SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1864 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 21, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න 15.07.2025

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවු...

How to start your home business in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබේම නිවසේ සිට ව්‍යාපාරයක් අරඹන්නේ මෙහෙමයි: Australia Explained 15.07.2025

Did you know that people offering taxi services from home need to register for Goods and Services Tax (GST)—regardless of how much they earn? Or that a fitness instructor needs local council approval to see clients at home? In this episode, we unpack the basic rules you need to know when setting up a home-based business in Australia. - ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-bas...

SBS සිංහල Newsflash ජූලි 15: 'මෙරට දියවැඩියාව වැළැක්වීමට රජය වැඩි කාර්යභාරයක් කළ යුතුයි', විශේෂඥයෝ පවසති 15.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය 15.07.2025

ලොව පැරණිතම පාෂාණ කලා නිර්මාණ එකතුවක් ඇති Murujuga සංස්කෘතික වටිනාකමක් සහිත භූමිය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. මේ සඳහා මෙම භූමියේ පාරම්පරික හිමිකරුවන් පැරිස් නුවර වෙත ගොස් තිබුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉතා වැදගත් ස්ථානයේ ඊජිප්තුවේ හෝ රෝමයේ හඳුනාගත් කළා කලා නිර්මාණ වලටද වඩා ඉපැරණි ගල් කැටයම් සොයාගෙන ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තො...

Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් මේ සතියේ නොමිලයේ ළඟම ෆාමසියෙන් 14.07.2025

ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

දියවැඩියා රෝගීන් සීරීමකට හෝ ඉඩ නොදී දෙපා රැක ගත යුත්තේ ඇයි, ජාතික දියවැඩියා සතියේදී පාද පරික්ෂාව ගැන දැනගමු 14.07.2025

මේ ගත වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි. දියවැඩියා රෝගීන් සිය පාද සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙහි දී පාදවල ඇතිවන විශේෂ වෙනස්කම් සහ පාද පරීක්ෂා කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය 14.07.2025

පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'ඇමරිකාවේ බදු අඩුකරගන්න අපි දිගටම සාකච්චා කරනවා', ඇමති සමන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 14 14.07.2025

අද - ජූලි මස 14 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 14: චීනය ගෝලීය වෙළඳපොළට අධික ලෙස වානේ දැමීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති නොසතුටෙන් 14.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 14 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ශීත කාලයේ වැඩිවන RSV වෛරසයෙන් ළදරුවන් සහ ගැබිණි මවුවරුන් ආරක්ෂා වෙන්න ගතයුතුම එන්නත් ගැන තොරතුරු මෙන්න 11.07.2025

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන RSV වෛරසයෙන් ළදරුවන් ආරක්ෂා කිරීමට සහ ගැබිණි මවුවරුන්ගේ ආරක්ෂාවට ගත හැකි එන්නත් පිළිබඳව වන තොරතුරැ ගැන දැනගතයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 07 - ජූලි 11 11.07.2025

ජූලි 07 වනදා සිට ජූලි 11 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'අවශ්‍යම වෙලාවට මට කණ්ඩායමට ලකුණු දෙන්න පුළුවන් වුන එක ගැන ගොඩක් සතුටුයි', කුසල් කියයි : ක්‍රීඩා විග්‍රහය 11.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

විෂ සහිත ඇල්ගී විශේෂයක් නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ සාගර ජීවින් සහ ධීවර කර්මාන්තය දැඩි අනතුරක: කාලීන විග්‍රහය 11.07.2025

දකුණු ඕස්ට්‍රේලියානු මුහුදු ජලයේ විෂ සහිත ඇල්ගී විශේෂයක් පැතිරෙමින් පවතින අතර එය සමුද්‍ර ජීවීන්ට හානි කරමින් ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ල කරන තත්ත්වයක් උදා කර තිබෙනවා. මේ පැතිරීම නිසා දිගුකාලීන හානියක් සිදුවිය හැකි බවට විශේෂඥයන් සිය මත පළ කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'ඇමරිකාවේ බදු අපේ රටේ ක්ෂේස්ත්‍ර වලට කරන්නේ ලොකු සෘණාත්මක බලපෑමක්', විපක්ෂ නායක කියයි:මවුබිමෙන් පුවත් ජූලි 11 11.07.2025

අද - ජූලි මස 11 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 11: ASEAN සාමාජික රටවල් සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ 11.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න 10.07.2025

සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරො...

26 වන වතාවට පැවති ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව සිදුවන තල්මස් සංගණනය පිලිබඳ තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 10.07.2025

ඕස්ට්‍රේලියාවේ මිනිසුන් සඳහා පමණක් නොව තල්මසුන් සඳහාද සංගණනයක් පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් 26 වෙනි වාර්ෂික තල්මස් සංගණනය සිදු කොට තිබෙනවා. මෙහිදී 2023 වසරට වඩා වැඩි තල්මසුන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව දක්නට ලැබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

යහපත් ජීවන තත්ත්වයන් උදා කරන තිරසර ප්‍රවාහනය හෙවත් Sustainable Transportation පිළිබඳ දැනුවත් වෙමු 10.07.2025

ජූලි 11වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමිව ප්‍රවාහන කටයුතු සහ ගමනාගමනය තිරසරව සිදු කිරීම හෙවත් Sustainable Transportation පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ජූලි 10: ඕස්ට්‍රේලියාව පුරා කුලී නිවාස හිඟයක් පවතින බව වාර්තාවක් හෙළි කරයි 10.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඇමරිකාවේ පාසල් ළමුන් ඇතුළු100කට වැඩි පිරිසක් මියගිය ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්: 'ලොව වටා' 09.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක aged care nurse කෙනෙකු වන විදිය ගැන වැදගත් තොරතුරු මෙන්න 09.07.2025

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක හෙද වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරු SBS සිංහල සේවය විසින් සිදුකල මෙම සාකච්චාවෙන් ඔබට ගෙන එනවා.

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි 09.07.2025

මෙවර මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහ බැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 09: පොලී අනුපාත කප්පාදු නොකිරීමට ගත් තීරණය ගැන මහබැංකු ආණ්ඩුකාරවරිය අදහස් දක්වයි 09.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

First Nations representation in media: What’s changing, why it matters - ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුළ ස්වදේශික ප්‍රජාවේ නියෝජනය සහ එහි වැදගත්කම: Australia Explained 08.07.2025

The representation of Indigenous Australians in media has historically been shaped by stereotypes and exclusion, but this is gradually changing. Indigenous platforms like National Indigenous Television (NITV) and social media are breaking barriers, empowering First Nations voices, and fostering a more inclusive understanding of Australia’s diverse cultural identity. Learning about these changes of...

'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි 08.07.2025

ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.