Tri-Angle Podcast
Tri-Angle Podcast
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.
Author
Tri-Angle Podcast
Category
Podcast website
Latest episode
May 7, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ස්වභාවික විපර්යාස මැද අපි කරපු අමතක නොවෙන පොඩ්කාස්ට් එක | ඇසිය යුතුම | Tri-Angle Podcast EP 057 17.05.2022 1:10:40
ආයුබෝවන්! ඉතින් සතියක විරාමයකට පසු නැවත ඔබත් මමත් මුනගැසෙන දවස. හැම ඉරිදාම සවස සති 56ක් පුරාවට ඔබ හමුවට පැමිණි අපි නැවත මුණගැසෙන 57වෙනි වතාව අද. අද කතාව රසවත් සහ අති විශේෂයි, භූමි කම්පාවක live footage එකක් බලන්න ඕනද? ඒ වගේම පොඩි funny QnA session එක රසවත් බව වැඩි කලා. ඉතින් වැඩි විස්තර බලන්න අද video එක බලන්නම වෙනව ! Stay strong Sri Lanka 🖤🇱🇰
අපි ගිය Trips : සෑම පුංචි මොහොතක්ම තවත් ලස්සන මතකයක් | Tri-Angle Podcast EP 056 02.05.2022 1:00:30
මෙවර episode එකෙන් අපි ඔයාල හමුවට එන්නෙ නිදහස් කතාබහක් සමග. පහුගිය සති කිහිපය පුරාවට විවිධ දිශාවන් ආමන්ත්‍රණය කල අපි හිතුව පොඩ්ඩක් relax වෙන්නත් එක්ක වෙනසක් කරන්න. ඉතින් මෙවර කතාබහ ගෙතුනේ ඒ වටා. අපේ පහුගිය සති ගෙවුනු අයුරු සහ අපේ එදිනෙදා විස්තර කතාකරමින් මේ ගතවු හෝරාව මෙලෙස ඔබ වෙත රැගෙන එන්න අපි සිතුවා. ඉක්මනින්ම QnA session එකත් සමගින් ඔබ හමුවට එන පොරොන්දුව සමග මේ ඇරයුම රසවිඳින්න Tri-Angle Podcas...
වෙර අරගෙන දුවන්න, LEVEL UP වෙන්න කාලයයි මේ ! | Tri-Angle Podcast EP 055 02.05.2022 1:01:21
අපිට කියන්න, මෙවර අපේ තේමාව වන්නේ මෙයයි. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනව. වෙනද අපේ post එකකට එන comments ආදරනීය ඔබේ ප්‍රතිචාර ලෙස දැක්කත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්. අද ඔබව අපිට සමීපව දැනුන. දුරු රටක සිටියත් මවු රට පිළිබඳ හැගීම එලෙසමයි. එන්න එක්ව නැගිටිමු ! එක්ව ජයගමු ! Stay strong Sri Lanka 🇱🇰 🖤
අරගල මැද මෙවර අවුරුදු සහ මේ පාර අපි කරන ලස්සන වැඩක් | Tri-Angle Podcast EP 054 24.04.2022 50:02
අවුරුදු සමය කියන්නෙ ලාංකීය අපිට සතුට පිරුණු විශේෂ කාලයක්. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් තරමක් වෙනස් අවුරුද්දක් තමයි ඔබටත් මටත් මෙවර උරුම. Tri-Angle අපි මේ ගැන සිතන්නේ කෙසේද?, දැනගන්න කැමතියි ද? එහෙනම් මේ episode එකට set වෙන්න. නවාංග සහ සචින්ත්‍යා මූලිකත්වයෙන් කරන ලස්සන විශේෂ කාරනාවක් තියනවා....
ලංකාව වෙනුවෙන් අපි! | Tri-Angle Podcast EP 053 16.04.2022 45:45
අද කතාව අපි හැමෝම සංවේදී කතාවක්. අපේ මව්රට පිළිබඳ කතාවක්. අපේ රටේ නිර්භීත මිනිසුන් පිළිබඳ කතාවක්. මේ මොහොත ඉතාම තීරණාත්මක නිසාම Tri-Angle අපි හිතුව මේ ගැන කතා කල යුතුමයි කියා. පිටරටකට එන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට පොදු හැගීමක් තමයි අපේ රට ගැන ඇතිවන්නවූ මතකයන්, ඒ ආගිය තැන් පිළිබඳ අතීත මතකාවර්ජනය. ඉතින් මේ රට කතන්දරේ සුන්දර මොහොතක් තමයි නැවත මව්රට කරා යන දවස. ඉතින් තවදුරටත් එය සිහිනයක් නොවීම වෙනුවෙන් අප...
