SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

SBS සිංහල පුවත්: සිඩ්නි නුවර ප්‍රසිද්ධ පිහිනුම් පෙදෙසක මෝර මත්ස්‍ය ප්‍රහාරයක් 18.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 19වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පොත් කියවීමේ රුචිකම් පිළිබඳ කතාවක් 18.01.2026

කතාන්දර කීමට අනාදිමත් කාලෙක සිට මනුෂ්‍යයන් ප්‍රිය කරනවා. අපි ලෝකය ගැන එක්තරා විදියක අවබෝධයක් ලබා ගන්නවා කතාන්දරවලින්. මේ කතා හරහා අපට සැබෑ ලෝකය වගේ ම ෆැන්ටසි ලෝකයකයට යන්නත් පාර හැදෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ මොන වගේ කතා ද? මේ කතා ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න බවට පේන්නේ ප්‍රේම කතා, අපරාධ පිළිබඳ සත්‍ය වගේ ම ප්‍රබන්ධ කතා, ජීවිතය ඔප් නවා ගැනීමට ලියවුණු කතා සහ ජීවන සටහන් වගේ කතාන්දර. ඉති...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 12 - ජන 16 16.01.2026

ජනවාරි 12වන දා සිට ජනවාරි 16වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මමත් අතහරින්නේ නෑ, තරුණ ළමයි කරන දේවල් මමත් කරනවා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 16.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ CR & FC පිල ඉදිරියෙන් 16.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: රජයේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ / අවම මිලකට ජනන විදුලිය නිපදවන සුළං විදුලි ව්‍යාපෘතිය ඇරඹේ 16.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂණික ගංවතුර - ස්ථාන කිහිපයක තවමත් ලැව්ගිනි 16.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවතුල වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට රජය නව නීති යෝජනා කරයි 15.01.2026

වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට ඔස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට සූදානම් වනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන සංවිධාන වලට සහාය දක්වන පුද්ගලයින්ට වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කිරීමටද බලාපොරොත්තු වනවා. මෙම නීති සම්මත කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම සතියක් ඇතුලත පැවැත්වීමටද රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

අපේ වහරේ කතා අහුරක්: තෑගි යවපු පුර සඳ පසළොස්වක, අඩ සඳ අටවක කරපු අප්පුහාමි 15.01.2026

වීදාගම නායක ගුරු හාමුදුරුවන්ට රාහුල ගෝල හාමුදුරුවෝ තෑගි යවපු පුර සඳ පසළොස්වක අතරමඟ දි අඩ සඳ අටවක කරපු අප්පුහාමි ගැන මේ රස කතාව සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අහලා දැන ගන්න.

මීළඟ පරම්පරාව සාම්ප්‍රදායක චාරිත්‍ර වාරිත්‍ර වලින් දුරස් වෙමින් ඉන්නවා - ඕස්ට්‍රේලියාවේ පොංගල් සැමරුම් ගැන රාමයියා සත්‍යනාදන් දැක්වූ අදහස් 15.01.2026

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවේ මුල් පරම්පරාවේ සංක්‍රමණිකයෙක් වන සිඩ්නි නුවර රාමයියා සත්‍යනාදන් මහතා SBS සිංහල සේවයට දැක් වූ අදහස්.

ලොව වටා: ඉරාන රජයට ට්‍රම්ප් අනතුරු අඟවද්දී K-pop මෙගාස්ටාර් BTS, ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සැරසෙයි 15.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක් 15.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

අලුත් සහලින් පිසූ පොංගල් බතින් සූර්ය දෙවියන් පුදන තෛපොංගල් සැමරුම අද යි! 14.01.2026

සිංහල අලුත් සහල් මංගල්ලය හා අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර වාරිත්‍ර සිහිගන්වන තෛපොංගල් සැමරුම ගැන තොරතුරු.

Your guide to camping in Australia - ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි 14.01.2026

Going camping is an incredible way to experience Australia’s great outdoors whilst also taking a break from technology and daily routines. We unpack the benefits of camping, the preparation required, the equipment you should consider taking, and how to be a considerate camper. - 'Camping' එහෙම නැතිනම් කඳවුරු බැඳ, කූඩාරම් අටවා විවිධ ස්ථානවල සංචාරය කිරීම ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රචලිත දෙයක් වෙලා ති...

SBS සිංහල පුවත්: Neo-Nazi මත දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි 14.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද 13.01.2026

Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන...

පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ 13.01.2026

පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.

ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද? 13.01.2026

ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.

SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි 13.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක් 12.01.2026

බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පැන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මුහුණ දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම මෙම කොමිසම...

රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත් 12.01.2026

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.

ලැව්ගිනි අනතුරු ඇඟවීම් කල් ඇති ව හඳුනා ගන්නේ කොහොම ද? 12.01.2026

ග්‍රීෂ්ම කාලයේ දී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට ලැව්ගිනි අවදානමක් ඇති වනවා. ලැව්ගිනි තත්ත්වයකට පෙරසූදානම් විය යුතු ආකාරය සහ අනතුරු ඇඟවීමේ සංඥා සහ අවවාද පිළිබඳ මේ විශේෂාංගයට සවන් දී දැනුම්වත් වන්න.

මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා 12.01.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ 12.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක 11.01.2026

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.