SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1897 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 29, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

'එක් සමාගමකට ඩොලර් මිලියන 2කට වැඩි බදු මුදලක් ඉතිරි කර දෙන්න අපට හැකි වුණා' – චාගා රත්නවීර 29.10.2026

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනෙකු බදු සම්බන්ධයෙන් සිදුකරන වැරදි හේතුවෙන් අනවශ්‍ය ලෙස වැඩිපුර බදු ගෙවීමටත්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) දඩ මුදල් ගෙවීමටත් සිදුවනවා. ව්‍යාපාරිකයන් බහුලව සිදුකරන බදු සම්බන්ධ වැරදි මොනවාද? ඒවා වළක්වාගෙන නිසි බදු සැලසුම්කරණයක් සිදුකරන්නේ කොහොමද? මේ පිළිබඳව බදු උපදේශිකා චාගා රත්නවීර සමඟ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද? 29.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන 29.10.2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස ලැබූ අත්දැකීම් නව පරපුරට ලබාදෙමින් ඇය මෙල්බර්න් නුවර 'Plenty Valley' ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙනවා.මේ කෙටි විශේෂාංගය ඇය පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කලක් ඉහල මට්ටමක, මහා බැංකු අධිපතිනිය ස්ථිර කරයි 28.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Toowoomba මල් සැණකෙළියේ අසිරිය 28.10.2026

ක්වීන්ස්ලන්තයේ Toowoomba නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත් වුන මල් සැණකෙළිය ගැන ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර මහත්මිය ගෙන එන සටහන. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

2026 Royal Adelaide Show රාජකීය දැක්මේ කේක් නිර්මාණයෙන් දස්කම් පෑ මලීෂා ඔකඳපොළ 28.10.2026

2026 රාජකීය ඇඩිලේඩ් දැක්මේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස පළමු ස්ථාන දෙකකුත් එක් අංශයක සාර්ථකම කේක් සැරසිලිවලට හිමි ජයග්‍රහණයත් ලැබූ මලීෂා ඔකඳපොළගේ අදහස් රැගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast

සුව දිවිය: මේ ලිංගික සෞඛ්‍ය ගැට‍ළු ඔබටත් තියෙනවා ද? ඒවා වෙනත් සැඟවුණු ආබාධයක පෙර ලකුණු වෙන්න පුළුවන් 28.10.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවැනි කොටස. #sbsaudiopodcast

ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වූ පාර්ලිමේන්තුව, මන්ත්‍රී ආරක්ෂාව තර වෙයි 28.10.2026

සඳුදා (26) රැස් වූ පාර්ලිමේන්තුව සිය සඟයා වන ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වුණා. ඇය පිළිබඳ ගෞරවාදරයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළා. මේ සිද්ධියෙන් මන්ත්‍රිනියගේ පාද දෙකම අහිමි වී ඇති අතර, මේ වන විටත් ඇය රෝහලේ බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව සඳහන්. අගමැතිවරයා කියා සිටියේ මන්ත්‍රී ආරක්ෂාව තවදුරටත් තර වෙනු ඇති බවයි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වන රෝගය බවට ඩිමෙන්ෂියා රෝගය පත්වෙයි 28.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීති නිසා සංක්‍රමණික පවුල් රැසකට දෙමාපියන්ගෙන් වෙන්ව ඉන්න වෙලා 27.10.2026

ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 150,000කට අධික සංඛ්‍යාවක් මේ වනිව්ට Backlog වී තිබේ. මේ අතර Visitor visa rules සඳහා මෑතකදී කරන ලද වෙනස්කම් හේතුවෙන් තම මව් රටේ සිටින වයස්ගත දෙමාපියන් සමඟ නැවත එක්වීම තවත් දුෂ්කර වනු ඇති බව අපේක්ෂා කෙරෙයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

‘ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් හා ගුරුවරයා අතර තියෙන අන්තර් සබඳතාව ලංකාවට වඩා මුළුමනින් ම වෙනස්’ - ආචාර්ය රුවන්දිකා පෙරේරා 27.10.2026

ලෝක ගුරු දිනය ඔස්ට්‍රේලියාව තුල සැමරෙන්නේ ඔක්තෝබර් මස අවසන් සතියේ දීයි. ඊට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියේ අත්දැකීම් පිළිබඳ මේ කතාබහට SBS සිංහල සේවය සමඟ එක් වූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනෑරෝ මහජන උසස් පාඨශාලාවේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක ලෙස කටයුතු කරන ආචාර්ය රුවන්දිකා පෙරේරා මහත්මියයි. #sbsaudiopodcast

විසි වසර සපුරන Sri Lankan Agricola Queensland 27.10.2026

ක්වීන්ස්ලන්තයේ ශ්‍රී ලංකා කෘෂි සහ පශු පර්යේෂණවේදීන්ගේ සංවිධානය Sri Lankan Agricola Queensland මේ වසරේ දී සිය 20 වන සංවත්සර සමරනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති ආචාර්ය ලලිත් කීර්තිරත්න මහතා. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