Tri-Angle Podcast අපි අවුරුද්ද සමරන ඒ විශේෂ දවස අද ! | 1st Anniversary Episode 10.04.2022 1:00:09
අද දවස විශේෂයි. ඔව් අද ඔබටත් මටත් විශේෂයි. Level up මාවතක සුන්දර මතක සටහනක් සනිටුහන් කරන දවස අදයි. නොකඩවා සති 52ක් පුරාවට කැපකිරීම් රාශියක් මැද, නිදිවර්ජිත රාත්‍රී මතකයන් පසුකොට, සතුටු සිනහ සතුටු කදුලු පපුවට තද කරන් අපේ ජයග්‍රාහී මාවතේ වර්ශ පූර්ණ milestone එක පසුකරන දවස අදයි. 2021/04/12 වැනි දින සයිබර් අවකාශයෙහි YouTube වෙත අපේ පළමු video එක රැගෙන ආව. එතැන් පටන් අපි නොනවත්වා සෑම සතියකම ඉරු දින අනි...
පිටරට NEIGHBOURHOOD වල සුන්දර කතන්දර සහ අසල්වාසී විස්තර | Tri-Angle Podcast EP 051 02.04.2022 1:11:38
අපෙන් හැමෝම අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න අපේ අද episode එක වෙන් කලා. ඉතින් ඒ කරුනු තමයි අපි තුන් දෙනා ජීවිත්වෙන neighborhood එක මොන වගේද?, අවට තියන facilities මොන වගේද ?, අවට පරිසරය ඒ වගේම එහි ලස්සන, මේ රටවල් තුනේ රජය විසින් මේ දේවල් හරියට කලමනාකරණය කරන්නෙ කොහොමද වගේ දේවල්. රට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වැදගත් වේ යැයි සිතෙන කරුනු රැසක් පිළිබඳ කල රසවත් කතාවට set වෙන්න අද episode එකෙන් ඔබට හැක...
කෑම රත් කර කර කන අපේ පිටරට ජීවිත | Tri-Angle Podcast EP 050 25.03.2022 1:07:13
අද විශේෂ දවසක්. ඔව් අපි 50th Episode Milestone එක reach කරන දවස අද. විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නව, වෙන කවුරුත් නෙමෙයි ! අපේ රසික ඔබ සැමට ස්තුතියි ! ඉතින් අද අපේ කතාවත් අපි තුන්දෙනාගෙම රස කතා වටා ගෙතුන කිව්වොත් අපි නිවරදියි. අවුරුද්ද සපිරෙන්නත් ඉතා කිට්ටුයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න මේ ඇරයුම හදවතින්මයි !
අපෙන් අහපු PERSONAL ප්‍රශ්න වලට උත්තර අද | Tri-Angle Podcast EP 049 25.03.2022 1:13:25
ඔන්න ආයෙත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබ අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන වෙලාව!
රට ආපු ගමන් අපිව පුදුම කරවපු කෑම ජාති | Tri-Angle Podcast EP 048 06.03.2022 55:07
හැම ඉරු දිනකම වගේ පුරුදු විදියටම ඔබත් එක්ක එකතු වෙන්න Tri-Angle අපි ආව අදත්. ඉතින් අද කතාව දිගහැරෙන්නේ හරිම relax mood එකක ඉදන්. අපේ පරන ආගිය මතක පුස්තකාලය පීරමින් එහෙට මෙහෙට ගිහින් අපි නතර උනේ අපිට wow factor උන අපි කවුරුත් කැමති කෑම කිහිපයක් මත. ඉතින් වැඩි විස්තර කියල කතාව spoil නොකර මේ ආරාධනය අද video එක බලල ඔබේ අදහස් අපිට කියන්න. හැමදාම වගේ අපිට දක්වන ආදරයට ඔබ සැමට ස්තුතිවන්ත වන්නේ හදවතින් !
