SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ඔබේ ජීවිතයටත් "යෝගා" ළං කර ගත්තොත් සිතටත් ගතටත් ලැබෙන වාසි මෙන්න 06.08.2025 10:23
කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්ය ප්රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
DIY Renovations: What you need to know before getting started - ඕස්ට්රේලියාවේ ඔබේ නිවස අලුත්වැඩියා කරන්න හිතනවා නම් මේ නීති ගැනත් දැනගන්න: Australia Explained 06.08.2025 9:48
Many Australians love rolling up their sleeves and undertaking their own home improvements. But before you grab a hammer or paintbrush, it’s essential to understand the rules and risks so you can renovate safely and legally. - ඕස්ට්රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ...
SBS සිංහල Newsflash අගෝ 06: ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ගුරුවරුන් 50,000ක් අද වැඩ වර්ජනයක 06.08.2025 4:41
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
AI තාක්ෂණය ගැන ඉගෙනගන්න තවමත් හිත හිත ඉන්නවානම් මේ කරුණු ඔබට වැදගත් වේවි 05.08.2025 8:38
AI තාක්ෂනය ලොව පුරා විවිධ ක්ෂේශ්ත්ර තුල විශාල පරිවර්තනයක් වර්තමානය වන විට සිදු කරමින් තිබෙනවා. කෙසේ උවත් AI තාක්ෂනය නිසියාකාරව අධ්යයනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වනවාදැයි සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා. ඔබ කුමන ක්ෂේශ්ත්රයක සේවය කලත් AI තාක්ෂණය අධ්යයනයේ ඇති වැදගත් කම සහ ඒ සඳහා ඔබ අවධානය යොමුකළ යුතු කාරනා සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල Newsflash අගෝ 05: ඕස්ට්රේලියානු සංචාරක කර්මාන්තය නව ගමනක් අරඹයි 05.08.2025 4:38
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරුබදු ඉහලදැමීමෙන් ගැලවෙන්න ඔස්ට්රේලියාව සමත් වෙයි: කාලීන විග්රහය 05.08.2025 8:45
රටවල් 92කින් සිදුකරන විදෙස් ආනයන සඳහා ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් රටවලට 41%ක් තරම් ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. මේ අනුව ඇමරිකාව ගෝලීය නිදහස් වෙළඳාමෙන් ඉවත්වී යන බවක් පෙනී යනවා. මේ තත්වය ගෝලීය වෙළඳාම සඳහා බලපාන ආකාරය තවමත් අවිනිශ්චිත තත්වයක පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
අක්මාවේ පිළිකා හෝ සිරෝසිස් ඇති කරන නිදන්ගත හෙපටයිටිස් රෝගයෙන් ආරක්ෂා වෙමු 04.08.2025 6:14
අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ හෙපටයිටිස් රෝගයේ විවිධ ප්රභේද සහ බෝ වන ක්රම පිළිබඳවයි. එම රෝගයෙන් ආරක්ෂා වීම, ප්රතිකාර ක්රම සහ නිදන්ගත හෙපටයිටිස් තත්ත්වය පිළිබඳ වන එම සාකච්ඡාවේ දෙවෙනි කොටසට සවන් දෙන්න.
Centrelink ගෙවීම්වල වෙනස්කමක් සිදු වුණොත් නිවැරදිව tax return එක ගොනු කරන්නේ මෙහෙමයි 04.08.2025 3:33
Payment summary හෙවත් ගත වූ මූල්ය වසරේ ඔබේ ආදායම් සහ බදු අයකිරීම් පෙන්වන වාර්තාවේ සඳහන් තොරතුරු මූල්ය වසර අවසන් වූ පසු වෙනස් විය හැකි අවස්ථා තිබෙනවා. Services Australia ආයතනයේ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඔවුන් විසින් ලබා දෙන ගෙවීම්වල වෙනස්කමක් මත සිදු වන වෙනස්කම් ද ඊට ඇතුළත් බවයි. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඕස්ට්රෙලියාවේදී භෞත චිකිත්සකවරයකු සම්බන්ධ කරගනිමින් physiotherapy සේවාව ලබා ගන්නේ මෙහෙමයි 04.08.2025 9:37
ඕස්ට්රේලියාවේදී භෞත චිකිත්සක සේවය හෙවත් physiotherapy සේවාව ලබා ගන්නා අයුරු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
නොමිලයේ ලබා ගත හැකි දන්ත ප්රතිකාර නොදැනුවත්භාවය නිසා අහිමි වන බව දන්ත වෛද්ය සංගමය කියයි: කාලීන විග්රහය 04.08.2025 8:42
ඕස්ට්රේලියානු දන්ත වෛද්ය සංගමයට අනුව, ඕස්ට්රේලියාවේ සෑම වසරකම මිලියන 1.5 ක් පමණ ළමුන් නොමිලයේ හිමිවන දන්ත ප්රතිකාර ලබා ගන්නේ නැහැ. තම දරුවන් නොමිලේ සපයන දන්ත ආවරණය සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කර යහපත් මුඛ සෞඛ්යය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරන ලෙස මෙම දන්ත සෞඛ්ය සතියේදී, දන්ත වෛද්යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ආදිවාසී සෞඛ්ය සංවිධාන පවසන්නේ දන්ත සෞඛ්යය පිළිබඳ දැනුවත්භාවය නොම...
