SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

ඕස්ට්‍රේලියාවේ පාස්කු සැමරුමේ චොකලට් අතර සිටින ඊස්ටර් බිල්බි 06.04.2026

පාස්කු සිකුරාදාව යෙදුණු අප්‍රේල් 3වන දා SBS සිංහල සජීව විකාශයේ හඬ පටයක් සංස්කරණය කොට සෑදු මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

SBS සිංහල පුවත්: මස්, පළතුරු සහ එළවළු 20%කින් ඉහළ යන බවට අනාවැකි, වාර්තාවලට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර 06.04.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 6වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Employer-Sponsored වීසා කාණ්ඩවල නවතම වෙනස ජූලි 01වන දා සිට ක්‍රියාත්මක වන අයුරු 04.04.2026

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතුවලට අදාළ නීතිරීති කාලානුරූපීව වෙනස්කම්වල ලක් වනවා. 2026 ජූලි 1වන දා සිට බලපැවැත්වෙන පරිදි Employer-Sponsored වීසා කාණ්ඩවල ආදායම් උදෙසා වලංගු වෙන්නේ එවැනි වෙනස්කමක්. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නියෝජිතවරයෙකු ගෙන එන මේ පැහැදිලි කිරීමට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 30 - අප්‍රේල් 03 03.04.2026

මාර්තු 30වන දා සිට අප්‍රේල් 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සමාජය එක්ක ගැටෙන්න නම් මිනිස්සු ආශ්‍රය කරලා හැදෙන්නම ඕන - දිනක්ෂි ප්‍රියසාද් 03.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් - රාජකීයන් හා ත්‍රිත්වයන් ගැටෙන ජනපති කුසලාන රග්බි අවසන් තරගය හෙට - වාර්තා අලුත් කරන රුමේෂ් තරංග 03.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

බ්‍රිස්බේන් නුවර Lanka Lions අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - චමින්ද හේවගේ 02.04.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර සංවිධාන වන සිංහල අලුත් අවුරුදු උත්සව අතරින් මේ වසරේ පළමු උත්සවය පිළිබඳ SBS සිංහල සේවයට අදහස් දක්වන්නට එක් වුණේ Lanka Lions සංවිධානයේ සභාපති චමින්ද හේවගේ මහතා.

කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි 02.04.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා පැවැත් වුනා. මේ මැතිවරණයෙන් පොලින් හැන්සන් මහත්මිය නායකත්වය ලබා දෙන 'One nation' පක්ෂය විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් උනා. මෙහිදී ලිබරල් පක්ෂයට වඩා වැඩි ජයග්‍රහණයක් ලබා ගන්න ඔවුන් සමත් වනවා. වසර 30 කට පමණ පසුවයි ඔවුන් මෙවැනි ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. ලිබරල් පක්ෂයේ පසුබෑම සහ 'One nation'' පක්ෂයේ ජයග්‍රහණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන පක...

අපේ වහරේ කතා අහුරක්: රජතුමාගේ බෙල්ල බේරලා දුන්න කලුවාගේ කතාව 02.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අවාසනාවන්තයි කියලා හිතන මොහොතකදි වුණත් වාසනාව උදා වෙන්න පුළුවන් කියන වග කියැවෙන කලුවාගේ කතාවයි.

ලොව වටා: ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි / නවසීලන්තයේ Anchor කිරි පාරිභෝගිකයින්ට බොරු කියූ බවට චෝදනා 02.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා - අගමැති ඇල්බනිසි ජාතිය අමතමින් කියයි 02.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 2වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Have you considered a career in translating and interpreting? - ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද? 01.04.2026

Have you ever considered using your bilingual skills to assist others? A career in translating and interpreting might be for you. In Australia you can train for a TAFE certificate all the way to Master’s degree prior to getting certified. In this episode we help you navigate the pathway to becoming a qualified practitioner. - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් බොහෝ විට භාෂා දෙකක...