Films වල පෙන්නන ඇමෙරිකාව ඇත්තට මොන වගේද? | Tri-Angle Podcast EP 047 01.03.2022 1:48:43
ඇමෙරිකාව කියන්නෙ පොඩි කාලෙ ඉදන් අපි හැමෝගෙම හිත්වල තියන සුන්දර හීනයක් උන සුවිශේෂ රටක්. ඉතින් අද Tri-Angle podcast episode එකට එකතු වෙන්නෙ මේ විශේෂ රටේ ඉදන් සුන්දර අමුත්තියක්. Momma Mandy කිව්වම YouTube community එකේ අපි කවුරුත් හොඳින් අදුනන මන්දිරා තමයි මේ අමුත්තිය. වැදගත්, රසවත් මේ සියල්ල කතා බහ කරන්න අපත් සමග එකතු වීම පිළිබඳ ඇයට ස්තුතිවන්ත වන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ ඇරයුම එකතු...
රටවල් තුනකින් LIVE එන දවස ආවා ඔයාලා එක්ක කතාබහට | Tri-Angle Podcast EP 046 01.03.2022 54:24
The very first live of Tri-Angle Podcast. Recorded on Feb 20th,2022.
රට එන couples වෙනුවෙන් අපේ අත්දැකීම් වලින් බිඳක්! | Tri-Angle Podcast EP 045 17.02.2022 55:53
යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක්...
BINARIO 12 එක්ක ගතවුනු සුන්දර සැඳෑව | Tri-Angle Podcast EP 044 06.02.2022 1:23:53
B12 සහ Tri-Angle සුසංයෝගය, ඔන්න ඉතින් පොරොන්දු උනා වගේම ඔබත් අපිත් මුණගැසෙන ඉරිදා දිනය අද. ඔයාල වගේම අපිත් ගොඩක් ආසාවෙන් බලාසිටි සුන්දර මොහොතක් තමයි අද! ආදරයෙන් මතක් කරනවා චිරන්තන අයියා සහ නදී අක්කාව, වැඩ රාජකාරි ගොඩක් මැදින් අපේ ඉල්ලීම පිළිගෙන අපත් සමග එක් වීම පිළිබඳ. අද කතාව විශේෂ වන්නේ cute little chat එකක්, සුන්දර මිනිසුන් දෙදෙනකු සමග ඉතාම හරවත් සහ රසබර කාලයක් ගත කිරීමට භාග්‍යය අපිට ලැබු...
රට එනකොට ACCOMMODATION හොයාගන්න එක ප්‍රශ්නයක්ද? | Tri-Angle Podcast EP 043 06.02.2022 1:16:44
යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක්...
ඉගෙනගන්න රට යන්න ඉන්න අපට එන ප්‍රශ්න! | Tri-Angle Podcast EP 042 06.02.2022 1:25:19
ඔන්න සුපුරුදු ප්‍රශ්න උත්තර tradition එක continue කරන්න අද ඔබට එකතු වෙන්න පුලුවන් Tri-Angle Podcast Episode 42 සමග. අපට ප්‍රශ්න යොමු කල සියලුම දෙනාව මතක් කරනවා ආදරයෙන් ! ඉතින් හැමදාම වගේ අපි කලින් යොමු කල post එකට ඉතාමත් වටිනා feedback ඇවිත් තිබීම සතුටට කරුණක් වගේම අද කතා නොකල ගොඩක් කරුණු ඉදිරි episodes හරහා ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. හැමදාම එකතු වෙන්න! සුභ සතියක්!
හිම කුණාටු NFT මැද්දෑවෙන් Lankan Tag challenge එකක් | Sinhala Podcast | Tri-Angle Podcast EP 041 17.01.2022 1:08:22
අද කතාබහ තරමක් වෙනස්! රටවල් තුනේ අද්දැකීම් හුවමාරුවක්. ලෝකයේ එක් කොනක අයිස් මිදෙන සීතලක්. අනෙක් කොනක සෞම්‍ය දේශගුණික තත්ත්වයක්. ඉතින් ඔව් අද අපේ chat එක වැදගත් වෙනව AUS,NZ,CA එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලු දෙනාටම. කමාජ් අයියාගේ ආරාධනාවෙන් අපි තුන් දෙනාම සහභාගී වී කල "Sri Lankan Tag" game එකත් අද video එකෙන් ඔයාලට බලන්න හැකියාව තියනව. ලස්සන fun segment 1ක් එක්ක ආව මෙවර episode එක වෙ...
දේශගුණයට ගැලපෙන්න Travel බෑග් එක ගිනියන්නේ කොහොමද ? | Tri-Angle Podcast EP 040 17.01.2022 1:08:53
පිට රට ගිහින් settle වෙන්න හීන මවන කෙනෙක් ද ඔබ? රට යන්න දින ගනිමින් ලහි ලහියෙ සූදානම් වෙන කෙනෙක් ද ඔබ? ගෙනියන්න අවශ්‍ය දෑ, ඇදුම්, සපත්තු, පොත් පත් ආදී list එක ගොඩක් දිගයි ද? හරියටම ගෙනියන්න අවශ්‍ය දේ වගේම මුදල් අපතේ නොයවා මේ කලමනා සියල්ල සූදානම් කරගන්න tips ටිකක් ඕනද? අනිවාර්යයෙන් මේ video එක බලන්න!
2021 අවුරුද්දේ අපේ කතාව සහ 2022ට ආයුබෝවන්| Tri-Angle Podcast EP 039 09.01.2022 55:38
සුභ නව වසරක් වේවා ! අලුත් අවුරුද්දක්, අලුත් ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු රැසක් එක්ක Tri-Angle අපි අද හිතුව ටිකක් අලුත් විදියේ අද්දැකීමක් අරන් ඔබත් සමග එකතු වෙන්න. අපේ ආදරනීය රසික ඔබ සැමට ස්තුතිවන්ත වීමට මේ හොඳම තමයි අවස්ථාව. අපි දැන් ලොකු පව්ලක, ඔව් subscribers 10k කඩඉමත් පසු කරල දවසින් දවස level up වෙන පිරිසක්. ඉතින් මේ ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වෙන, සතුට සාමය සහ...
ඕස්ට්‍රේලියාව අලුත් කෝණයකින් | Special episode with Lankan in Melbourne | Tri-Angle Podcast EP 038 31.12.2021 1:42:14
ලැබුවා වූ නත්තල සාමයෙන් සතුටින් පිරී ඉතිරෙන නත්තලක් වේවා යැයි Tri-Angle අපි ප්‍රථමයෙන් සුභ පතනවා.ඉතින් මේ සුභ නත්තලේ ඔයාලට වටින ත්‍යාගයක් අරන් තමයි අපි ඔබේ ආලින්දයට මේ සේන්දු වෙන්නෙ. Australiaනු YouTube අවකාශයේ ශ්‍රී ලාංකීය සන්නාමය "Lankan in Melbourne" මෙවර අපත් සමග එකතු වුනා ඉතාමත් වටිනා සාකච්ඡාවක් කිරීමට. ලොවට උදාවූ මෙවර නත්තල් අසිරිය, වර්තමානයේ YouTube කලාව, content creation vs time management...
CHRISTMAS SPECIAL : අලුත්ම perspectives තුනකින් රටවල් තුනක නත්තලේ විස්තරේ | Tri-Angle Podcast EP 037 25.12.2021 1:11:59
අද වෙන්නෙ අලුත්ම දෙයක්, දැනටමත් ඔයාල මේ ගැන දන්නව. අලුත් මුහුණු තුනක් එක්ක අද podcast එක අලුත් වැඩ ගොඩක්. හැමෝම හරි හරියට සූදානම් වෙන Christmas Season ගැන කතා කරන්න හොදම අපි නෙමෙයි. ඉතින් ඒකයි මේ වෙනසත් එක්ක අපි ඔයාල හමුවට ආවෙ. විවිධ perspectives හරහා අලුත් විස්තර රැසක් එක්ක අපේ රසික ඔබ සැමට අද අලුත් අද්දැකීමක් එකතු කරන්නට හැකි වීම අපිට සතුටක්. ඉතින් වෙනද වගේම ඔබේ අදහස් අපිට කියන්න. මේ අලුත් වෙනස...
