SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

කාලීන විග්‍රහය: අභ්‍යවකාශගාමියකු වන කැතරින් බෙනෙල්-පෙග් වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලබයි 26.01.2026

වසරේ විශිෂ්ඨතම ඔස්ට්‍රේලියානුවන් අගයමින් පිරිනමන Australian of the year සම්මානය 2026 වසරේ ජයග්‍රහණය කල ජයග්‍රාහකයින් ඊයේ කැන්බරා නුවරදී ප්‍රකාශයට පත් කළා ඕස්ට්‍රේලියානු සමාජයට සිදුකල සේවාව අගයමින් මේ සම්මානය සඳහා ගහනගාමීන්, වෛද්‍යවරුන් ඇතුළු 33 දෙනෙකු අවසන් වටයට තේරී පත් වී තිබුනා. ඉතින් අද කාලීන විග්‍රහය වෙන්වෙන්නේ මේ විශිෂ්ඨ ඔස්ට්‍රේලියානුවන් ගැන ඔබට තොරතුරු ගෙන ඒමටයි.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු දින සැමරුම් අබියස අගමැති ඇල්බනිසි නව පුරවැසියන්ව පිළිගනියි 26.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියානු දිනය ජනවාරි 26දා සමරන්න තීරණය කලේ ඇයි, වසර සිය ගණනක් ඈතට යන ඉතිහාස විස්තරේ මෙන්න 25.01.2026

ඕස්ට්‍රේලියානු දිනය යනු කුමක්ද? අද වනවිට මෙම දිනය සමරන්නේ කෙසේද? සහ විවිධ ප්‍රජාවන්ට වෙනස් ලෙස මෙම දිනය අදහස් කරන්නේ ඇයි? යන්න ගැන වසර සිය ගණනක ඉතිහාසය දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔටිසම් තත්ත්වය නිරූපණය කරන ලොව පළමු බෝනික්කා බාර්බි වෙතින් 25.01.2026

සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උප...

2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ 25.01.2026

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්‍රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්‍රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්‍රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්‍ර වූ Shepparton හි ප්‍රක...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 19 - ජන 23 23.01.2026

ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මගේ පළමු ඇල්බමයේ ගීත දොළහෙන් හයක් ම තහනමට ලක් වුණා - ප්‍රදීපා ධර්මදාස 23.01.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාවට රැගෙන ආ T20 ලෝක කුසලානය, කොළඹ මහනුවර දඹුල්ල සහ යාපනයේ මහජන ප්‍රදර්ශනයට 23.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: නීතිපති ගැන ආණ්ඩුවේ මතය / ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවට කළින් විපක්ෂය සාකච්ඡාවක් කැඳවයි 23.01.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය නගරයේ වෙඩි තැබීමට අදාළ සැකකරු හඳුනා ගනී 23.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඉතා සූක්ෂමව AI තාක්ෂණය භාවිතයෙන් ඕස්ට්‍රේලියාව තුල සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක් 22.01.2026

අන්තර්ජාලය හරහා සිදුවන විවිධ වංචා හඳුනා ගැනීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් අධි තක්සේරුවක සිටින බවට නවතම පරීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළි කරනවා. විශේෂයෙන්ම AI තාක්ෂනය භාවිතයෙන් සිදුවන වංචා ඉතා සූක්ෂමව සිදුවන නිසා මේවා පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ මේ ගැනයි

අපේ වහරේ කතා අහුරක්: සොළීන් බිය ගැන්වූ නීල මහා යෝධයාගේ කතාව 22.01.2026

එදා හෙළදිව ජීවත් වු නීල නම් යෝධයාගේ සුරුවිරුකම් ගැන අපේ ජන වහරේ කතා රැසක් තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අපේ වහරේ කතා අහුරෙන් අද කියන්න යන්නෙ ඒ නීල මහා යෝධයා ගැන රස කතාවක්.

ලොව වටා: ලෝක ආර්ථික සමුළුවේදී ඇමරිකා ජනපතිට විරෝධතා එද්දී, ස්පාඤ්ඤයේ දින දෙකකදී දුම්රිය අනතුරු දෙකක් 22.01.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවක් 22.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How to cater for your dietary restrictions - ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්‍රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි 21.01.2026

Australia is known as the allergy capital of the world. Our diverse population also means that we express our religious beliefs, ethics, health and personal choices through the food we eat. We called on some experts to help us navigate all the labelling, certifications and resources that can inform our food choices. - ඕස්ට්‍රේලියාවේ ඉන්න ජනතාව අතරේ ආහාර ආසාත්මිකතා ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල ඔබ දැ...

