවේ මූල්‍ය ගෙවීම් පද්ධතිය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන සභා රැස්වීමේ දී iPhone මගින් සිදු කරන ඩිජිටල් ගෙවීම් සඳහා Apple සමාගම සතු ඒකාධිකාරය බිඳ දමන ලෙසට රජයට මූල්‍ය හා බැංකු කේෂත්‍රයෙන් පීඩනයක් එල්ල කෙරුණා.

SBS සිංහල පුවත්: ආරක්ෂාව පිළිබඳ එල්ල වූ තර්ජනයක් හේතුවෙන් කැන්බරා නිල නිවසින් ඉවත් වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි යලි ආරක්ෂිතව නිල නිවසට 25.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වල ජාතිවාදය දැඩිව පැතිරී ඇති බව හෙළි වෙයි 24.02.2026

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල racism හෙවත් වර්ගවාදය පිළිබඳ පළමු ජාතික වාර්තාව වනවිට නිකුත් කොට තිබෙනවා. මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල වර්ගවාදය පුළුල් හා ක්‍රමානුකූල ගැටලුවක් බව සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

ශ්‍රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්‍යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා 24.02.2026

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙල වන ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙලේ දී 2026 වසරේ Officer of the Order of Australia AO ගෞරව සම්මානයට පාත්‍ර වූ UNSW හි ප්‍රකට ශ්‍රී ලාංකීය මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඇසුරෙන් සැකසූ විශේෂාංගය.

නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද නඩු කියන්න කොච්චර කාලයක් යනවා ද? 24.02.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ සිව්වැනි කොටස.

පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්‍රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද? 24.02.2026

මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ 24.02.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos