SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1897 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 29, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

“බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?” – ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර දරුවන් බිහිකිරීමෙන් ඈත් වන ලකුණු 23.10.2026

“බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?” මේ ප්‍රශ්නයට පිළිතුර හැමවිටම සරල නැහැ. කෙනෙකුට දරුවෙක් අවශ්‍ය වුණත්, නිවාස මිල සහ ජීවන වියදම නිසා එය දරාගන්න අමාරු විය හැකියි. තවත් කෙනෙක් දේශගුණික විපර්යාස, යුද්ධ සහ අනාගතය ගැන සිතා දරුවන් නොලැබීමට තීරණය කරනවා. මේ පෞද්ගලික තීරණ එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය සාම ප්‍රාන්තයකම පාහේ අඩුවෙමින් යනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය. #sbsaudiopo...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ටිමෝරය අතර ඩොලර් මිලියන 62 ක ආරක්ෂක ගිවිසුමක් 22.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

හෙලන් හේන්ස් මන්ත්‍රීවරිය අනතුරකට මුහුණදීම ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව ගැන මතු කරන ප්‍රශ්න මොනවාද? 22.10.2026

වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta නගරයේ තම මැතිවරණ කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට සිටියදී, ෆෙඩරල් මන්ත්‍රී Helen Haines රථයක ගැටී බරපතළ තුවාල ලැබූ සිද්ධිය මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එරෙහි තර්ජන, හිරිහැර සහ ප්‍රචණ්ඩ හැසිරීම්වල අවදානම මේ සිද්ධියත් සමඟ තවත් අවධානයට ලක්වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් තවමත් දුර්ලභ වුණත්, දේශපාලන තර්ජන සහ හිරිහැර සැලක...

සුන්දර ඩාවින්: සමරේ දැකපු ඩාවින්, පළමු ලාංකික එකමුතුව SLAFA ගැන කියන සුසිත්, උතුරු ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගැන ගීයක් තැනූ අක්ෂි මෙවර විශේෂාංගයෙන් 22.10.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: මුව හමට තඩි බාපු ගොයියාගේ කතාව 22.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුවෙක් නිසා ඇබැද්දියක් වුන ගොවි මහත්තයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: වසර 15කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන නගරවල නිවාස මිල පහළට 21.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

2025-26 Tax Return එකේ අන්තිම දවස නොවැම්බර් 2 වැනි සඳුදා, නැත්නම් දඩ 21.10.2026

2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙතෙක් භාරදී නොමැති ඕස්ට්‍රේලියානුවන්ට නියමිත කාලසීමාව තුළ එම වාර්තා භාරදීමට පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය හෙවත් ATO සිහිපත් කර තිබෙනවා. නියමිත කාලසීමාව තුළ බදු වාර්තා භාර නොදීම හේතුවෙන් පුද්ගලයන්ට ඩොලර් 1,820ක් දක්වා දඩ මුදලක් පැනවීමේ හැකියාව පවතිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Walk for Peace in Adelaide – ඇඩිලේඩ් සාම පාගමනට ඔබටත් ආරාධනා 21.10.2026

ඇඩිලේඩ් රොටරි සමාජය සංවිධාන කරන සාම පාගමනක් පිළිබඳ එම සමාජයේ සාම ප්‍රවර්ධන කමිටු ප්‍රධානී Heidi Unferdorben ලාංකීය ප්‍රජාව වෙත ලබා දෙන පණිවුඩය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

‘අපේ ලේ වලටම දැනෙන අපේකම අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන අරමුණෙනුයි මේ ගීනළුව බිහි කළේ’ - විශාරද සමන්ත පෙරේරා සහ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති 21.10.2026

Exclusive: පර්ත් සිංහල පාසල එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ඉදිරිපත් කිරීමට සූදානම් වන ‘ආලකමන්දාවේ ආදර උයන’ ප්‍රථම ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සංගීත අධ්‍යක්ෂ විශාරද සමන්ත පෙරේරා මහතා සහ නර්තන අධ්‍යක්ෂ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති මහතා SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව. #sbsaudiopodcast

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුවට මේ වසර තුල කිහිප වරක් පොලී අනුපාත ඉහළ දමන්න බලපෑ හේතු මෙන්න 21.10.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීමට බලපෑ හේතු පිළිබඳවයි. #sbsaudiopodcast

ඔබේ භාෂාව පිළිබඳ SBS මව් ආයතනයට කියන්න, SBS Language Services Review 2026/27 සමඟ එක්වන්න 21.10.2026

SBS සෑම වසර පහකට වරක් සිදු කරන භාෂා සමාලෝචනය SBS Language Services Review නම් වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය හා සමගාමීව පැවැත්වෙන මේ ක්‍රියාවලිය ඔස්සේ රටේ ජන සංයුතියට සහ භාෂා විවිධත්වයට අනුකුල වන පරිදි සේවා ලබා දීම අපේක්ෂා කරයි. ඉදිරි වසර සඳහා SBS සිංහල සේවයේ වෙනස්කම් - නොවෙනස්කම් ඔබේ ප්‍රතිචාර මත තීරණය වේ. නොවැම්බර් 13වන දා දක්වා සමාලෝචනය මහජනතාවට විවෘතයි. ඒ සඳහා අත්වැල් බැඳගන්නට කරන කාරුණික...

