SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1863 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 21, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල Newsflash ජූලි 23: ශිෂ්‍ය ණය කපාහැරීම සඳහා වන පනත පළමු පනත ලෙස නව පාර්ලිමේන්තුවට 23.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained 22.07.2025

At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services...

SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක් 22.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න 22.07.2025

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

අද පැවැත්වෙන නව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ගැන තොරතුරු මෙන්න 22.07.2025

ඕස්ට්‍රේලියාවේ 48 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද එනම් ජූලි 22වනදා පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හා සම්බන්ධ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි 21.07.2025

මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

කබලේ බැදගත් පොල් සහ කිතුල් පැණි සමඟ ශ්‍රී ලංකාවේ රස පදමට ලැමින්ග්ටන් හදමු, ජාතික ලැමින්ග්ටන් දිනය අදයි 21.07.2025

ඕස්ට්‍රේලියාවේ ඕනෑම බේකරියක, කැෆේ එකක වගේ ම සුපිරි වෙළඳසැලකත් දැකිය හැකි ආහාරයක් තමයි ලැමින්ග්ටන්. මේ රසවත් ආහාරයට ඔස්ට්‍රේලියාව කොතරම් ආදරය කරනවා ද කිවහොත්, ජූලි 21වන දා ජාතික ලැමින්ග්ටන් දිනය කෙස නම් කර තිබෙනවා. මෙහි ඉතිහාසය සහ ශ්‍රී ලාංකේය ක්‍රමයට ලැමින්ග්ටන් සාදාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

AI භාවිතයෙන් සිදු කරන ළමා අපයෝජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, විශේෂඥයෝ පවසති: කාලීන විග්‍රහය 21.07.2025

ළමා අපයෝජනය නිරුපණය කෙරෙන පින්තූර, වීඩියෝ, අකුරු වැනි දේ නිර්මාණය කරන AI මෙවලම් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම අපරාධයක් ලෙස නම් කරන මෙන් ෆෙඩරල් රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ සදාචාරාත්මක AI භාවිතය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීම සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.

'ලංකාවේ පොලිසියේ 40% දක්වා පමණ බෝ නොවන රෝගවලින් පෙළෙනවා', වැඩබලන පොලිස්පති කියයි: මවුබිමෙන් පුවත් ජූලි 21 21.07.2025

අද - ජූලි මස 21 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 21: ළමාරක්ෂක සේවාවල සිටින දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන බව රජය පවසයි 21.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 14 - ජූලි 18 18.07.2025

ජූලි 14 වනදා සිට ජූලි 18 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි 18.07.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකි...

අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි 18.07.2025

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න

'ලෝක කුසලානෙට යන්න කලින් ලංකා කණ්ඩායමේ හදන්න අඩුපාඩු තියෙනවා', ප්‍රධාන පුහුණුකරු සනත් කියයි: ක්‍රීඩා විග්‍රහය 18.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

SBS සිංහල Newsflash ජූලි 18: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහල ගොස් ඇති බවට නවතම දත්ත හෙළිකරයි 18.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'සජබෙ ට අලුත් නායකත්වයක් දෙන්න පුළුවන් වෙන අය ඉන්නවා', හිටපු ඇමති නවීන් කියයි :මවුබිමෙන් පුවත් ජූලි 18 18.07.2025

අද - ජූලි මස 18 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ඕස්ට්‍රේලියානුවන් බිලිවෙමින් යන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි: කාලීන විග්‍රහය 18.07.2025

දියවැඩියාව ඕස්ට්‍රේලියාවේ සිදු වන පුද්ගල මරණ සඳහා හත්වන වඩාත් පොදු හේතුව වේ. මේ හේතුවෙන් දියවැඩියාව වැළැක්වීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ඉක්මන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඩොලර් බිලියන ගණනක වෙළඳ ගිවිසුමක් නිසා ඇමරිකා ජනපති ට්‍රම්ප් ඉන්දුනීසියාවට බදු අඩු කරයි: 'ලොව වටා' 17.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Regenerative Landscaping වැනි තිරසර භුමි අලංකරණ කටයුතු උදෙසා ස්වදේශික දැනුම් පද්ධතිය වැදගත් වන්නේ මෙහෙමයි 17.07.2025

සාම්ප්‍රදායික භූමි අලංකරණයෙන් ඔබ්බට ගිය සංකල්පයක් වන තිරසර බව මූලික කරගත් regenerative landscaping පිළිබඳවත්, මෙහි දී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික දැනුම් පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳවත් SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

කෘතිම රස කාරක භාවිතාව ඉහල යාම නිසා සිදුවන පරිසර හානිය ගැන පර්යේෂණ වාර්තාවක් හෙළිකරයි: කාලීන විග්‍රහය 17.07.2025

කෘතිම රස කාරක එසේත් නැතිනම් Artificial sweeteners පිළිබඳව අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටිනවා. මෙම කෘතිම රසකාරක පරිසරයට එකතුවීම සිදුවන අතර ඒවා ඉතා ඉක්මනින් දිරාපත් වීමක් නොවී ජලාශ සහ අවට පරිසරයේ රැඳෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash ජූලි 17: සොරකමකින් පසු සැකසහිත මිලකට අලෙවි වීමට හැකි සුඛෝපභෝගී අත්බෑග පිළිබඳ දැනුම් දීමක් 17.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

කාඩ්පත් වලින් සිදුකරන ගෙවීම් සඳහා අය කෙරෙන අධිභාරය ඉවත් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් යෝජනාවක් 16.07.2025

කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් වලදී පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන අධිභාරය (surcharge) ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යෝජනා කර ඇති බව වාර්තා වනවා. මේ හරහා සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.2ක් පමණ ඉතිරිවන බව මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

නොදර්න් ටෙරිටරියට සංක්‍රමණය වෙන අයට පහසුවෙන් රැකියා සොයා ගන්න තියෙන වැඩසටහනක් ගැන තොරතුරු මෙන්න 16.07.2025

ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට විවිධ ක්ෂේශ්ත්‍ර වල රැකියා සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 16: ඔස්ට්‍රේලියාව සමග සබඳතා ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව චීන ජනපති පවසයි 15.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න 15.07.2025

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවු...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.