දකුණු ඕස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක්, ඇඩිලේඩ් හෙල්ලෙයි 27.10.2026

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ආසන්න වෙරලට ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර 10පමණ ගැඹුරින් රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ඇඩිලේඩ් නගරයේ නිවාස රැසක් සෙලවූ බවත් එහි බලපෑම Kangaroo Island දක්වා දැනී ඇති බවත් වාර්තා වේ. මේ අතර, ශ්‍රී ලංකාවේ ගංවතුර අවදානම හේතුවෙන් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.මේ කෙටි විශේෂාංගය ඒ ප...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව කළ මෙහෙයුමකින් නීතිවිරෝධී ගිනිඅවි 600කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට 26.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට ලැබුණු අලුත් ගුවන්තොටුපොළෙන් මගීන්ට ලැබෙන වාසි මොනවාද? 26.10.2026

වසර 50කට වැඩි කාලයකට පසු ඔස්ට්‍රේලියාවේ ඉදිකළ පළමු ප්‍රධාන ගුවන්තොටුපොළ වන Western Sydney International Airport නිල වශයෙන් විවෘත කෙරුණා. මේ නව ගුවන්තොටුපොළෙන් ගුවන් මගීන්ට ලැබෙන පහසුකම් මොනවාද? ගුවන් ටිකට්පත් මිල අඩුවෙයිද? #sbsaudiopodcast

How people shape change, and why your voice matters | How Australia Works - වෙනසක් වෙනුවෙන් ජනතා හඬ | How Australia Works 26.10.2026

Can a small group change a local council decision? When Julie learns her community library may close, she joins other residents in a campaign to save it. Her story explores how you can take part in Australian democracy by signing petitions, attending community meetings, contacting councillors and voting. - කුඩා පුද්ගල කණ්ඩායමකට ප්‍රාදේශීය පාලන තන්ත්‍රයේ තීරණයක් වෙනස් කළ හැකි ද? ප්‍රජා පුස්තකාලය වස...

ලංකාවෙදී කවදාවත්ම හැදුනේ නැති ලෙඩ ඕස්ට්‍රේලියාවේදී හැදෙන්නේ ඇයි, හේතු දැනගන්න 26.10.2026

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව අසාත්මිකතා ඇතිවීමට බලපාන හේතු, ඒවා හඳුනාගන්නේ කෙසේද සහ ඒවා පාලනය කරගැනීමට අපට කළ හැකි දේ සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: සර්බියාවේ ඇරඹි සිසු අරගලය පාර්ලිමේන්තු බලයක් දක්වා පරිවර්තනය වෙයි 26.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ දරු උපත් අඩුවීමට සංක්‍රමණයෙන් විසඳුමක් ලබාගත හැකිද? 26.10.2026

ඔස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය වාර්තාගත ලෙස පහළ යද්දී, සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමෙන් ඒ ගැටලුවට විසඳුමක් ලබාගත හැකිද? සංක්‍රමණය, වයස්ගත වන ජනගහනය සහ දරුවන් බිහිකිරීමට ඇති බාධා අතර සම්බන්ධය ගැනයි මේ විමසා බැලීම. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: නව වෙස්ටර්න් සිඩ්නි ගුවන්තොටුපළේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන නවසීලන්තය බලා 26.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: විසි හතර පෑ ගමන් යන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට 25.10.2026

ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිඩ්නි නුවර දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉරිදා දවසේ විවෘත කෙරුණා. මේ වසර 50කට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාවේ ඉදි කළ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. පැය 24 පුරා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් සමඟ සිඩ්නි කිංග්ස්ෆර්ඩ් ස්මිත් ගුවන් තොටුපළට විකල්පයක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණක්. මෙවර...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 19 - ඔක් 23 23.10.2026

ඔක්තෝබර් 19වන දා සිට ඔක්තෝබර් 23වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Tassie මංසල: ලාංකේය සිහින තරුව විශ්මිකගේ ටැසී ජීවිතේ, කුරුලු උණ ටස්මේනියාවේ උඩුදුවලා ද? ටැසී කෙළිබිමේ උණුසුම ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන් 23.10.2026

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: සිනමා සක්විතිගේ චරිතය රඟපාන්න බලාගෙන හිටපු අය ඉඳිද්දී ඒ චරිත මට ලැබුණ එක මගේ වාසනාව - ජනිත් වික්‍රමගේ 23.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: එංගලන්තය දණ ගැස්සූ සිංහයෝ / ආසියානු පැරා උළෙලෙන් ලංකාවට පදක්කම් 4ක් / ක්‍රිකට් නිසා ඇවිලුනු පාර්ලිමේන්තුව 23.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.