SBS සිංහල පුවත්: බදු වාර්තා ප්‍රමාද කළොත් ඩොලර් 1,820ක් දක්වා දඩ, ATO ආයතනය අනතුරු අඟවයි 20.10.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

සමාජ සඹඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි 20.10.2026

මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 21 ක් පමණක් අන් අය සමඟ සම්බන්ධ වී ඇති බව නව සමීක්‍ෂණයකින් හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර 20.10.2026

ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතාවක ස්වභාවයකට පත් වුනා. මේ ඒ පිළිබඳ ප්‍රංශයේ පැරිස් නුවර සිට SBS සිංහල සේවය හා අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර මහතා. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න 20.10.2026

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ සඳහා හිමිකම් කීම සිදු වන අතර ඇතැම් පිරිසක් වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල මේ වනවිට ජිවත් වන බවත් බලධාරීන් පවසයි. කෙසේ නමුත් මේ මුදල් අතර තමාගේ මුදල් තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙසත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය...

SBS සිංහල පුවත්: මන්ත්‍රී හෙලන් හේන්ස් අනතුරකට ලක්වීම හිතාමතා සිදු කළ ක්‍රියාවක්දැයි සොයා පුළුල් විමර්ශන 19.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය 19.10.2026

වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යොදාගැනීමට රජය අපේක්ෂා කරනවා. කෙසේවෙතත්, මෙම වෙනස හේතුවෙන් රක්ෂණ වියදම් දරාගැනීමට අපහසු වී, 2030 වසර වනවිට වැඩිහිටියන් 78,000කට ආසන්න පිරිසක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරිය හැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු...

How laws change, and why it takes time | How Australia Works - පවතින නීතියක් වෙනස් වන අයුරු | How Australia Works 19.10.2026

How do laws change in Australia? Through Rodney Croome’s campaigns for human rights and marriage equality, learn how personal stories, community action, courts and parliament can help change the law, and why the process can take time. - ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේ ද? මානව අයිතීන් සහ විවාහ සමානාත්මතාව වෙනුවෙන් රොඩ්නි කෲම් ආ ගමන් මග ඒ පැනයට පිළිතුරක්. නීතියක් වෙනස් කිර...

ඕස්ට්‍රේලියාවට Student visa එකෙන් එද්දී ඇත්තටම dependant කෙනෙක් එක්ක එන්නම බැරිද - ඕස්ට්‍රේලියාවේ වීසා 19.10.2026

2026 ඔක්තෝබර් සිට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වල සිද්ධ වූ වෙනස්කම්, ඒවා ක්‍රියාත්මක වන අකාරය සහ අදාළ පිර්සට ඒවා බලපාන්න ආකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

පර්ත් නුවරුන් මුසපත් කරන්නට සැරසෙන ‘ආලකමන්දාවේ ආදර උයන’ සිංහල ඔපෙරාව 19.10.2026

පර්ත් නුවර දී එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ප්‍රදර්ශන කිරීමට සූදානම් වන පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාව “ආලකමන්දාවේ ආදර උයන” පිළිබඳ එහි රචක සහ පර්ත් සිංහල පාසලේ ගුරුදෙගුරු කමිටු සභාපති සේනක ද සිල්වා මහතා සමඟ කළ කතාබහ. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

SBS සිංහල WorldWatch: ප්‍රංශය දවාලන ජන විරෝධයේ ලැව්ගිනි 19.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි 19.10.2026

හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින්ගේ පැමිණීම අඩුවෙයිද? ඔස්ට්‍රේලියාවට ඉදිරියේදී පැමිණෙන නිපුනතා සහිත සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩු වෙයිද? මේ පිළිබඳව අප ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න #sbsaudiopodcast

SBS සිංහල පුවත්: කොවිඩ්-19 එන්නතට ඩොලර් 180 දක්වා ගාස්තුවක් 19.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි 18.10.2026

කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ගේ ජීවිතවලට දිගුකාලීනව ඇති කරන බලපෑම පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් සහ පෙර හඳුනාගෙන තිබූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වීමත් එහි නවතම සොයාගැනීම් අතරේ. මෙවර කාලීන විග්‍රහය ඒ පි...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 12 - ඔක් 16 16.10.2026

ඔක්තෝබර් 12වන දා සිට ඔක්තෝබර් 16වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.