අපි නොදුටු කැනඩාව with මිහිඳු ආරියරත්න | Tri-Angle Podcast EP 036 18.12.2021 1:26:43
Tri-Angle Podcast එකට තවත් අලුත් දවසක්, අලුත් අද්දැකීමක් හා වෙනසක් ඒ වගේම අපි තුන් දෙනාටම විශේෂ මොහොතක්. අද අපි ඔබේ ආලින්දයට පැමිණෙන්නේ විශේෂ ආරාධිත අමුත්තෙකු සමගින්. මොහු ශ්‍රී ලාංකීය Rock සංගීත කලාවේ පුරෝගාමියෙක්. "චකිතය" , "Mrs. Perera", "අනාවැකියක්" වැනි ගීත මොහුගේ සුවිශේෂ ගායන ප්‍රතිභාව මැනවින් විදහා පාන්නට සමත්කම් දක්වනවා. අටුවා ටීකා කුමටද?, අද අපිත් සමග එකතු වන නිහතමානී දක්ශයා තමයි මි...
Australia , New Zealand & Canada ගැන ප්‍රශ්න ඔක්කෝටම විසඳුම්! | Tri-Angle Podcast EP 035 10.12.2021 1:14:42
සුපිරි ප්‍රශ්න ටිකකට සුපිරි උත්තර ටිකක් අරන් අදත් ඔබේ ආලින්දයට ගොඩ වෙන්න හිතුව. මුලින්ම ස්තුතිය අපිට මේ ප්‍රශ්න යොමු කල ඔබ සියලු දෙනාට. ඉතින් හැමදාම වගේ අපිට ලැබුන කෙටි කාලසීමාවෙන් පුලුවන් උපරිම cover කරන්න try එකක් දුන්න. ඒ වගේම අද අපි කතා කල සියල්ල ගොඩක් interesting topics කියල අපි විශ්වාස කරනව. මොකද අපි තුන්දෙනා ඉතාම කැමැත්තෙන් තමයි මේ episode එකට සූදානම් උනේ. අපිට උත්තර දෙන්න නොහැකි උන සියලු ග...
GOOD NEWS: ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට දැන් එන්න පුලුවන්ද ? | Tri-Angle Podcast EP 034 03.12.2021 1:13:29
AUS, NZ & CA එන්න බලන් ඉන්න ගොඩක් දෙනාට මුහුණ දෙන්න උන අලුත්ම අභියෝගය තමයි Covid-19. මේ හේතුවෙන් plans වෙනස් උන, වෙනස් කරගන්නට උන දෙනා මෙන්න මෙච්චරයි කියල, ඉවරකරන්නට බැරි තරම්. මේ රටවල් නැවත open කරල ඒ හීන හැබෑ කරගන්න දවස එනකන් ඔයාල ඇගිලි ගනිමින් බලන් ඉන්න ඇති. මේ සියලු දෙනාටම සුභ පණිවිඩයක් දෙන්න තමයි අපි අද මේ ලෑස්ති වෙන්නෙ. මේ news එක ඇතුලුව අද කතා කල දේවල් සියල්ල ඔබට වැදගත් වේ යැයි අපි සිතන...
රටවල් තුනක් , අලුත්ම විස්තර ගොඩක් | Tri-Angle Podcast EP 033 27.11.2021 1:14:33
SHOW LESS ජයග්‍රාහී සුභ සතියකට පසු ඔබත් අපිත් මුණගැසෙන දිනය අද ! Level up කලාව හැමදාම ඔබට ලං කරන්න වෙහෙසෙන අපි මේ සතියෙ පොඩි නිදහස් chat එකක් දාන්න තමයි හිතුවෙ. කාර්‍යබහුලකම නිසාම අපි තුන් දෙනාටත් නිදහසේ කතා කරන්න ලැබුනෙ අද තමයි. ඉතින් අපේ කතා ගැන ඔයාල දන්නව නෙ නේද ? එහෙට මෙහෙට කොහෙට ගිහින් ආවත් ඔයාලට වැදගත් පණිවිඩයක් අරන් එන්න අමතක කලේ නැහැ. Video එක ඉවර වෙනකන් බලල අද episode එකෙන් ඔයාල ගත්ත දේ ග...
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.