නිවාස ණය පොලී අනුපාත මේ වසරේදී නැවත ඉහල යා හැකිද: 2026 වසරේ ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොළ ගැන විමසීමක් 21.01.2026

පසුගියදා නිකුත් වුන Cotality වාර්තාවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල පිළිබඳව යම් පුරෝකථනයන් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසර මුලදී පොලි අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම අවිනිශ්චිත බවත් නිවාස වෙළඳපොලේ වර්ධනය අඩු විය හැකි බවටත් යම් අනාවැකි පල වනවා. මේ නිසා වර්තමාන නිවාස වෙළඳපල ගැන කරුණු සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමන තත්වය ගැන IMF සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් 21.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තීරණාත්මක ඛනිජ වලට ප්‍රමුඛත්වය දෙන බව රජය නිවේදනය කරයි 20.01.2026

ලෝක ජනගහනය ස්මාර්ට් ජංගම දුරකථනවල සිට මෝටර් රථ කොටස් සහ ආයුධ පවා සෑදීම සඳහා අත්‍යවශ්‍ය ඛනිජ මත වැඩි වැඩියෙන් මේ වනවිට යැපෙමින් සිටින අතර ඔස්ට්‍රේලියාවේ මෙම ඛනිජ සම්පත, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් බවට මේ වනවිට පත්ව තිබෙන බව සඳහන් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේ ලංකාව Level 1 සිට 2 තෙක් පසුබැසීමට හේතු, ඉදිරි වීසා කටයුතුවලට විශේෂයි 20.01.2026

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ඇගයුම් රාමුවේ යාවත්කාලින කිරීමක් පසුගිය දා සිදු වුණා. ඒ අනුව රටවල් කිහිපයක ම අදියර වෙනස් වීම් දක්නට ලැබෙනවා. අදියර 1හි රැඳී සිටි ශ්‍රී ලංකාව අදියර 2 දක්වා පසුබැස තිබෙනවා. මේ වෙනස්වීමට හේතු සහ අනාගත වීසා කටයුතුවල දී සැලකිලිමත් විය යුතු කරුණු රැගත් මේ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: පසුගිය උත්සව සමයේ 'Australia Post' විසින් මිලියන 100කට අධික පාර්සල් ප්‍රමාණයක් බෙදාහරියි 20.01.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 4.7ක් අක්‍රීය කරයි 19.01.2026

ලොව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවන්න පසුගියදා කටයුතු කළා. පසුගිය දෙසැම්බර් 12 වෙනිදා මේ තහනම ක්‍රියාත්මක වීම ආරම්භ උනා. මේ අනුව සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 4.7ක් අක්‍රීය කරන්න මේ වන විට අදාළ සමාගම් කටයුතු කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

2026දී ඕස්ට්‍රේලියාවේ student visa වලට දාන බොරු documents අල්ලන්න පරීක්ෂණ දැඩි කරයි, විස්තරේ මෙන්න 19.01.2026

2026 වසරේදී ඕස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා පරීක්‍ෂාව දැඩි කිරීමත් සමග ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම් කරන ශ්‍රී ලාංකික සිසුන් දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

අලුත් අවුරුද්දේ නව රැකියා ක්ෂේත්‍රයකට යොමු වීමට ඔබත් සිතනවා නම් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න 19.01.2026

අලුත් අවුරුද්දක් උදා වීමත් සමඟ ජීවිතේ විවිධ තීරණ ගැනීමට අපි පෙළඹෙනවා. ඔබ කරන රැකියාව සම්බන්ධයෙන් යම් වෙනස්කමක් කරන එකත් එහෙම තීරණයක්. සමහරු රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවන් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්නවා. ඒ වගේ ම රැකියා ස්ථානය වෙනස් කර වෙනත් තැනකට යන්න ආසාවෙන් ඉන්නවා. මේ දෙපාර්ශ්වයටම අයත් නොවන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි වෙනත් රැකියා ක්ෂේත්‍රයකට මාරු වෙන්න යොමු වන අය. 2025 නොවැම්බර් වෙනකොට ඕස්ට්‍රේලියාව...

ලෝකයේ බලවත්ම 'Passports' ගැන තොරතුරු මෙන්න 19.01.2026

ලෝකයේ විවිධ රටවල 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර වලට ලැබී ඇති වටිනාකම නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වනවා. යම් රටක ගමන් බලපත්‍රයකින් වීසා ලබා ගැනීමකින් තොරව යන්න පුළුවන් රටවල් ගණන අනුව මේ ගමන් බලපත්‍රයට කෙතරම් බලයක් තියෙනවද කියන කාරණය තීරණය කෙරෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවත් ලොව ප්‍රබලතම ගමන් බලපත්‍රයක් තියෙන රටක්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන බොහෝ ශ්‍රී ලාංකිකයිනුත් පසු කාලීනව ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍...

මව්බිමෙන් පුවත්: මත්ද්‍රව්‍ය වලට හවුල් නිලධාරීන්ට ඇත්තේ තෝරා ගැනීම් දෙකයි - ජනපති / ජූලි චං ගේ පිටව යාමට කිරිබත් කෑ ගම්මන්පිල 19.01.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.