SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1864 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 21, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

'Tax return' එක සඳහා අයදුම් කිරීමේදී මේ කරුණු ගැනත් දැනගන්න 08.07.2025

2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash ජූලි 08: ගුවන් ගමන්වල යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට ලිතියම් බැටරි අවදානම ගැන නව දැනුම්දීමක් 08.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාව තුල 'Homeschooling' සඳහා යොමුවන දරුවන්ගේ සංඛ්‍යාව ඉහලට: කාලීන විග්‍රහය 08.07.2025

Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රම...

ඕස්ට්‍රේලියාවේ වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වෙන්නේ මෙහෙමයි 07.07.2025

දේපළ වෙළඳාම් නියෝජිතයෙකු යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට නැතිවම බැරි පුද්ගලයෙකු වනවා. එවැනි අයෙකුගෙන් සේවයක් ලබා ගන්නා ඔබ සමහරවිට වෘත්තියමය වශයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමට කැමත්තක් ඇති අයෙකු වීමට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඕස්ටේලියාවේදි වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධවයි.

ඔබේ ආදායම් තහවුරු නොකලොත් Child Care Subsidy සහන ගෙවීම් නවතිනු ඇතැයි Services Australia ආයතනය පවසයි 07.07.2025

2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත...

'ලංකාවේ කීරි සම්බා ගණන් නිසා අපි ඉන්දියාවෙන් ටොන් ගානක හාල් ගේනවා', ඇමති වසන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 07 07.07.2025

අද - ජූලි මස 07 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූලි 07: වික්ටෝරියානු රජය ළමා ආරක්ෂණ නීති ප්‍රතිසංස්කරණ නොසලකා හැරි බවට විපක්ෂයෙන් චෝදනා 07.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට ජාතික මට්ටමේ නව පරීක්ෂණ වැඩසටහනක්: කාලීන විග්‍රහය 07.07.2025

ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇති...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 30 - ජූලි 04 04.07.2025

ජුනි 30 වනදා සිට ජූලි 04 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

අපට තව ජාත්‍යන්තර ටෙස්ට් තරඟ තිබුනොත් කණ්ඩායමේ පුහුණුවට හොඳයි, නායක ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය 04.07.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවසක මිළ කලින් වසරට වඩා ඩොලර් 40,000කින් වැඩි වෙලා, අලුත්ම වාර්තාවක් කියයි 04.07.2025

අඩු පොලී අනුපාත සහ වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ගණන අඩුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් වැඩි පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන වකවානුවක, ඉහළ ඉල්ලුම සහ අඩු සැපයුම හේතුවෙන් ජූනි මාසයේදී නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වුණා. මේ විශේෂාංගයෙන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'මම දේශපාලනයෙන් හොරකම් කරලා නැති නිසා රජයේ වැඩ වලට බය නැහැ', මන්ත්‍රී දයාසිරි කියයි: මවුබිමෙන් පුවත් ජූලි 04 04.07.2025

අද - ජූලි මස 04 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ඔබේ පවුලේ වෛද්‍යවරයා උණ සෙම්ප්‍රතිශ්‍යාවට සැම විටම antibiotics නොදෙන්නේ ඇයි, ඇත්තම හේතු මෙන්න 04.07.2025

ප්‍රතිජීවක ඖෂධ, එසේත් නැත්නම් ඇන්ටිබයෝටික්ස් පිළිබඳ පුද්ගලයන් සතුව විවිධ වූ මත තිබෙනවා. මේ ඖෂධ භාවිතය, එහි අනිසි භාවිතයෙන් ඇති විය හැකි සංකූලතා සහ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ට වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක දීමෙන් වැළකීමට හේතුව යනාදී කරුණු පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.

Childcare මධ්‍යස්ථාන වල ළමුන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්තය සූදානම් වේ: කාලීන විග්‍රහය 04.07.2025

ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල...

SBS සිංහල Newsflash ජූලි 04: අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ව්‍යාජ වෙළඳසල් ගැන පාරිභෝගික කොමිසම අනතුරු අඟවයි 04.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මේ ගැනත් දැනගන්න 03.07.2025

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේදී ඔබේ බාලවයස්කාර දරුවා නිවස හැරයන්න තැත් කලොත් දෙමව්පියන් ලෙස ඔබ දැනසිටිය යුතු කරුණු මෙන්න 03.07.2025

වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ දැන් දරුණු ලෙස පැතිරෙන Whooping cough මගින් ආරක්ෂා වෙන්න මේ ගැනත් හොඳින් දැනගන්න 03.07.2025

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබෙන Whooping cough හෙවත් කක්කල් කැස්ස මෙලෙස වැඩිවීමට හේතු සහ එහි අවදානම අඩු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

ඊශ්‍රායලය එකඟ වූ දින 60 ක සටන් විරාමය පිළිගන්නැයි ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට කියයි: 'ලොව වටා' 03.07.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

කෙටිකතා ගොන්නකින් මිනිස් ජීවිත ගැන දිගු වියමනක් කළ 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය': කැන්ගරු දේසේ සිංහල පොත් 03.07.2025

සිඩ්නි හි වෙසෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය' පිළිබඳ මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' විශේෂාංගය වෙන් වෙයි. එම කෙටි කතා සංග්‍රහයේ එන කතා ඇසුරෙන් සංකේතකරණය සහ මිනිස් ජීවිතවල සංකීර්ණ පැතිකඩ පිළිබඳ ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සමඟ කළ මේ රසවත් කතාබහට ඔබත් සවන් දෙන්න.

කලා නිර්මාණ හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික සංස්කෘතිය රැකගන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 03.07.2025

NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විස...

SBS සිංහල Newsflash ජූලි 03: සයිබර් ප්‍රහාරයක් නිසා අවධානයෙන් පසුවන්නැයි Qantas පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් 03.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

නව මූල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග ඕස්ට්‍රේලියාවේ ක්ෂේශ්ත්‍ර කිහිපයක සිදුවන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙන්න 02.07.2025

ජුලි 1වනදා නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේශ්ත්‍ර වල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. Centrelink දීමනා, මාර්ග නීති වෙනස්වීම් මෙන්ම අවම වැටුප් ඉහල යාම සහ superannuation දීමනා ප්‍රතිශතය ඉහල යාමද මීට ඇතුලත් වනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් කිහිපයක් ගැන මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට ක්‍රියාත්මක වෙන වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් මෙන්න 02.07.2025

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් මොනවද කියල තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash ජූලි 02: ජුලි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප සහ superannuation ප්‍රතිශතය ඉහලට 02.07.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 02වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.