ලංකාවට යන විදේශිකයින්ට ගුවන්තොටුපලේදීම දැන් රියදුරු බලපත්ර ලබාගන්නත් පහසුකම්: මවුබිමෙන් පුවත් අගෝ 04 04.08.2025 8:19
අද - අගෝස්තු මස 04 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash අගෝ 04: NSW හි මෝටර් රථයත් සමග ගංවතුරට හසු වූ කාන්තාවක් සොයා මෙහෙයුම් 04.08.2025 5:03
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ලෙඩ වෙලා පැය 24කින් මාරාන්තික වෙන්න පුළුවන් Meningococcal වලින් ආරක්ෂා වෙන්න මේ ගැන දැනගන්න 01.08.2025 7:52
ඕස්ට්රේලියාවේ යම් ව්යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
'මම ඇමති කියලා හිතුමතේ ක්රිකට් බෝඩ් හදන්නවත් කඩන්නවත් බැහැ', ක්රීඩා ඇමති සුනිල් කියයි: ක්රීඩා විග්රහය 01.08.2025 8:14
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 28 - අගෝ 01 01.08.2025 7:18
ජූලි 28 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
හරිතාගාර වායු ආශ්රිත Net Zero Plan අහෝසි කරන මෙන් පසුපෙළ මන්ත්රීන්ගෙන් ඉල්ලීමක්: කාලීන විග්රහය 01.08.2025 5:14
දේශගුණය සම්බන්ධයෙන් ශක්තිමත් ඉලක්කයක් වෙත පියවර නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති සම්පාදකයන්ගෙන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සහ වායුගෝලයෙන් ඉවත් කෙරෙන හරිතාගාර වායු සමතුලිත කරන net zero ඉලක්කය මුළුමනින් ම ඉවත් කිරීමට ලිබරල් සන්ධානයේ සමහර පසුපෙළ මන්ත්රීවරුන්ට අවශ්ය වී තිබෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල Newsflash අගෝ 01: විදෙස් ඔත්තු සේවා මැඩලීමට ඔස්ට්රේලියාවට වසරකට ඩොලර් බිලියන 12.5ක් වැයවේ 01.08.2025 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'බයවෙන්න එපා ලංකාවෙ ණය බර අඩුකරන්න අපිට හොඳ කාලයක් තියෙනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 01 01.08.2025 8:22
අද - අගෝස්තු මස 01 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
සුනාමි තත්වයක් ඇති කරන 'megathrust faults' ලෙස හැඳින්වෙන භූකම්පන තත්ව ගැන තොරතුරු මෙන්න 31.07.2025 4:49
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ දැඩි භූකම්පන තත්වයක් හේතුවෙන් සුනාමි තත්වයක් නිර්මාණය උනා. මීට අමතරව ක්ලුශේව්ස්කි ගිනිකන්ද ද පුපුරායාමකට ලක්වුනා. ඇතිවූ මෙම භූකම්පන තත්වය 'megathrust fault' ලෙස විද්යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ තත්වය කුමක්ද සහ ඒ හරහා ඇතිවන බලපෑම ගැන තොරතරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
තනිකමෙන් එකමුතුකමට, ඕස්ට්රේලියාවට අලුතින් එන ජාත්යන්තර සිසුන්ට උදව් දෙන ලාංකික සිසුන් SBS සිංහලට කියූ දෑ 31.07.2025 8:26
ඕස්ට්රේලියාවට නවක ජාත්යන්තර ශිෂ්යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්ය ප්රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
වයස අවුරුදු 16ට අඩු ඕස්ට්රේලියානු දරුවන්ගේ YouTube භාවිතාවද සීමාකරන්න රජය කටයුතු කරයි: කාලීන විග්රහය 31.07.2025 7:29
වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්ය භාවිතා කිරීම තහනම් කරමින් පනවන නව නීති පද්ධතිය සඳහා Youtube සේවාවද ඇතුලත් කිරීමට කටයුතු කරන බවෆෙඩරල් රජය පවසා සිටිනවා. ඕස්ට්රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා කෙසේ උවත් සමාජමාධ්ය ජාලා හිමි සමාගම් සමග එක්ව මෙම ගැටලුව සඳහා වඩාත් පුළුල් සංශෝධන ගෙන ඒමට කටයුතු කලයුතු බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු...
SBS සිංහල Newsflash ජූලි 31: උද්ධමනයේ අඩුවීමත් සමඟ එළැඹෙන මාසයේ පොලී අනුපාත අඩු කරනු ඇති බවට විශේෂඥ අනාවැකි 31.07.2025 5:05
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ පර්යේෂණ සිසුවෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්ර සබඳතා පිළිබඳ මතකාවර්ජනයක් 31.07.2025 7:55
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්යන්තර මිත්රත්ව දිනය ලෙස ජූලි 30වන දින නම් කර තිබේ. මව්රටෙන් දුරස්ව ජීවත් වීමේ දී සහ අධ්යාපන කටයුතුවල නිරත වීමේ දී මෙම සබඳතා විශේෂයෙන් වැදගත් වේ. එලෙස ඕස්ට්රේලියාවේ පර්යේෂණ ශිෂ්යයෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්ර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් කතාබහකට ඔබත් සවන් දෙන්න.
කලින් දැනුම් දීම් සිදු කල නිසා රුසියාවේ භූ කම්පනයෙන් ඇති වූ සුනාමියෙන් ජීවිත රැසක් බේරෙයි: 'ලොව වටා' 31.07.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
PBS ක්රමවේදයෙන් ඖෂධ වට්ටෝරු සඳහා ලබා දීමට යන සහනය ගැන තොරතුරු මෙන්න 30.07.2025 4:07
PBS ලෙස හඳුන්වන ඕස්ට්රේලියාවේ ඖෂධ ප්රතිලාභ ක්රමය හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා රෝගීන් ගෙවිය යුතු උපරිම මිල ඩොලර් 25 කට සීමා කරන්න අල්බනිසි රජය නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබෙනවා. ජුලි 29 වන අඟහරුවාදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.