'අපහසු මාස කිහිපයක් සදහා සූදානම් වෙන්න' ඔස්ට්‍රේලියානු අගමැති ජාතිය අමතමින් කියයි 01.04.2026

පවතින ගෝලීය ආර්ථික අර්බුධකාරී තත්වය හමුවේ ඉදිරි මාස කිහිපය අපහසු විය හැකි බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යුධමය තත්වයකට ඔස්ට්‍රේලියාව මුහුණ දීම වැනි තීරණාත්මක අවස්ථා වලදී රාජ්‍ය නායකයින් භාවිතා කරන ජාතිය ඇමතීමේ ක්‍රමවේදය අග්‍රාමාත්‍ය වරයා මෙහිදී භාවිතා කළා. අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය විනාඩි තුනක ප්‍රකාශයක් වූ අතර කලින් පටිගත ක...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව ඔබට ලබා ගත හැකි සූර්ය පැනල, විදුලි බැටරි සහ විද්‍යුත් වාහන සඳහා වන වට්ටම් සහ දිරි දීමනා 01.04.2026

ඕස්ට්‍රේලියාව පුරා, ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සූර්ය පැනල පද්ධති, විදුලි බැටරි සහ විදුලි වාහන (EV) සඳහා වැය වන මූලික පිරිවැය අඩු කිරීම අරමුණු කර ගත් විවිධ වට්ටම් සහ දිරිගැන්වීම් ලබා දෙනවා. මේ කෙටි විශේෂාංගය හරහා ඕස්ට්‍රේලියාව පුරා දැනට පිරිනමනු ලබන එවැනි සහන සහ දිරි දීමනා පිළිබඳ දැනුවත් වන්න.

පළමු මිනිස් සඳ තරණයෙන් දශක 5කට පසු NASA සඳ ගමනේ, ඕස්ට්‍රේලියාවේ CSIRO සහ ANU වෙතින් විශේෂඥ සහාය 01.04.2026

ලොව ප්‍රථම සඳ ගමන 1969 දී සිදු වුණා. ඒ ඓතිහාසික ගමනෙන් පසු පළමු වරට නැවතත් මනුෂ්‍යයා සඳ ගමනකට සූදානමෙන් පසු වනවා. ඒ ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 1වන දා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් අප්‍රේල් 2වන බ්‍රහස්පතින්දා). දින 10ක මෙහෙයුමකට ගගනගාමීන් සිව් දෙනෙකු අවුරුදු දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පුහුණු වුණා. ඔවුන් සඳ වටා ගමන් කොට නැවතත් පෘථිවිය බලා එනු ඇති. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO සහ Australian...

SBS සිංහල පුවත්: නිපුණතා සංක්‍රමණිකයින්ගේ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ අවධානය 01.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 1 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Robodebt ගැටලුවට සම්බන්ධ යැයි පරීක්ෂණ කල 6 දෙනාගෙන් දෙදෙනෙකුට බරපතල චෝදනා 31.03.2026

ඕස්ට්‍රේලියාවේ රොබෝඩෙබ්ට් යෝජනා ක්‍රමය පිළිබඳ පසුගිය කාලය පුරා දැඩි කතා බහක් සිදු විය. මෙය ස්වයංක්‍රීයයව ක්‍රියාත්මක වන රජයේ යෝජනා ක්‍රමයක් වූ අතර මේ සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුවීමත් සමග ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ බලධාරීන් පියවර ගනු ලැබුවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකින් පුද්ගලයින් දෙදෙනෙකු "බරපතල දූෂිත හැසිරීමක" නියැලී සිටින බව සොයාගෙන ඇති අතර සිව් දෙනකු චෝදනා වලින් නිදහස් වී තිබේ. ම...

ඔස්ට්‍රේලියාවට මම සංක්‍රමණය වුණේ better life එකක් වෙනුවෙන් නෙවෙයි - අයෝනා වික්‍රමසිංහ 31.03.2026

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස බොහෝ කාලයක් සේවය කළ අයෝනා වික්‍රමසිංහ මහත්මිය වර්තමානයේ සිඩ්නි නුවර මහජන ප්‍රජා ආයතනයක මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරනවා. ඇය SBS සිංහල සේවය සමඟ බෙදා ගත් ඇගේ ඔස්ට්‍රේලියානු අත්දැකීම් දැන ගන්න මේ වැඩසටහනට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියානුවන්ගේ නින්දත්, රටේ ඉහළම නිදන්ගත රෝගය ගැනත් කළ වාර්තාමය කතාමාලා දෙකක් SBS On Demand ඔස්සේ 31.03.2026

සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම සැපවත් නින්දක් ලබා ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉහළම නිදන්ගත රෝගය වන දෙවන අදියරේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමට දකුණු ආසියානු ප්‍රජාවට වැඩි ප්‍රවණතාවක් ඇති බව වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ නින්ද සහ දියවැඩියාව කේන්ද්‍ර කොටගත් වාර්තාමය කතාමාලා දෙකක් SBS Originals ලෙස SBS on Demand ඔස්සේ ඔබට නොමිලයේ නරඹන්න පුළුවන්. සම්මානනීය මාධ්‍යවේදී වෛද්‍ය ම...

SBS සිංහල පුවත්: ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් රජයට ඩොලර් බිලියන 2.55ක පාඩුවක් 31.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීමට ඔස්ට්‍රේලියාව තම මිත්‍ර රටවල් සමග තවදුරටත් සාකච්ඡා කරයි 30.03.2026

ඉන්ධන හිඟයක් ඇතිවීම පිලිබදව බොහෝ ඔස්ට්‍රේලියානුවන් බිය පළකරනවා. ඉන්ධන හිඟයක් ඇති වුවහොත්, එවැනි හදිසි අවස්ථාවකට මුහුණදීමට බොහෝ දෙනා සූදානම් නොමැති බව පෙනෙන්නට තිබෙනවා. මේ තත්වය ගැන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ෆෙඩරල් රජය පවසනවා. මැලේසියාව ඇතුළු තම මිත්‍ර රටවල් සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව රජය පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් කපයි - බර වාහන බදුත් අඩු කරයි 30.03.2026

ඕස්ට්‍රේලියානුවන්ට ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදු වී ඇති අධික පිරිවැයට සහනයක් ලෙස ෆෙඩරල් රජය ඉන්ධන මත පනවා ඇති බද්ද මාස තුනක කාලයක් සඳහා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දැනට ලීටරයකට ශත 52.6 ක් වන ඉන්ධන බද්ද අප්‍රේල් 1 වෙනි බදාදා සිට මාස තුනක් සඳහා අඩකින් අඩු කෙරේ. ඒ අනුව ඉන්ධන පිරිවැය ලීටරයකට අවම වශයෙන් ශත 26.3 කින් අඩු වනු ඇති බව අගමැතිවරයා සඳහන් කළා. එමෙන්ම නව ජාතික ආරක්ෂක සැලැස්මක් යටතේ බර වාහන මත පනව...

මව්බිමෙන් පුවත්: බාල ගල්අඟුරු පාඩුවේ ඍජු වගඋත්තරකරු අනුර කුමාර දිසානායකයි - පාඨලී / හදිසි ඉන්ධන තොග ලබා දුන් ඉන්දියාවට ජනපතිගෙන් තුති 30.03.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: පවතින ඉන්ධන අර්බුදය හමුවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්‍රාන්තයේ ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ 30.03.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වෙස්ටර්න් සිඩ්නිය බලාපොරොත්තුවෙන් සිටි SBS මැදිරි සංකීර්ණය සිහිනයක් වූ හැටි 29.03.2026

Special Broadcasting Service, (SBS) ඕස්ට්‍රේලියාවේ ජාතික බහුභාෂාමය සහ බහුසංස්කෘතික විකාශන මාධ්‍ය ආයතනයයි. සමස්ත ඕස්ට්‍රේලියාවට ම භාෂා 60කට වැඩි ගණනකින් සමීප SBS, නව මැදිරි සංකීර්ණයක් වෙස්ටර්න් සිඩ්නි පෙදෙසේ ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබුණා. ඒ සැලසුම අවලංගු කර තිබෙනවා. රජය පවසන්නේ පවත්නා මූල්‍ය වාතාවරණය නිසා මේ තීරණයට එළඹුන බවයි. මේ ගැනයි අද කාලීන විග්‍රහය.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.